හදවත දුම් දමන වඩයක් වූ කල

10 comments
කොලේක කියලා
හදවත දුන්නම
පොඩි කරලා
වීසික්කා කොලා

ආඩම්බරකම
කොලේ පාගාගෙන
ගියාට පස්සේ
බිම වැටිච්චි
කොලේ අතට ගත්තේ
ලියල දුන්නු
හදවත
ආපහු ගන්න

ඒත්

එහි තිබුනේ මගේ
හදවත නෙවී
දුම් දමන
කබලකින් දැං බාපු
උලුඳු වඩයක්..!
:(

10 comments :

  1. //දුම් දමන
    කබලකින් දැං බාපු
    උලුඳු වඩයක්..!//

    //ලියපු වෙලාව 3:34 AM//
    කොහේ ඉඳන්ද ලිෂාන් ලියන්නෙ ?
    අපිට සෙනසුරාද හවස මේ. වයින් වීදුරුවක් සප්පායන් වෙන ගමන් කියෙව්වෙ.
    වඩය දැක්කම, කොහොම වුනත් නියම බයිටක් නෙ කියල හිතුන....හෙහ්...හෙහ්...

    ReplyDelete
    Replies
    1. ඔබා මාමේ මේක නෙමෙයි!

      Delete
  2. වේලාවේ පොඩි වෙනසක් වගේ.., බලන්න ඕනේ මොකද වෙලා තියෙන්නේ කියලා.
    කොහොමත් කෙල්ලෙක් කියන්නේ සැර විස්කි ශොට් එකක් නම් කොල්ලෝ අපි කොහොමට් නිකම්ම වඩයක් ඒ කියන්නේ බයිටක් වෙනවා..! ඒ හැටි ඔබා මාමා..!

    ReplyDelete
    Replies
    1. කවියට වඩා මේ කමෙන්ට් එක වැදුනා!

      Delete
    2. @ පූසා,
      ලිෂාන්ගෙ එකද ? මගෙ ගොන් පාට් එකද ? :-))

      Delete
    3. මේං මේක...
      "කෙල්ලෙක් කියන්නේ සැර විස්කි ශොට් එකක් නම් කොල්ලෝ අපි කොහොමට් නිකම්ම වඩයක් ඒ කියන්නේ බයිටක් වෙනවා..!"

      Delete
  3. කිසිත් නොතේරේ ! උළුඳු වඩේ හිලක් ඇත.පරිප්පු වඩේ හිලක් නැත.

    ReplyDelete
    Replies
    1. හැම බයිට් එකකම හිල් හොයන්න ගියොත් අපි ආස කරන විස්කි ශොට් එක හොයන්න බැරි වෙනවා මල්ලී.., තේරීම හෝ නොතේරීම කියන්නේ කාලෙත් එක්ක විසඳෙන්න ඕනේ දේවල්.

      Delete
  4. කෙල්ලොන්ට නම් අපිව බයිටක් තමා සහෝ....

    ReplyDelete
    Replies
    1. හැමෝම නෙවී බන් 99%ට විතර ම..,

      Delete