The Conjuring 2 ??

No comments
2013 දී බඩබොකු රත් කරගෙන බලපු හෝල්මන් ෆිල්ම් සෙට් එකක නම් කිව්වොත් පලවෙනි 5 අතරට එන ෆිල්ම් එකක් තමා The Conjuring කියන්නේ. ඔන්න එකේ දෙවැන්නක් එනවලු, 2016 දී. චිත්‍රපටයේ නිෂ්පාදකයින් වුන වෝනර් බ්‍රදර්ස් සමාගම 2015 දී කල එලි බස්සන්න කටයුතු සැලසුම් කරලා තිබ්බත් නිවු ලයින් සිනමා සහ වෝනර් සමාගම තව අවුරුදු දෙකකින් චිත්‍රපටිය එලියට දාන්න හේතුව පස්සේ තියෙන්නේ මොකද්ද කියලා නම් තවමත් වාර්තා වෙන්නේ නෑ, 
සැලසුම් කටයුතු සහ අදාළ විධායක ක්‍රමවේදයන් හරියට කළා නම් The Conjuring2 එලියට එන්න තිබුනේ 2015 ඔක්තෝම්බර් මාසේ 23 වෙනිදායි. ඩොලර් මිලියන 6.5 වියදම් කරලා නිෂ්පාදනය කරලා, ලොව වටා තිරගතවීම සහ වෙළඳාම් වලින් ඩොලර් මිලියන 166ක් හොයාපු මේ චිත්‍රපටය, මෙහෙම අවුරුදු දෙකකින් කල් ගියාට පස්සේ ඉහත කියපු දවසට වෙනත් හොල්මන් චිත්‍රපටියක් ප්‍රදර්ශනයට එකතු කරන්න මේ වෙනකොට වෝනර් සමාගම කටයුතු කරමින් ඉන්නවා කියලයි අන්තර්ජාල සිනමා සඟරා වල සඳහන් වෙන්නේ.
බොහෝවිට මෙදිනට ප්‍රදර්ශනයට එන්නට හැකි චිත්‍රපට අතර Crawlspace හෝ Superstition කියන චිත්‍රපටි ඉදිරියෙන් ම තියෙනවා. Crawlspace පාදක වෙන්නේ බිරිඳ මියගිය සැමියෙක් තමන් හා අලුත විවාහ වූ බිරිඳත් එක්ක නව නිවසකට පදිංචියට යාම පාදක කරගනිමින්, ඒ වගේම Superstition පාදක වෙන්නේ එක්තරා පවුලක් මෙයට සියවස් ගණනකට පෙර මායාකාරිය මරාදැමූ ඉපැරණි නිවසකට පදිංචියට යාමක් වටා බව මේ චිත්‍රපට වල නම් වලින් කුඩා හෝ ගුගල් සෙවුමක් දැම්මොත් සොයාගන්නට අමාරු නෑ. 

No comments :

Post a Comment

Paperman හෙවත් දුටු තැන පෙමින් බැඳීම.

1 comment

මුහුනුපොත් මිත්‍රයෙක් තමන්ගේ බිත්තියේ මීට ටික දවසකට කලින් පොස්ට් කරලා තිබුනා අපුරු සබැඳියක්. තමන්ගේ පාඩුවේ සිටිනා ජෝඩුවක් රූප ගන්වන මේ කලුසුදු රුපය යටින් ඇති සබැඳිය ඔබා බලන්නට මට හිතුනේ නිකමට. ප්‍රතිපලය ඇති විශිෂ්ටයි. "මාරයි" මට එහෙම කියවුනේ නොදැනුවත්වම. මේ කියන්න යන්නේ කෙටිචිත්‍රපටයක් ගැන. නම තමා "Paperman". මම හිතන්නේ ඩිස්නි ආයතනය අවුරුදු ගානකට පස්සේ කරපු හොඳම සජීවිකරණ කෙටි චිත්‍රපට වලින් එකක් කියලා හිතන්න පුළුවන්. එකවරක් බැලුවාම තවත් කිහිප පාරක් ම බලන්නට හිතෙන මේ විනාඩි හතකට ආසන්න කාලයක් දිවෙන Paperman නිර්මාණයට 2012 වසරේ හොඳම කෙටි චිත්‍රපටය සඳහා වූ ඇකඩමි සම්මානය ඇතුළුව තවත් සම්මාන කීපයකටම නිර්දේශ වෙලා තියෙනවා කියලා, නම සඳහන් කර කුඩා ගුගල් සෙවුමක් දැමුවොත් අන්තර්ජාලය ඔබට පවසාවි. ඒ වසරේම සජීවිකරණ චිත්‍රපට කැටගරිය සඳහා තරංග වැදුණු Wrack-It-Ralph, ටීම් බර්ටන්ගේ Frankenweenie සහ Pixar Studio හි Brave තරඟ වැදුනත්, විනාඩි හතක ඇතුලත් Paperman කරලා තියෙන දස්කම ඒ කිසිවක කරලා නැති බව කියන්නට උවමනායි.


පනහ දශකයේ නිවු යෝර්ක් නගරයේ එකිනෙකාට සම්පුර්ණනම ආගන්තුක දේපලක් අතර ඇතිවන පළමු දැකුමෙන් ම පෙම් බැඳීම එහෙමත් නැතිනම් "Love at First Sight" චින්තාවට පනදෙන මේ කතාන්දරය. ද්විමාන වටපිටාවක් තුල ත්‍රිමාන චරිතයන් මුසුකරමින් ගොඩනගා ඇති බව බොන්දින් බැලුවොත් ඔබට සොයාගන්නට අපහසු වෙන එකක් නැහැ. කලුසුදු පැතලි ජීවිත අතරේ පණ ගැහෙන එකම දේ රතු පැහැති හාදුවක් පමණක් බවත් රතු පැහැති හාදුව කොතරම් දුරකට ජීවිත වෙනස් කරනවාද යන්නත් හිත තබාගෙන මේ කෙටි සජීවිකරණ නිපැයුම නරබන්නට පුලුවන්නම් ඔබේ හිතට සුන්දර චින්තාවන් රැගෙන එන එක නවත්වන්නට කිසිවෙකුට හැකි වෙන එකක් නැති වේවි. :)


ජෝන් කා(හ්)ර් ගේ මේ චිත්‍රපටිය අප සැලකිල්ලෙන් නරඹනවා නම් අපට සුපුරුදු ඩිස්නි මුහුණු කිහිපයක් මතකයට නගා ගන්නට අපහසු වෙන එකක් නැහැ. ඉහත මම කියූ ද්විමාන පැතලි ජීවිත අතර එකම ත්‍රිමාන චරිත දෙක වන "මෙග් සහ ජෝර්ජ්" අප පෙර බලපු 101 Dalmations, 2010දෙඑ තිරගත වුනු Tangled වගේ චිත්‍රපට වල චරිත වල රූ ලක්ෂණ සොයාගන්නට අපහසු වන්නේ නැහැ. මෙයට හේතුව වන්නේ ඉහත මා නම් සඳහන් කල චිත්‍රපට දෙකෙහිම ප්‍රධාන සජීවිකරණ ශිල්පියා ලෙස කටයුතු කර තිබෙන්නේ ජෝන් කා(හ්)ර් ම වීමයි.



කෙටි සටහන:
අනික මේ කෙටි සජීවී නිර්මාණය ගැන තොරතුරු හොයනකොට මට අපුරු දේවල් දෙකක් හමු වුනා.

01. Signs - Short Film
සයින්ස් කියන නිර්මාණයෙත් තියෙන්නේ මේ හා සමානම කතාන්දරය උනත් ඒ කතාන්දරය සත්‍ය චරිත රඟන නළු නිලියන් විසින් කරන නිසා මට එම නිර්මාණය එතරම් දැනුනේ නැහැ. එහෙත් ඔබට එය ඊට වඩා වෙනස් ආකාරයෙන් දැනෙන්නට ඉඩ තියෙනා නිසා අමතක නොකර පහතින් ඇති එයත් නරඹන්න.


02. Meg and George- Paperman by Miss.Wendybird.
මේක ගැන වැඩි විස්තර කියන්න යන එක තේරුමක් නැහැ. සබැඳිය ක්ලික් කරලාම බලන්න.


1 comment :

Post a Comment