ඊයේ හවස ගෙදරට බඩු වගයක් ගන්න ටවුමට යන්න පාරට ගියහම මගේ හිත නැවතුනේ පාර අයිනේ දකුණු පැත්තේ සුදාගේ සිල්ලර කඩේ ටීවී එකෙන් ඇහිච්චි සද්දයක් ගාව..,
ආයුබෝවේවා.., ආවඩා ආයු බෝවේවා..!
හඬ නම් හොඳට අහලා පුරුදුයි. බක් මහට හොඳට මතකෙට එනවා.., බැද්දගේලා බන්දුලලා තරම්ම නොවුනත් මෑත කාලේ අපේ කම මාකට් කල පොරක් තමා එයා..,
නමින් දුක්ගන්නාරාළ.., වසන්ත දුක්ගන්නාරාළ
සන්ෆ්ලවර්ලාට සින්දු ටික විකුණලා මාමයි බෑණයි චාටර් උනාට පස්සේ අපේකම, සිංහල කම මාකට් කල, දේශීයත්වය නැමති භාණ්ඩයේ විකුණුම් මිල උපරිම කල කෙනෙක් තමා මේ දුකා.., මට මතක හැටියට මුලින් ම මම දුකාව දැක්කේ රූපවාහිණියේ බ්‍රහස්පතින්දා 10.00ට ගිය ඉන්ගම්මාරුවේ උප ප්‍රධාන චරිතයක් රඟාගෙන. සිරස ස්වර්ණවාහිණිය දෙරණ රූපවාහිණිය ස්වාධීන මේ ආදී චැනල් අස්සෙත්, ඉරාජ්ට සින්දු ලියලා [B&S ට නිලාර් වගේ] වී එෆ් එම්, නෙත් වලට සෙට් වෙලා ප්‍රධාන භූමිකා රඟලා දැන් නිදහස් මාධ්‍ය වේදියෙක් විදියට එයාගේ රාළ ක්‍රියේශන්ස් එක්ක හැප්පෙන මේ මනුස්සයා, කොතරම් වෙනස් කම් වලට භාජනය උනත් අර උඩ කියාපු ගැමිකම අඩුකලේ නෑ..,
අපේ හරයන් සිරිත් විරිත් පුද සීරිත් ගැන හේනේ පැලක ඉඳන් කියවලා, විටක් හපන ගමන් අතේ තියෙන ස්මාර්ට් ෆොර්න් එකෙන් කෝල් අරන් ලැපෙන් මේල් චෙක් කරන මොඩ් ගොවියෙක් වෙච්චි දුකා අර අපි කලකට ඉස්සර "හරිම ගොඩේ, චා" කියලා අහක දාපු අපේකම මඩ හෝදාල අරන් නියර උඩින් තියලා ලස්සනට ලංකාවේ මීඩියා වලට විකුණනවා.
අපේකම සංස්කෘතිය විකුණන එක වැරැද්දක් නොවෙයි.., ඊටත් වඩා මේ වගේ අවුරුද්දට විතරක් කල එළි බහින මේ චුල්ල ටොපික් වලට අවුරුද්ද පුරාවට ම එකෝ ෆ්‍රෙන්ඩ්ලි කොන්සෙප්ට් අස්සේ නොනැසී පවතින මාකට් එකක් හදපු එක ගොඩක් වටිනවා..,
අනුරාධපුරේ ඉඳන් කොළඹට ඇවිල්ලා ගම අස්සෙන් අතදාලා නගරෙම අල්ලපු දුකා මට පොරක් කියන්න හේතු උනේ අන්න ඒකයි.., අනික ස්වර්ණවාහිණියෙන් මේ යෝධයාව ඕසෙට විකුණන්නට ගත්තම මේ කෙටි සටහන මට ලියන්නමයි හිතුනේ..!
මනුදම් පෙරටු සුභ නව වසරක් වේවා..!
7 comments :
Post a Comment