ලොකු මහත්තයාගේ මාරඹ කුඹුර සහ නරි විජේ

7 comments
විජේ ගේ ලොකුම තරහ කාරයා ලොකු මහත්තයා ය. ලොකු මහත්තයා යනු තැපැල් මහත්තයාගේ ලොකු පුතා වන අතර තැපැල් මහත්තයා මේ වන විට ජීවතුන් අතර නැත. ගංගොඩේ පිහිටි ලියැදි පනහේ මාරඹේ කුඹුරු යාය පිළිබඳව පැන නැඟුණු ගැටලුවකට එහි හිමි කාරත්වය පිළිබඳ විමසා සිටි අවස්‍ථාවේ විජේ කියා සිටියේ ඒ කුඹුරු යායෙන් හරි අඩකට වඩා අයිතිය දනවන පිඹුරුපත් සහ ඔප්පු තමා සතුව ඇති බවත් උක්ත බිම්කඩෙහි අයිතියේ සම හවුල් කරුවන් ලෙස ගල්වත්තේ රාළහාමි සහ ජයකොඩි සර් යන අය පෙනීසිටිනු ඇති බවයි.., මේ පිළිබඳව කල් තියා දැනගත් ලොකු මහත්තයා මේ තුන් පොල සිය නිවසට ගෙන්වා සංග්‍රහ සත්කාර කර මාරඹ කුඹුරේ අයිතියෙන් තුනෙන් දෙකකටත් වඩා වැඩි ප්‍රමාණයක් තමා සතු බවටත් විජේ, ගල්වත්ත රාළහාමි සහ ජයකොඩි සර්ට ඉන් හරි අයිතිය ඇති තුනෙන් එකකට වඩා අඩු බිම් ප්‍රමාණය සමසේ බෙදී යායුතු බව කාරණා කාරණා සහිතව පෙන්වා දීමෙන් පසුව සිවු පස ම මේ ගැටලුව ඉඩම් නඩුවකින් සමතයකට පත් කරගත යුතු ය යන තීරණයට පැමිණ ඒ සඳහා දින නියම කරගත්තෝ ය.
අදාල දිනය උදාවිණි.
ලොකු මහත්තයා අවැසි ලිපි ලේඛන ද සපයාගෙන ඉතීරි තුන් පසට එදිරිව අදාල නඩුවට ඉදිරිපත් විය. වසර 5කටත් වඩා ඇදුනු මේ නඩුවේ තීරණය ලෙස ලොකු මහත්තයා කියූ පරිදිම තුනෙන් දෙකකටත් වඩා වැඩි අයිතියක් සමඟ ඉතිරි කොටස් කරුවන්ගේ ද කොටස් වල බහුතරය ලොකු මහත්තයාට අයිතිවන ලෙස කරුණු කාරණා සිද්ධ විණි.
තමාට වූ විසාල පාඩුවට හේතුව විජේ ගේ නොකලමණා ක්‍රියාකලාපය බවත් මේ නිසා එහි අලාභය ඉල්ලා තමා නඩු යන බවත් මීට වසර 40 කට පමණ පෙර ගංගොඩේ මහ විද්‍යාලයට ඉංග්‍රීසි පත්වීමක් සඳහා පැමිණ විශ්‍රාම යනතුරුම පාසලේ P.T සර් ලෙස සේවය කල ජයකොඩි සර් දෙකක් ඇනගෙන මාරඹ ටවුමේදී " නිකං නරි වැඩ කරන්න එපා ඕයි" යනුවෙන් විජේට බැන වැදීම නිසා 
විජේ + නරි වැඩ = නරි විජේ  ලෙස නාමකරණය විය.
නරි විජේ එතැන් පටන් ලොකු මහත්තයා සමඟ ජන්මාන්තර වෛරයෙන් පසුවන්නට විය. මුලදී විජේගේ පැත්ත ගෙන වැඩකල රාළහාමි සහ ජයකොඩි සර් ලොකු මහත්ත්යාගේ පැත්තට එක්කාසු වීම නරිවිජේ හට දරන්නට හැකියාවක් නොමැති වීම මේ කෝපයට හේතුව විය.
ලොකු මහත්තයා ගේ වත්තේ ලොකු අඹ ගහක් ඇත. මේ අවුරුදු කාලය නිසා කර්තකොළම්බන් ගහේ ගෙඩි සහ ගැට වලින් පිරී පවතී.., දිනක් ලොකු මහත්තයාගේ නිවෙස අසලින් ටවුමට යාම සඳහා ගිය නරි විජේගේ හිසට අඹ ගැටයක් වැටිණි., ගෙඩි ගැසුණු තට්ට හිසත් සමඟ උඩ බලමින් ලොකු මහත්තයාගේ මවු පාර්ශවයට පින් දෙමින් උඩ බලමින් ගිය නිසා වූයේ තවත් නොසිතූ දෙයකි. ඒ පාරේ ගැට්ටෙන් පය ලිස්සා අසල වූ ඇනිකට්ටුවෙන් පහලට ලිස්සා වැටීමයි.
ඇනිකට්ටුවෙන් පහල වූ මඩ ගොහොරුවෙන් ගොඩ ඒමට නොහැකිව මහ හඬින් ලොකු මහත්තයාට බණිමින් සිටි විජේව ගොඩට ගෙන නහවා බෙහෙත් දාගන්නට රුපියල් 500කිත් අතට දී පිටත් කලද ගේට්ටුවෙන් එළියට ගිය සැනින් නැවතත් ලොකු මහත්තයාට බණිමින් ම ටවුම දෙසට කොර ගසමින් යන්නට විය.

උක්ත සටහනට "බීට්ල් විරිත" ඇප්ලයි කලහොත් ►

01. ලොකු මහත්තයා ඇමෙරිකාව ගැන අසා ඇත්තේ උන්නැහේ රට රටවල් වල ච්ත්‍රපටි බලා ඇති නිසා වීමට හැකිය.

02. ජීවිත කාලයෙන් වැඩ හරියක් මහජන පක්ෂයට කඩේගිය නරි විජේ ජාතික පෙරමුනේ නියමු විමල් වීරවංස ගැන අසා නැතිවෙන්නට කොහොමත්ම ඉඩක් නැත.

03.
ගල්වත්ත රාළහාමි සහ ජයකොඩි සර් යන දෙපළද ජිනීවා ගැටලුවට පෙර ලංකාව සමඟ සිට පසුව ඇමෙරිකාව වෙත හැරවුණු රටවල් පිළිබඳ අවබෝදය ලබන්නේ හැමදා සවස 7ට බලන ස්වාදීනේ ප්‍රවෘත්ති නිසා වෙන්නට බෝ දුරට ඉඩකඩ ඇත.

04.
එහෙත් ගංගොඩේ පිහිටි ලියැදි පනහේ මාරඹේ කුඹුරු යාය යනු අප ජීවත් වන ශ්‍රී ලංකාවට සමපාත කරන්නට සිතුවහොත් ඒ ඔබ කරගත් විශාල වැරදීමකි.;)

7 comments :

Post a Comment

දුකා යනු පොරකි.

10 comments
ඊයේ හවස ගෙදරට බඩු වගයක් ගන්න ටවුමට යන්න පාරට ගියහම මගේ හිත නැවතුනේ පාර අයිනේ දකුණු පැත්තේ සුදාගේ සිල්ලර කඩේ ටීවී එකෙන් ඇහිච්චි සද්දයක් ගාව..,

ආයුබෝවේවා.., ආවඩා ආයු බෝවේවා..!

හඬ නම් හොඳට අහලා පුරුදුයි. බක් මහට හොඳට මතකෙට එනවා.., බැද්දගේලා බන්දුලලා තරම්ම නොවුනත් මෑත කාලේ අපේ කම මාකට් කල පොරක් තමා එයා..,
නමින් දුක්ගන්නාරාළ.., වසන්ත දුක්ගන්නාරාළ
සන්ෆ්ලවර්ලාට සින්දු ටික විකුණලා මාමයි බෑණයි චාටර් උනාට පස්සේ අපේකම, සිංහල කම මාකට් කල, දේශීයත්වය නැමති භාණ්ඩයේ විකුණුම් මිල උපරිම කල කෙනෙක් තමා මේ දුකා.., මට මතක හැටියට මුලින් ම මම දුකාව දැක්කේ රූපවාහිණියේ බ්‍රහස්පතින්දා 10.00ට ගිය ඉන්ගම්මාරුවේ උප ප්‍රධාන චරිතයක් රඟාගෙන. සිරස ස්වර්ණවාහිණිය දෙරණ රූපවාහිණිය ස්වාධීන මේ ආදී චැනල් අස්සෙත්, ඉරාජ්ට සින්දු ලියලා [B&S ට නිලාර් වගේ] වී එෆ් එම්, නෙත් වලට සෙට් වෙලා ප්‍රධාන භූමිකා රඟලා දැන් නිදහස් මාධ්‍ය වේදියෙක් විදියට එයාගේ රාළ ක්‍රියේශන්ස් එක්ක හැප්පෙන මේ මනුස්සයා, කොතරම් වෙනස් කම් වලට භාජනය උනත් අර උඩ කියාපු ගැමිකම අඩුකලේ නෑ..,
අපේ හරයන් සිරිත් විරිත් පුද සීරිත් ගැන හේනේ පැලක ඉඳන් කියවලා, විටක් හපන ගමන් අතේ තියෙන ස්මාර්ට් ෆොර්න් එකෙන් කෝල් අරන් ලැපෙන් මේල් චෙක් කරන මොඩ් ගොවියෙක් වෙච්චි දුකා අර අපි කලකට ඉස්සර "හරිම ගොඩේ, චා" කියලා අහක දාපු අපේකම මඩ හෝදාල අරන් නියර උඩින් තියලා ලස්සනට ලංකාවේ මීඩියා වලට විකුණනවා.

අපේකම සංස්කෘතිය විකුණන එක වැරැද්දක් නොවෙයි.., ඊටත් වඩා මේ වගේ අවුරුද්දට විතරක් කල එළි බහින මේ චුල්ල ටොපික් වලට අවුරුද්ද පුරාවට ම එකෝ ෆ්‍රෙන්ඩ්ලි කොන්සෙප්ට් අස්සේ නොනැසී පවතින මාකට් එකක් හදපු එක ගොඩක් වටිනවා..,
අනුරාධපුරේ ඉඳන් කොළඹට ඇවිල්ලා ගම අස්සෙන් අතදාලා නගරෙම අල්ලපු දුකා මට පොරක් කියන්න හේතු උනේ අන්න ඒකයි.., අනික ස්වර්ණවාහිණියෙන්  මේ යෝධයාව ඕසෙට විකුණන්නට ගත්තම මේ කෙටි සටහන මට ලියන්නමයි හිතුනේ..!
මනුදම් පෙරටු සුභ නව වසරක් වේවා..!

10 comments :

Post a Comment

වලියක්

9 comments
මමත් ඇද්දා වලියක්
නිකං ඉන්න බැරුවට මට
රට ජාතිය බේර ගන්න
මාත් ඇද්දා වලියක්
පේස් බුකියේ වලියක්

දාපු ගමන් කොම්පීතරේ
ඕං බුකියේ වලියක්
ඇදලා කස්ටිය වලියක්
රට ජාතිය බේර ගන්න
පට්ට සිරා වලියක්

එකෙක් ගේ ඉස්ටේටසේට
හැටක් දාලා "Like"
රට ජාතිය බේර ගන්න
හැටක් ඔබලා "Like"
මමත් එබුවා"Like"
මම ඒකට "Like"

හෙණ ගහපිය හෙණ ගහපිය
විනකටිනා එවුන්ට තව
මම ලිව්වා comment එකට
ඔන්න වැටේ Like
මෙන්න එවලා request මට
ලිව්වා කියලා ගහපිය හෙණ

:D

මමත් ඇද්දා වලියක්
නිකං ඉන්න බැරුවට මට
රට ජාතිය බේර ගන්න
මාත් ඇද්දා වලියක්
පේස් බුකියේ වලියක්

9 comments :

Post a Comment

ආණ්ඩුවේ හිල් වහන බන්ධුලගේ [ගොං] ජෝක්ස්

23 comments
සමහර වෙලාවට අපිට ඕන දේවල් අපි කොහොම හරි ගන්න උත්සහ කරනවා. ඒත් බාහිරින් මොකක් හරි ගැහැටක් ආවොත් ඒ ප්‍රාර්තනා සුම්මා තමයි. මගෙත් තිබ්බා කාර් හීනයක්, මේ අවුරුද්දේ කොහොම හරි ඒක හැබෑ කරගන්න හදනකොට ම, මෙන්න මරා ආපහු ජනතා පරමාදිපත්‍යයේ ප්‍රයෝජනය උපරිමයට ම ගනිමින් වැඩිකරලා ආපහු බදු.

යුද්ධේ ඉවර කරපු දවස් වල කිව්වේ දැන් යුද්ධේට වියදම් වෙච්චි සියලුම වියදම් අහවරයි., ඒ මිල දැන් වියදම් කරන්න තියෙන්නේ රටේ දියුණුවට කියලයි.., ඒ දවස් වල මොන තරම් හැමදේකම මිල අඩුද?
බදු වැඩිකලෑයින් පස්සේ අපේ ගෙවල් පැත්තේ ආණ්ඩුවට ඡන්දේ දාපු එකෙක් හොයාගන්න නෑ..! 

හැමදේකම මිල වැඩිවෙන්න යන්නේ.., ඊයේ පෙරේදා කොහේදෝ කියලා තිබුණා ඉන්ධනත් තව රුපියල් 15කින් වැඩි වෙන්න යනවා කියලා.., ඒ අස්සේ මේ ඔක්කෝම යට කරගෙන බන්දුල එක මිනිහෙකුට නොමැරී ඉන්න පුලුවන් කියලා මාසයක් රුපියල් 2500කින්. මට හිතෙන්නේම ඒක ඇත්ත කියලා එක සතපහක් වත් වියදම් වෙන්නේ නැතුව ජීවත් වෙන කෙනෙකුට අපේ ඇමතිතුමාව ම ගන්න පුලුවන්.., ඒ [හු]උත්තමයට සත පහක් වත් වියදම් වෙන්නේ නෑ.., ඇයි ඔක්කොම ආණ්ඩුවෙන් ලැබෙන්නේ නිකම්නේ..

ඊයේ දෙරණ වාදපිටියට බන්ධුලයි, UNPයේ රවීයි ආවා.., අර යකා තප්පුලනකං මේ විපස්සේ හොයියා කෑ නුගහ හිටියා.., ගෙන හැර දක්වන්න මේ තරම් උදාහරණ යසට අපිට පෙනෙත්දී මේ ගෝතයා එහෙම හිටිය එක වස වැරැද්දයි.., UNP එකට කෙල වෙලා තියෙන්නේ ඕන්න ඕක නිසා තමා.., ඕනේ තැනට සද්දේ නෑ.., අනවශ්ය තැන් වලට.., හප්පා ඒ තරං සද්ද දාන එකෙක් ලොවෙත් නැතුව නෑ..

මේ හායනයේ අවසානයක් දැකිය යුතුයි.., 
නැතිනම් අපිට ඉස්සරහට දකින්න වෙන්නේ ලංකාව හැඩේට තියෙන ලොකු හිලක් විතරයි.

23 comments :

Post a Comment