මොකද්ද මේ A.C.E?? | What A.C.E Stand For??

2 comments
Official Logo of ACE

අපි චිත්‍රපටයක් බලනකොට බොහෝ වෙලාවට විදේශීය, එයිනුත් හොලිවුඩ් චිත්‍රපට වල නාමාවලින් හෝ ආරම්භය සනිටුහන් වන අවස්ථාවල ඒ චිත්‍රපටය සඳහා සිය ශ්‍රමදායකත්වය දුන් අයගේ නම් වැටෙන වෙලාවල, ඒ සමහර නම් අගට A.C.E කියන අකුරු තුන තිබෙනවා, මේක මම කොතෙකුත් චිත්‍රපට වල දැක ඇතත්, සොයන්නට ඇති කම්මැලි කම ඉස්සර වීමේ කරුමය නිසා මේක මට මඟ හැරුනා ඒ හැම වෙලාවේ ම. ඒත් අද මම 47Ronin බලා එහි නාමාවලිය යන විට එහි සමහර නම් අගට අර අකුරු තුන තිබීම නිසාවෙන් මගේ පරණ උනන්දුව වැඩි වුනා. පස්සේ ගූගලයාගේ සරණ පතන විට මට ලැබුණ පිළිතුර මම පහතින් මේ අයුරින් සටහන් කරන්නම්.. 

ACE යන අකුරු තුනෙන් සංක්ෂිප්ත කර ඇත්තේ "American Cinema Editors association" වදනයි, සිංහලෙන් කියනවා නම් ඇමෙරිකානු සිනමා සංස්කාරකවරුන්ගේ සංගමය යන්නයි.

මේ වැනි එකමුතුවක් ගැන මුලින්ම අදහස් ඇතිවී තිබෙන්නේ, වොරන් ලෝව් සහ ජැක් ඔගිව්ලී විසිනුයි, ඔවුන් දෙදෙනා වෘත්තීයෙන් පැරමවුන්ට් චිත්‍රාගාරයේ චිත්‍රපට සංස්කාරකවරුන් දෙදෙනෙක්. දෙදෙනෙකු තුල ඇති වූ මේ අදහස පසුව හොලිවුඩ් හී මස්කේස් සමාජශාලාවේදී ඔගිව්ලි සහ ලොවී දෙදෙනාගේ ප්‍රධානත්වයෙන් තවත් සංස්කාරකවරු 11 දෙනෙකුගේ එකමුතුවෙන් පැවැත්වුනා. ඒ 1950 වූ ඔක්තෝම්බර් මස 26 වෙනි දිනයි. කතිකාවට සහභාගි වූ සංස්කාරකවරු වන්නේ ජෝර්ජ් ඒමී, ෆොල්ම බ්ලැංස්ටඩ්, ජේම්ස් ක්ලාර්ක්, ෆ්‍රෑන්ක් ග්‍රෝස්, රිචර්ඩ් හීයර්මන්ස්, විලියම් හෝන්බෙක්, ෆ්‍රෙඩ් නුඩ්ස්ටන්, විලියම් ලියෝන්, ෆ්‍රෙඩ්‍රික් ස්මිත්, රිචර්ඩ් වෑන් එඩ්ගාර් සහ හියු වීන් යන අයයි.

එසේ හමුවූ මේ අපූරු සංස්කාරක වරුන් එකතුව සිය ප්‍රථම ආරම්භක සාමාජික සැසිය 1950 නොවැම්බර් මස 28 වන දින පැවැත්වුවා, ඉන් පසුව නැවත නව සාමාජිකයින්  බඳවා ගැනීමේ සැසියක් 1951 ජනවාරි මස 09 වෙනිදා පැවතුනු අතර එහිදී ඇමෙරිකානු සිනමා ක්ෂේත්‍රයේ ප්‍රධානතම සිනමා සංස්කාරක වරුන් 108ක් එහි සාමාජිකත්වය ලැබූ බව සඳහන්. එතෙක් හරි ආකාරයේ නමක් නොතිබූ මේ එකමුතුවට "American Cinema Editors" යන නම පටබැඳ එය "ACE" සංක්ෂිප්ත කරන්නේ සිනමා සංස්කාරක ඩෝන් හේස් ගේ යෝජනාවකට අනුවයි. [චිත්‍රපටවල සිය නම් දැමීමේදී සිය නමට අගින් උක්ත අක්ෂර ත්‍රිත්වය දැමීමෙන් තමා පිළිගත් සංස්කාරකවරයෙකු බවත් සිනමාව පිළිබඳ පෘථුල අත්දැකීම් වලින් පිරිපුන් චරිතයක් බවත් නොකියා පවසන්නට හැකි බවට ඔවුන් අතර මතයක් ගොඩ නැඟුනා.] එම වසරේම [1951දී] මැයි 29වන දින, අමෙරිකානු සිනමා සංස්කාරකවරුන්ගේ සංගමය ලාභ නොලබන ආයතනයක් බවට ඇමෙරිකාවේ කැලිෆෝර්නියානු ජනපද නීතිය විසින් පිළිගත්තා.

එකමුතුව පිහිටු වීමෙන් පසුව ඒසීඊ සාමාජිකයින් අනෙකුත් සිනමා ක්ෂේත්‍රයේ ප්‍රතිලාභිත පාර්ශව සමඟ සබඳතා ගොඩනඟාගෙන ඒ හරහා සිනමාවටත් මහජන ප්‍රජාව සිනමාව පිළිබඳව දැනුමින් සන්නද්ධ කරවීම ඇරඹුවා, එහි ප්‍රථිඵලයක් ලෙස ඒසීඊ වටමේසය "ACE Roundtable" ලෙස හඳුන්වන එම කතිකාවත තුලින් සිනමාවේ තුල පවතින ගැටළු සහ ඒවාට විසඳු සෙවීමේ කාර්යයට ප්‍රථම වරට මේ එකමුතුවේ අනුග්‍රහයෙන් පැවැත්වුනා. නිර්මාණශීලී එක්කාසුවක් තුලින් හොඳ චිත්‍රපටයක් යන මැයෙන් 1951 ජූනි 05 වැනි දින මැස්කර්ස් සමාජශාලාවේ දී ෆ්‍රෙඩ්‍රික් ස්මිත් ගේ ප්‍රධානත්වයෙන් පැවත්වූවා, මෙහි ගරු කථිකයින් ලෙස කටයුතු කලේ ඩෙල්මර් ඩේවිස්, සභාපති, ස්ක්‍රීන් අදියුරුවන්ගේ සංගමය; පෝල් ග්‍රෝසේ, සභාපති, කලා අදියුරුවන්ගේ සංගමය; විලියම් පේල්බර්ග්, සභාපති, ස්ක්‍රීන් නිෂ්පාදකයින්ගේ සංගමය; රොනල්ඩ් රේගන්, සභාපති, ස්ක්‍රීන් කලාකරුවන්ගේ සංගමය;  රේ රෙනාහැන්, සභාපති, සිනමා යාන්ත්‍රිකයින්ගේ සංගමය සහ කාල් ටන්බර්ග්, සභාපති, සිනමා තිර රචකයින්ගේ සංගමය.

ඉන් පසුව එම වසරේදීම ජේම්ස් ඊ නිව්මන් විසින් ACE සංගමයේ අනුග්‍රහයෙන් විශ්වවිද්‍යාල වල සිනමා උපාධි දේශන සඳහා ACE සාමාජිකයින් ලබාදීමේ ක්‍රමවේදයක් ආරම්භ කලා. මේවන විට එම වැඩ සටහන හඳුන්වන්නේ ACE බාහිර සංස්කාරකයින්ගේ වැඩසටහන යන නමින්. මෙසේ ඉගැන්වීමට අමතරව ACE සාමාජිකයින් විසින් සංස්කරණය සම්බන්ධව චිත්‍රපට දෙකක් නිපදවූවා, "Basic Principle of filmEditing" සහ "Interpretations and Values of Film Editing" යන නම් වලින් හඳුන්වන මේ චිත්‍රපට මේ වන විටත් අධ්‍යාපන උපකාරක ලෙස සිනමා සිසුන් භාවිතා කරන බව සඳහන්.

ACE සංගමයේ නිල සඟරාව ලෙස සිනමා එඩිටර් "Cinemaeditor" යන නමින් යුතුව පිටු 4 සිට 8 අතර ඇති සීමිත සංස්කරණයක් ලෙසින් 1951 මැයි මස,එලි දැක්වූවා. පසුව කල දියුණු කිරීම් වලදී එය පිටු 40ක වර්ණිත සඟරාවක් ලෙසත් සීමිත සංස්කරණයක් ලෙස නොව සාමාජික මණ්ඩලයේ ලියාපදිංචි වූවන් හට සහ සිනමා වෘත්තිකයින්ට මේවන විටත් බෙදා හරිනවා. 

Cinemaeditor Magazine


ක්ෂේත්‍රයේ දස්කම් දක්වන සංස්කාරකවරුන්ට ගෞරව දක්වනු වස් ACE සම්මාන රාත්‍රිය ප්‍රථම වරට 1951 මාර්තු 14 වන, බෙවර්ලි හිල්ස් හෝටලයේදී පවත්වන ලදී. ජෝර්ජ් මර්ෆිගේ ප්‍රධානත්වයෙන් පවත්වන ලද මේ සම්මාන රාත්‍රියේ ප්‍රථම කතිකයා වූයේ ඩෝර් ශේරී නම් සංස්කාරකවරයායි. ෆ්‍රෑන්ක් කැප්‍රා ප්‍රදානය කල ඒ සම්මාන උළෙලේදී පැමිණි සිටියවුන්ව රසවත් කරන ලද්දීඅ ජෙරී ලෙවිස් සහ ඩීන් මාර්ටින් විසිනුයි. වර්තමානය වන විට හොඳම සංස්කරණයක උදේසා ඇකඩෙමි සම්මාන සඳහා වාර්ෂිකව තෝරගන්නා වූ නාමයෝජනා ලෙස ඉදිරිපත් කරන්නේ උක්ත ACE සම්මාන සඳහා ඉදිරිපත් වූ නාම යෝජනා බව ACE වෙබ් අඩෙවියේ සඳහන්, එලෙස සම්මාන ප්‍රදානය කිරීම ආරම්භ කලේ 1961 වසරේ සිටයි.
1962 දී ACE සමාජයේ තීරණයක් පරිදි එහි සම්මාන උළෙලේදී සම්මාන සඳහා නාමයෝජනා සඳහා තෝරාගන්නා නම් ලබාදෙනු ලබන්නේ ACE සාමාජිකයින්ගේ ඡන්දයෙන් තෙරුණු නාමයන් පමණයි. රූපවාහිනී සහ චිත්‍රපට ක්ෂේත්‍රයේ සංස්කරණයෙන් දස්කම් දක්වන ශිල්පීන් වෙත සම්මාන පලිහක් 1965 වසරේ සිට ප්‍රදානයක් අරන අතර එය හඳුන්වන්නේ එඩී ["Eddie"] අනුනාමයෙනුයි. ,ඒ පලිහ ප්‍රදානය කිරීම මේ වන විට ඇකඩමි සම්මාන ප්‍රදානයට , ඔස්කාර් සම්මාන උළෙල යැයි කියනා ලෙසින් ම ACE සම්මාන රාත්‍රිය හඳුන්වන්නේ එඩී සම්මාන රාත්‍රිය යන නමිනුයි. 1973 දී ප්‍රථම වරට ඇමෙරිකාව තුල සිනමා සංස්කරණය විශයයක් ලෙසින් හදාරන සිසුන් වෙනුවෙන් හොඳම සංස්කරණ සිසුවා වෙතට සම්මානයක් ප්‍රදානය කිරීම ආරම්භ කලා.
 
තොරතුරු මූලයන් : ACE website | Wikipedia

2 comments :

Post a Comment