පහායි!! පහායි!!

12 comments
දවසක් මහව පැත්තේ මහවිදුහලකට අධ්‍යාපන දෙපාර්තමේන්තුවෙන් එනවැයි කියලා පනිවුඩයක් ලැබුණා.., කලාපේ තියෙන දක්ෂම විදුහල් වලින් එකක් වෙන මේ විදුහල නම් දරා තිබුණේ කලාපේ තියෙන හොඳම ගණිතමය හැකියාවන් ගෙන් පිරිපුන් දරුවන් සිටින පාසල විදියට. ඉතින් සුපුරුදු විදියට පාසලට ඇවිල්ලා ලොග් පොතේ තමන් ආ බව දැක්වෙන විදියට සටහනක් තියපු, අධ්‍යාපන අධ්‍යක්ෂතුමා සුපුරුදු විදියට මේ දරුවන් ගණිතයට මේ තරම් දක්ෂද කියලා බලන්න කියාලා බාලාංශ පංතිවලට ගියා.

"හා ළමයි හැමෝටම ආයුබෝවන්, මම මේ ඇවිල්ලා ඉන්නේ කොළඹින් ඔය ළමයින් ගේ ගණන් දැනීම පරික්ෂා කරන්න.., ඒ නිසා ඔය ළමයි හැමෝම මම අහන ප්‍රශ්ණ වලට හොඳට උත්තර දෙන්න ඕනෑ"

ඊට පස්සේ  විදුහල්පතිතුමා පන්තිය අධ්‍යාපන අධ්‍යක්ෂතුමාට බාර දිලා පන්තියෙන් එළියට ගියා..,

හා මට ඔය ළමයි කියන්න බලන්න, ඔය ළමයි ඔය ළමයින්ගේ තාත්තා එක්ක හවසක ටවුන් එකට යනවා ඒ ගියාම ඔය ළමයින්ට තාත්තා ටවුමෙන් ටොපී දහයක් අරන් දෙනවා.., ඔයාලා ගෙදරට එන ගමන් ටොපී 3ක් කනවා දෙකක් මඟදී නැතිවෙනවා..,
දැන් මට කියන්න ඔය ළමයින්ගේ අතේ තව ටොපී කීයක් ඉතුරුද කියලා..??

අධ්‍යක්ෂතුමාට පන්තියට දීපු ගණිත පැනය විසඳන්න එක දරුවෙක්වත් ඉදිරිපත් වුනේ නෑ.., විනාඩි පහක් විතර ගියාට පස්සේ පන්තියේ දොර ගාවට ගිය අධ්‍යක්ෂතුමා තරහෙන් මේ ගැන පාසලේ විදුහල්පතිතුමාට මේ ගැන සැල කර සිටියා..,

අයිසේ බලනවාකෝ ඕයි මේ පන්තියේ ළමයි කිසිම දක්ෂතාවක් මැත්ස් වලට නෑනේ.., මට මේක ගැන ඉහළට රිපෝර්ට් කරන්න වෙනවා..! 

හා එහෙමද සෑර්, හරි යමු බලන්න මයෙත් එක්ක..,
මෙහෙම කියාපු මුල්ගුරුතුමා අර අධ්‍යක්ෂතුමා එක්ක ආපහු පන්තියට ගියා.

" ඈ බොලව් තොපිලට මේ උන්නැගේ කියාපු කෙමන තේරෙන්නේ නැතිය..??
යකුනේ, තොපිලා තොපේ මහ එවුන් එක්කලා දවහක් ගොම්මනේ සෙයිලමට රූටනවා, ඒ රූටපු දොහේ තොපේ මහ එකා, තොපිට ලෑතර දහයක් ඇන්න දෙනවා.., ඒ සීරුවේ තොපිල පැලට රූටන අල්ලපනල්ලේ තොපිලා ලෑතර තුනක් කොටා බානවා, ඒ අස්සේ තොපිලැයේ අතින් ලෑතර දෙකක් මහමූකලානේදී තොරතෝංචිවෙනවා, එයින් මෙයින් ගියාම තොපිලැයේ අතේ ලෑතර කීයක් ඉතිරියැ කියාපියව්..!! "

මුල් ගුරුතුමා මෙහේම කියාපු ගමන් පන්තියේ හිටපු ළමයි ටික පහායි පහායි කිය කියා උඩ පනින්න ගත්තලු..!
  

12 comments :

Post a Comment

කලියුග බුදුවරු

9 comments

ලංකාව වූකලී බුද්ධ සමාජයකින් සජ්ජිත රටෙකි. ඒ අතරම ධර්මය තුලින් සිය ජීවිකාව සරිකරගන්නා වූ අයද සමාජයට දායාද කරවූ රටෙකි. නොයෙක මිත්‍යා විශවාසයන් පෙරදැරි කරගෙන සමාජය තුල මාකට් කරගත හැකි ආකාරයේ මතයක් නිර්මාණය කරගෙන ඊට යම් ආගමක මතයක්ද සම්බන්ධ කිරීමෙන් උක්ත මතයේ විශ්වාසී බව තව තවත් ඔප් නංවා ගත හැකි බව දන්නා අය අතර මේ මෛත්‍රී බුදුන් යැයි කියාගන්නා අයද සිටිති. උදය ගම්මන්පිලගේ සංඛ්‍යා ලේඛණ වලට අනුව නම් මේ වන විට පිස්සන්කොටුවේ ගාල් කර ඇති මෛත්‍රී බුදුවරු ගණන 18කි.., ඒ මීට පෙර කලියුගයේ අකලට පහල වූ අයය. ගම්මන්පිලගේ මතයට අනුව මෙහි 19 වැන්නා ලෙස ගාල් කල යුත්තේ හිමි වරුන් ඡන්දය ඉල්ලනවාට විරුද්ධව පනතක් සම්මත කරගන්නට වෙහෙස වන විජයදාස රාජපක්ෂ ය. එහෙත් රචකයාගේ මතය මීට එදිරිව ගලන්නකි.., ඔහුගේ මතය 19 වැන්නා වියයුත්තේ විජයදාසයන් නොව සිරිවර්ධන අංකල්හු බවයි

සිරිවර්ධන.., තවත් පැහැදිලි කරනවා නම් මෛත්‍රී බුදුන් ලෙස මේ වන විට සත් මහල් ප්‍රාසාදයක [තනමින් පවතින] සිය කාර්යය කරමින් මිනිසුන් වෙත තමාගේ නිර්මාණ ලෙස බුදුබණ ඉදිරිපත් කරන සිරිවර්ධන කේ. ලොකුගේ නම් වන මේ මනුස්සයා පිළිබඳව කෙටියෙන් ලියන මේ බ්ලොගයේ සටහනක් නොතැබුවෝතින්, ඒ බ්ලොගයේ විවිධත්ව ගණපූරණයේ අඩුවක් වනු නිසැකය.

රචකයාට පෙනෙනා ආකාරයට මාකටියර් කෙනෙකු ලෙස සිරිවර්ධන අංකල්හුගේ ඇප්‍රෝචය සුපිරි බවින් අනූනය.., උහු සිය පය තබන්නේ කල් යල් බලා ය, නිදර්ශනයක් ලෙස සමාජය තුලට දැනෙන ලෙස සිරිවර්ධනගේ භූමිකාව එක්වන්නේ ලංකාවට සුනාමිය පැමිණ වෙරළබඩ ජනතාවගේ සියල්ලම සුන්නද්ධූලි කර දැමූ පසුවය.., අනාථවූ ජනතාව සිය හිත සනහා ගන්නට මඟක් සොයනා මොහොතක සිරිවර්ධන පැමිණ අවස්ථාවෙනි නිසි ලෙස ප්‍රයෝජන ගනිමින් සිය ඊනියා ධර්මය ජනතාව අතරට ගෙනයාමට අඩිතාලම දැමීය. අඩියෙන් අඩිය පැමිණි ගමනේ මර්මස්ථානය ලෙස උස්මූර්තියට පත් එක් අවස්ථාවන් නම් ආචාර්ය[?] තිස්ස සේනානායක සහ ඔහුගේ බිරින්දෑව "සිරිවර්ධනං සරණං ගච්චාමී" කියවාලන්නට සියලු කටයුතු සැලැස්වූ පසුවය. ඔබට සිරිවර්ධන ලෙස සිංහල යුනොකෝඩ් වලින් යතුරු කර ගූගල් හරහා සෙවුමක් දමා සොයා බැලිය හැකිනම් ඔහු ගැන සියල්ලම නොවුනත් බොහෝ තොරතුරු සොයාගත හැකිය. 

මෙයට දශක කීපයකට [50හේ දශකය අග හෝ 60 දශකය මුල අතර]පෙර කන්දේ විහාරයේ මේ වැනිම මෛත්‍රී බුදුන් කෙනෙකු සිට ඇත.., එහෙත් ඔහු ගැන ගම් වාසීන් සහ විහාර හිමිනම ගෙන් පමණක් විමසා තොරතුරු සොයාගත හැකිවූ නමුත් එවකට පාසල් යන දැරියකව සිටි අපේ අම්මාගේ මතකයට අනුව නම් පොහොය දිනෙක විහාර බෝධි වෘක්ෂය මතට නැඟි එක්තරා පුද්ගලයෙක් තමා මෛත්‍රී බුදුන් වහන්සේ බවත් තමා මේ ආකාරයෙන් ඇසතු ගසකට නැඟී සිටියේ ජනතාවට ජීවිතයේ අනිත්‍ය මෙනෙහි කරදීමට බවත් තමාගේ ක්‍රියාවලින් ජීවිතයේ අනිත්‍ය මෙනෙහි වනු ඇති බව පවසා දෙනෝදාහක් මධ්‍යයේ උහු බෝගසින් බිමට පැන දිවි තොරකර ගෙන ඇත.., මේ තත්ත්වය වාසනාවකට මෙන් සිරිවර්ධන අංකල්හුට උදා නොවුනේ උහු වටා සිටින එහෙයියන් සහ අන්තර් ජාතික කොනෙක්සන් සහිත උවැසියන් සිටිනා නිසා විය හැකිය. දිවි තොර කරගැනීමෙන් තමන්ට කිසිවක් නොවනා බවත් මේ ආකාරයෙන් ධර්මය අවබෝධ කරවීමෙන් යටිමඩිය තර කර ගත හැකි සහ තමා නැති කල එහෙයියන් මෙය ඌණව හෝ ඉදිරියට ගෙනියනු ඇති බවට ඇති අනාගත දැක්ම නිසා බව රචකයාගේ විශ්වාසයයි.

මෙවැනි බුදුවරු තව තවත් සසිරි පිරි මෙ සිරිලක පහල වනු ඇත. එතෙක් අප කලයුත්තේ කලියුගයේ වෙන ගොංකං වලට සාධුකාර දෙමින් තව තවත් බකං නිලාගෙන සිටීමය.

9 comments :

Post a Comment