පොඩිහාමිගේ කතාව
-
ඉස්සර හිටියා පොඩිහාමි කියලා මුදලාලි කෙනෙක්. එයා බොහොම සාධාරණව තමන්ගේ කඩේ
කරගෙන ගියා. මෙහෙම යනකොට තමන්ගේ පුතාලා නිසි වයසට ආ නිසා පොඩිහාමි මුදලාලි කඩේ
වගකී...
5 years ago
"හා ළමයි හැමෝටම ආයුබෝවන්, මම මේ ඇවිල්ලා ඉන්නේ කොළඹින් ඔය ළමයින් ගේ ගණන් දැනීම පරික්ෂා කරන්න.., ඒ නිසා ඔය ළමයි හැමෝම මම අහන ප්‍රශ්ණ වලට හොඳට උත්තර දෙන්න ඕනෑ"
හා මට ඔය ළමයි කියන්න බලන්න, ඔය ළමයි ඔය ළමයින්ගේ තාත්තා එක්ක හවසක ටවුන් එකට යනවා ඒ ගියාම ඔය ළමයින්ට තාත්තා ටවුමෙන් ටොපී දහයක් අරන් දෙනවා.., ඔයාලා ගෙදරට එන ගමන් ටොපී 3ක් කනවා දෙකක් මඟදී නැතිවෙනවා..,
දැන් මට කියන්න ඔය ළමයින්ගේ අතේ තව ටොපී කීයක් ඉතුරුද කියලා..??
අයිසේ බලනවාකෝ ඕයි මේ පන්තියේ ළමයි කිසිම දක්ෂතාවක් මැත්ස් වලට නෑනේ.., මට මේක ගැන ඉහළට රිපෝර්ට් කරන්න වෙනවා..!
හා එහෙමද සෑර්, හරි යමු බලන්න මයෙත් එක්ක..,මෙහෙම කියාපු මුල්ගුරුතුමා අර අධ්‍යක්ෂතුමා එක්ක ආපහු පන්තියට ගියා.
" ඈ බොලව් තොපිලට මේ උන්නැගේ කියාපු කෙමන තේරෙන්නේ නැතිය..??
යකුනේ, තොපිලා තොපේ මහ එවුන් එක්කලා දවහක් ගොම්මනේ සෙයිලමට රූටනවා, ඒ රූටපු දොහේ තොපේ මහ එකා, තොපිට ලෑතර දහයක් ඇන්න දෙනවා.., ඒ සීරුවේ තොපිල පැලට රූටන අල්ලපනල්ලේ තොපිලා ලෑතර තුනක් කොටා බානවා, ඒ අස්සේ තොපිලැයේ අතින් ලෑතර දෙකක් මහමූකලානේදී තොරතෝංචිවෙනවා, එයින් මෙයින් ගියාම තොපිලැයේ අතේ ලෑතර කීයක් ඉතිරියැ කියාපියව්..!! "
© NonEdit Either write something worth reading or do something worth writing. Benjamin Franklin
හිකිස් ;D
ReplyDeleteඔහොමම කතාවක් තිබ්බා මීගලෑවේ එකෙක් ආමි එකට ගිහින්...
ReplyDeleteෆය(ර්) කිව්වම කකුල උස්සනවලු....
ගිණි පිඹපිය අඩා කියපුහාමලු වෙඩි තියන්න ගත්තේ...
මෙහෙම කිව්වට අපිට තියෙන්නෙත් බොහොම ටික දුරයි මීගලෑවටයි මහවටයි දෙකටම...
මේ වෙනස හැබෑ ලෝකේදී මවන්නේ මහ දුකක්. ඇති නැති පරතරයේ සෘජු හා වක්‍ර ප්‍රථිපල මේ කතාවේ තියෙනවා. කතාව මං කොහේදී හරි කලින් අහලාත් තියෙනවා වගේ මතකයකුත් තියෙනවා. දිනෙක මතු දා මෙවන් කතා පොතක පතක ලියැවෙන දවසක් ඒවි. සංවර්ධන හීනේ හැබෑ වෙච්චි දාක අපේ ගම්වල ළමයිටත් කොළඹ රටේ බසත් අන්තර්ජාතික බසත් අපේම වු සිංහල බසත් හොඳින් ම තේරේවි
ReplyDeleteමම බලාගෙන හිටියේ මේ කොමෙන්ට් එක එනකන්.., ඒ කියන්නේ මගේ උත්සහය සාර්ථකයි..!
Deleteස්තූතියි පියුමි..! :)
ඇත්තම කියනව නම් මටත් මේවගේ දේවල් ගැන ඇති වෙන්නේ දුකක්..
Deleteහිනා වෙන්න ඕනෙ කාටද? මොකටද කියලා මම කල්පනා කරනවා? අන්තිමට මම තනියම හිනාවෙනවා.. එත් ඒ මේ කතාවෙ කියවෙන ළමයින්ටවත්, අර පරීක්ෂකයටවත් එහෙම නැත්තන් මේ කතාව ගොතපු එකාටවත්, ලියපු උඹටවත් නෙමෙයි... ඒ මටමයි බං. හැබැයි මම එකක් දන්නවා..
ලෝකෙ කවදාම හරි ලස්සන වෙයි...
මමනම් හිතන්නේ අඩන්නවත් හිනාවෙන්නවත් ඕනෙ නෑ. කොළඹ සිංහල ගමට නොයන තරමට හොදයි. කොළඹ දරුවන්ට දාන නම් වලින් බාගයක් කුණුහරුප. ඒ වුනාට ඒ ගමේ බාසාව උන්ගේ බාසාව. ඒක මීට වඩා ගොඩක් සභ්‍යයි.
Deleteඅයියට ඕනෙ තේ එකක් ද? කහට එකක්ද? කියල මගෙන් අහපු වෙලාවෙ මම ඒ නංගිට කහට එකක්(මම හිතුවෙ කහට කියන්නෙ කිරි නොදා හදන තේ එකක් කියල) දෙන්න කියල කිව්වා.
ReplyDeleteකොහොමත් හොදටම නිමුනහම තමයි මම තේ වගේ දේවල් බොන්නෙ. බිව්වට පස්සෙයි තේරුනේ. මෙයාල කහට කියන්නෙ සීනිත් නැතුව දෙන තේ කියල
කතාව කීප විදිහකටම අහලා තියනවා,,,
ReplyDeleteමේ දෑස මක්කටෙයි ???
ReplyDeleteහරි සෝක් මරු කතාව...
ReplyDeleteඔය විදිහේ කතාවක් මාත් අහලා තියෙනවා. දවසක් දුෂ්කර පලාතක අලුතින් ආපු ටීචර් කෙනෙකුට වෙච්ච ඇබැද්දියක්. පන්තියේ ළමයි සැරින් සැරේ ටීචර්ට කියනවලු "ටීචර් ඇලට ගිහින් එන්නම්" කියල. ඉතින් ටීචර් කිව්වලු "ළමයිනේ මේ ඉස්කෝලේ වෙලාවේ ඇලවල් ගානේ ගිහින් මොකවත් උනොත් මටයි වග කියන්න වෙන්නේ යන්නේ එහෙම නෑ" කියලා. ටිකකින් බලන කොට පන්තියේ ළමයි කීපදෙනෙකුටම පන්තියේම චූ ගිහින්. බැලින්නම් මේ පළාතේ උදවිය එලි පහලියට යනවට කියන්නේ ඇලට යනවා කියලාලු.
ReplyDeleteසන්නිවේදන දෝෂ තමා. මේ වගේම කතාවක් තමා "රාමාගේ මාමාගේ දුන්න කැඩුව කතාව" :D
ReplyDelete