වේද පුරාණ සහ මනුස්සකම්

2 comments

ජීවිතයේ වඩාත් ආදරය කරන සුන්දර මිනිසුන් දෙදෙනෙකු විසින් කරන ලද සාහිත්‍යමය “වැඩක්” පිලිබඳව අතහැර දමා තිබූ විනෝදාංශයක යළි ආරම්භය සටහන් කිරීම යොදාගැනීම තරම් වාසනාවන්ත වැඩක් තවත් ඇති බව මා සිතන්නෙ නැත.

මුන් දෙදෙනාගෙන් එකෙකු පිරිමියෙකි, අනෙකා ගැහැණියකි. කවදා කෙලෙස ගැලපේදැයි සිතාගන්නට නොහැකි වුව, මුන් දෙදෙනාගේ සුසං‍යෝගය රන් රස සේ ගැලපෙන්නකි. පිරිමියා හෂිත අබේවර්දන වන අතර, ගැහැණිය සචී පනාවල වන්නීය. අමුවෙන් අමතනවාට සමාව අයදින අතර උන් දෙදෙනාට මා එසේ අමතන්නෙ, දැනුම සම්බන්ධයෙන් පරිපූර්ණත්වයට පත් ස්ත්‍රී පුරුෂ දෙපලක් නම් කරන්නට වෙත් නම් මා දෙවරක් නොසිතා නම් කරන්නේ උන් දෙදෙනා වන නිසා ය.

ලියමන ලියවෙන්නේ මේ දෙදෙනා විසින් දොරටු ප්‍රාප්ත කරන්නට නියමිත පොත් දෙකක් ගැන කියන්නටය. මා පහතින් අමුණා ඇත්තේ එම පොත්කවර දෙකය.  



සටහන දිගු කරන්නට නොසිතේ, පොත් දෙකේ කවර දෙස අසීමිත කෑදර කමකින් බලමින්, ඒවායින් මතුවන සංඛේත දෙස නැවත නැවතත් මෙනෙහි කරමින් මේ කෙටි සටහනට මෙසේ නැවතීමේ තිත මෙසේ තබමි.

ආදරය සමඟ 
උණුසුම් සුභ පැතුම් මේ සමඟ...

2 comments :

  1. සතුටුයි සතුටුයි අනේ දිගටම ලියන්න මල්ලී.

    ReplyDelete