ප්‍රසූතිය හා උමං අනතුරෙන් වසන්නට බැරි වූ flying fish ජාතකය.

6 comments
වැදගත්► ඔබ මේ කියවන්නේ කෙටි කලකින් බ්ලොග් පෝස්ට් එකක නොවැටීම නිසා  ඒ අඩුව පුරවන්නට ලියවෙන අකුරු එකතුවකින් කල වදන් හරඹයකි.
 ප්‍රසූතිය හා උමං අනතුර
මීට වරු කිහිපයකට ඉහතදී විලියම් කුමාරගේ බිරින්ඳෑ සයිලන්සරයක් ප්‍රසූත කිරීම නිසා ඉහළ යුරෝපය සහ පහල යටත් විජිත ප්රීති ප්‍රමෝදයෙන් ඇළලී ගොස් ඇති බව කවුරුත් දන්නා බව සිතමි..., ලංකාවේ මේ තත්ත්වය ඒ තරම්ම උත්සන්න නැති වුව, ආරංචිය කණ වැකුණු උපාසකම්මලා හනේ සාදු කොලු පැටික්කෙක් කියා දෝහෝත්මුදුන් දී කියූ බව ඇසින්දුටු සාක්කී පවතින බව මට කිව්වේ එහා ගෙදර සේමරත්න මාමා ය.

ඔයිට කලියෙන් අපේ ගෑණි ඉස්සරෝම අර ඩයනා කුමාරි උමං පාරේ හැප්පිලා කියලා ආරංචිය ලැබුනු ගමන් ඉහේ අත තියාන විස්සෝප උනේ "අනේ ඉතින් අම්ම නැතුව අර කොල්ලෝ දෙන්නා කෝම හැදෙයිද කියලා"
මං කොච්චර කිව්වද උන් දෙන්නා රජ පැටවු දෙන්නෙක් කියලා කොහෙද අපේ යෝදි නෙවීනේ සතේකට මායිං කලේ.


සේමරත්න මාමා පරණ මතකය ඇවිස්සුවේ විලියම් කුමාරගේ දරුප්පත්තිය අලුත්ම පුවත වීම නිසා වෙනි.

එකල ඩයනා කුමාරිගේ අභාවය ඇසූ විශ්ව විද්‍යාල සිසුවෙක් බිත්තියක තම අදහස ලියා ඇති ආකාරය විකල්ප පත්තරයක් පලවූ අයුර තවමත් මගේ මතකයේ තිබේ.

ඩයනා සුපෙම්සරා
සමඟින් ඩොඩී අල්පයිඩා
බනිසේ නැගී ගියා
උමගේ හැපී මලා


කේට් කුමාරිගේ සහ විලියම් කුමාරගේ දරුවා ගේ අනාගතයට අප සුභ පැතුවද නොපැතුවද සැපවත් වනු ඇත. ඒ නිසා මගේ අවධානය යොමුවන්නේ අද සවස 1.30ට ආණ්ඩු පක්ෂයට පියෑඹු විපක්ෂයේ flying fish ගැනය.
 
Flying fish
 
ඒ කතන්දර මේ ආකාරයෙන් තියෙද්දී, අපේ ධර්මද්වීපයේ මේ රෝයල් ප්‍රසූතිය පරසිදූ වීමට එරෙහිව වූ අකටයුතුකම් නම් අපරිමානය. ඉන් ප්‍රධානම එකක් නම් දයාසිරි ජයසේකර මංත්‍රී තුමා අද සවස 1.30ට විපක්ෂයේ සිට ආණ්ඩු පක්ෂයට ඈඳිගන්නට යාමයි. විපක්ෂයක මළගමද කියා සිතෙන තරමට පිරිහීම් වෙත්දීත් ඉවසූ දයාසිරි, නායක තුමාගේ හාෆ්ශීට්කොලයක් වැනි මුහුණුත්තහඩුවේ කියවෙන දේ කියවාගන්නට  අසමාර්ථවීම මේ ඉවත් වීමට ප්‍රධානම හේතුව බව ලියන අය විශ්වාස කරයි. 

කොහේ ගියත් ලියන අයගේ පොතට අනුව දයාසීරි යනු කලු චරිතයක් නොවේ.., අනාගතයක් නැති පාරක යනවාට වඩා කාපට් දැමූ හරස් පාර හොඳ බවට සිතා රැවුල්පක්ෂ තුමාගේ දෑත් ශක්තිමත් කරන්නට යාම එක් අතකින් දයාසිරිගේ ජයග්‍රහණයකි. ඒ වාගේම ඔහුගේ දේශපාලනයට ඉතා ඉහල බලපෑමක් කරන්නට හැකි තීරණයකි.

පක්ෂ පාට වලට බෙදී කොතරම් තවුසන්ඩ් ටෝක් ඉශූ කලද දෙපසේම සිටින්නේ මිනිස්සු සහ තමන්ගේ අනාගත ජීවිතය සැපවත් කර ගැනීමේ අදිටනින් සිය "රැකියාවේ" නියැලී සිටින රැකියා නියුක්තිකයින් පිරිසකි. වෙනස ඇත්තේ උන් ව පත්කර යවා ඇත්තේ අපගේ අහිංසක කතිරය විසින්ම බව අමතක වීමයි.

කොතෙක් කතන්දර කීවද දයාසිරීගේ තීරණය වෙනස් වන්නේ වත් එක හීනෙන් එළිවන්නේ වත් නැත. ඒ වාගේම දයාසිරි හෝ රනිල් හෝ කිසිවේකුට අබමල් රේණුවකවත් අවැඩක් වන්නේ නැත. මහින්දගේද ඒකායන පැතුම වන්නේ තමාගේ ධූරකාලය තුල රනිල් විපක්ෂ නායකත්වයේ සිටීම බවට මෙන්න කැට..

එහෙත් වසර විස්සක මේ මහා පරාජයේ පරිමිතිය දැන්වත් වෙනස් වන්නට කාලය එළඹෙමින් තියේ. දයාසිරි තවත් වසර 10 කට වත් මහින්දව වට්ටන්න බෑ කියා කියුවද පොදු පෙරමුණේ ආසන ටික මේ ආකාරයෙන් යූඑන්පීයේ ඉගිල්ලෙන මාලුවන්ගෙන් පිරෙන්නට පිරෙන්නට වන්නේ පෙරමුණේ යටින් වැලිකැටය දෙක හෙමින් සැරේ හායනය වීමයි.
කලයුත්තේ බලාසිටීම හැර අන් කිසිවක් ම නොවේ.

6 comments :

Post a Comment