Vagabond Rides

12 comments

                  ම ගොඩක් වෙලාවට මට හිතෙන දේ කරන්න කැමතියි, ඒත් කරුමෙට වගේ මම ඒ කරන දේවල් වලට මොනවා හරි කියන්න කවුරු හරි මම අඳුනන අය අතර ඉන්නවා, ඒක හැටි, ඒක මාව හදන්න තියෙන උවමනාවට කියනවද එහෙම නැති නම්, මාව නසන්න උවමනාවට කියනා එවාද කියලා මට කුලක ගත කරන්න අමාරුයි.., මොකද මම බොහෝ වෙලාවට දෙයක් කරන්න කලින් හැමෝගේම අදහස් උදහස් ගත්තත් බොහෝවිට මම කරන්නේ මට ඔන දේවල් විතරක් නිසා.
ඒත් ඊට කලින් මට මගේ මිතුරන් කියූ දේවල් මතක නැතිව නොවේ. ඒවා මම පාවිච්චි කරන්නේ මගේ උත්සහයන් පුස්සක් උනෝතින් ඊළඟට කල යුත්තේ කුමක් දැයි තීරණය කිරීම සඳහා.., [backup plan], මම මෙහෙම ලියන්න හිතුවේ කාලේකට කලින් මට ආසාවක් තිබ්බා.., අතේ සීමිත මුදලක් තියාගෙන එළියට බැහැලා, ඒ මුදලට ගැලපෙන ආකාරයේ කොහේ හෝ ඉසව්වක සංචාරයේ යෙදෙන්න. එය ළඟපාත වෙන්න පුලුවන් දුර බැහැරක් වීමටත් බැරි කමක් නෑ.
මීට පෙර මම කීප වතාවක් ම මම එසේ සිතාගෙන එලියට බැස්සත් මම අවිඥ්ඥාණිකව අතිරේක මුදලක් මා සතුව තබාගෙනයි එසේ එළියට බැස ඇත්තේ.., ඉතින් ඒ ඒ ආවස්ථා වලද මම සංචාරය අතින් සාර්ථක උනත් මගේ අත ඇති මුදල මම දන්නා නිසාත් ඒ අවසාන උනොත් මා සතුව අතිරේකව මුදල් ඇති බව දන්නා නිසාත් මම හෘදයාංගමව මම තුටු වූයේ නෑ.
ඒත් මගේ මිතුරෙක් මේකට සාර්ථකව මුහුණ දෙනවා.., ඔහු වෘත්තියෙන් ගුරුවරයෙක් නමුත් ඔහුට අතිරේක ගමන් බිමන් නිමක් නෑ.., ඔහුට යම් හිත් තැවුලක් නො එසේනම් ගැහැටක් වී හිත එකලාසයක් කරගැනීමට ඔහු භාවිතා කරන්නේ මේ ක්‍රමවේදය..., එය ඉතා පහසු මෙන්ම ඉතා ප්‍රථිපල දායක ක්‍රමවේදයක්, ඔහු කියනා හැටියට.,
මා මෙන්ම සේයාරු හසුකරගන්නට කැමැති කෙනෙකු නිසාවෙන් ඔහු කියනා ආකාරයට මේ ක්‍රමවේදය තුලින් ඔහුගේ රූප එකතුවට පෙර නොවූ විරූ රූප ගොන්නක් එකතු වී තිබෙනවා.., නුවර එළිය, නුවර, අනුරාධපුරය, බදුල්ල, හම්බන්තොට මේ ආදී නෙක පලාත්වල සංචාරයේ යෙදෙන්නට ඔහුට වියදම් ලෙස යන්නේ ඉතා අවම පරිමිතියක මුදල් ප්‍රමාණයක්.
ඔව් ඒකෙන් මම හරිම සතුටක් ලබනවා.
සමහරවිට මගේ ගමන තීරණය වන්නේ ගමන් ගන්නා ප්‍රවාහන මාධ්‍යය මතයි, එය බස් එකක්, කෝච්චියක් එහෙමත් නැතිනම් බෝට්ටුවක් පහුරක් වන්නටත් තියෙන ඉඩකඩ වැඩියි..,
ඒත් ඉන් ලබනා ආත්ම තෘප්තිය ඊට වඩා දහස් වරක් ඉහලයි.
මේ වගේ රස්තියාදුකාර ගමන් ගැන ඔහු කියන්නේ අන්න එහෙමයි.

අනික් ප්‍රධානම දේ තමයි ආහාර
ආහාර ගැනීමේදී වැඩිපුරම සැලකිලිමත් වෙන්නට අවශ්‍ය වන්නේ ජලය ගැන පමණයි.., ඒ උදරාබාධ වලට හසුවීමට ඇති ඉඩකඩ වැඩි නිසා. මෙතනදී අපි අවධානයට ගත යුතු දෙයක් තියේ නම් ඒ ප්‍රදේශයෙන් ප්‍රදේශයට ජලයේ ස්වභාවය වෙනස් වෙනවා.., ඉතින් මේ වෙනස අපේ උදරයට බලපාන්නේ කෝමද කියන එක ගැන මා තුල නම් තියෙන්නේ බයක්.. ඉතින් ඔබට කල හැකි සරළම දේ තමයි බෝතල් කල පානීය ජලය භාවිතයට ගැනීම. ඒ වගේම ආහාර ගැනීමේදී හොදි භාවිතාව අඩු කිරීම සහ ජලය පානය ගැන සැලකිලිමත් වීම තුලින් ඊට සහනයක් ලබාගන්නට හැකියි.

පිටින් බලන්නෙකුට මේ ගමන් නිකරුනේ මුදල් වැයවන කිසිම හරයක් නැති ගමන් වගේ පෙනෙන්න තියෙන ඉඩකඩ වැඩි උනාට ඉන් ඒ ගමනේ යෙදෙන්නා ලබන මානසික සුවය මුදලින් මැනිය නොහැකියි.

වෙලාවක එහෙම ගිහින් බලන්නෝන.

12 comments :

Post a Comment

Love Hotel | ラブホテル

8 comments
හදිස්සියේම යාලුවෙක් හම්බු වෙන්න අවිස්සාවෙල්ලෙන් බස් එකේ නැග්ග මට ඉඳගන්න ලැබුනේ සීට් තුනේ පේලියක අන්තිම සීට් එකේ.., ජනේලේ පැත්තේ ටිකක් වෙනසක් තියෙන අමුතු ආකාරයේ [ඒ අමුතු කියන්නේ බස් එකේ හිටපු අයට සාපේක්ෂව වෙනස් විදියට ඇඳ පැලඳගෙන හිටි දෙන්නෙක් නිසා.]ජෝඩුවක්. කොන්දොස්තර මහත්මයා මගෙන් ටිකට් ගන්න ළඟට එනකොටත් දෙන්නගෙන් ගෑනු ළමයා හිටියේ පිරිමි ළමයාගේ උරහිසට ඔලුව තියාගෙන, අවුකණ්නාඩියක් දාගෙන හිටිය නිසා පිටට ඒ ඇත්ති නිදිද අවධියෙන්ද කියලා හිතා ගන්න බෑ.. මෙහෙම ඉන්නාතරේ එක පාරටම හිස කෙළින් කරගත්තු අර ගෑණු ළමයා අර තරුණයාගෙන් මෙහෙම ඇහුවා...

ඔයා ජැපෑන් ගිහින් තියෙනවද?

මෙහෙම ඇහුවම අර තරුණයා ටිකක් නොසංසුන් උනා.. ඒත් ඒ බව පිටට නොපෙන්වන්න උත්සහ කල ඔහු මෙහෙම කිව්වා..

ඔව් ඒ ලෙවල් කරලා ස්කොල් එකකින් සිලෙක්ට් වෙලා මම හයර් ස්ටඩීස් කලේ එහෙ.

ඇයි එක පාරටම එහෙම ඇහුවේ ?
නෑ මම නිකම් ඇහුවේ..,


එහෙ තියෙන්නේ හරි ෆ්‍රී කල්චර් එකක් කියලා අහලා තියෙනවා.
ලස්සන කෙල්ලෝ එහෙම ඉන්න ඇති?

හමේ පාටේ වෙනසයි මූනේ වෙනසයි එක්ක පොඩි අමුත්තක් තිබ්බට ඔයාලා වගේම තමා.., බොඩි කිට් වෙනස් උනාට සේම් ඇන්ජින්.,


තරුණයා උත්තර දුන්නේ ඒවාට උත්තර බඳින්න කිසිම උවමනාවක් නෑ වගේ

හිත ගිය අය එහෙම ඉන්න ඇති, මම කිව්වේ ඩේට් කල අය එහෙම..?
හ්ම්ම්


මොකෝ මම අහන ඔක්කොටම හ්ම්ම් හ්ම්ම් ගාන්නේ බස්සෙක් වගේ?
කෙටියෙන් ම කියන්න ඔයාට මොකද්ද දැන ගන්න ඕනේ..?


නැහ් මට එහෙම මොකවත් දැනගන්න ඕනේ නෑ..,
ඇයි ඔයා එහෙම අහන්නේ..???
මම එහෙම ඇහුවේ මගේ ජීවීතේ අවුරුදු 2 කට කලින් වෙච්චි දේවල් එකපාරටම හෙන ගහන්නා වගේ අවුස්සනකොට..,
ඊයේ මම ඔයාගේ කාමරේ අස් කරනකොට ඇඳ යට තිබිලා පෙට්ටියක් හම්බුනා.., ඒකේ තිබුනා ඔයා ජැපනීස් ගර්ල් කෙනෙක් එක්ක ඇඳක් උඩ ඉඳන් ගත්තු පින්තූරයක්.. ඒකයි.., කෙල්ල නම් ලස්සනයි ඒත් ඔයා එක්ක විශ්වාසෙන් ඉන්නවා කියලා හිතුනේ නෑ, ඒ ඔයාගේ ජැපෑන් වල ගර්ල් ෆ්‍රෙන්ඩ් කෙනෙක් ද?


ඉතින් ඒ කෙල්ල එක්ක මම ඇඳක් උඩ ඉඳන් ගත්තු පින්තූරේත් හරි.., ඒ කෙල්ල මා එක්ක සම්බන්ධයක් තියෙනවා කියලා ඔයා කොහොමද කියන්නේ, ඔහොම සැක කරලා අපි දෙන්නා කොහොමද එකතු වෙන්නේ?? අනික ඔයා දන්නවා මම ජැපෑන් වල වර්ක් කලේ ලවු හොටේල් එකක රූම් සර්විස් සෙක්ෂන් එකක බව.

අනේ නෑ ජනූ, මම එහෙම අවිස්වාසෙයක් තියාගෙන ඉන්නවා නෙවෙයි. ඔයා දන්නවා නේ මම එහෙම පරණ විකාර ඔලුව තියාගෙන ඉන්න කෙල්ලෙක් නෙවෙයි කියලා.
මම එහෙම ඇහුවේ දැනගන්න. හිටියා කියලා මට එහෙම අවුලක් නෑ.., ඔයාගෙන් මම එහෙම ඇහුවේ ඔයා ඔය මේ
දැන් ඇඳගෙන ඉන්න ටීෂර්ට් එක ඒ පින්තූරේ ඇඳගෙන හිටියේ ඒ කෙල්ල ඒකයි.

එකවරම බොහොම හදිස්සියෙන් සාක්කුවේ තිබ්බ අව්කණ්ණාඩි දෙක අරන් ඇහේ පටලවා ගත්තු ඒ තරුණයා තමන්ගේ ස්පර්ෂ සංවේදී ජංගම දුරකතනේ නොදන්නා මොනවාදෝ හොයන්න ගත්තා.
සියුම් මදහසක් මුවේ තියාගෙන හිටපු ඒ තරුණිය ආපහු අර තරුණයාගේ උරහිසේ හිස තියාගෙන ජනේලයේන් එළියේ වේගෙන් ඇදෙන ගහකොල දිහා බලා ඉන්නට වුනා.

පහත ලිවීම : ගෙදර ආවම මොනාද මේ ලවු හොටේල් කියන්නේ කියලා ගූගල් දෙයියාගෙන් ඇහුවම මුලින්ම ආවේ මෙන්න මේ විකීපීඩියා ලින්ක් එක

8 comments :

Post a Comment