Love Hotel | ラブホテル

8 comments
හදිස්සියේම යාලුවෙක් හම්බු වෙන්න අවිස්සාවෙල්ලෙන් බස් එකේ නැග්ග මට ඉඳගන්න ලැබුනේ සීට් තුනේ පේලියක අන්තිම සීට් එකේ.., ජනේලේ පැත්තේ ටිකක් වෙනසක් තියෙන අමුතු ආකාරයේ [ඒ අමුතු කියන්නේ බස් එකේ හිටපු අයට සාපේක්ෂව වෙනස් විදියට ඇඳ පැලඳගෙන හිටි දෙන්නෙක් නිසා.]ජෝඩුවක්. කොන්දොස්තර මහත්මයා මගෙන් ටිකට් ගන්න ළඟට එනකොටත් දෙන්නගෙන් ගෑනු ළමයා හිටියේ පිරිමි ළමයාගේ උරහිසට ඔලුව තියාගෙන, අවුකණ්නාඩියක් දාගෙන හිටිය නිසා පිටට ඒ ඇත්ති නිදිද අවධියෙන්ද කියලා හිතා ගන්න බෑ.. මෙහෙම ඉන්නාතරේ එක පාරටම හිස කෙළින් කරගත්තු අර ගෑණු ළමයා අර තරුණයාගෙන් මෙහෙම ඇහුවා...

ඔයා ජැපෑන් ගිහින් තියෙනවද?

මෙහෙම ඇහුවම අර තරුණයා ටිකක් නොසංසුන් උනා.. ඒත් ඒ බව පිටට නොපෙන්වන්න උත්සහ කල ඔහු මෙහෙම කිව්වා..

ඔව් ඒ ලෙවල් කරලා ස්කොල් එකකින් සිලෙක්ට් වෙලා මම හයර් ස්ටඩීස් කලේ එහෙ.

ඇයි එක පාරටම එහෙම ඇහුවේ ?
නෑ මම නිකම් ඇහුවේ..,


එහෙ තියෙන්නේ හරි ෆ්‍රී කල්චර් එකක් කියලා අහලා තියෙනවා.
ලස්සන කෙල්ලෝ එහෙම ඉන්න ඇති?

හමේ පාටේ වෙනසයි මූනේ වෙනසයි එක්ක පොඩි අමුත්තක් තිබ්බට ඔයාලා වගේම තමා.., බොඩි කිට් වෙනස් උනාට සේම් ඇන්ජින්.,


තරුණයා උත්තර දුන්නේ ඒවාට උත්තර බඳින්න කිසිම උවමනාවක් නෑ වගේ

හිත ගිය අය එහෙම ඉන්න ඇති, මම කිව්වේ ඩේට් කල අය එහෙම..?
හ්ම්ම්


මොකෝ මම අහන ඔක්කොටම හ්ම්ම් හ්ම්ම් ගාන්නේ බස්සෙක් වගේ?
කෙටියෙන් ම කියන්න ඔයාට මොකද්ද දැන ගන්න ඕනේ..?


නැහ් මට එහෙම මොකවත් දැනගන්න ඕනේ නෑ..,
ඇයි ඔයා එහෙම අහන්නේ..???
මම එහෙම ඇහුවේ මගේ ජීවීතේ අවුරුදු 2 කට කලින් වෙච්චි දේවල් එකපාරටම හෙන ගහන්නා වගේ අවුස්සනකොට..,
ඊයේ මම ඔයාගේ කාමරේ අස් කරනකොට ඇඳ යට තිබිලා පෙට්ටියක් හම්බුනා.., ඒකේ තිබුනා ඔයා ජැපනීස් ගර්ල් කෙනෙක් එක්ක ඇඳක් උඩ ඉඳන් ගත්තු පින්තූරයක්.. ඒකයි.., කෙල්ල නම් ලස්සනයි ඒත් ඔයා එක්ක විශ්වාසෙන් ඉන්නවා කියලා හිතුනේ නෑ, ඒ ඔයාගේ ජැපෑන් වල ගර්ල් ෆ්‍රෙන්ඩ් කෙනෙක් ද?


ඉතින් ඒ කෙල්ල එක්ක මම ඇඳක් උඩ ඉඳන් ගත්තු පින්තූරේත් හරි.., ඒ කෙල්ල මා එක්ක සම්බන්ධයක් තියෙනවා කියලා ඔයා කොහොමද කියන්නේ, ඔහොම සැක කරලා අපි දෙන්නා කොහොමද එකතු වෙන්නේ?? අනික ඔයා දන්නවා මම ජැපෑන් වල වර්ක් කලේ ලවු හොටේල් එකක රූම් සර්විස් සෙක්ෂන් එකක බව.

අනේ නෑ ජනූ, මම එහෙම අවිස්වාසෙයක් තියාගෙන ඉන්නවා නෙවෙයි. ඔයා දන්නවා නේ මම එහෙම පරණ විකාර ඔලුව තියාගෙන ඉන්න කෙල්ලෙක් නෙවෙයි කියලා.
මම එහෙම ඇහුවේ දැනගන්න. හිටියා කියලා මට එහෙම අවුලක් නෑ.., ඔයාගෙන් මම එහෙම ඇහුවේ ඔයා ඔය මේ
දැන් ඇඳගෙන ඉන්න ටීෂර්ට් එක ඒ පින්තූරේ ඇඳගෙන හිටියේ ඒ කෙල්ල ඒකයි.

එකවරම බොහොම හදිස්සියෙන් සාක්කුවේ තිබ්බ අව්කණ්ණාඩි දෙක අරන් ඇහේ පටලවා ගත්තු ඒ තරුණයා තමන්ගේ ස්පර්ෂ සංවේදී ජංගම දුරකතනේ නොදන්නා මොනවාදෝ හොයන්න ගත්තා.
සියුම් මදහසක් මුවේ තියාගෙන හිටපු ඒ තරුණිය ආපහු අර තරුණයාගේ උරහිසේ හිස තියාගෙන ජනේලයේන් එළියේ වේගෙන් ඇදෙන ගහකොල දිහා බලා ඉන්නට වුනා.

පහත ලිවීම : ගෙදර ආවම මොනාද මේ ලවු හොටේල් කියන්නේ කියලා ගූගල් දෙයියාගෙන් ඇහුවම මුලින්ම ආවේ මෙන්න මේ විකීපීඩියා ලින්ක් එක

8 comments :

  1. හරි කැතයි අයියා...... ඔයා ඔහොම අනිත් අයගේ කතාවලට කන් දෙන කෙනෙක් කියලා මං දැනං හිටියනං........

    ReplyDelete
    Replies
    1. සිහ් එහෙම නෙවෙයි අප්පා..., මමත් මනුස්ස ප්‍රාණියෙක් නේ අප්පා..,
      නිරුත්සාහකව ඇහෙන එකට මම මොනා කරන්නද??

      Delete
  2. ඒ වගේ කොමන් සිම්බල් එකක් පාවිච්චි කරනවා නම් කාමර, රූම්ස් කියලා ලොකු බෝඩ් එල්ලන්න ඕනි නැහැ නේ..
    අපේ රටටත් එහෙම සංකල්පයක් සහ සිම්බල් එකක් ගේන එක ඒ හෝටල් කර්මාන්තෙට හොදයි..

    ReplyDelete
    Replies
    1. ලංකාව එහෙම තත්ත්වෙකට එන්න තව කාලයක් යයි මචන්.!
      මේක මේ වෙනකොටත් ඉහල මධ්‍යම පන්තිය තුල තියෙනවා..,
      අපේ පන්තියට තමා මේක තවමත් ආගන්තුක

      Delete
  3. What happens in Vegas, stays in Vegas. කියනවනේ... ජැපෑන් වලදි වුන දේවලුත් එහෙම වෙන්න ඇති... :)

    ReplyDelete
    Replies
    1. කරුමේ බලපාන්න ටවුමේ වෙනස බලපාන්නේ නෑ බීටා..! ;)

      Delete
  4. මේ කතාව ඇතුලෙ මොනවාම හරි දෙයක් මට දැනුණා ඒත් එක ගලපගන්න තේරෙන්නෙ නැ

    ReplyDelete
    Replies
    1. සිද්දිය වෙච්චි තැන ඔයා හිට්යා නම් කොල්ලාගේ ඉමෝෂන්ස් දැක්කා නම් තමා මේකේ විසම තැන් සම වෙන්නේ ඉනෝෂා..!
      ඒක ඒ තරමට ම දකින්න වටිනවා..!

      Delete