පොතක් උඩ පොතක්

13 comments
ගෙවල් ලඟ ඉන්නවා ගුණසේකර කියලා කෙනෙක්.., මෑන් ගේ අයියා තිඹිරිගස්යායේ තියෙන ලොකු පන්සලක ලොකු හාමුදුරුවෝ.., මීට අවුරුදු එකහමාරකට විතර කලින් ගුණසේකරගේ පුතාව මහණ කරගන්න ඉල්ලුවා ලොකු හාමුදුරුවෝ..,
ගෙදර පුරාම අඩුපාඩු නිසාත් දරුවන් 6 බාල අන්තිම එකා බඩේ නිසාත් එකෙකුගෙන් හරි නිදහස් වෙන්න කියලා හිතාලා.., අනේ මම කොල්ලෙක්ව සාසනේට දූන්නොත් හතරවරිගේම ගොඩ නේද කියලා හිතාගෙන අනේ කොල්ලව සාසනේට පූජ කොලා..,

ධර්ම කාරණ ඉගෙන ගන්නවා කෙසේ වෙතත් පොඩි හාමුදුරුවෝ දවසින් දවස පන්සල් බත් කාලා එහෙම ඇඟ පාට වැටිලා හොඳට ආරලා ආවේ උපාසකම්මලාගේ සාධුකාර මැද්දේ මයි..,

අනේ සිරියාවන්ත හාමුදුරුවෝ.., එහෙම තමා හැමෝම කිව්වේ..,

එක පාරටම මීට අවුරුද්දකට විතර පස්සේ ආරංචියක් ගියා පොඩි හාමුදුරුවෝ සිවුර ඇරලා ගෙදර ඇවිල්ලා කියලා.., අපි ගුණසේකර ලගේ ගෙදර යන කොටත්.., "හිටපු" පොඩි හාමුදුරුවෝ තණකොල ගලවනවා ගෙදර මිදුලේ..,

විස්තර අහනකොට තමා වැඩේ තේරුනේ.., ලොකු හාමුදුරුවනේ ගෙන් පොඩි හාමුදුරුවන්ට ගොඩක් කරදරලු.., බැරිම තැන හාමුදුරුවන්ගේ පරණ ගන්ඨාරේ මකුළුදැල් කඩන්නත් උනාට පස්සේලු පොඩිනම හදිසියේ සිවුරු ඇරලා ගෙදර වැඩලා තියෙන්නේ..,

හොඳම ටික උනේ අපි එන මඟ, අපේ පතලේ වැඩකරන චන්දරේ කිව්ව කතාවකින්..,
අපේ බාප්පයි තාත්තයි විස්සෝප වෙනවා අර පොඩි හාමුදුරුවන්ට උන සංගදිය ගැන..,
ඒ අස්සේ චන්දරේ..,

අනේ ඔව්වා ඔහොම තමා මහත්තයා..,
ඇරත්..,
බණ පොතක් උඩින් බණ පොතක් තිබ්බට මක්වෙනව ද?

13 comments :

  1. හඃහා... සිරා!
    "බණ පොතක් උඩින් බණ පොතක් තිබ්බට මක්වෙනව ද?":D

    ReplyDelete
    Replies
    1. ඕක ඇත්ත කතාවක් පූසා.., මම කල්පනා කලේ ගම්මු ඔහොම හිතනවා නම් අදාල සිද්ධියට මුහුණ දුන්නු අර සඟ පැටියාගේ මානසිකත්වේ කොහොම වෙන්න ඇතිද කියලා..,

      Delete
  2. මල්ලී . . මේවට කියන්නේ සත්‍යවාදී මාධ්‍ය කරණය කියලා . . .

    හැමදාම අසාධාරණයට ලක්වෙන . . . පීඩිත පන්තියේ සාමනේර වරුන් දිහා හෙලපු මානුශීය බැල්මක් කියලා මේ පෝස්ට් එක ගැන කියන්න පුලුවන් . .. .

    පට්ට . .

    ReplyDelete
    Replies
    1. අපි විහිලුවටත් ඔහොම කතා කිව්වට අයියේ.., මේ වගේ untold stories කොච්චර සිවුරු අස්සේ හිර වෙලා තියෙනවා ඇතිද?

      Delete
  3. සාමනේරලා විතරක් නෙමෙයි, ඇබිත්ත කොළු ගැටව් ටිකයි, දහම් පාසලට එන සුදු පාට කකුල් තියෙන කොලු පැටව් ටිකටයි වෙන අකරතැබ්බ පන්සල්වල ගේට්ටු වලින් පිට වෙන්නෙ නෑ....!

    ඕවා කතා කරන්න ගියහම උපාසකම්මලා උපාසක මහත්තුරු කියන්නෙ, "අනේ අපේ පාංශුකූලෙටවත් වඩම්මවන්න ඉන්නෙ ඔය හාමුදුරුවො ටික නේද උන්දැලත් සිවුරු ඇරලා ගියොත් අපි මැරුනු දවසට අපේ මල ගේ දා අපි කරපු පින් ටික සමරයි කරලා දෙන්නෙ කවුද ?" වගේ කියුම් තමයි.....!

    ReplyDelete
    Replies
    1. මඟුලටද අයියේ ඔහොම සඟ කම්..? අනේ මාව මෙහෙම එවුන්ගෙන් පාංශකූල දෙවනවට වඩා කෙලින්ම වෛද්‍ය විද්‍යාලෙට දෙවන එක හොඳයි..,

      Delete
  4. අපේ ගමේ පන්සලේ හිටපු පොඩි හාමුදුරුවෝ දෙනම ම වෙන පන්සල් වලට වැඩියෙත් ඔය කාරනේ නිසාම තමයි .

    ReplyDelete
    Replies
    1. සිවුර සීතල නම් කරන්න තියෙන්නේ ඒක ඇරවලා.., කසාදයක් කරගන්න එක.., පිං බතට පුරුදු උනාම ඒක බෑ නෙව කරන්න..,

      Delete
  5. ලිෂ්විෂ් මල්ලිගේ වියමණක් කියෙව්වාමයි.
    මේ සංසිද්ධිය පොදු ස්වාභාවික තත්වයක් සියලුම සත්වයින්ට. ඒ කියන්නේ මනුෂ්‍යයා තිරිසනා මේ සැමටම. කිසිම වර්ගවාදයක්, ආගම්වාදයක්, කුලවාදයක්, වයස් හෝ අවම තරමින් ලිංග භේදයක්වත් නෑ. හැමෝටම පොදුයි.
    ඕනෑම ආගමක සිවුරට හෝ සාටක වලට යටින් ඉන්නේ අපි වගේම සාමාන්‍ය මිනිස්සු. මිනිසුන් තුළ තිබෙන හැඟීම් දැනීම් අතරින් ප්‍රධානයි බඩගින්න හා මෛතූනයය. බුදුන් පවා රහත් වී බුදුවෙන වෙලාවේ තමයි මේ හැඟීම් නැති කලේ. ඒ කියන්නේ කොතරම් හිත දියුණු කරගෙන සෝවාන් සකුරුදාගාමී අනාගාමී වෙලා හිටියත් මේ ලිංගික හැඟීම් තියෙනවා.

    ඔබ හා අපි මෙවැනි සංසිද්ධීන් ස්පර්ශ කළ යුතු වන්නේ එය පොදු අත්දැකීමක් බවට පත්කොට මානව දහම පිළිබඳ කිසියම් ආනන්දයක් හා එතුළින් ප්‍රඥාවක් කරා කියවන්නා යොමු කිරීමයි. ඊට අතරමැදි තැනක, අසම්පූර්ණ තැනෙක, කොටින්ම වැටක් උඩක සිටීම සුදුසු නොවෙයි. එසේ කරන්නට යාම එතරම් යෝග්‍ය නොවන බවයි මගේ හැඟීම.

    පළමුව තීරණය කරන්න ඔබ කවුද කියන එක.
    ඔබ මේ සිදුවීම ඉදිරිපත් කරන්නේ පුවත්පත් කලාවේදියෙක් ලෙසද ? කවියෙක් ලෙසද ? කෙටිකතා හා නවකතාකරවෙක් ලෙසද ? ඕපා දූපයක් ලියන බ්ලොග් කරුවෙක් ලෙසද ? සමාජ ශෝධකයෙක් ලෙසද ? ආදී වශයෙන්.

    දැන් මෙහිදී සිදුව ඇත්තේ කුමක්ද? මට පේන්නේ ඔබ මේ කිසිම ස්ථානයක් මැනවින් නියෝජනය කරන් නැතිව ලියූ දෙයක්. මෙය කවියක් නොවේ. කෙටිකතාවක් නවකතාවක් නොවේ. ඒ නිර්මාණාත්මක මිණුම් දඬු ඔස්සේ මේ කතාව අගය කළ නොහැකියි. මෙය පුවත්පත් කලාවේදියෙක් ලියන අංග සම්පූර්ණ සත්‍ය ප්‍රවෘත්තී වාර්තාවක් ද නොවේ. අංග සම්පූර්ණ ඕපාදූප බ්ලොග් වාර්ථාවක්ද නොවේ. පූර්ණ සමාජ ශෝධනයක් අපේක්ෂාවෙන් ලියූ එකක්ද නොවේ. ඒ නිසා සංසිද්ධියට අදාළ පාර්ශ්වයන්ට සේම කියවන අප සැමටත් සිදුවන්නේ අසාධාරනයක්. මේ නිසා ඔබ මේ පෑන මෙහෙයවන කුමන හෝ කුලකයක්, පාර්ශ්වයක් පැහැදිලිවම නියෝජනය කළ යුතුයි. එය නිර්මාණය, සැබෑ නිර්මාණයක් බවට පත් කළ යුතුයි. නැත්නම් එතරම් පලක් සිදුනොවෙයි.

    මෙවැනිදෑ ලියන්නට එපා කියනවා නොව විධිමත් ලෙසින් පරිපූර්ණව ලියන්න කියන එකයි මම කියන්නේ. ඔබට ජය !

    ReplyDelete
  6. මේ පිළිබඳ පිළිතුර දැනගැනීම සඳහා කරුණාකර පහත සබැඳියට යන්න. ස්තූතියි.
    http://nonedit.blogspot.com/2012/03/blog-post_19.html

    ReplyDelete
  7. පොඩි බණ පොතක් උඩින් ලොකු බණපොතක් තිබ්බට පව් නෑ පොඩි තැන කියන කතාව අපි ඇහුවෙ ඉස්කෝලෙ යන කාලෙ. ඒ කාලෙම ආපු තෙවැනි සිල්පදය නොකඩමි පොතේ ගුණදාස ලියනගේ පන්සල් ඇතුලත ජඩකම් ගැන කියවෙනවා. කතෝලික පල්ලි ආශි්‍රතව තියෙන අනාත නිවාස වල දරුවන්වත් තුන්වෙලට අපහරණය වෙනවා පූජකයන් අතින්.කටුකුරුන්ද ------ නිවාසය ඒ වගේ අවාසනාවන්ත තැනත් මා දන්නා. එහි සිට පාසල් එන තරුණ ශිෂ්‍යාවන් පූජකයන් අතින් දිනපතාම එලිවෙනකම්ම දූෂණයට ලක් වෙනවා. කෙල්ලො පන්තියෙ නිදි කිරා වැටෙනව දැකල අහනකොට තමයි කියන්නෙ එලිවෙනකන් නිදා ගන්න දෙන්නෙ නැහැ කියල.

    ReplyDelete
  8. '... හාමුදුරුවන්ගේ පරණ ගන්ඨාරේ මකුළුදැල් කඩන්නත් උනාට පස්සේලු...' - උපරිමයි!

    අලින්ට වින කරන්න දත කන ගනගෙඩි දැක්කමයි මට සාසනේ එපා උනෙ.. බුදුන්ගෙ බණත් අමතකයි, මෙයාලට දැන්!

    ReplyDelete
  9. හොඳ වෙලාවට බුද්ධ ධර්මය ත්‍රිපිටක කරලා තියෙන්නේ
    නැත්නම් ඒකත් නැති වෙනවා සිකුරුයි

    ReplyDelete