ගෙවල් ලඟ ඉන්නවා ගුණසේකර කියලා කෙනෙක්.., මෑන් ගේ අයියා තිඹිරිගස්යායේ තියෙන ලොකු පන්සලක ලොකු හාමුදුරුවෝ.., මීට අවුරුදු එකහමාරකට විතර කලින් ගුණසේකරගේ පුතාව මහණ කරගන්න ඉල්ලුවා ලොකු හාමුදුරුවෝ..,
ගෙදර පුරාම අඩුපාඩු නිසාත් දරුවන් 6 බාල අන්තිම එකා බඩේ නිසාත් එකෙකුගෙන් හරි නිදහස් වෙන්න කියලා හිතාලා.., අනේ මම කොල්ලෙක්ව සාසනේට දූන්නොත් හතරවරිගේම ගොඩ නේද කියලා හිතාගෙන අනේ කොල්ලව සාසනේට පූජ කොලා..,
ධර්ම කාරණ ඉගෙන ගන්නවා කෙසේ වෙතත් පොඩි හාමුදුරුවෝ දවසින් දවස පන්සල් බත් කාලා එහෙම ඇඟ පාට වැටිලා හොඳට ආරලා ආවේ උපාසකම්මලාගේ සාධුකාර මැද්දේ මයි..,
අනේ සිරියාවන්ත හාමුදුරුවෝ.., එහෙම තමා හැමෝම කිව්වේ..,
එක පාරටම මීට අවුරුද්දකට විතර පස්සේ ආරංචියක් ගියා පොඩි හාමුදුරුවෝ සිවුර ඇරලා ගෙදර ඇවිල්ලා කියලා.., අපි ගුණසේකර ලගේ ගෙදර යන කොටත්.., "හිටපු" පොඩි හාමුදුරුවෝ තණකොල ගලවනවා ගෙදර මිදුලේ..,
විස්තර අහනකොට තමා වැඩේ තේරුනේ.., ලොකු හාමුදුරුවනේ ගෙන් පොඩි හාමුදුරුවන්ට ගොඩක් කරදරලු.., බැරිම තැන හාමුදුරුවන්ගේ පරණ ගන්ඨාරේ මකුළුදැල් කඩන්නත් උනාට පස්සේලු පොඩිනම හදිසියේ සිවුරු ඇරලා ගෙදර වැඩලා තියෙන්නේ..,
හොඳම ටික උනේ අපි එන මඟ, අපේ පතලේ වැඩකරන චන්දරේ කිව්ව කතාවකින්..,
අපේ බාප්පයි තාත්තයි විස්සෝප වෙනවා අර පොඩි හාමුදුරුවන්ට උන සංගදිය ගැන..,
ඒ අස්සේ චන්දරේ..,
අනේ ඔව්වා ඔහොම තමා මහත්තයා..,
ඇරත්..,
බණ පොතක් උඩින් බණ පොතක් තිබ්බට මක්වෙනව ද?
9 comments :
Post a Comment