දිට්ඨදම්මවේදනීය කර්ම සහ ජිනීවා

9 comments
   කිසිවෙක් යමෙකුට හිංසාවක් අගතියක කිරීම උදෙසා යම ක්‍රියාවක නිරත වේ නම් , ඒ ක්‍රියාව උදෙසා යම් ප්‍රතික්‍රියාවක් එකල්හි ම ඒ අදාල අයට ලැබෙයි නම් ඒ සිද්ධිවාචකය උක්ත මාතෘකාවට දමා ඇති වදනෙහි තේරුමෙන් හැඳින්වෙනු ඇත. සමහර කර්ම ආත්ම භවයන් ගෙන් ආත්මභවයට ඒ පලදීම් විකාශනය වුවත් වර්ථමානය වන විට මිනිසුන් මේ "අබුද්ධස්ස කාලය" නිසා පව් පටිසන් දීම ඉක්මන් වී මේ ආත්ම භවයේම ඒ දේ පටිසන් දීම වන බවට කතා වනවා මා හට ඇසී ඇත.

[කර්මයක නාමයක් පෝස්ටුවේ මාතෘකාවට දැමීම තුලින් මම ධර්මය ගැන දැනුමක් ඇති යෙකු ලෙස නොසලකන්න. කල පව් මේ අත්භවයේම පටිසන් දීමට තනිවචනයක ලෙස මේ වදන ද මා අසා ගත්තේ අම්මා ගෙනි]

වර්ථමානයේ ශ්‍රී ලංකා ආණ්ඩුවටද වී ඇත්තේ මේ දේ ම යැයි මගේ හිත කියයි. එකල අසූව දශකය අග හා අනූව දශකය මුල අතර එජාප පාලන කාලයේ ප්‍රේමදාස පාලනය විවේචනය කරමින් එවකට පාර්ලිමේන්තු මන්ත්‍රී වරයෙකුව සිටි වත්මන් ජනපතිතුමා වාසුදේව නානායක්කාර සමඟ අදාල ලියවිලි හා සාක්ෂි එක් රැස් කරගෙන ජිනීවා ගොසින් එවක පාලනයට විරුද්ධව ක්‍රියාකල ආකාරය අපේ දෙමාපියන් කියනු එකල කුඩාවුන් ලෙස අපේ මතකයේ රැඳී ඇත.

ජේ. ආර්. විපක්ෂ නායකව සිටිත්දී  ආණ්ඩු පක්ෂයේ පසුපෙළ මංත්‍රී වරයෙකු ලෙස පර්සි මහේන්ද්‍ර රාජපක්ෂ අරගල කරත්දී,

"ඔබතුමාට දේශපාලනයේ හොඳ අනාගතයක් තියෙනවා..,
ඉවසීමෙන් සිටියහොත් දේශපාලකයෙකුට ලැබිය හැකි උපරිම නිලය පිළිබඳව අනාගත බලාපොරොත්තු තබාගන්නට හැකිවනු ඇති..!"
කියා ජේ. ආර්. එදා පැවසුවේ ද උක්ත කර්මය පටිසන් දීමෙන් අද ගැහැට විඳින මේ රටේ ත්‍රස්ථවාදය දුරුකල ජනපතිට ම ය.

දිට්ඨදම්මවේදනීය කර්ම සාපේක්ෂය..,
එදා කී ජේ. ආර්. ගේ අනාවැකිය හරි ගියේද, එදා ප්‍රේමදාසට ඇඹරූ ජිනීවා තොන්ඩුව අද මහේන්ද්‍ර රාජපක්ෂ ගේ ගෙලට තදවුනේද ඒ එදා කල ක්‍රියාවන් හී ප්‍රතික්‍රියාවන් වර්ථමානයට කාන්දු වීම නිසා නොවේ යැයි කිව හැක්කේ කාටද..?

9 comments :

  1. කර්මය අපි අර්ථදක්වගන්නෙ යම් සිද්ධියක් වුණාට පස්සෙ. ඊට කලින් ඒක තමයි ආතල් එක :-)

    ReplyDelete
  2. කෝ එවන්න බලන්න සුදු වෑන් එකක් දෙයියනේ කියලා.....

    ReplyDelete
  3. සාධූ සාධූ සාධූ.....

    ReplyDelete
  4. හ්හ්ම්ම්ම් . . .

    ඒ වුනාට පර්සි මහේන්ද්‍ර කෑගහන්නේ ජීවිතේට ජීනීවා කියන එක මේ දැන් ඇහුවා වගේනේ බන් . . . !!

    ප්‍රේමදාස කාලේ ජිනීවා ගිහින් කේලම් කිව්ව කෙනෙක්ට එහෙම කෑ ගහන්න ඇහැක්ද . . .???

    ReplyDelete
  5. හ්හ්ම්ම්ම් . . .

    ඒ වුනාට පර්සි මහේන්ද්‍ර කෑගහන්නේ ජීවිතේට ජීනීවා කියන එක මේ දැන් ඇහුවා වගේනේ බන් . . .

    ප්‍රේමදාස කාලේ ජිනීවා ගිහින් කේලම් කිව්ව කෙනෙක්ට එහෙම කෑ ගහන්න ඇහැක්ද . . .

    ReplyDelete
  6. කල කල දේ පල පල දේ

    ReplyDelete
  7. අනේ මන්දා... මැරිලත් ජේ. ආර් ගේම දෙනවා වගේ

    ReplyDelete
  8. හරේ : කොහොමත් එහෙමනේ බන්.., වීරයා දුෂ්ඨයාව මැරුවට පස්සේනේ පොලීසිය සීන් එකට එන්ටර් වෙන්නේ..!

    අභියා : අඩේ එහෙම උනොත් මටත් වෙයිද මරාගේ දෑත ශක්තිමත් කරන්න..?

    මාතලන්: සුවපත් වේවා..!!

    දුකා : එහෙම තමා දුකා අයියේ.., අපි හිතාගෙන හිටියේ පර්සිම කියන නම තියෙන හැම එකාම සිංහ කොඩි උස්සගෙන ලංකාවට චියර් කරයි කියලා.., ඒත් මේ පර්සි එහෙම නෑ..!

    ඔබා මාමා : අනිවා..!

    සමීර : තාම කස්ටිය නටන්නේ ජේ ආර් ගොතපු ලණුව උඩ තමා මචන්

    ReplyDelete
  9. බල තන්හාව හරිම නරක දෙයක් කියලයි හිතෙන්නේ ලිෂාන්
    කොහොම උනත් කරන දේ ලැබෙනවා කියන බුද්ධ ධර්මය බොරු නොවුන එකට නම් සතුටුයි

    ReplyDelete