පොත් දෙකක් උඩ තවත් පොතක්

7 comments
සැලකිය යුතුයි► පොතක් උඩ පොතක් ලිපිය මා ලීවේ සත්‍ය කාරණා පදනම් කරගෙනයි. සත්‍ය තොරතුරු එළිවීම නිසා ඒ දුගී ජීවිත වලට තව තවත් ගැහැට වීම වලකනු වස් අනන්‍යතාව සඟවා ලිවූ මේ පෝස්ටුව පිළිබඳව යම් කිසි කෙනෙකුට ක්‍රියාමාර්ගයක් ගැනීමට හැකියාවක් පවතීනම් ඒ පිළිබඳ සියලු තොරතුරු ලබාදීමට හැකියාව පවතින බව මෙහිලා පවසනු කැමැත්තෙමි.

 ---------------------------------------------------------------------------------------------------

විපුල සුමනසේකර මහතා මා වෙත මගේ  බ්ලොගයට පොතක් උඩ පොතක් යන මැයින් පලකල ලිපියට කොමෙන්ටුවක් ලෙස පහත අදහස ලියාදක්වා ඇත. උක්ත කොමෙටුවට මගේ පිළිතුර මේ ආකාරයෙන් පොස්ට් එකක ලෙස පල කිරීම උචත යැයි සිතුන නිසාත් මේ පිළිබඳව මා කාගෙන්වත් විමසීම අවැසි නැති යැයි සිතුන නිසාම මේ ආකාරයෙන් ලියා දක්වන්නට තීරණය කලෙමි. මෙහි රතු පැහැයෙන් දක්වා ඇත්තේ සුමන සේකර මහතාගේ කොමෙන්ටුවයි.

ලිෂ්විෂ් මල්ලිගේ වියමණක් කියෙව්වාමයි.

සමාවන්න. මම වසර හතරක සිට බ්ලොග් ලියමි.., මා මෙතෙක් ලියා ඇති දේ කියවා නැති නම් කරුණාකර පහත සබැඳියට ගොස් විමසන්න.

මේ සංසිද්ධිය පොදු ස්වාභාවික තත්වයක් සියලුම සත්වයින්ට. ඒ කියන්නේ මනුෂ්‍යයා තිරිසනා මේ සැමටම. කිසිම වර්ගවාදයක්, ආගම්වාදයක්, කුලවාදයක්, වයස් හෝ අවම තරමින් ලිංග භේදයක්වත් නෑ. හැමෝටම පොදුයි.
ඕනෑම ආගමක සිවුරට හෝ සාටක වලට යටින් ඉන්නේ අපි වගේම සාමාන්‍ය මිනිස්සු. මිනිසුන් තුළ තිබෙන හැඟීම් දැනීම් අතරින් ප්‍රධානයි බඩගින්න හා මෛතූනයය. බුදුන් පවා රහත් වී බුදුවෙන වෙලාවේ තමයි මේ හැඟීම් නැති කලේ. ඒ කියන්නේ කොතරම් හිත දියුණු කරගෙන සෝවාන් සකුරුදාගාමී අනාගාමී වෙලා හිටියත් මේ ලිංගික හැඟීම් තියෙනවා.

යමෙකු ශාසනයට ඇතුලත් වන්නේ කෙලෙසුන් නසා සිය ජීවිතය නිවනින් කෙළවර කර ගැනීමට සහ අන් අයටත් නිවන අවබෝධකර දීමටයි. එහෙව් තත්ත්වයක් තිබියදී නායක ශ්‍රමණයෙකු හෙවත් වැඩිහිටියෙකු ඔහු යටතේ සිටිනා තවත් කණිටු ශ්‍රමණයෙකු ලිංගිකව අපහරණයට පත් කිරීම ඔබගේ දැනුමට අනුව සාමාන්‍ය කටයුත්තක් ලෙස දකින්නට ඔබේ මනස හැඩ ගැසුනු පිලිබඳ කීමට හැකියාවක් ඇතිනම් මැනැවි. මිනිසුන්ට ලෞකිකාශාවන් ඇතිවීම සාමාන්‍යය. එහෙත් ඔබ කියනා ආකාරයට ඒවා ශාසනයේදීම සංතර්පනය කරගන්නට මාන බැලීම අනුමත කරන්නට වන්නේ නම් එතැන ඇත්තේ සුපහන් ධර්මයද කියා ඔබේ මොළයට තට්ටුකර ඇසීමට හැකිනම් මැනැවි.

ඔබ හා අපි මෙවැනි සංසිද්ධීන් ස්පර්ශ කළ යුතු වන්නේ එය පොදු අත්දැකීමක් බවට පත්කොට මානව දහම පිළිබඳ කිසියම් ආනන්දයක් හා එතුළින් ප්‍රඥාවක් කරා කියවන්නා යොමු කිරීමයි. ඊට අතරමැදි තැනක, අසම්පූර්ණ තැනෙක, කොටින්ම වැටක් උඩක සිටීම සුදුසු නොවෙයි. එසේ කරන්නට යාම එතරම් යෝග්‍ය නොවන බවයි මගේ හැඟීම.

මගේ උක්ත ලියමනෙන් ගම්‍ය වන්නේ ආනන්දයක් හෝ ප්‍රඥාවක් නොවේ.., මේ වැනි අපුල අත්දැකීම් උදෘත ලෙස ගෙන ආනන්දය සහ ප්‍රඥාව වඩවන්නට මගේ කිසිදු බලා පොරොත්තුවක් නැත. මන්දයත් මා එහිදී කියා ඇත්තේ මා ඇසූ දුටූ දේ අසංෂිප්තව පැවසීමක් පමණක් බැවිණි. ඇරත් මගේ දැනීමේ හැටියට ආනන්දය සහ ප්‍රඥාව වඩවන්නට මීට වඩා ගරු කටයුතු දේ ලියන්නට මා හට හැකියාව පවතින නිසාත් ඒ සඳහා මම මාගේ අනිත් බ්ලොග් භාවිතා කරන නිසාත් මේ බ්ලොගය මගේ අමු අදහස් පැවසීමට යොදාගැනීම වරදක් ලෙස ඔබ දකී නම් කරුණාකර මේ බ්ලොග් පිටුවෙන් ඉවත් වන්න.

පළමුව තීරණය කරන්න ඔබ කවුද කියන එක.
ඔබ මේ සිදුවීම ඉදිරිපත් කරන්නේ පුවත්පත් කලාවේදියෙක් ලෙසද ? කවියෙක් ලෙසද ? කෙටිකතා හා නවකතාකරවෙක් ලෙසද ? ඕපා දූපයක් ලියන බ්ලොග් කරුවෙක් ලෙසද ? සමාජ ශෝධකයෙක් ලෙසද ? ආදී වශයෙන්.

සමාවන්න මම ඔබ ඉහත කියා ඇති කිසිවෙකු නොවේ. මම මේ රටේ මේ සමාජය තුල ජීවත් වන හරි දේ හරියටත් වැරදි දේ වැරදියටත් දකින ඒ වෙනුවෙන් නැඟී සිටීම මගේ අයිතිවාසි කමක් ලෙස සලකන අතිශය සාමාන්‍ය පුද්ගලයෙකු පමණයි. අනෙක් අතට මම ඉතාමත් සරළව මේ බ්ලොගය මේ ආකාරයෙන් ලියන්නට හේතුව පැති තීරුවේ පහත ආකාරයෙන් දක්වා ඇත.

කියවීම ට පෙර►
මෙහි ඇති දේ කියවීම හෝ නොකියවීම ඔබ සතුය.., මේ මගේ නිදහස් වදන් ඇල්ලයි.., ඒ මම ඉඩහැර ඇත්තේ නිදහසේ ගලන්නටයි....

දැන් මෙහිදී සිදුව ඇත්තේ කුමක්ද? මට පේන්නේ ඔබ මේ කිසිම ස්ථානයක් මැනවින් නියෝජනය කරන් නැතිව ලියූ දෙයක්. මෙය කවියක් නොවේ. කෙටිකතාවක් නවකතාවක් නොවේ. ඒ නිර්මාණාත්මක මිණුම් දඬු ඔස්සේ මේ කතාව අගය කළ නොහැකියි. මෙය පුවත්පත් කලාවේදියෙක් ලියන අංග සම්පූර්ණ සත්‍ය ප්‍රවෘත්තී වාර්තාවක් ද නොවේ. අංග සම්පූර්ණ ඕපාදූප බ්ලොග් වාර්ථාවක්ද නොවේ. පූර්ණ සමාජ ශෝධනයක් අපේක්ෂාවෙන් ලියූ එකක්ද නොවේ. ඒ නිසා සංසිද්ධියට අදාළ පාර්ශ්වයන්ට සේම කියවන අප සැමටත් සිදුවන්නේ අසාධාරනයක්. මේ නිසා ඔබ මේ පෑන මෙහෙයවන කුමන හෝ කුලකයක්, පාර්ශ්වයක් පැහැදිලිවම නියෝජනය කළ යුතුයි. එය නිර්මාණය, සැබෑ නිර්මාණයක් බවට පත් කළ යුතුයි. නැත්නම් එතරම් පලක් සිදුනොවෙයි.

ඔබ බොහෝම නිවැරදියි.  ඒ ලියමන ඔබ කියනා ආකාරයේ කිසිවක් නොවේ. ඒ පමණක් නොව එවැනි වර්ගී කරණයකට ලක්කරන්නට මගේ කිසිදු කැමැත්තක් නැති. මේ නිසා සංසිද්ධියට අදාළ පාර්ශ්වයන්ට සේම කියවන ඔබට සිදුවන්නේ අසාධාරනයක් නම් එය සාධාරණයක් බවට පත් කිරීමට ජන මූල මාධ්‍යකරුවෙකු ලෙස ඔබ පියවර ගන්නේ නම් ඒ සඳහා මා සතුව පවතින සාක්ෂි ඔබට ලබාදීමට මම සූදානම්..,
කිසිමාකාරයක කුලකයක් නියෝජනය නොකර මධ්‍යස්ථව ලිවීම ප්‍රතිවිපාකය මේ ආකාරයෙන් පටිසන් දීම පිළිබඳ මා තුල ඇත්තේ පට්ට සතුටකි.

මෙවැනිදෑ ලියන්නට එපා කියනවා නොව විධිමත් ලෙසින් පරිපූර්ණව ලියන්න කියන එකයි මම කියන්නේ. ඔබට ජය !

පරිපූර්ණව ලිවීමේදී එහි රාමු සහ මායිම් පිළිබඳ මා තුල ඇති අවබෝධය සහ මගේ (ඌණ වෙමින් පවතින) උනන්දුව පිළිබඳ ඔබේ සැලකිල්ල පිළිබඳව මගේ සාතිශය ප්‍රණාමය.., නැවතත් මේ වැනි කොමෙන්ටුවකින් ම හමුවෙමු.
ඔබටත් ජය !!

7 comments :

  1. විපුල සුමනසේකර මහතාගේ කමෙන්ටුව මම දැනුයි දැක්කේ. මටනම් ඒ කමෙන්ටුව තනිකරම විහිළුවක් වගේ!

    "මේ සංසිද්ධිය පොදු ස්වාභාවික තත්වයක් සියලුම සත්වයින්ට. ඒ කියන්නේ මනුෂ්‍යයා තිරිසනා මේ සැමටම. කිසිම වර්ගවාදයක්, ආගම්වාදයක්, කුලවාදයක්, වයස් හෝ අවම තරමින් ලිංග භේදයක්වත් නෑ. හැමෝටම පොදුයි."

    මේකනම් පුදුමාකාර කතාවක්! ලිංගික හැඟීම් තියෙනවාය කියලා කෙනෙක්ව ලිංගික අපහරණයකට පත්කිරීම සාමාන්‍ය දෙයක් වෙන්නේ කොහොමද? අදාල තැනැත්තා හාමුදුරු කෙනෙක්යැයි අමතක කළත්?

    මූලිකම දේ මං හිතන්නේ විපුල සුමනසේකර මහතා මේ බ්ලොග් එකේ නම බලලා නෑ... "කතුරින් කැපී නැතිවා කෙටියට"

    ReplyDelete
  2. ඔය කතවෙ තවත් කතවක් මම කියවල තියෙනවා කොහෙද කියල මතකනෑ. මෙහෙමයි. තිබුනෙ.
    ආර්තික ප්‍රශ්න හින්ද අම්ම රට යනව. දුව තාත්තට බලාගනී කියන විශ්වාසය නිසා, මොකද තාත්ත දරුවට ගොඩක් ආදරේ සහ ගොඩක් දුසිරිත්වලට යොමු නොවුන කෙනෙක් නිසා. තත්ත දුව දූශනය කරනව.ඊට පස්සෙ සිද්දි ගොඩකට පස්සෙ සමාජෙන් විදින්න වුන නින්දව නිසා මේ මනුස්සය ජීවිතෙ නැති කර ගන්නව.... මෙතනට මම සම්බන්ද කරන්නෙ, මෙ ඝනයට වඳින්නත් අර මනුස්සයට ගල් ගහන්නත් ඉදිරිපත්වෙන මිනිස්සු ගැන කුමන කථාද? වැරද්ද වැරදි විදිහට දකින්න බැරි උන්, කුහක *න්නයො

    ReplyDelete
  3. මේවගෙ සිද්දි වලට අමතරව සමහර ගණයො උපාසක අම්මලාගෙ ගෙවල් වලට රිංගන්නෙ කිසිම විලිලැජ්ජාවක් නැතුව.
    මෙතන තියෙන්නෙ සාමාන්‍ය සිද්දියක් නෙවෙයි ලොකු නමගෙ විකෘති කාමාශාව. සිවුරෙ ඉඳගෙන කරත් වැරැද්ද වැරැද්දමයි. ලොකුම වැරදිකාරයො මේව දැන දැන උන්නාන්සෙට වඳින පුදන දායක ඇත්තො තමයි.

    ReplyDelete
  4. පෝස්ට් දෙකම කියෙව්ව. තාම කලපනා කරනව.

    ReplyDelete
  5. හාමුදුරුවරුන්ට කරන්ඩ හොඳයි..ඕවා ප්‍රසිද්ධියෙ කියන්න තමයි නරක...අනේ මේවට උඩගෙඩි දෙන උන්ගෙත් රෙද්ද පල්ලෙ වැක්කෙරෙන සදාචාරෙ..

    ReplyDelete
  6. විපුල
    සාසනේටම පුක දෙන්න
    පිරිත් වෙච්ච කැරි බීමෙන්
    උඹේ වගේ සෙක්සි ඇඟක් සෑදේවි..

    විපුල
    ඇරත් උඹ උඹේ සෙක්සි ඇඟ
    ටෙලියකට නොගන්නේ ඇයි විපුල
    උඹේ සෙක්සි ඇඟට නිළියන් වර්ණනා කරනවා විය හැක..
    එනිසා සුදු කොල්ලෙකුට කෙල හලව..

    බොරු ටෝක් ඩෝන්ට් පුට් සුමනසේකර
    උඹ සුමනසේකර නෙමෙයි අමනසේකර
    ශ්‍රද්ධාවෙන් හිකුවට සඟ පැටව් ලැබෙන්නේ නෑ විපුල
    ප්‍රශ්නේ කෙලින් කියපං..

    ලිෂාන්
    සෙක්සි ඇඟවල් තියෙන නාකින්ට බ්ලොග් එක බ්ලොක් කරපං!

    පුක දීමෙන් සැනසීම ලැබේ!

    ReplyDelete
  7. ගැටළුව තියෙන්නේ ඇයි මිනිස්සු මහණ වෙන්නේ කියන එක. ඇයි ගෞතම මිනිස්සු මහණ කරගත්තේ කියන එක මත. ගෞතම තමන්ගේ ශාසනය නිර්මාණය කලේ ඒ දර්ශනය මිනිස්සු අතරට ගෙනියන්න පුළුවන් හැකියාව මත ගෞතමගේ ශාසනයේ ඉන්නා සියළු භික්ෂුන් හා භික්ෂුණියන් නියම භික්ෂුවක් හෝ භික්ෂුණියක් වන අතරම හොඳ ධර්ම දේශකයෙක් හෝ දේශිකාවක් වෙන්නේ ඒ සන්දරභය ඇතුලේ. ඉතින් දැන් වෙන්නේ එක්කෝ හතර කේන්දරේ පාළු නිසා මහණ කරනවා නැත්නම් නිකං කන්න බලාගෙන මහන වෙනවා. තව හේතු තියෙන්න පුළුවන් මොන හේතුව තිබුනත් නියම බුද්ධ ධර්මය ප්‍රචාරය කරන්න හෝ නිර්වාණය අවබෝධ කිරීම යන හේතු දෙක ඇරෙන්න අනික් සියළු හේතු මේකට අයිතියි. සිවුරුදැරීම යන්නෙනේ සේවාවක් නියෝජනය වෙනවා එතකොට එයට සම්බන්ධ වෙන සියළු දෙනාම යම් නිති රීති වලට රාමු වෙනවා. ඒකට එකඟ වෙන්න බැරිනම් ශාසනයෙන් ඉවත් වෙන්න කාටවත් නොහැකියාවක් නෑ. මේකෙ ලොකුහාමුදුරුවන්ගේ වෙනම කතාවක් තියෙන්න පුළුවන්. ඒක වෙනම කතාවක්. මේක පොඩිහාමුදුරුවන්ගේ කතාව.. එච්චරයි..

    ReplyDelete