කෙටි කාලීන මහා ඉතිහාසය

3 comments
අපේ ආදරයට තිබ්බේ ලොකු ඉතිහාසයක් උනාට, ඉතාමත් කෙටි කාල පරාසයක්.., තත්ත්පරයක් පැයකට ගණන් බලලා මූණ දිහා කල්ප කාලාන්තයක් බලාන ඉන්න එකත් එහෙම ඉතිහාසයක් තනන්න උදව්වෙන බව මට මතක් කලේ.., විවාහයෙන් අවුරුද්දකට පස්සේ ඊයේ ඇය මා එක්කලා කතා කල වෙලාවේ..,
පැයකටත් වැඩි කාලයක් මා එක්කලා කතා කල ඈ තුල තවමත් ආදරය මා කෙරෙහි තියෙන බව මට දැනුනත් මම ඒ දැනුනු බවක් නොපෙන්වා ඈ හා කතා කලා..,

ඉස්සර මා එක්කලා ඔයා කතා කරනකොට මගේ හිතේ තිබ්බ දේවල් මම දෙපාරක් හිතන්නේ නැතුව එළියට දානවා.., ඒත් මම දැන් එහෙම කරන්න බයයි..,

ඇයි ඒ???

ඔයා බැඳලා.., මම කියන දේවල් අහලා ඔයාට ඔයාගේ ජීවිතේ පිළිවෙළකට අරගෙන යන්න බැරුව ගියොත් මම නේ ඒකටත් පවු කාරයා වෙන්නේ..,

කාරණා කාරණා වෙනස් උනාට මට තවමත් කිසිදෙයක් අමතක නෑ ලිශ්..,

නෑ අමතක නෑ නොවේ අමතක කරන්න බෑ..ඒකයි වෙනස,

සමහර විට අපි මේ ඉන්න දුර අපි දෙන්නටම හොඳ ඇති..,

ඔව් වෙන්න ඇති..,

ගින්දරයි පුළුනුයි ළං උනාම විනාසයක් වෙන්න තියන ඉඩ වැඩී නේ.

හ්ම්..!

ඈ සුසුමක් පිට කලා...!

මම සුපුරුදු විදියට නිහඬ වුණා..

3 comments :

  1. Replies
    1. වෙන්න ඇති ගොඩක් එවුන්ගේ කතාව ඕක තමා..!

      Delete
  2. මටනං හිතෙන්නෙ ගින්දරයි පුළුනුයි ළං වෙලා විනාශ වෙලා ගියා නම් කතාව ඉවරයි කියලා ;-)

    ReplyDelete