හිතට වද දෙන නිමිත්තක්

9 comments
මීට කිහිප දවසකට ඉහතදී මම ගෙදරට බඩු වගයක් ගන්න ෆුඩ්සිටියට ගියා. ගන්න උවමනා කල බඩු ටික අරන් එලියට එනකොට වාහනය වටේටම වෙනත් වාහන නවත්වා ඇති නිසා මම ටික වෙලාවක් වාහනය තුලට වී සිටියා.., මෙහෙම ඉන්න වෙලාවේ එක වයසක සීයා කෙනෙක් අනිත් නවතා තිබූ වාහන වල වීදුරු තුලින් අත දමමින් සිඟමන් ඉල්ලමින් ආවා.., සමහර අය වීදුරුව උස් කර නොඇහුන සේ හීටියත, බඩ ගින්නේ ඉන්න වයසක මනුස්සෙයෙකු නේද කියා සිතා අතේ තුබූ රුපියල් දහය කාසිය ඔහු වෙතට දෙන්නට මම හිත හදාගත්තා.
මගේ වාහනය වෙත ආ මේ මනුස්සයා සුපුරුදු ලෙසම මා වෙතත් ඔහුගේ රැළි වූ අත්ල පෑවා.., මම කාසිය තුබූ සැනින් අත එළියට ගත් මේ මනුස්සයා දෙයියන්ගේම පිහිටයි මහත්තයාට කියා හසරැල්ලකින් යුතු මුහුණින් කීවා..,එහෙත් මා වෙනත් මනුස්සයෙකුගෙන් නොම එන සුවඳක් වහනය වූ නිසා මම තවත් ඔහු වෙත විමසිලිමත් වුනා.,
මේ මිනිහා නං බීලද කොහෙද?
යටිහිත මට කියන්නට වුනා..,
බුදු බණේ තමා කෙනෙකු යම් දෙයක් දුන්නේ නම් ඒ පිළිබඳව තව තවත් සිතීම ඒ දීමේ චේතනාවෙන් ලැබෙන ආනිංසංසයට හානි කරන වග දැක්වෙනවා. එහෙත් දුන් මුදල ගැන දුකක් නැතත්, සිය අවර ජීවන රටාව නිසා වලපල්ලට යන මේ දෙලොවටම නැති ජීවිතය නැතිවෙන්නට මම බිඳුවකින් හෝ දායක උනා නේද යන සිතුවිල්ල මා තුල තියෙනවා.., එය තවමත් මා සිත පෙලනවා..!
ඔහු මේ වන විටත් අතට ලැබෙන හිඟමනෙන් එදාවේලට සරිලන රහමෙරක් තොලගා සිටිනවා වෙන්න පුලුවන්..!
ඒත්
ජීවිතය කියන්නේ හරිම වෙනස් තැනක්.., ඔබ නොදැනුවත්ව ම ඔබ කෙනෙකුගේ ජීවිතය අවරගත් වෙන්නට නිමිත්තක් වෙන්නට හැකියි.., 
විශ්වාස කරන්න මම ඒ අත්දැකීම වින්දා..!

9 comments :

  1. මං මිනිස්සුන්ට සල්ලි දෙන්නා උන් ඒවයින් බොනවා...කොරන්න දෙයක් නෑ...අසරණ වුනත් ඉතිං...අපිට ලෝකෙටම පිහිට වෙන්න බෑනෙ...

    ReplyDelete
    Replies
    1. ඔව් ඔව් තනිපුද්ගල කැරලි ගහන්න ගිහින් මම නං මට්ටු වෙලා ඉන්නේ..!

      Delete
  2. දුන් චේතනාව පිරිසිදු නම්, ඒ ගැන හිතන්න ඔනි නැහැ නේද?

    ReplyDelete
    Replies
    1. ඔව් ඒකත් ඇත්ත..! ඒත් ඒ යකා මැරෙන්න යන්නේ අපේ සල්ලි නිසා නම් ඒ ගැන කරදර නොවී කෝමද?

      Delete
  3. මම මේ කොහෙහරි බ්ලොග් එකක කිවෙව්වා හිඟන්නන්ට සල්ලි දෙන්න එපා උන් ඒකෙන් කවදාවත් මිදෙන්නෑ එහෙම වුනාම ඇබ්බැහි වෙනවා කියා.

    ReplyDelete
    Replies
    1. මිනිස්සු හිඟන්නේ නැති නිසා ඒක හරි.., මගේ පොරොත්තුව තියෙන්නේ ඌ හිඟා කාලා හරි එහෙම නොවෙන තත්ත්වෙකට පත් වෙන්න ඕනේ., ඒකට මේ යක්කු, ඒකේ අනික්පැත්තනේ

      Delete
  4. ජීවිතේ නවාතැනක් කියන නිසා මේ නවාතැනේ ඔහු වින්දනය කරන්නේ එහෙම නම්... එය ආපසු හැරෙන්නට තරම් කාලයක්( ජිවිතය තුළදි කාලය කියන්නේ අත්දැකීම් එහෙම නැත්නම් අත්විදීම් වලින් මැනෙන දෙයක් කියලා මං හිතනවා) නැත්නම් කෙටි නවාතැන් පලේ කෙනෙක් පිනවුවා කියා සතුටුවන්න සහොදරයා. මම දවසක් මෙහෙම හිතලා බීපන් කියලාම මිනිහෙකුට සල්ලි දුන්නා. ඒක ටිකක් දිග කතාවක්. ඒ කතාව තිබ්බා වේ.නමුත් ඇත්ත නම් ඒ මිනිස්සුන්ට ඒක සැපක්. ඒකෙන් මිදෙන්න දැන් බෑ.මිදුනොත් ඒ මිනිස්සු මැරෙනවා. නිවන් දකිනවා කියලා කියන දේදි රාගය ද්වේෂය මොහය ගැනත් ඒ ඇයෝ හිතන්නේ මේ වගේම අපුලකින්. ඒත් ඔවා අත්හැරියම මනුස්ස පැවැත්ම ඉවරයි. මනුසත් බවේ ඉතාම සුන්ද‍ර දේවල් හා අසන්දර දේවල් රාගය ද්වේෂය මොහය තුළ තැම්පත් වෙලා තියෙනවා කියලා මං හිතනවා. අපි මේවා අතාරිනවාද? ඒ මනුස්සයා ගැන රහත් කෙනෙක් වගේ කොහොම හිතන්නද? හිතේ තියාගෙන දුක් විදින දේවල් වලින් හිත තැවි තැවි මෙළවෙනවා විතරයි. ඉතිං ඒ ගින්නට වඩා හැමදාම දුක්විදින මිනිහෙක් තෘප්තිමත් කලාය කියන සතුට විදගන්න...ඔබට උපදෙස් දීමට තරම් මා ජීවිතය තුළ පන්නරය ලබා නැති බවත් දනිමි. නමුත් මට සිතෙන දේ ලිවේමි. ක්මෙන්ට් කියන්නේ එහෙම ලිවිය හැකි තැනකි. සුබ දවසක් වේවා.

    ReplyDelete
  5. එයා අරක්කු බොනවා කියලා නොදී ඉන්න එපා... මොකද ඔය අරක්කු ටික බොන්න ඉලඟට හොරකම් කරනවා.. හොරකම් කරලා තවත් අනාත වෙනවා

    ReplyDelete
  6. මචන් අපිට මගතොටේ නානාප්‍රකාර හිඟන්නෝ පුළන්නෝ හැමදාකමත් හම්බු වෙනවා. අපි ඒ මිනිස්සුන්ට සමහරවිට සල්ලි දෙනවා. සමහරවිට නොදී ඉන්නවා. ඒත් මචන් හිතලා බලපන් එහෙම කීයක් හරි හිඟන්නෙක්ට දෙන්න අපි පෙළඹෙන්නේ ඇයි කියලා. ඒක මාර දෙයක්. වැඩිදෙනෙක් හිඟන්නෙක්ට සල්ලි දෙන්නේ තමන් වෙනුවෙන්. එක්කෝ අනෙක් එකා කීයක් හරි දුන්නහම තමන් නොදුන්නොත් හරි නෑ වගේ දැනෙන නිසා, එක්කෝ තමන්ට පින් පුරවගන්න බලාපොරොත්තුවෙන්. ඒත් නැතිනම් තමන්ගේ හෘදය සාක්ෂියේ කරච්චලයෙන් ගැලවෙන්න. ඒත් ඒ එකක් වත් හරි නෑ මට හිතෙන්නේ. සමහරවිට අපිට හොඳටම තේරෙනවා මේ මිනිහගේ ඇස් පේනවා, මූ ලෝක හොරෙක් කියලා. ඒත් අපි සල්ලි දෙන්නේ ඒ මිනිහා ඒ සල්ලි වලින් තේ එකක් හරි බොයිනේ කියලා. උඹ දුන්න කීයෙන් හරි ඔය කථාවේ මිනිහා බිවුවා කියලා උඹට අවුලක් වෙන්නේ නෑ, උඹ සල්ලි දුන්නේ ඔය කිසිම දෙයක් නොහිතා නම්. මොකද මචන් එකක්, ඔය මිනිහා ණයට හරි බොයි. උඹට කීයක් හරි නොදුන්නා කියලා ඒ මිනිහට නොබී ඉන්න පුරුදු කරන්න බෑ. අනෙක එහෙම බොන එකම මිනිහාත් ඌ නෙවෙයි. අනුන්ගෙන් නොඉල්ලා තමන් හම්බු කරන අන්තිම සතේ දක්වා බොන එවුනුත් ඉන්නවා. උඹ බොහොම සංවේදී විදියට ලියල තියෙනවා.

    ReplyDelete