කලකට පෙර ඇසූ වතක්

5 comments

එකමත් එක රටක අන්ධ යාචකයෙක් ජීවත් උනා. ඔහුට කන්න අඳින්න තියා යන්න එන්නටවත් පණ තිබුණේ නෑ.., ඔහුව රැක බලා ගත්තේ ඔහුගේම පුත්‍රයා.., ගුණවත් බවින් අනූන මේ පුතා සිය දෑස් නොපෙනෙන පියාව රක්ෂා කලා. ඉතින් මෙහෙම ඉන්න වෙලාව, මේ නුවරට පිටනුවරකින් ආපු වෙළෙන්දෙකු මේ යාචකයා අසලින්ම භාන්ඩ තබාගෙන විකුණන්නට පටන් ගත්තා..,

මේ බඩු හරිම ලාභයි.! එසේ කියමින් වෙළෙන්දා බඩු වික්කා..!
වෙළෙන්දාට තනි රැක්කේ මේ යාචකයා..!
වෙලෙන්දාගේ තනියට හිටපු කතාබස් කල යාචකයාට වෙළෙන්දා මෙහෙම කිව්වා..!
මම මගේ වෙළඳාම් කරලා ඉවරයි.., හොඳ ලාභයකුත් උපයාගත්තා..,
ආ දිනයේ සිට මා එක්කලා මිත්‍රකම් පැවැත්තුවාට බොහොම පිං..!
මේ පොඩි තෑග්ග මා මතක් වෙන්ට තියාගන්ට.

මෙහෙම කියලා වෙළෙන්දා අර යාචකයාට අමුතු ළාම්පුවක් දුන්නා..,
යන්නට ලෑස්ති වෙලා ඔහු මෙසේ යාචකායාට කිව්වා.
ඕක ඇතුලේ රහසක් ඇති..,මෘදුව පිරිමදින්න එය එළිලාවි, ඒ තුල ඇට්තේ එක වරයක්.
ඒ එක වරය මොලේ පාවිච්චි කරලා භාවිතා කරන්න,
එය ඔබව සදහටම ධනවතෙක් කරාවි

වෙළෙන්දා ගියාට පස්සේ වෙළෙන්දා දවසක මේ පහන් අරන් පිරිමදින්න ගත්තා..,
මෙහෙම පිරිමදිනකොට පහනෙන් භූතයෙකු මතුවුනා..,
මමයි මේ පහණට අදිපති භූතයා, මට තව ඇත්තේ එකම වරයයි.., ඒ නිසා ඒ එක වරය නුවනැත්තෙක් ලබාගෙන සැප සම්පත් ළඟා කර ගනීවි යන්නයි මගේ පැතුම..,හොඳට කල්පනා කරලා තමන්ගේ වරය ඉල්ලන්න..,

යාචකයාට මෙහෙම කල්පනා වුනා.
මට දරුවෙක් ඉන්නවා,
ඔහුට ජීවත් වෙන්න ධනය අවැසියි..,
ඔහු ජීවත් වෙන අයුර බලන්න මගේ සිහිනයක් තියෙනවා..,

මෙහෙම දිගින් දිගටම කල්පනා කල යාචකයා භූතයාගෙන් මෙහෙම ඉල්ලීමක් කලා

මට ආසයි මගේ පුතා රජවෙනවා බලන්න.

Image : http://is.gd/tLUiRD

5 comments :

  1. හ්ම්ම්..... හැම අම්මෙක් තාත්තෙක්ගෙම පැතුම :)

    ReplyDelete
  2. උතුම් වූ පැතුමක් !!!!:)

    ReplyDelete
  3. මේකේ කමෙන්ට් එක 100ට ලියනවා :)

    ReplyDelete
  4. :) බුද්ධිමත් යාචකයෙක්... එක ගලෙන් කුරුල්ලෝ දෙන්නයි... :)

    ReplyDelete
  5. රජ වෙනවා දකින්න නේද බං...

    ReplyDelete