දෙමාපියන්ගේ සිහින වල බර අදින නාට්ටාමි පරපුරේ දරුවෝ
පුතා ලොකු උනාම කවුරු වෙන්න කැමති..?
ඉස්සර ගෙදරට එන ගොඩක් අය එක එක ජාති වල සෙල්ලම් බඩු එක්ක මම සෙල්ලම් කරන දිහා බලලා මගෙන් අහනවා මට මතකයි.., සමහර වෙලාවට ගෙදරට එන අය මගෙන් අම්මා තාත්තා ඔයාට කොච්චර ආදරේද වගේ ගොං ප්‍රශ්ණ අහනවාත් මට අමතක නෑ.., අම්මගේ තාත්තාගේ ආදරේ ප්‍රමාණාත්මකව පෙන්නන්න පුලුවන්ද කියන මතය ඇතුලේ පොඩි කාලේ ඉඳම්ම මම හිටියා කියලා කියන්න අද වෙනකොට මට පුලුවන් උනත්, එදා එහෙම මොකෙක් හරි අහනකොට මට ඒකට දෙන්න උත්තරේ විදියට අදාල වචන මා සතුව තිබ්බේ නෑ කියලයි මට හිතෙන්නේ...,
එහෙම අසරණ කරන ප්‍රශ්ණයක් කවුරු ඇහුවම මම කලේ අත්දෙක දෙපැත්තට කරලා මේන්න මේ තරම් කියලා කියනවා, ප්‍රශ්ණය අහපු මනුස්සයා මගෙන් ඒක උත්තරේ විදියට අරන් මා ගැන අපේ අම්මා එක්ක ,
හරී කියුට් පොඩි එකා නේ? ඔයා මෙයාට ගොඩාක් ආදරේද?
වගේ මගෙන් අහපු ප්‍රශ්ණේම අම්මගෙන් [මදර් වර්ශන්] අහන්නේ මොන මගුලක් හිතේ තියාගෙනද කියලා මට තාමත් ප්‍රශ්ණයක්.., ගෙදරට ආපු අමුත්තෙකු නිසාත්, ආගන්තුකයෙකුට හිත රිදෙන ලෙස කතා කිරීම නොයුතු නිසාත් කරබාගෙන සිනහවකින් පමණක් උත්තර දී ප්‍රශ්ණය මඟ ඇරපු වෙලාවල් මට තවමත් මතකයේ තියෙනවා,
මේ ගැටලුවේම යාවත්කාලීන තත්ත්වය උදා වුනේ මම 1 වසරේ පන්තියට මොන්ටිසෝරි ඉඳන් ගිය මුල්ම සතියේ අපේ බාලාංශ පන්තියේ ටීචර් වෙලා හිටියේ ගුණවතී මිස්.., දැන්නම් ඒ උන්දෑ වෙන ආත්මභාවයක උප්පත්තිය ලබලත් ඇති. ඒ දවස් වලත් උන්දෑගේ වයස අවුරුදු හැට ගාණක්.., බාලාංශයට ගුරුවරු නැති නිසා ස්වේච්ඡාවෙන්ම සේවයකරන්න ආපු ආදර්ශවත් ගුරුමවක්. ඉතින් අපි වෙනදා වාගේම ඉඳගත්තම පන්තියෙන් පාඩම යන අතර වාරේදී මොකක් හරි සීන් එකකට
හා.., ළමයි කියන්න බලන්න ඔයාලා ලොකුවෙලා කවුරු වෙන්නද කැමති කියලා
ඔන්න ඉතින් ළමයි එක එක උත්තර දෙනවා.., සමහරු දොස්තරලා, සමහරු ඉංජිනේරුවෝ, තවත් සමහරු පයිලට් ලා ඔන්න ඔහොම.., මගෙ ගාවට ටර්න් එක ආවම මගෙනුත් ඇය උත්තරයක් බලා පොරොත්තු උනා.., මම මගේ හිතට ආපු විදියට මම උත්තරේ දුන්නම..,
මොනව..???
ඔය ළමයාව මේ ඉස්කෝලෙට දාලා තියෙන්නේ ඔයාලගේ දෙමවිපියෝ ඔයාව ටේලර් කෙනෙක් කරන්නද???
මේ විදියට නම් හැදෙන්න එපා කියලා මාව පන්තිය ඉස්සරහට ගෙනල්ල දණ ගස්සවලා තිබ්බ විනාඩි දහයක් විතර.., ඒත් එහෙම වෙත්දීත් මම දැනගෙන හිටියේනෑ මේ මොකටද දණ ගහන්නේ කියලා.., ඒත් සිද්ධිය නම් මට මතකයේ තිබ්බා.., ඒ මගේ පාසල් ජීවිතයේ මුලින්ම ලැබුණු දඬුවම නිසා.
ඉතින් ඒ සිද්දිය මේ කතාවට සම්බන්ධ කරනකොට ළමයින් තමන්ගේ අනාගත වෘත්තීය තීරණය කරන්නේ අර සාම්ප්‍රදායික අම්මලා තාත්තලා දෙන රාමුවට හිර කරලා, ඒත් ඒක කොයි තරම් සාධාරණද? මට හිතුනේ එහෙම.., කවදාහරි දරුවෙකු ලබන්නට වාසනාවක් තිබේනම් කවදාවත් ඔහුගේ/ඇය ගේ අනාගතය නැමති කැන්වසය ඔබට කරගන්නට නොහැකි වූ නො ඒසේනම් ඔබේ සිහිනය නැමති රාමුවට ඔබේ දරුවගේ සිහිනය රාමු කරන්නට තැනීමෙන් සමහර විට දරුවාගේ අනාගතයම ඔහුට/ඇයට අහිමි වී යා හැකියි..,
මම මේ සටහන් මේ විදියට කියන්නට හිතුවේ මේ ආකාරයේ අවිධිමත් සිහින සැබෑ කරගන්නට ගොසින් තමන්ට තමන් අහිමි වූ ජීවිත කිහිපයක් අපේ පරම්පරාව තුලත් ඉන්නා නිසාවෙන්.., මම ලියන බ්ලොග් කියවන මගේ පරපුරේ එවුන්ට මට කෙලින් කියන්නට බැරිවූ දේ කවදා හෝ මේ සටහන කියවා උන් දාරණය කර ගතහොත් එය මගේ සැබෑ අභිමතාර්ථය ඉටු වීමක් වේවි.
මම නරක ළමයෙක් වෙයිද මේකට Like කියලා විතරක් කිව්වොත්....
ReplyDeleteමාව දණ ගස්සන්න නම් එපා....
එහෙම කිව්වේ මගේ අදහසත් මේකම නිසා.....
දන ගස්සලා තිබ්බත් මොකෝ ඇත්ත කතා කරලානේ
Deleteඅවංකවම පොඩි කාළේ මගෙන් ඇහුවම මම කියන්නේ. ලෙඩෙක් වෙනවා කියලා. අම්මලා තාත්තලා කියල දීලත් නෙමෙයි. උපන් ගතිය. ඒ නිසා කොච්චර ගුටි කාලා ඇතිද...? ඒත් අද ඒ හැමෝම මට ආදරෙයි..
ReplyDeleteඅපි හැමෝම උඩුගං බලා පීනන්න ආසයි.., ඒ ජාන වල හැටි වෙන්න ඇති. දඩබ්බරයෙක්ගෙන් ඇරඹිච්චි පරම්පරාවක් නෙව..!
Deleteමට මේකට මොනවත් කියන්න බෑ දැන්ම. තව අවුරුදු කීපයකින් පුළුවන් වෙයි. හැබැයි කවදා හරි දවසක මට ළමයෙක් හිටියොත් උට මම කියන්නේ උඹ කැමති එකෙක් වෙයං කියලා!!!!!
ReplyDeleteමම කලිනුත් කිව්වා වගේ.., අපි කරන්න ඕනේ අපේ හීන දරුවන්ගේ ඔලු අස්සේ ටීටර් ගත කරන එක නෙවෙයි.., උන්ට හරි ගයිඩ් එකක් දෙන එක..!
Deleteසහතික ඇත්ත කතාව.හැබැයි බං උඹටත් කවද හරි දවසක ඔය පාරෙම ළමයි දක්කන්න වෙනවා කියලා මං කිව්වොත් උඹ මොකද කියන්නේ..?
ReplyDeleteඑහෙම නැතිව ඉන්නනං උඹට ළමයින්ගේ අම්මාව දික්කසාඳ කරලා ළමයින්ගේ භාරකාරත්වය ගන්න වෙනවා...:D:D:D
මන්ද මම හිතන්නේ නෑ අයියේ.., මොකද ඔහේ වල් පැල වගේ හැදෙන්න දෙනවා කියන එක නොවේ ඒකෙන් අදහස් කරන්නේ.., අපි උන්ව කෑම බීම වලින් පෝෂනය කරනවා වගේම දැනුමෙනුත් පොෂනය කරාම අහවරයිනේ..,
Deleteඑහෙම උනාම වැරදි පාරේ යන්න තියෙන ඉඩකඩ අඩුවෙනවා..,
ආදරේ කියන්නේ මහ පුදුම දෙයක් බන්..,
අපිත් ඔය පාරෙම ගිය මිනිස්සු, මට ඕනි උනෙත් ඩොකෙක් වෙන්න, ඒක පොඩි කාලේ ඇහුවම දුන්න උත්තරේ. ඒක හීනයක් උනා.
ReplyDeleteමට උඹේ ටේලර් කතාව කිව්වම මතක් වුනේ, අපේ සමාගමෙන් ළමයින්ට ශිෂ්‍යත්ව දෙන වෙලාවක ඒ සභාව මෙහයවපු අපේ අධ්‍යක්ෂක තුමා ඒතන සිටි ළමයින්ගෙන් ඔය පුරුදු ප්‍රස්නයම අහගෙන ගියා.
ඔක්කොටම ඕනි උනේ දොස්තරවරු, ඉන්ජිනේරුවන්, ගුරුවරු වෙන්න. මෙතන හිටිය එක කොල්ලෙක් වඩු බසුනැහේ කෙනෙක් වෙන්න ඕනි කියල කිව්වා. අපේ සර් කොල්ල වඩා ගත්තා. "මෙන්න ලංකාවට ඕනි මිනිස්සු". සංවේදී මොහොතක්. මොකද මේ ළමයි සියල්ලම ජීවිතේ ආරම්බයේදිම පැරදිච්ච අය. අම්මා තාත්තා දාල ගිය අය. රැස්වෙලා හිටිය කට්ටියම කදුලු පිහදා ගත්තා.
මූනිච්චාවට පෙරැලි කරන්න හදන එවුන් වැඩක් නෑ මුදියන්සේ, එහෙම මිනිහෙක් අපේ පවුලෙත් ඉන්නවා.., සමහර වෙලාවට එක එක රූපවාහිනී වැඩ සටහන් වලින් මිනිහා කියනවා.., දරුවන්ගේ හීන වලට ඉඩ දෙනවා වගේම අපි දරුවන් වෙනුවෙන් යම් ආයෝජනයක් කලාම ඒක දෙමාපියන් වශයෙන් අයකරගන්නත් යම් ක්‍රම වේද කල යුතුයි ලු. ඒ උනාට මිනිහා අපේ ගේවල් වල ආවම කියන්නේ මගේ ළමයි නං එංගලන්තේ ගිහිල්ලා විභාග පාස් කරලා එහෙම ආවේ.., ඒනිසා කිසි අවුලක් නෑ කියලා..,
Deleteආ.. සමහර වෙලාවට උඹ එයාව දන්නවත් ඇති සමහර වෙලාවට ගැබිණි මවු වාට්ටුවල එහෙම ගහලා තියෙනවා මේක අහවල් වෙදමහත්තයාගේ වැඩක් කියලා.., අන්න එයා..!
අම්මද තාත්තාද වැඩියෙම ආදරේ කියලා කවුරුත් මගෙන් ඇහැව්වා කියලා මතක නැහැ. හැබැයි ඔයා කාටද වැඩියෙන් ආදරේ කියලා ඇහැව්වා කියලා නං මතකයි. හැමදාමත් මගේ උත්තරේ වුනේ දෙන්නාටම. අහන කෙනා වම් පැත්තෙන් එනවා, ඒත් උත්තරේ ඒකමයි. දකුණෙන් එනවා, ඉස්සරහින් එනවා, පිටි පස්සෙන් එනවා, උඩින් එනවා, යටින් එනවා, කොහෙන් ආවත් මගේ උත්තරේ වුනේ ඒකමයි. ඇත්තටම කවුරුවත් කියලා දීලා නෙමෙයි. පුංචි කමට මට තේරුණා ඒකෙන් එක්කෙනෙක් වෙන් කරලා කියන්න බැරි වග. මෝඩ මිනිස්සු........
ReplyDeleteදැන් කාලය වෙනස්, තාලය වෙනස්,
අපේ දුවගෙන් කවුරු හරි ඇහැව්වහම කාටද වැඩියෙම ආදරේ කියලා, (අපි හිතමු ඇහැව්වේ ලිෂාන් මාමා කියලා)
මෙන්න උත්තරේ,
තාත්තාටයි, අම්මාටයි, ලිෂාන් මාමාටයි, ................ :) අහපු කෙනා ආයේ කිසි දෙයක් කියන්නේ නැහැ.
කලේ වෙනස් තාලේ අලුත් නේ..??
Deleteවෙන්නත් ඇති..,
හැබැයි එකක්.., ඔය ළමයට එක දිගටම එකම ප්‍රෂ්නේ ඇහුවොත් අර හාමුදුරුවෝ පොඩි එකාගෙන් නම එකදිගට අහපු "දිතානායක" සීන් එක වගේ වෙයිද දන්නේ නෑ..,
පරිස්සමට..! ;))
දිතානායක කථාව දන්නේ නැහැනේ
ReplyDelete