සංක්ෂිප්තයෙන් අසංක්ෂිප්තයට පාර කියන උපේක්ෂා ගේ කවි පළිඟු කැට

4 comments
මේ වන විට වත් පොත් නො එසේනම් Facebook හී කවියන් කිවිඳියන් අති බහුතරය සිය අත්දැකීම් අළලා තම පිටුවල එසේත් නැතිනම් බ්ලොග් වල හෝ ඉන් පරිබාහිරව පත්තර වලත් තම නිර්මාණ එළිදක්වනවා.., මම මේ කියන්න යන්නේ ඒ එළිදක්වන පිටු වල ඇති කවි ගැන නෙවෙයි.., මේ කවි විඳින එකතුවෙන අය අතර සිටින සමහර අය ඉන් එහා යන්නට එසේත් නැතිනම් උඩුගංබලා පිහිණීමක් කරන්නට උත්සහ ගන්න අවස්ථා විරළයි. දහස් ගණනක් ඔන්ලයින් ලියැවෙන කවි රස වින්දට ඒ විඳින රසය පොත ලෙස දොරට වඩින විට ඒ දෙස ඇසක් නොහරින සමාජයක, කවි පොතකට මිල නියම කල විට මිලදී ගන්නට තමා තුල ඇති සාහිත්‍යකාමය මුදලේ බලයට යටව යන්නට නොකමැත්තෙන් හෝ ඉඩදෙන මිනිසුන් සිටිනා රටක එඩිතරව කවි පොතක් හෝ එළිදක්වන්නට හිත හදා ගැනීම, මගේ චිනතන පරාසයන්ට අනුව "මාර වැඩක්" වෙන්නේ අන්න ඒ නිසා..,
පහුගිය දවස් කිහිපයකට පෙර මගේ බ්ලොග් සහෘදයින් කිහිප දෙනෙකු පසුගියදා පැවති TweetupSL හී දී හමුවීමෙන් පසුව එහිදී අපේ හිතවත් "මගේ මරණය" අතේ හරි හතරැස් පොතක් පෙරළමින් කියවනවා දැක්කා.., කියවන්නට ආසා හිතුනත් උත්සවය අවසානයේදී මරේගෙන් පොත ඉල්ලා ගැනීමෙන් අනතුරුව බසයට වී එය පිටත්වෙන තුරු පිටු පෙරළන්නට වුණා.


මෙච්චර වෙලා වට වන්දනා ගැහුවේ උපේක්ෂා අක්කගේ අභිනව කවි පොත වෙච්චි පළිඟු කැට වලට ප්‍රවේශයක් ගන්නටයි. ඉතාමත් සොඳුරු නිසඳැස් 63ක එකතුවකින් සමන්විත කවි පොතක නිසඳැස කියන සංකල්පයට ම සෑහෙන විදියට පොත ඉතාම හුරුබුහුටි ආකාරයට සකසා තිබෙන නිසා කවි කියවන්නට ප්‍රථම පොත වටේට හරව හරවා බැලුවේ සෞම්‍ය සඳරුවන් ලියනගේ විසින් නිර්මාණය කරන ලද පළිඟු කැට පොතේ කංචුකයේ නිර්මාණත්මක බවත් කවි වල ඇති වටිනා කමට ඉතා ඉහල ආකාරයේ සාධාරණයක් ඉටු කරන නිසාවෙන්මයි.
"උපේක්ෂා සංක්ෂිප්ත කාව්‍ය රචනයෙකිලා වැඩි ප්‍රිය තාවයක් දක්වන බැව් පෙනේ. අනුකාරක මනසකින් යුතුව මෙවන් කවි ලියන්නට ගිය ඇතැමෙකුගේ සංක්ෂිප්ත කවි සංක්ෂිප්තය තුලම රැඳිණ. උපේක්ෂා මෙයින් වෙනස් වන්නේ සංක්ෂිප්තය අසංක්ෂිප්තය වෙත රැඳව්වීමට ඇය සමත් වීම නිසා ය."

කවියේ පෙරවදන ලියන මහාචාර්ය සමන් චන්ද්‍ර රණසිංහ මහත්මයා උපේක්ෂාගේ නිසඳැස් වලට ඇති පෙම ඉවැරදිව අඳුණාගෙන ඉතා අගනා විචාරය ඇයගේ ලියවීම පිළිබඳව පවසනවා, ඇය විසින් ලියන්නට යෙදුනු මේ පොතේ ඇති බොහෝ කවි ගැන කරන ලද ඉතා සංක්ෂිප්තමය කියවීමක් බව රචකයාගේ අදහසයි, සීමාගත වදන් කිහිපයකින් සුසැදි නිසඳැස් ආරේ මේ කවි තුල සහසකුත් වදන් වලින් කිව නොහැකිදේ ගැබ්ව ඇති යැයි කිවහොත් උපේක්ෂාගේ කවි රසිකයෙකු නම් ඊට එදිරිව කිසිවක් නොකියන බව සක්සුදක් සේ පැහැදිලියි. ආදරය, විරහව, කුසගින්න, ජීවිතය, මරණය, නිදහස වැනි මහා ප්‍රවාහයේ මෙන්ම කවියකට අකුරු වෙතැයි නොසිතන ආරේ මාතෘකා පවා උපේක්ෂාගේ පෑන් තුඩට හසුව අකුරු වී ඇති ආකාරය ඉතා ප්‍රශස්තයි.

කවි වලින් මගේ හිත මුලින්ම ඇදුනේ ඔහේ පිටු පෙරළද්දී අහම්බෙන් ඇස ගැටුණු 39 වෙනි කවිය හෙවත් "මහන්සිය" නැමැති සඳැසයි.

ඉණ වටේ රැඳි
ඩහ බිංදු ටික
බිම වැටුනේ
නව මසක් ගිය පසු

වචන කිහිපයක් තුලින් උපේක්ෂා කියවන්නාට උගන්වන සමාජ විද්‍යාව වචන කරන්නට ගියානම් කොතරම් කල ගතවේවිද? ඒත් ඒ සියලු හිස්තැන් පුරවමින් ඒ හැඟුම් එලෙසින්ම ලැබදෙන්නට උපේක්ෂාට එක මොහොතක අකුරු කරන වදන් කිහිපයක් හොඳටම ප්‍රමාණවත්. සමන් මහාචාර්ය රණසිංහ මහතා පැවසූ ඒ සංක්ෂිප්තය තුලින් අසංක්ෂිප්තයට පාර කපන නිර්මාණශීලී බවේ අරුමය ඔබ මේ පොත අතට ගන්නට ලැබුණ සැනින් ඒ පිටු අතුරින් ඔබට අත් විඳින්නට හැකිවේවි.
නිර්මාණශීලී බව යනු එයයි.

4 comments :

  1. ම්ම් උපේක්ශා අක්කා කියන්නෙ ඇත්තටම දක්ශ කෙනෙක්!!..
    පොත ගන්න උනෙ නැ. එත් එයා ඕක හදන කාලෙ මට එකෙන් එක කවි පෙන්නුවා..
    මේක දාපු එක නම් වටිනවා!! :)

    ReplyDelete
  2. නිහතමානී දක්ෂ කෙනෙක් අගය කරනවා ඔබගේ නිර්මාණ ..... හරිම ලස්සනයි ..

    ReplyDelete
  3. අද දවසේ මේ කතුවරිය මේ බ්ලොග් සටහන දැකලා පොත එළිදැක්වුවාට වැඩිය සතුටු වෙනවා මේ ලෙංගතුකමට... ලීෂාන් මල්ලි අපිට බෙදාගන්න ගොඩාක් දේවල් තියනවා මේ ජීවිතයේ... කෙනෙක් අගය කරනවා කියන්නේ සංවේදී හදකට ඒක මහ මෙරක් තරම් වටිනවා... මමත් මේ පොත ගන්නවා... ඒ වගේම ඔයාගේ බ්ලොගයත් නිතර යන එන තැනක් වේවි මගේ...

    ReplyDelete
  4. මම නම් කියෙව්වා.. එක සරළ , ඒ වගෙම හැම කවියකම ගැඹුරින් හිතන්න දෙයක් තියෙනවා..

    ReplyDelete