The Stoning of Soraya M.

2 comments

චිත්‍රපටයේ පෝස්ටරය

ද ස්ටෝනින් ඔෆ් සොරායා එම්. යනු ප්‍රංශ-ඉරානියානු මාධ්‍යවේදියෙක් වූ ෆ්‍රේඩෝනි සෙහෙබ්ම් විසින් 1990දී සත්‍ය සිදුවීමක් පාදක කරගෙන ලියන්නට යෙදුනු "La Femme Lapidée" නම් පොත අනුසාරයෙන් තැනුනු චිත්‍රපටයක්. චිත්‍රපටය ආරම්භ වන්නේ තරුණ මාධ්‍යවේදියෙකු වන ෆ්‍රේඩෝනි සෙහෙබ්ම් සතු මෝටර් රථය ක්‍රියාවිරහිත වී, එය නැවත පණ ගන්වා ගන්නට හෂීම් නැමැති ග්‍රාමීය කාර්මිකයාගෙන් උදවු ලබාගන්නා දර්ශනයකින්, මෝටර් රථයේ දෝශය නිරාකරණය කරනා තුරු අසල සිටින ෆ්‍රෙඩෝනි හට සොරායාගේ නැන්දනිය වන සහ්‍රා ව හමුවනවා. කථාව අප ඉදිරියේ දිග හැරෙන්නට පටන් ගන්නේ සහ්‍රාගේ මුවින් සොරායාගේ දීර්ඝ කාලීන දුක්බර අතීතය නැවත මතක් කිරීමක ආකාරයටයි.

"අලී" [සොරායාගේ සැමියා] සොරායා හට ද්‍රෝහෝයි කම් කරනා බව දැනගත්දා සිට සහ්‍රා විසින් සිය ලේළිය ව රකින්නට සහ මානසිකව ශක්තිමත් වන්නට පිහිට වනවා, එසේ අලී විසින් සෝරායා හට ද්‍රෝහෝයි කම් කරන්නේ දාහතර හැවිරිදි බාලවයස්කාර දැරියක සරණපාවා ගැනීමට ඇති උවමනාව පුරවා ගන්නට ඇති අවැසි බව නිසා යි. අලී හට සොරායාව දික්කසාද කරන්නට උවමනා වුවත් එසේ කරන්නට දුශ්කර වන්නේ, සොරායා විසින් සිය දරුවන්ගේ සුභසාධනය අලීගේ මේ අත්තනෝමතික ක්‍රියාකලාපය හේතුවෙන් ඊට හානි පැමිණෙන නිසා මේ දික්කසාදය දීමට අකමැති වීම නිසායි. ඒ අතර දී සොරායාගේ මිතුරියක වන මෙහ්‍රිගේ මියයාම නිසා ඇයගේ සැමියා හෂීම් සහ එකම පුතු මොෂේන් අසරණ වනවා.

එකම පිළිසරණ [සොරායා සිය නැන්දනිය සහ්‍රා සමඟ]
සොරායාගේ ගමේ පුරුෂාධිකරණය සහ සොරායාගේ සැමියා වන අලී විසින් හශීම් වෙත උදවු පදවු කිරීමට අවසරය දෙනවා, අදාල ගිවිසුමේ ආකාරයට හෂීම් විසින් සොරායාගේ සේවාව සඳහා කුලියක් සොරායාගේ නැන්දනිය වන සහ්‍රා හට ගෙවිය යුතු බවට දෙන පොරොන්තුවක් මතක්. එසේ සොරායාගේ සේවය හෂීම් වෙත දුන්නත් අලී විසින් ඒ අවසරය දෙන්නේ තවත් රහස් අරමුණක් ඉටුකරගන්නට බව අසරණ සොරායා දන්නේ නෑ, ඒ හෂීම් සහ සොරායා අතර අනිසි සබඳතාවක් ඇති බවට චෝදනාවක් කිරීමේ අරමුණයි. උක්ත චෝදනාවට සාක්ෂිවන කිසිදු ආකාරයක මූලයක් අලී අත නැති වුව, සොරායාගේ ග්‍රාමයේ අධ්‍යාත්මික නායකයා වන මුල්ලා හසන් විසින් අලී හට සොරායාගෙන් නිදහස් වී දික්කසාදය ගන්නට අලී හට උදවු කරනවා.

මූලිකවම චිත්‍රපටය පාදක වන්නේ කුමන්ත්‍රණ සහ අපරාධ නිසා නිර්දෝශී සොරායා සහ ඇගේ නැන්දනිය සහ්‍රා විසින් ශාරියා නෛතික පරිසරයකදී [පිරිමියාගේ නිර්දෝශීබව ඔප්පු කරන්නට ඔහුගේ පාර්ශවයට නිදහසට කාරණා හෝ සාක්ෂි අවැසි නැත, ඔහු පිරිමියෙකු වීම ම ප්‍රමාණවත් ය. එහෙත් කාන්තාවක සම්බන්ධයෙන් වන්නේ එහි විලෝමයයි] ඇගේ නිර්දෝශීභාවය ඔප්පු කරන්නට දරණ නෙක තැත් ගැන විස්තර කෙරුමටයි. අලී සහ ගමේ මුල්ලා වරයා වන හසන් විසින් හෂීම් වෙත තර්ජන සහ බලහත්කාරකම් කරන්නේ අධිකරණය ඉදිරියේ සොරායාගේ වරද ඔප්පු කර ඈ හට ගල්ගසා මැරීමේ දඬුවම ක්‍රියාත්මක කරවීමටයි. 

පවුකාරයින් විසින් ගල් ගැසීම
අවසාන දර්ශන කිහිපය තුල අනුකම්පාව මුසුවූ මහා මූසල හැඟීමකින් හිත පිරෙනවා වගේ ම, බටහිර ප්‍රජාතන්ත්‍රවාදය සහ මැදපෙරදිග කාන්තා නිදහස අතර පවතින අති විශාල වූ "හිඩැස" ගැන නැවත නැවතත් ඉතා ගැඹුරින් සිතන්නට මේ චිත්‍රපටය පොළඹවන බව අපට දැනෙන්නට ගන්නවා.

සාමාන්‍ය චිත්‍රපටයක දැකිය නොහැකි තරම් තාත්ත්වික රඟපෑම් විලාසය ඉස්මතුවන ස්ටෝනින් සොරායා චිත්‍රපටයේ තුල, වෙන චිත්‍රපට වල මෙන් අපට චරිතය අභිහවා නළුවා හෝ නිළිය අභිහවා යන අවස්ථා දැකිය නොහැකි තරම්. මෙයට වසර කිහිපයකට පෙර ඔස්කාර් සම්මානය සඳහා නිර්දේශිත  නිළියක වන ශෝරේ අෂ්ලෝ විසින් සොරායාගේ නැන්දනිය සහ්‍රාගේ චරිතයට පණ පොවනාතර අමෙරිකානු ජාතික යුවතියක වන මොෂාන් මානෝ විසින් සොරායා ලෙසත් අලී ලෙස නවීඩ් නඝාබන් විසිනුත් චරිත නිරූපණය කරනවා.


2 comments :

  1. බලන්නම වෙනවා.. ස්තුතියි..

    ReplyDelete
  2. බෙදා හදා ගැනීම ගැන ස්තූතියි අයියා

    ReplyDelete