සියලු රහස් හෙළි වූ කල සළුවෙන් පල කිම..?

No comments


යම් රටක රජය විසින් ජනතාව විසින් ලබාදුන් බලය ජනතාවට ම එරෙහිව අයුතු ලෙස භාවිතා කරන කල එය ඊට සම්බන්ධව සිටින්නන්ගේ පුද්ගලිකත්වයේ පාදමේ ලෙස ක්‍රියාත්මක වන්නට පටන් ගනී. ඇලෙක්ස් ගිබ්නේ ගේ නිර්මාණයක් වන "We Steal Secrets: The Story of WikiLeaks" අප වෙතට ඉදිරිපත් කරන්නේ ඒ අනිසි බල භාවිතයට තුඩු දෙන මහ මොළකරුවාගේ බල තන්හාවේ පරිමිතියයි.  එහෙත් මේ චිත්‍රපටය ජූලියන් ඇසෑන්ජ් වෙත පක්ෂග්‍රාගී වී නොමැති තරමටම ඇසෑන්ජ් ව සමාන කර ඇත්තේ අදිසි දුෂ්ඨයෙකුගේ මානයටයි. එහෙත් වීරයෙකු නැති චිත්‍රපටයක් තුල වීරයෙකු විය යුත්තේ කවුරුන්දැයි අපට කල්පනා කරන්නට ඇලෙක්ස් ගේ මේ ආන්දෝලනයට තුඩු දෙන නිර්මාණය අප වෙතට බලකර සිටිනවා.

We Steal Secrets ආරම්භයට ප්‍රවේශය ගන්නේ නාසා ආයතනය වෙතට ගැලීලීයෝ යානාව අභ්‍යාවකාශගත කිරීම අතරතුර දී වූ හැකර් ප්‍රහාරයක් පිළිබඳව කියමිනුයි. උක්ත සිදුවීම සමහර විටෙක තරුණ ඇසේන්ජ්ගේ සම්බන්ධයක් ඇති/නොමැති වන්නට ඉඩ ඇතත්, එය උලුප්පා දක්වන්නේ හැකර් කණ්ඩායම, පෙනී සිටින්නේ ඕස්ට්‍රේලියානු රොක් ගායක කණ්ඩායමක ගීතයක් වන "You talk of times of peace for all, and then prepare for war." යන පා‍ඨය සිය උදෘතය කරගනිමිනුයි. ඉන්පසුව මේ වේගී ප්‍රස්ථාවනාවට පසුව චිත්‍රපටය තුල සිය ප්‍රධාන සැලකිල්ල දක්වන්නේ විකීලීක්ස් හී ආරම්භය සහ අවසානය මෙන්ම ඇසෑන්ජ් ගේ ආරම්භය සහ අවසානය  නිරූපනය කරමිනුයි.

 "We Steal Secrets" තුල ඇසෑන්ජ් ගේ (මාධ්‍ය තුලින් අප දැක නොසිටි ආකාරයේ) අදහසක් නරඹන්නා වෙතට ලබා දෙන්නට උත්සහ කරනවා කීවොත් වැරදි නැහැ. එහිදී ඇසෑන්ජ් විසින් අඳුරේ දිදුලන සත්‍යයට ආලෝක කදම්බ ජනිත කරවන උත්තරීතර මානව ප්‍රේමීයාගේ රූපය නිරූපණය කරන බවක් පෙන්වා දුන්නත්, එහිදී සත්‍ය වශයෙන් ම සිදුවී ඇත්තේ අවට සැඟවී ඇති අදහස් සහ කාරණා සිය වාසියට හරවාගෙන එයට මනුෂ්‍යයාගේ තොරතුරු දැනගැනීමේ අයිතිය ලෙස නිර්වචන ගත කෙරීම මඟින් අවට අවධානය සහ සිය ක්‍රියාවන් වලින් කෝප ගැන්වෙන පාර්ශව විසින් ක්‍රියාවට නංවන කවරාකාරයේ ක්‍රියාවකින් වුව සිය ආරක්ෂාවට අගතියක් වන්නේයැයි කීමයි. උක්ත හේතුව නිසාම ඇසෑන්ජ් විසින් මේ චිත්‍රපටය සිය නාම සහ විකීලීක්ස් පිළිබඳව ලොව පුරා ඇති චිත්‍රය විනාශ කරන්නක් බවට චෝදනා කරන්නට පවා ක්‍රියා කලා.

මෙයට අමතර චිත්‍රපටය තුල ඇති ඇසෑන්ජ් වෙත ඇති ලිංගික අඩන්තේට්ටම් චෝදනාවන් පවා අධිකරණය තුල කතා බහට ලක්වෙන අවස්ථාවකදී මේ චිත්‍රපටය එළි දැකීම තවත් ආකාරයක් ආන්දෝලනය දේශපාලන ලෝකය තුල ඇති කලා.., ඇසෑන්ජ්ගේ පාර්ශවයේ නීතීඥයින් පෙන්වා දෙන්නේ සිය සේවාදායකයාට ඒ මඟින් අසාධාරණයක් සිදු කර ඇති බවයි.., නමුත් මේ වනවිට චිත්‍රපටය නිකුත්වී අවසානයි.
රූපයේ බොඳ කර ඇත්තේ ඇසෑන්ජ් අතින්
අතවරයට ලක්වූ කාන්තාවන් දෙදෙනායි


කෙසේ වුවත් මේ චිත්‍රපටය තුල නම්කිරීම තුල වන අසාර්ථක වීම් කිහිපයක් අපට හඳුනා ගන්නට පුලුවන් ඉන් එකක් තමයි, "we steal secrets" නමින් වූ නාමකරණ පිරියම මගින් චිත්‍රපටයේ ඇතුලාන්තය පිළිබඳව නිශ්චිත අදහස ගන්නට ප්‍රේක්ෂකයාට නුපුලුවන් වීම. ඒ වාගේම ඒ මඟින් කතාව සාධක මත පදනම් නොවී සමාජයේ පවතින කතාන්දර මතින් ගලායන්නක් බව පෙනීම ඒ අතරින් විශේෂ වනවා. කෙතරම් හොඳ චිත්‍රපටයක් වුවත් එහි නමින් ප්‍රේක්ෂකයා තුල සාධනීය චිත්‍රයක් මැවෙන්නේ නැතිනම් එහි ජනයාගේ ප්‍රියතාවය ලැබීම බිඳුවකින් හෝ ඌන වන බව නියතයක්.

චිත්‍රපටය තුලින් දායානුකම්පිතව බලනා එකම එක චරිතය ඔබ චිත්‍රපටය නරඹත්දී හඳුනා ගන්නට ලැබේවි. ඒ ඇසෑන්ජ් ගේ චරිතය හා සාමාන්තරව ම වාගේ දිවෙන චෙල්සියා එලිසබෙත් මෑනිං [පෙර බ්‍රැඩ්ලි එඩ්වර්ඩ් මෑනිං] නමැත්තියගේ [නැමැත්තිය ලෙස හඳුන්වන්නට හේතුව මේ සබැඳියෙන් දැනගත හැකිවේ] චරිතය. චිත්‍රපටය තුල චෙල්සියාව මවන්නේ රජයේ නීති පද්ධතිය සහ සිය හෘදය සාක්ෂිය තුල වූ නීති පද්ධතිය අතරට වී මානසිකව පීඩාවට පත්වන, සහ නිරතුරුවම තමා අයිති වන්නේ කුමන කුලකයකටදැයි නිරන්තරයෙන් කල්පනාවට භාජනය කල කෙනෙකු ලෙසට බවයි මගේ අදහස. නමුත් ඇත්ත වශයෙන්ම
බ්‍රැඩ්ලි/චෙල්සියා මෑනිං ලිංග විපර්යාසයට බඳුන් වීමට පෙර හා පසු
තමා හමුදාවේ සිටිත්දී ඒ අතරම විකීලීක්ස් වෙත රහසිගත තොරතුරු නිකුත් කිරීම වැනි කාරනා උලුප්පා පෙන්වූවත් ඔහු රහස් හෙළිකරන්නෙකු සහ ද්‍රෝහියෙකු යන කැටගරි දෙක අතරම දෝලනය කර නරඹන්නාට ඒ පිළිබඳව තීරණය කරන්න ඉඩදීම චිත්‍රපටයේ විශේෂත්වයක්. නමුත් ඒ සමඟම අප දෙපාමුලට ඉදිරිපත් කරන ආණ්ඩුවක විනිවිද භාවය පිළිබඳව නැවත වරක් බලකරන්නේ තොරතුරු දැනගැනීමේ අයිතිය සහ සාපේක්ෂ සාධාරණය පිළිබඳ ඔබ සතුව ඇති නිගමනය පිළිබඳව නිදහසේ සිතන්නට ඉඩ ප්‍රස්ථා ඇතිකරමිනුයි.



ඇලෙක්ස් ගිබ්නේ යනු ප්‍රතිභා පූර්ණ සිනමාකරුවෙක්, ඔහු සිය නිර්මාණය තුලදී වෙනත් වාර්ථාචිත්‍රපට වල පවතින වියලි ස්වභාවයට වඩා හෘදයාංගම බව වඩවන ආකාරයෙන් සිය පාදක චරිත හඳුන්වාදීම ඉතාම ප්‍රගතිශීලී ආකාරයෙන් පෙන්වාදෙන්නට පුලුවන්.., තොරතුරු වල සත්‍යභාවය පෙන්වන චිත්‍රප‍ටයක් වුවත් එකම එකම කාරණා වටා බොහෝ වාරයක් කැරකීම නිසාවෙන් ඔහුට පෙන්වාදෙන්නට තිබූ කරුණු කාරණා බොහොමය අතහැරී ගිය වගයි මගේ අදහස. සියලු පාදක කාරණා වලට එකම බර නොතබා. වෙන වෙනම හඳුන්වාදීම් කර චිත්‍රපටය ගලන්නට ඉඩ දුන්නේ නම් එය සිනමාත්මක අතින් සාර්ථකවනවාට කිසිඳු සැකයක් නැති බවට මෙන්න කැට.


No comments :

Post a Comment