Blue Jasmine හෙවත් ඇලන් නිසා පලුදු වූ හිත සුවපත් කර ගැනීම.

No comments
Poster

වූඩී ඇලන් නව චිත්‍රපටයක් සමඟින් නැවතත් අප අතරට පැමිණිලා.., වසර ගණනාවක යුරෝප නිවාඩුව නිමාකර නැවතත් එක්සත් ජනපදයේ සැන් ෆ්‍රැසිස්කෝවට ආවයි කියලා කියන්නට හේතුවුනේ නම් ඇලන් මෙයට පෙර අවස්ථාවල අධ්‍යක්ෂණය කල To Rome with Love, Midnight in Paris, You Will Meet a Tall Dark Stranger, සහ Vicky Cristina Barcelona යන සියලුම චිත්‍රපට සියල්ලටම පාහේ පාදකවී ඇත්තේ යුරෝපය වීම. ඊටත් අමතරව ඇලන්ගේ ප්‍රියතම රූගත කිරීමේ නගරය වූ නිව්යෝර්ක් නගරය සහ පෙර කියූ ආකාරයට සැන්ෆ්‍රැන්සිස්කෝව ද පාදක කරගෙන නිමැවී ඇති මේ චිත්‍රපටය නමින් Blue Jesmine.

හෂිත අයියා හදිසියේ දුන් යොමුවකින් බලන්නට සිත් වූ To Rome with Love නිසා ඇලන් පිළිබඳව වූ පලුදු වූ සිත, Blue Jesmine තුලින් සෑහෙන දුරකට සුවපත් කරගන්නට පුලුවන් කම ලැබෙනවා. මෙහෙම හේතු වන එක කාරණාවක් තමා ඇලන්ගේ චිත්‍රපට සැලකිල්ලෙන් බලනා කෙනෙකුට [මෙහෙම කිව්වට මමත් බලලා තියෙන්නේ චිත්‍රපටි කීපයයි ;)]ඔහු භාවිතා කරන සිනමා රීතින් සහ ඒවායේ කාලීනව වන දියුණුව කියන කාරණාව සහ චිත්‍රපටයේ ප්‍රධාන නිළි කේට් බ්ලැන්චෙට්ව හැසිරවීමෙන් ඇලන් ප්‍රකට කරන ප්‍රවීණත්වය කියන කාරණාවන්.

අවුරුදු ගණනාවකින් පසු[මටනම් LOTR වලින් පසු] කේට් දැනෙන්න රඟපෑව කියලා කියන්න පුලුවන් උනේ මේ Blue Jesmine චිත්‍රපටයේ තමා. මේකට හේතු වෙන්නේ ඇත්තේ ඇලන්ගේ තිරරචනා කිරීමේ සහ අධ්‍යක්ෂණය කිරීමේ හැකියාව වෙන්න ඇති කියලයි මට නම් හිතෙන්නේ. මොකද ඔහු සාමාන්‍යයෙන් වසරකට එක චිත්‍රපටය ගානේ පසුගිය දශක කිහිපයේම කල් ගෙව්වා කියන කාරණාව නිසා යම් නලුවෙකු හෝ නිළියකගෙන් සිය නිර්මාණයට අවශ්‍ය කුමනාකාරයක සවියක්ද කියන කාරණාව සොයාගනීම සඳහා වූ හැකියාව ඇලන් තුල නිසඟයෙන්ම පිහිටා ඇතැයි කියලා මම කල්පනා කරනවා. නිදසුනක් විදියට Blue Jesmine චිත්‍රපටයේ උනත් බ්ලැන්චෙට් රඟන චරිතයට ආවේනික වූ හඬක් අප නොදැනිම අපේ හිත් වලට දැනෙන්න ඉදීරිපත් කරන්න ඇලන් මේ චිත්‍රපටයෙන් දක්ෂ උනා කියලයි මට හිතෙන්නේ.

Ginger & Husband with Jasmine & Hal
කතාව ගලාගෙන යන්නේ ඉතාමත් ම අපූරු ආකාරයටයි, ජැසිමින් [කේට් බ්ලැන්චෙට්] කියන්නේ නිව්යෝර්ක් නගරයේ ජීවත් වන ධනවත් සමාජසේවිකාවක්. ඈ එසේ සිය සමාජ සත්කාර කරගෙන යන්නේ සිය කුවේර සැමියා වන හැල් [ඇලෙක් බෝල්ඩ්වින්]ගේ නොමසුරු සහයෝගය මැද්දෙයි. මෙසේ ගලායන ජීවිතය ට අඳුරක් එක්වන්නට වැඩි කලක් යන්නේ නැහැ. වංචා සහගත විදියට ආයෝජන සඳහා මුදල් යෙදවීම යන චෝදනාවට වැරදිකරු වී හැල්, ජැස්මින්ගේ සැමියා FBI අත්අඩංගුවට පත් වනවා. මේත් සමඟම මූල්‍ය අර්බුධවලට මුහුණ දෙන ජැස්මින් සැමියාගේන් වෙන්ව සිය සොයුරිය ජින්ජර් [සැලී හෝකින්] වෙතට එනවා. මේ කතාවේ සරළ හරස්කඩයි. නමුත් කතාව ආරම්භ වන්නේ ජැස්මින් ගේ වර්ථමානය එනම් කිසිවක් කරකියාගන්නට නොහැකිව සිය සොයුරියගේ උදවු ඉල්ලා නිව්යෝර්ක් සිට සැන්ෆ්‍රැන්සිස්කෝව බලා එන තැන සිටයි.
Jasmin [Cate Blanchett]

කතාව වර්ථමානයෙන් ආරම්භ වුවත් වරින් වර කතාව අතීතය සිදුවීම හා සම්බන්ධ වන ආකාරය හරිම ඉතා සිත්ගන්නා සුලුයි. සිය සැමියාගේ වංචාසහගත සහ කාන්තාලොලී ක්‍රියාකලාපය නිසා මානසික බිඳවැටීමකට ලක්වන ජැස්මින් ගේ තත්ත්වය ඛේදනීය ආකාරයෙන් ඇලන් නරඹන්නා ඉදිරියේ තබනවා, ග්‍රොසරියක රැකියාව කරනා ජින්ජර් එනම් ජැස්මින්ගේ සොයුරිය හාද වී සිටින්නේ චිලී [බොබී කැනවේල්]නමැති කාර්මිකයෙකු සමඟිනුයි. ජැස්මින් විසින් ජින්ජර්ගේ නිවසට පැමිණීමත් සමඟම ජැස්මින්ගේ කුවේර අතීතය සහ වර්ථමාන දුඛාන්තය අතර නිරන්තරයෙන් නරඹන්නා දෝලනය කරන ආකාරය ඉතා විශිෂ්ඨ බව නම් කිවයුතුමයි. උසස් සමාජයේ කෙනෙකු තුලින් වසර කිහිපයකට කලින් තමා වින්දනය කල කුවේර ජීවිතය නැවතත් ලබාගන්නට ජැස්ම්න් දරණා වැරය පිටතින් බලනා විට විටෙක සිනහා උපදවන සුලු වුවත් කාන්තාවක් එවන් අවස්ථාවකදී කොතරම් අසරණ වනවාද, දෙවිය කෙනෙකුගේ ජීවිතය හා මොනතරම් දරුණු ආකාරයට කෙළිලනවාද කියන කාරණාව චිත්‍රපටය බලන කාලාන්තරය පුරාම මගේ හිතට වද දෙන්නට වූ සිතුවිල්ලක්. 

Director Woody Allen with Alec Baldwin [Hal]
එක් අයෙකු වටා ගොඩ නැගුණත්, විවිධ ධාරා අතර දෝලනය වන ගතිගුණ සංයුතියකින් යුතු වන ජැස්මින්ගේ චරිතය, තමා වටා ගැවසෙන චරිතවලට හඬක් දෙන්නට තරම් බලවත්ව ගොඩ නැගෙනා තරම්. අනෙක් අතට මම මෙතෙක් නරඹා තිබෙන ඇලන්ගේ චිත්‍රපටි කිහිපය තුලදී අපට බඩ අල්ලගෙන පුටුවලින් වැටී සිනාසෙන්නට හේතු ඇති නොකරන නමුත් පසෙකට වී නිස්කාංසුවේ සිනහා වන්නටත්  එහෙමත් නැතිනම් අනුකම්පාව උපදවාගන්නටත් ඕනෑ තරම් හේතු උත්පාදනය කරනා බව කිව යුතුම දෙයක්. බ්ලැන්චෙට් විසින් රඟපාන ජැස්මින්ගේ චරිතය තුලත් මම ඉහත කියූ සංවේදනා ඔබ්බවා තීබෙන බව ඔබ Blue Jesmine නැරඹුවා නම් ඔබට දැනෙන බව මා එක හෙළාම කියනවා.  මෙන්න මේ හේතුවම මා සිතනා ආකාරයට චිත්‍රපටයේ සාර්ථකත්වට සහ චිත්‍රපටයේ සරළවත් ඇතුලාන්තය බලන්නාට ගැඹුරිනුත් වින්දන කරවීමට මහඟු හේතුවක් ලෙස පෙන්වා දෙන්නට පුලුවන්. 

ඇලන්ගේ විශේෂත්වය එයයි. අප ඇලන්ගේ සිනමා නිර්මාණ බලා සිනහාසෙන්නේ ඔහු ජීවිතය දෙස හෙළනා උපහාස සිනහාවක් ඇතුලින් බව අපට දැනෙන්න ගන්නකොට අප ඇලන්ගේ රසිකයින් වී අවසන්. 
වුඩී ඇලන් යනු ලෝක සිනමාවේ ශානරයක් [genre] ලෙසින් සිනමා විචාරකයින් සහ රසිකයින් හඳුන්වන්නේ අන්න ඒ නිසයි.


No comments :

Post a Comment