කියවපු අහපු!

6 comments
මොනවත් ලියපු නැති නිසා කලෙකින් ආපහු මේ පැත්තේ ඇවිල්ලා මොනවා හරි කුරුටු ගාලා යන්න ඕන කියලා හිතෙනකොට මොකද්දෝ කම්මැලි කමක් එක්ක මිශ්‍ර වෙලා එන හැඟීමක් හිතේ ඇතිවෙනවා.., පහුගිය දවස් ටිකේ උදේ පාන්දර වැඩට ගිහින් ගෙදර ඇවිත් නාලා කරලා එක්කෝ පොතක් එහෙමත් නැති නම් චිත්‍රපටයක් හරි සින්දුවක් හරි අහලා බලලා කරලා වේලාසනින් නින්දට යන එක තමා පහුගිය සති ටිකේම මගේ රූටීන් එක වෙලා තිබ්බේ.
ලියවිලි වලට පොඩි නැවතිල්ලක් තිබ්බ වෙලාවේ මට හම්බ වෙච්චි පොත් ටිකයි, සින්දු ටිකයි නං මසුරං. මේ කියන්න යන්නේ ඒ ගැන..,
අහලා තියෙනවද සුනිල් මිහිඳුකුල මහත්මයා ගැන.., නම කිව්ව සැනින් මතක නැති නම් ලේක් හවුස් පත්තර වල දිනමිණ, සිළුමිණ, සරසවිය, රසඳුණ වගේ පත්තර වල විටින් විටේ විතැන් වෙමින් සිය ලියමන් කරපු කෙනෙක් ගැන.., එහෙමත් නැතිනම් මේ පත්තර වල පලවුණු පික්චර් පිස්සා තීරුලිපි පෙළ ගැන.., ආන්න ඒ තීරු ලිපි පෙළ ලියන්නේ සුනිල් මිහිඳුකුල. එතුමා ප්‍රසන්න විතානගේ එහෙමත් නැතිනම් ක්‍රිස්ටි ෂෙල්ටන් ප්‍රනාන්දු වගේ අය එක්ක ග්ලෝබ් මුද්‍රණාලේ තුලින් එළි දැකපු සකුරා කියන විකල්ප සිනමා සඟරාවේ ආරම්භක සාමාජිකයෙක්. ඔහු දිගු කාලයක් ලියාගෙන ආපු පික්චර් පිස්සා තීරු ලිපි පෙළින් තෝරාගත් ලිපි එක්කහු කරලා පොතක් විදියට එළි දක්වලා.., අහම්බෙන් වගේ අවිස්සාවේල්ලේ ගුණසේන පොත් සාප්පුවට ගිය වෙලාවේ මේ පොත ඇහැ ගැහිලා අරගත්තා. එකදිගටම සුනේත්‍රාගේ මතක පොත එක දෙක, ගංගානාත්ගේ පැණිවළලු වගේ තීරුලිපි එක්කාසු පොත් කියවලා ලියවලා දැන් මේ වගේ පොත් කියවන්න මගේ පොත් කියවීමේ රුචිය වෙනස් වෙලාද කියලා හිතෙනවා. පෝලන්ත සිනමාව, ඇමෙරිකානු සිනමාව වගේම, රුසියානු, භාරත වගේම දේශීයසිනමාව ගැනත් අගනා ලිපි පෙළක් ම අඩංගුයි. කියවලා ම බලන්න. වෙනසක් දැනේවි.
පොත් ගැන කියවිල්ල ඇති.., අහලා තියෙනවද Deverists ගැන? Deverists කියන්නේ රියැලිටි ෂෝ එකක්.., ඒත් මේක වෙනස් රියලිටි ෂෝ එකක්.., මේක වට්ටෝරුගත වෙන්නේ ට්‍රැවල් සහ මියුසික් යටතේ.., ඉන්දියාව තුල තමන්ගේම ගීත සලකුණක් තියපු යම් ගීතයක් පළමු නෝට් එක ඇසීමෙන් ම මේ අසවල් ගායකයාය යන හැඳීනීමක් කරගත හැකි සංගීතඥයින් කීප පොළක් එක්කාසු වෙලා ඔවුන්ගේ සංගීතමය සහ භාවමය ආවේණිකතා ගීතයක් තුලදී එකතු කර එළිදැක්වීම තමයි මෙහෙදී ප්‍රධානවශයෙන් ම සිදුවන්නේ. එයට අමතර ම ඉතා විශාල උප සංස්කෘතීන් ගණනාවකින් වර්ණවත් වීමෙන් සැදී භාරතය තුල විවිධ දේශමායිම් හරහා ගමන් කරමින් ඊට අනුකූළව සංගීතය තුලින් ඔවුන්ගේ සලකුණ තැබීම තමා Deverists තුල සිදුවන්නේ..,

එයට අමතර ම ඉතා විශාල උප සංස්කෘතීන් ගණනාවකින් වර්ණවත් වීමෙන් සැදී භාරතය තුල විවිධ දේශමායිම් හරහා ගමන් කරමින් ඊට අනුකූළව සංගීතය තුලින් ඔවුන්ගේ සලකුණ තැබීම තමා Deverists තුල සිදුවන්නේ.., මේ වනකොට දෙවැනි සීසන් එක (යල?) ගෙවමින් ඉන්න මේ අපූරු වැඩසටහනේ සම්පූර්ණම කොටස් සියල්ලම නරඹන්නට මේ සබැඳිය තුලින් ගොසින් හැකියාව තියෙනවා.., සප්තස්වර අතර අරුමැසි හැකියාවන් සොයන මේ වැඩසටහන මෙහෙය වන්නේ Monica Dogra.

6 comments :

  1. මමත් හරිම කමති ලේඛකයෙක් තම සුනිල් මිහිඳුකුල මහත්මයා.. මම නම් හිතන්නේ බොහොම අපූර්වම වූ රචනා ශෛලියක් ඔහුට තියෙන්නේ. ඉස්සර සිලුමිනේ රසඳුන අතිරේකයේ වැඩි ලිපි ප්‍රමාණයක් ලියලා රසවත් කරේ ඔහුයි..

    කවුරැ කවුරැත්
    නිරෝගී වේවා෴දීර්ඝායු වේවා෴ සැප වේවා෴චිරං ජයතු!!!

    ReplyDelete
    Replies
    1. මමත් ඔහුගේ ර අපූරු රචනා ශෛලීය හඳුනා ගත්තේ මේ පොත හරහා තමා..!

      Delete
  2. මේක මගෑරුණේ කොහොමද?

    සුනිල් මිහිඳුකුල සුනිල් ආරියරත්නයන්ගේ පවා ප්‍රශංසාවට ලක්වුණු කෙනෙක්

    ඔහු වෙණුවෙන් සටහනක් තබල ජාලයට එක්කහු කලාට ස්තූතියි ලීශාන්..

    මෙතන ඉන්නව උන්නැහේ - http://www.goodreads.com/photo/author/6468462._

    ReplyDelete
    Replies
    1. ස්තූතියි තිස්ස අයියා..!

      Delete
  3. බස් එකේ ගතකරන කාලය අඩුවීමත් එක්ක පොත් වල තැන චිත්‍රපටි අරගෙන. අර පික්චර් පිස්සා පොත ලියලා තියෙන්නේ කවුද බං. මම එදා කියෙව්වේ.. බැලුවට පාඩු නෑ කියලා කියනවානම් රියලටියක් වුනත් බලන්න වටිනවා.

    ReplyDelete
    Replies
    1. ඇත්තටම මචන් ඔය මම කියාපු දෙකම කියවන්න බලන්න වටිනා එව්වා.., ගෙදර ආපු වෙලාවක මතක් කරපන් මම දෙන්නම්.., ඒත් නැතිනම් කොහේ හරි සෙට් වෙන වෙලාවක මම පෝටට දාගෙන එන්නම්..!

      Delete