පුද්ගලික බව ජාලගත කිරීම
ඒ ලෙවල් වලට පන්ති යන්න නුගේගොඩ රොටරියේදී එක්කහු වෙච්චි
සෙට් එක ඒලෙවල් කරලා අවුරුදු නවයකට වඩා ගෙවුනත් තවමත් අපි අතර සම්බන්ධ වෙලා
තියෙන්නේ අන්තර්ජාලෙට පින්සිද්ධ වෙන්න. උසස්පෙළින් පස්සේ ගෙදර ඉඳන් කැම්පස් යාවි
යැයි කියලා විස්වාසයක් නැති සමහරු ජොබ් හෙව්වා.., කැම්පස් පාස් වෙයි කියලා විශ්වාසයක් තිබ්බ සුධීරා, චමෝද, රචිත්
වගේ අය වෙලාව වෙන්කලේ 2003, 2004
කාලේ වෙනකොට අන්තර්ජාල පහසුකම් අස්සේ තියෙන එක එක රසවින්දන කොටස් හොයන්න.., විශ්ව විද්‍යාලේ යාම ගන විශ්වාසය නොතිබ්බ මම වගේ අය, පිස්සුව රස්සාව කරගෙන වෙබ් අඩවි නිර්මාණ කරුවෙක් විදියට
රැකියාව කරන අතරතුරේ අපේ පරණ රොටරි කණ්ඩායම අර ඉහතින් කිව්ව විදියට ඔන්ලයින් ඉන්න
නිසා නිතර කතා බහ කරන්න ලැබුණා, සිංහලයාඩොට්
කොම්,
කපුටා ඩොට් කොම් වගේ වෙබ් අඩවි වල චැට්
රූම් අස්සේ අපි නිතර හමු වුනා.., එහෙම
කතා කරන එක දවසක අපේ අය අතරේ මුස්ලිම් කොල්ලෙක්ට හිටියේ අක්‍රම් විතරයි.., කැඩිච්චි සිංහල කතා කලාට බාලාංශයේ ඉඳන්ම සිංහල ඉස්කෝලෙක
ගිය නිසාද කොහේදෝ අපි අපි අතරේ අකුරු අස්සෙන් කතා කරනකොට අපේ ගැටලු බව දැනුනේ නෑ.
අන්න, සුධීරා කාලෙකට පස්සේ කවියක් ලියලා..,
අක්‍රම් එහෙම කියලා කවිය කියවන්න සබැඳියක් දුන්නා.
සුධීරා අපි එක්කලා එකට පන්ති
ගිය එක්කෙනෙන් උනාට අපි අතරින් මුලින් ම පවුල් පන්සල් වෙච්චි අයගෙන් එක්කෙනෙන් තමා
එයා. මුලින්ම දන්න කාලේ අන්තර් ජාලේ සමාජ ජාල වෙබ් අඩවි වල තියෙන ෆොරම් වල කවි
ලියන්න ගත්තු අය ගෙන් එක්කෙනෙක් උනු සුධීරා රස්සාවත් ලැබීමත්, අනෙකුත් වගකීම් කටපිට වැටීමත්, නිසා ටික ටික ලියන එක අඩු වුණා. හිත බඳගන්න රූප
සම්පත්තියක් වගේම ලස්සන වචන මාලාවකින් කවි ගොතන සුධීරා ලියන කවියක් කියවන්න අපි මඟ
බලාගෙන ඉන්නේ හරිම ආසාවෙන්. ඒ නිසා අපි ඔක්කොම අක්‍රම් හදීසියේ හොයාගත්තු සුධීරා
ලිව්වැයි කියපු කවිය කියවන්න, චැට්
තිරයට දාපු සබැඳිය අස්සේන් අපි සුධීරාගේ බ්ලොග් එකට ගියා..,
අහෝ පෙම් සබඳ
නුඹ සොයන
ස්වර්ග රාජ්‍යය
මා අස නොමැතිනම්
කිමද තෙවසරකට පෙර
මා හදේ සැතපුනේ
නුඹේ පෙම තුල
මා සෙවූ
නිදහස නොලැබුණත්
මා සිතූවේ
මා ලැබුම නුඹේ
පැතුමයි කියා
එසේ නොවන බව
මම දැනගතිමි..,
හිමි සබඳ මම
නුඹෙන් වෙන්ව යමි..!
මේක මහ අඳෝනාවක් නේ??
හැමදාම කවුරු හරි කවියක් කතාවක් දැම්මම
ඒකේ වැරැද්දක් හොයන රචිත් සුපුරුදු ලෙස තමන්ගේ පළමුවෙඩි මුරය පත්තු කලා.., කොතරම් යාලුකම් තිබ්බත් හිතර පරස්පර ප්‍රකාෂයක් කරන විට
ඊට එදිරි වෙන තමන්ගේ අදහස කියන්න නොපැකිල ඉදිරිපත් වෙන ඒ වෙලේ චැට් එකේ හිටපු
ගොඩක් අය සුධීරාගේ කවියට රචිත් දීපු උත්තරේ දැකලා නිහඬ වුනේ ඔවුනේ ගේ හිත්වලත්
රචිත්ගේ හිතේ ඇතිවෙච්චි හැඟීම ම ඇතිවුනු නිසා වෙන්න ඇති කියලායි මේ දිහා බලා හිටපු
මට නම් හිතුනේ..,
මිනිහෙක් එක්ක ආදරේ බෙදාගනිද්දී වෙන ගැටලු අපි හැමෝ එක්කම බෙදාගන්නකොට අපේ
ආදරේ අස්සේ තියෙන පෞද්ගලික බව නැතිවෙනවා නේද..?
දවසක් මාත් එක්ක විජිත යාපා
එකේ පොතක් ගන්න ගිය වෙලාවක මගේ මිතුරෙක් ඇහුවා.., ඒ වෙලාවේ මම ඊට හිනාවකින් විතරක් උත්තර දුන්නේ, මගේ පළමු ප්‍රේමය බිඳ වැටිලා මම ඒ ගැන අන්තර් ජාලය අස්සේ
මගේ ඉඩේ තනිව කතිකාවක් ගොඩ නගමිනි හිටි නිසාවෙන්. ඒත් ඔහු අහපු ප්‍රශ්ණේ මගේ හිත
තුල කැකෑරෙමින් තිබ්බ ප්‍රෂ්ණයක්.., කොහොමටත් මම පසුව තේරුම් ගත්තා හිතේ දුකට එදිරිව තනි පුද්ගල කැරැල්ලක්
ගසන්නට යාමෙන් වෙන්නේ මගේ හිත තුවාල වෙන එකමයි කියලා.., පසුව මේ දෙවල් ගැන මධ්‍යස්ථව හිතද්දී මට ආවේ ගැටලු දෙකයි
ඒ,
·
ඇයි එහෙම
ගැටලු අනිත් අය එක්ක බෙදාගතයුත්තේ..?
·
දෙදෙනෙක්
අතර වෙන දේ පෞද්ගලික නම් ඇයි ඈ/ඔහු එකිනෙකාගේ ආශ්‍රයෙන් වෙන් වූ සැනින් ඊට [අ]ප්‍රසිද්ධියක්
දෙන්නේ..?
ඇත්තටම ඔවුන් ඒකෙන් බලාපොරොත්තු වෙන්නේ මොකද්ද? ඇත්තටම වෙන්නේ පවතින ලෝකේ සබඳතා තොරතුරු තාක්ෂණයත් එක්ක
බැඳී තියෙනකොට අප වටා ප්‍රවාහයක් [crowd] සිටිනා බව දැනුනම අදහස් උදහස් දැනගන්නට අප තුල පවතින ඕනෑකම අපටත් හොරා අපේ
හිත් ඔස්සේ සමාජ ජාල අඩවි හරහා එලියට එන බවක්..,
" මිනිස්සු කොහොමත් කැමති නෑ, තනියම ඉන්න.., ඒකයි මිනිස්සු අන්තර්ජාලය හරහා හමු වුන කිසිදා නොදැකි මිනිස්සුන් හට
ඔවුන්ගේ දුක පවසා හිත් නිදහස් කරගන්නේ හරියට, මම ඔයාට මගේ දුකක් කියනවා වගේ..,"
වසර පහක සිට මා හා සතියකට වරක්වත් කතා
කරන මගේ ජපාන මිතුරිය තොමෝයි මේ ගැන ඇයගේ අදහස විදියට කියන්නේ. සමහරවිට සුධීරාට හිතේ මොනවා හරි ගැටලුවක් ඇති
ඒ නිසා වෙන්න ඇති එයා මේ විදියට හිතේ දුක එළියට දාන්නේ.., ඒත් ඒකෙන් අනිත් අයගේ ආකර්ෂනය හොයන එකනම් තේරුමක් නැති
වැඩක්..! අපි අන්තර්ජාලය තුල චරිතයක් වෙන්නට අපේ පෞද්ගලික බව ඕනෑවට වඩා භාවිත
කලොත් ඉන් සිදුවන හානිය වන්නේ අපටමයි.., මම මේ ගැන කල්පනා කරමින් තීරය
දෙසට නෙත් යොමු කරා.., තවමත්
කට්ටිය චැට් එකේ බරටම කතාව මම ඒ පැත්තට යන්න මගේ ඇඟිළි ඉක්මන් කෙරුවා.
No Comments.....! ;)
ReplyDeleteoops :)
Deleteආදරයේ අත්දැකීම් බෙදා ගැනීම තුලින් කෙනෙක් සතුටක් ලබනවා මම හිතන්නේ
ReplyDeleteඔව් බොහෝ දුරට.., ඒ අපේ හැටි.., කෙනෙක් එක්ක දෙයක් බෙදාගන්නකොට තමා සතුටක් දැනෙන්නේ., ඒත් මට හිතෙන්නේ ආදරේ කියන්නේ ඇතුලු හදට නැමිච්චි සංවේදනාවක් කියලා, ඒ නිසා වෙන්න ඇති මගේ අතින් මේ වගේ දෙයක් ලියවෙන්න ඇත්තේ..,
Deleteහරිම අමාරු ගැටලුවක්.. ඇයි ගැහැනුන් ඔවුන්ගේ පුද්ගලික බව සේල් කරන්නේ?? සමහර කවි වලින් සගවා තිබුනත් කලක් කවි සමග ගැටුන අයට එය නොතේරි යන්නෙ නැහැ..
ReplyDeleteතම පෙම්වතා සමග එක කාමරයක ගතපු පිංතූර වගයක් එක්වරක් මගේ මිතුරියක අන්තර්ජාලගත කර තිබුනා..ඔවුන් කසාද බැදලා නැහැ..එහි පැහැදිලිව ඔවුන් සටින්නේ හෝටල් කාමරයක බව පෙනුනා..ඇය එයින් කුමක් අපේක්ෂා කරාද කියන්න දන්නෙ නැහැ..
එය අවිඥානිකව දැමුවා කියා සිතන්ටත් බැහැ..ඇය විසින් එය පසුව අයින් කලත් එය එසේ ප්‍රසිද්දියේ දැමීම වරදක් බව ඇගිල්ලෙන් ඇන පෙන්වා දීමට තරම් ඇය නොමේරු අයෙකු නෙමෙයි.. ඕක එක්තරා මනෝභාවයක්...
ඕකට වචනයක් සහ හේතුවක් තියෙනව. ඒත් ඒ දෙක එකට ගැලපෙන්නේ නෑ.., ගැලපීම හොයාගත්ත දවසට මේ ගැටලු පැන නොනගීවී කවදාවත් ම.
Deleteවචනේ තමා "ප්‍රදර්ශනකාමය"
හේතුව තමා "නොතේරුම්කම".
මටනං හිතෙන්නෙ ඔතන තියෙනවා අර ඇවේලබිලිටිය පෙන්වීමේ අභ්‍යන්තර උවමනාවක්. ඒ කියන්නෙ පැණි සීන් එකම නෙවෙයි. අනිත් පුද්ගලයට ඒක දනවන්න අවස්ථාවක් වගේ එකක්. එහෙම නැත්තං තමන් තනි නැහැයි කියන එක තමන්ටම ප්‍රත්‍යක්ෂ කරගැනීමේ උවමනාවක්!
ReplyDeleteමේ ජංජාලේ අස්සේ කවුද බන් තනි නොවෙන්නේ.., FB එකේ දාස්ගාණක් යාලුවෝ හිටියට හදිස්සියක් උනාම ඉන්නේ කීයෙන් කීදෙනාද? ඒ සීතල උණුසුම වඩා.., මූණට මූණලා ඕනෑම හදිස්සියකදී කතා කරන්න එකෙක් හරි ඉන්න එක වටිනවා.., හරියට උඹලා අපි වගේ.
Deleteමං කියන්නේ මේක ගැනුන්ගේ ප්‍රශ්නයක් විතරක් නෙමේ. මේ අත්දැකීම් බෙදා ගැනීම පිරිමිත් කරනවා නේ. අද වැඩියෙන්ම ජනප්‍රිය බ්ලොග් අතරේ තියෙන්නේ පුද්ගලික කතා බෙදා ගන්න අඩවි නේද? එත් මං පුද්ගලිකවම, මා බෙදා ගන්නේ සාමාන්‍යයෙන් බොහොම පොදු වෙන කාරණා ටිකක් විතරයි. එහෙම බෙදා ගන්නේ ඒවා ප්‍රදර්ශනකාමී සිතකින් නොවේ. ඩයිරි ලියන උන් ඒකට ඇබ්බැහි වෙන්නා සේ බ්ලොග් ලියන උන් ඒකට ඇබ්බැහි වෙනවා. ඒක වෙනමම තත්ත්වයක්.
ReplyDeleteඅනෙක් මෙහෙම දෙයක් අහන්නම හිතෙනවා. අපි ලියන හැම කවියක්ම(නිර්මාණයක් ම) අපේ අත්දැකීමෙන් උපදින්න ඕනාද? ඒක වෙන්නේ එහෙමද? හොදම කවි ලියවෙන්නේ අපේ ජිවිතෙන් විතරමද? නැහැ. වස්තු බිජය උපදින්නට සිතිවිලි ස්වකීය ජීවිතය සමඟම සංවාසයේ යෙදිය යුතු නෑ. ඇස කණ නාසය ස්පර්ශය සිත මේ දේවල් තියෙන්නේ... ඒවාට පුළුවන් කවි වදන වැදුම් ගේ වෙන්න.මංදා මට නම් එහෙමයි. නිර්මාණයක් පුද්ගලික නෑ. නමුත් ඇත්ත ආත්ම-කථනයන් බ්ලොග්කරණයත් එක්ක දැවටෙන එක සමහර ජිවිත වලට ගැටළු මතු කරනවා තමයි. මේ වචන අස්සේ අමුණා ඇති කවියේ නම් කවි රහක් නෙමේ මටත් ඇහෙන්නේ අදෝනාවක් කළකිරීමක්. නමුත් ඒක පුද්ගලිකයි කියන තැන මං නෑ. මා නොදන්නා සුධිරාගේ අල්ලපු ගෙදරින් ඈ මේ සිද්ධිය අහුලා ගන්නට ඇති. නැත්නම් ඈ ට එක මොහොතකට මේ අත්දැකීම ගැන යමක් හිතෙන්නට ඇති. ඒ ඕනම දෙයක් වෙන්න පුළුවන්. හෙට සුධිරා ලියයි ජිවිතය සුන්දරද මේතරම් කියලා. ඒතකොටත් ඒක එහෙමද?
අර ජපන් යාළුවා කියන කතාවත් ඇත්ත. මිනිස්සු කැමතියි තමයි. ස්වභාවයෙන් ම මිනිසා රංචු මානසිකත්වයකින් යුතුයි.
මේ පොස්ටුව ලොකු අගාධයකට විවර වන පුංචි හිලක් විතරයි. මේක මෙහෙමෙ ලියලා හෝ කතා කරලා කෙළවර වෙන්නේ නෑ.!
ඔව් ඇත්ත මේක ගෑනුන්ගේ ප්‍රශ්ණයක් විතරක් නොවෙයි තමා.., එහෙම බැලුවම මේ කතාව සාපේක්ෂයි.., දුක හලලා හොටු පෙරලා කොමෙන්ට් ගත්තු කාලයක් මටත් තිබුණා. මගේ කවි බ්ලොග් එකේ මුල් කාලේ බහුතරය එහෙම ඒවා. (දැනුත් එහෙමද මංදා) සමහර විට සුධීරා ඔයා මම අපි කවුරුවත් නොදන්නා හේතුවක් නිසා එහෙම ලිව්වද දන්නෙත් නෑ.
Deleteපණ නැති අකුරු වලට ජීවය කවන්නත් හොඳ රහක් තියෙන්න ඕනේ.., ඒක හැමෝටම කරන්නත් අමාරුයි.., ඒත් ඒ රහ, කුණු රහද, සාහිත රහද කියලා බෙදා නිසිලෙස වෙන්කරගන්න අපි දැනගතයුතුයි. මේ රස දෙක මාරු කරලා හඳුණගත්තොත් වසලා හමාරයි..!
// අපි අන්තර්ජාලය තුල චරිතයක් වෙන්නට අපේ පෞද්ගලික බව ඕනෑවට වඩා භාවිත කලොත් ඉන් සිදුවන හානිය වන්නේ අපටමයි.., \\
ReplyDeleteමේ සීන් එක සම්පූර්ණ ඇත්ත. 2006 දී අන්තර්ජාලය තුල හිටපු මම නෙවෙයි 2013 වෙද්දී ඉන්නේ. ඒ අතිං මමත් පරාදයි...
රුපෙන් පෙනුමෙන් හඬින් වෙනස් වෙන්න කල් ගියාට මචන් සිතුවිලි වලින් කෙනෙක් රූපාන්තරණය වෙන්න තත්ත්පරයක්වත් යන්නේ නෑ..!
Deleteසහතික ඇත්ත.
තාමත් අන්තර්ජාල චරිත,මිතුරුකම් සැබෑ දේවල් නෙමේ,,,සුලු ප්‍රමානයක් විතරයි සැබෑව පේන්නේ...
ReplyDeleteඒක හරි බන්z ඔය ඔක්කොම කතන්දර විප්ලව කැරලි log out button එක ඔබපු ගමන් ඉවරයි. :)
Deleteඕකට තමයි මේක තියෙන්නේ
ReplyDeleteඉතින් ඇයි ඒක පාවිච්චි නොකලේ..?
Deleteහිතාගන්න බෑ.. හැබැයි මෙහෙමයි. අනිකාට අපිට අවුල් කියලා පෙන්නන්න, අවේලබිලිටිය පෙන්නන්න. තව එක එක ඒවා තත්වය අනුව තියෙනවා හැබැයි. පොඩි හොඳක් තියෙන්නේ හිතට එන එක කියන්න තියෙන ගස් බෙනයක් වගේ ඕක තියෙන එක තමා. ඒක නිසා ඒ අතින් හොඳයි හැබැයි ඉතින් උණ පඳුරු ටික වගේ ෆෙන්ඩ් ලිස්ට් එකක් තියෙනවානම් ඉතින් සොරි තමා. කොහොමත් හැමෝම ලියන්නේ තමන්ගේ පුද්ගලිකත්වය අහපු දැකපු දේවල් ඉතින් ඒක සමාජගත කරන විදිහ අනුව ඒක හොඳයිද නරකයිද කියන එක තීරණය වෙනවා. මම නම් කියන්නේ ඕක සාමාන්‍යයි. අපිට පුද්ගලිකත්වය ඕනිද නැද්ද කියන එක අපිම තීරණය කරන්න වෙනවා වගේම පස්සේ ඒක නැතිවීමේ බලපෑමත් අපිම බාරගන්නවානම් වෙන මොන කතාද?
ReplyDeleteකාලා රීපු එකත් ෆොටෝගහල ෆේස්බුක් දාන එවුන් ඉන්න රටක ඔව්වා නම් මොනාද බන්
Deleteකොහොමත් මම එක දෙයක් කියනවා.. අන්තර්ජාලයෙ ඉන්න වුන්ගෙන් අපි පොරවල් කියලා හිතන මහර අය මෙලෝ වැඩක් නෑ.. ඒත් බොහොම නිශ්ශබ්ද මාර පොරවල් ඉන්නවා... එක එක මානසික චලන හා මනෝ භාවයෙන් තුළ ඒ අය එක එක දේවල්..කරයි... හැබැයි ඒකෙන් ඒ මිනිහාව මයින එකත් වැරදි. කොහොමත් එදා ගැහැණිය සහ අද ගැහැණිය අතර වෙනසට වඩා සමාජ ජාල ගැහැණිය සහ සාමාන්‍ය ගැහැණිය අතර වෙනසක් තියෙනවා.
ReplyDelete(මම කාලෙකට පස්සෙ අපේ ලිසා ලොකු අයියාට කමෙන්ට් එකක් දැම්මා..ඒකෙ නියමම කාරණාව තමා කාලෙකට පස්සෙ මගෙ පුංචි රැලි අඩු මස්තිෂ්කයට උඹ ලියපු දෙයක් තේරුණා.)
අනේ සාධු එහෙනං කොච්චර පිණක්ද :D
Delete