රෑ තිස්සේ පොත් කියවන පොත් ගුල්ලන්ට..,
පොත් වලට අපි කොයි තරම් ඇබ්බැහි වෙලා ඉන්නවද කියනවා නම්, කලුවර වැටුනට පස්සේ ඉඳගෙන පොත කියවන තැනින් නැගිටලා ලයිට් එකක් දාගන්නවා වෙනුවට අඳුරට සාපේක්ෂව ඇස් දෙක පොතට ළං කරගෙන කියවන්න උත්‍සහ කරපු අවස්ථා මම හිතන්නේ අතීතය අමතක නැති පොත් ලෝලී කියවන්නෙක් නම් අනිවාර්යයෙන් ඔබටත් උරුම ඇති.
එහෙමත් නැති නම් බෝඩිමක පදිංචි වෙලා වැඩට යන එන කෙනෙක් නම් මැරිලා මැරිලා කාමරේ වැටිලා නිදියන්න එන ඔබේ මිතුරාට දෙගොඩ හරි ජාමයක් වෙනකම් ගලන ඔබේ පොත් කියවිල්ල මල කරදරයක් වෙලා ඔබේ කිසිත් නොදන්න අම්මා අප්පා මතක් කල අවස්ථා ඇති.
තමන් කැමතිම පොතේ හොඳම කොටස කියවගෙන යනකොට එක පාරටම විදුලිය විසන්ධි වී දැහැන බිඳී පොත් කියවීම උගහට වූ කෙනෙක් වෙන්නට ඇති..,
එහෙව් ආලෝකය නැතිවීම යන සාධකය කාරණා කරගෙන ඔබේ කියැවීම නවත්වා දමා ඉන්නට දැන් අවැසි වෙන්නේ නෑ.., මේ උපකරණය ඔබ ළඟ තියෙනවා නම්..,
book light! නිවසට සුපුරුදු විදියට අඩුවැඩිය ගේන්නට ෆුඩ්සිටියට ගොඩ වැදුනු වෙලාවේ තමා මට මේ අපූරු උපකරණය හමු වුනේ.., රුපියල් 690 මිලක් සහිතව වෙළඳ පොලට මෙය නිකුත් කරන්නේ එනජයිසර් ලංකා ආයතනයි.., එල් ඊ ඩී බල්බයකින් සහ එක දිගට භාවිතා කරන්නේ නම් පැය 30ක ආයු කාලයක් පවතින CR2032 ලිතියම් වියලිකෝෂ දෙකකින් සමන්විත මේ උපකරණය පොතේ ප්‍රමාණයට අනුව නම්‍යශීලීව සකසා ගත හැකි බඳකින් යුක්තයි..,
කොටුව දෙවැනි හරස් වීදියේ නිතර සැරිසරන්නෙක් හෝ අන්තර්ජාල වෙළඳ අඩවි භාවිතා නම් මීට වටා ඉතා අඩුමිලට මේ උපකරණයම මිලදීගත හැකිවේවි.
මරු අයිටම් එකක්! පාවිච්චියක් වෙන එකක් නෑ! ඒත් ගන්න හිතයි! ඒත් පාවිච්චික් නැතුව භාණ්ඩ මිලදී ගන්නේ මොකටද? ;)
ReplyDeleteපාවිච්චි කරන්නේ නැති නම් ගන්න එක අපරාදේ නේද?
Deleteනියම භාණ්ඩයක්... අද හෙටම ගන්න ඕනේ...
ReplyDeleteඇදේ ඉදන් පොත් කියවලා ආයිමත් ඇදෙන් බැහැල ලයිට් එක නිවනවා කියන්නේ එපාම කරපු වැඩක් මට... ස්තුතියි විස්තර දුන්නට...
ජය!
Deleteපොත්වලින් තොර ලෝකයක් නෑ කියල දන්න හින්ද මටත් අය්ය කෙනෙක් මේකක් ගෙනැත් දුන්නා.ඒත් වැඩක් නැහැ.ඕවා පාවිච්චි වෙන්නෙ නෑ.
ReplyDeleteඅපි ඉන්න පැත්තට නිතරම කරන්ට් යනවා ඒ නිසා.., මේක හරි පොරෝජං..! :)
Deleteහොඳ දෙයක්.. තෑග්ගක් දෙන්නත්!!
ReplyDelete