කියවන, කියවිය යුතු සහ නොකියවූ

4 comments
ලියන්න දෙයක් නැති උනාම ලියවෙන්නේ මහ අමුතු දේවල්.., මේ දවස් වල ඔලුවේ තිබ්බ අදහස් ටික එක සුමේට එලියට දාපු හින්දාද කොහේදෝ මේ දවස් වල ලියවෙන්න එන අදහස් මඟක් ගිහිල්ලා ලොප් වෙලා භින්න වෙලා යන එක මහ කරුමක්කාර සීන් එකක්.., ඒ උනාට ඒ දේවල් ලියන්න වැය කල වේලාව මම කියවන්න අතෑරිච්චි පොත් කියවන්න වැය කලාම අර පාඩුව ක්‍රමක්‍රමයෙන් ශූන්‍ය වෙන්න ගත්තේ මටත් නොදැනීම.., මේ දවස් වල මම කියවන්නේ මගේ හිතාදර මිතුරියක් වන මලීගෙන් ඉල්ල ගත්තු පොතක්.., ඒක කතාවක් නොවුනත් කතුවරයාගේ කාලය සහ අත්දැකීම් වල හරස්කඩක් කියලයි මට නම් හිතෙන්නේ..,

පොත ලියලා තියෙන්නේ තිස්ස අබේසේකර, පොතේ නම අයාලේ ගිය සිතක සටහන්.., පොතේ මිලට සාපේක්ෂව එහි වටිනාකම ඉතාම ඉහලයි කියලයි මට නම් හිතෙන්නේ.., මේ ආකාරයේ ස්වයං අත්දැකීම කියවන්න මම පුරුදු උනේ සුනේත්‍රාගේ මතකපොත එක සහ දෙක කොටස් කියවන්න අරගෙන.., සුනේත්‍රා ඒ ලියපු මතක පොත තීරු ලිපි එකතුවක්.., අයාලේ ගිය සිතක සටහන් කියන්නේත් තීරු ලිපි එකතුවක්.., සරළ බසින් එදා ජීවත් වෙච්චි සමාජය ගැන සුපරීක්ෂා කාරීව ලියලා එක්තැන් කල අදහස් ගොන්නක්.
මේ වගේම තවත් පොතක් මම කියවන්න හිතාගෙන ඉන්න ලිස්ට් එකේ උඩින් ම තියෙනවා ඒ ගංගානාත් දිසානායකගේ පැණි වළලු. මම ඔය පොත ගන්නම සරසවියට ගොඩ වැදෙද්දී පොත ඉවර වෙලා ආපහු ප්‍රින්ට් එකක් එන්න ඕනේලු.., පොත් ප්‍රදර්ශනය බලන්න ගියේ නැති නිසා පොත ඇවිල්ලාද කියලා මම දන්නේ නෑ.., වෙලාවක ගිහින් බලන්න ඕනේ ඔලුව දාලා. කැමති නම් මේ සබැඳියෙන් කතුවරයාගේ ආයතනික බ්ලොග් අඩවියට ගිහින් පැණි වළලු තීරු ලිපි ටිකක් කියවන්න පුලුවන්.

ඊට අමතරව අපේ හිතාදර "මගේ මරණය" පොත් ප්‍රදර්ශනය බලන්න යනවා කීව වෙලාවේ පුලුවන්නම් කොපියක් ගනින් කියලා කියන්න හිතාගෙන හිටපු පොතක් තිබ්බා.., ඒ තමා මම කාලයක් ආසාවෙන් කියවපු බලංගොඩ සරත් මධූ ඇඳි ඉතින් ඊට පස්සේ චිත්‍ර කතාව.., ඒක මේ පාර පොත් ප්‍රදර්ශනේ දී පොතක් විදියට එළිදක්වලා තිබුණා.

මේ පොත් ඔක්කොම ඔලුවේ තියාගෙන හෙට අනිද්දාට වත් වට්ටම් නැතත් අවිස්සාවේල්ලේ ගුණසේන එකට ගොඩ වැදිලා තියෙන පොත් ටිකවත් උස්සන් එන්න ඕනේ.., ඒක මම කොළඹ ගාටනවට වඩා ලාබයි.

4 comments :

  1. කිරින්දේ සරත් මදු මං දැකලා තියෙනවා...මිනිහාගේ චිත්තරත් හොදයි...හැබැයි ගොඩක් තිබුනෙ ජාතක කතා වගේ ඒවා...

    ReplyDelete
    Replies
    1. බුවා කිරින්දේද? මම හිතුවේ බලංගොඩ කියලා. හැමතැනම ලියා තියෙන්නෙත් එහෙමනේ??

      Delete
  2. කොටුවෙ ගුණසේන එකේනං සරත් මධුගෙ චිත්‍ර කතා ‍පොත් තිබුණා දැන් මාසෙකට උඩදි. තව සුසිල් ප්‍රේමරත්න මහත්තයගෙ, බන්ධුල හරිස්චන්ද්‍ර මහත්තයගෙ එහෙමත් පොත් තිබුණා. හැබැයි එක කතාවක් වෙළුම් 2ක් විධියටයි තිබුණෙ. එකක් රු. 400ක්ද කොහෙද වුණ නිසා ගන්න එක කල් දැම්මා. හැබැයි අනුර ශ්‍රීනාත්ගෙ 'පිස්සු නැත්තං ෂෝක් පුතා' චිත්‍ර කතාවනං ගත්තා :-)

    ReplyDelete
    Replies
    1. ඔව් බන් ඒ ටික මමත් ගන්න බලාගෙන ඉන්නවා, මේ පෝස්ට් එක ලියලා මාස තුනක් වෙන්නත් එනවා තවමත් මම ඒ ටික ගන්න ලැබුණ්නෑ.., ඒත් සෙංකොට්ටං, විසේකාරී, පිරිමි ගොඩයි මං විතරයි වගේ කීපයක් නං ගත්තා..!
      අර ටිකත් ගන්න ඕන..!

      Delete