Vagabond Rides

12 comments

                  ම ගොඩක් වෙලාවට මට හිතෙන දේ කරන්න කැමතියි, ඒත් කරුමෙට වගේ මම ඒ කරන දේවල් වලට මොනවා හරි කියන්න කවුරු හරි මම අඳුනන අය අතර ඉන්නවා, ඒක හැටි, ඒක මාව හදන්න තියෙන උවමනාවට කියනවද එහෙම නැති නම්, මාව නසන්න උවමනාවට කියනා එවාද කියලා මට කුලක ගත කරන්න අමාරුයි.., මොකද මම බොහෝ වෙලාවට දෙයක් කරන්න කලින් හැමෝගේම අදහස් උදහස් ගත්තත් බොහෝවිට මම කරන්නේ මට ඔන දේවල් විතරක් නිසා.
ඒත් ඊට කලින් මට මගේ මිතුරන් කියූ දේවල් මතක නැතිව නොවේ. ඒවා මම පාවිච්චි කරන්නේ මගේ උත්සහයන් පුස්සක් උනෝතින් ඊළඟට කල යුත්තේ කුමක් දැයි තීරණය කිරීම සඳහා.., [backup plan], මම මෙහෙම ලියන්න හිතුවේ කාලේකට කලින් මට ආසාවක් තිබ්බා.., අතේ සීමිත මුදලක් තියාගෙන එළියට බැහැලා, ඒ මුදලට ගැලපෙන ආකාරයේ කොහේ හෝ ඉසව්වක සංචාරයේ යෙදෙන්න. එය ළඟපාත වෙන්න පුලුවන් දුර බැහැරක් වීමටත් බැරි කමක් නෑ.
මීට පෙර මම කීප වතාවක් ම මම එසේ සිතාගෙන එලියට බැස්සත් මම අවිඥ්ඥාණිකව අතිරේක මුදලක් මා සතුව තබාගෙනයි එසේ එළියට බැස ඇත්තේ.., ඉතින් ඒ ඒ ආවස්ථා වලද මම සංචාරය අතින් සාර්ථක උනත් මගේ අත ඇති මුදල මම දන්නා නිසාත් ඒ අවසාන උනොත් මා සතුව අතිරේකව මුදල් ඇති බව දන්නා නිසාත් මම හෘදයාංගමව මම තුටු වූයේ නෑ.
ඒත් මගේ මිතුරෙක් මේකට සාර්ථකව මුහුණ දෙනවා.., ඔහු වෘත්තියෙන් ගුරුවරයෙක් නමුත් ඔහුට අතිරේක ගමන් බිමන් නිමක් නෑ.., ඔහුට යම් හිත් තැවුලක් නො එසේනම් ගැහැටක් වී හිත එකලාසයක් කරගැනීමට ඔහු භාවිතා කරන්නේ මේ ක්‍රමවේදය..., එය ඉතා පහසු මෙන්ම ඉතා ප්‍රථිපල දායක ක්‍රමවේදයක්, ඔහු කියනා හැටියට.,
මා මෙන්ම සේයාරු හසුකරගන්නට කැමැති කෙනෙකු නිසාවෙන් ඔහු කියනා ආකාරයට මේ ක්‍රමවේදය තුලින් ඔහුගේ රූප එකතුවට පෙර නොවූ විරූ රූප ගොන්නක් එකතු වී තිබෙනවා.., නුවර එළිය, නුවර, අනුරාධපුරය, බදුල්ල, හම්බන්තොට මේ ආදී නෙක පලාත්වල සංචාරයේ යෙදෙන්නට ඔහුට වියදම් ලෙස යන්නේ ඉතා අවම පරිමිතියක මුදල් ප්‍රමාණයක්.
ඔව් ඒකෙන් මම හරිම සතුටක් ලබනවා.
සමහරවිට මගේ ගමන තීරණය වන්නේ ගමන් ගන්නා ප්‍රවාහන මාධ්‍යය මතයි, එය බස් එකක්, කෝච්චියක් එහෙමත් නැතිනම් බෝට්ටුවක් පහුරක් වන්නටත් තියෙන ඉඩකඩ වැඩියි..,
ඒත් ඉන් ලබනා ආත්ම තෘප්තිය ඊට වඩා දහස් වරක් ඉහලයි.
මේ වගේ රස්තියාදුකාර ගමන් ගැන ඔහු කියන්නේ අන්න එහෙමයි.

අනික් ප්‍රධානම දේ තමයි ආහාර
ආහාර ගැනීමේදී වැඩිපුරම සැලකිලිමත් වෙන්නට අවශ්‍ය වන්නේ ජලය ගැන පමණයි.., ඒ උදරාබාධ වලට හසුවීමට ඇති ඉඩකඩ වැඩි නිසා. මෙතනදී අපි අවධානයට ගත යුතු දෙයක් තියේ නම් ඒ ප්‍රදේශයෙන් ප්‍රදේශයට ජලයේ ස්වභාවය වෙනස් වෙනවා.., ඉතින් මේ වෙනස අපේ උදරයට බලපාන්නේ කෝමද කියන එක ගැන මා තුල නම් තියෙන්නේ බයක්.. ඉතින් ඔබට කල හැකි සරළම දේ තමයි බෝතල් කල පානීය ජලය භාවිතයට ගැනීම. ඒ වගේම ආහාර ගැනීමේදී හොදි භාවිතාව අඩු කිරීම සහ ජලය පානය ගැන සැලකිලිමත් වීම තුලින් ඊට සහනයක් ලබාගන්නට හැකියි.

පිටින් බලන්නෙකුට මේ ගමන් නිකරුනේ මුදල් වැයවන කිසිම හරයක් නැති ගමන් වගේ පෙනෙන්න තියෙන ඉඩකඩ වැඩි උනාට ඉන් ඒ ගමනේ යෙදෙන්නා ලබන මානසික සුවය මුදලින් මැනිය නොහැකියි.

වෙලාවක එහෙම ගිහින් බලන්නෝන.

12 comments :

  1. මීට වඩා සෑහෙන්න දිග යමක් කියවන්න හිතාගෙනද මන්දා මම ආවෙ.. කමක් නෑ මිත්‍රයා ..
    ටිකක් දුර හිත රස්තියාදු කරන්න හොඳ අකුරු ඩිංගක් හොඳටම ඇති.

    ReplyDelete
    Replies
    1. මේ ලිපිය මීට වඩා බොහෝම දිගට ලියන්නට පුලුවන්.., ඒත් මොකටද අකුරු නාස්ති කරන්නේ.. අනිත් අතට මමත් ලියන්න කම්මැලි නෙව. ;)

      Delete
  2. වතුර ගෙනියන එක එච්චර වාතයක් කරන් එපා.. වතුර ගෙනියන එක එක ජාතියෙ ලක්ෂන බෝතල් දැන් වෙලද පොලේ තිබෙනවා..

    ReplyDelete
    Replies
    1. බර, කාලය සහ බෝතලේ ඉවර උනාම ආපහු පුරවාගන්නට විශ්වසනීය ජල ප්‍රවාහයක් නොමැතිවීම වගේ කාරනා බලපාන්න පුලුවන් නිසා මම කරන්න නම් කැමැති මේක තමා.., ඒත් උඹ කියාලුදේ කරන්න හැකිනම් හරියට ම හරි..!

      Delete
  3. mamath bohowita mehema yanna hithanawa, namuth yana awasthawa nam adui, mata thiyena loku asawak thamai, paapadiyakin me widiyata yanna, langa paatha nam ehema yanawa namuth ewa dawasakata wada eha yanne naa...

    Kadima postuwak, matath mage gana hithanna aluth muhunuwarak!!

    Sthuthi lishan aiya,..

    (Singlish walin ketima gana kanagaatu wenawa, aluth ubuntu walata thaama bari una unicode da ganna)

    ReplyDelete
    Replies
    1. මෙහෙම යන එක අවුලක් නෑ බන්..!
      මිනිහෙක්ට ජීවිතේ විඳින්න පුලුවන් හරියටම, තමන් තනි උනාමයි කියන තියරිය මම තරයේ අදහනවා..!!

      සින්ග්ලිශ් වලින් කෙටුවට මක් වෙනවද? කියනදේ තේරෙන්නනේ ඕනේ :)

      Delete
  4. Vagabond Rides කීවම මාත් දුවගෙන ආවා.
    ලිශාන් ඔය සංචාරය කිරීම ඒ තරම් අපහසු නෑ. හිතට ගන්න එක විතරයි තියෙන්න ඕනේ.
    මම දන්න මෙන්න මෙයා මේ විදිහේ සංචාර යන්න හරිම දක්ශයි වගේ පේන්නේ. ඔහු අනිවාර්යෙන් ඔබට මට වඩා අඩු පහසුකම්මත් ගමන් යන කෙනෙක් වෙන්න ඕනේ. පොඩ්ඩක් කියවලා බලන්නකෝ. ඒක කියෙව්වම මටත් ආස හිතුනා එහෙම සංචාරය කරන්න. ඒත් මේ වයසට අපිට දැන් ඒවා හීන විතරයි ඉටු නොවෙන.
    http://vidura-weerasinghe.blogspot.it

    ReplyDelete
    Replies
    1. මම විදුරගේ බ්ලොග් එක බැලුවා..!!
      ඇත්ත කතාව.., අපි කටින් කිව්වට මිනිහා ඒක ක්‍රියාත්මක කරලා
      මරු!

      Delete
  5. කතාව ඇත්ත... ඒත් තනියම යනවට වැඩිය එකෙක් දෙන්නක් එක්ක යන්න මං කැමතියි...

    ReplyDelete
    Replies
    1. ඇත්ත. ඒත් එතකොට තමන්ගේ ධාරණාවට වෙන අය ඉන්ටෆිය වෙනවා වැඩියි..! ඒකට මම ආස නෑ..!!! :)

      Delete
  6. Mage thiyenneth oya theory ekama thamayi saho. Hema maasa 6kata serayakma holiday yanawa sathiyak dekak gprs eka witharai athe thiyenne. Anika back pack eka. Kisima minihek danne nethi kisima deyak paarak thotak danne nethi eth sobhaawa saurndaryaya ekka fun ganna eka hithata godak fit. Eth salli gena hithanta honda nehe. Wiyadama serai thamai. Eth hithata lebena senasima salli walata ganta behe. Honda lipiyak. Jaya wewa..!!

    ReplyDelete
    Replies
    1. කොහොමත් නොදන්න දිහාවක ඔලුව හැරුනු අතේ ගිහින් ලබන්න තියෙන අත්දැකීම් හරිම නැවුම්.., මම ඔයා උනා නම් ටිමතු, මම අරගෙන යන්නේ ඔයා උඩ කියල තියෙන දේවල් වලට අමතරව කැමරාවක් විතරයි. සොභාව සෞන්ද‍ර්‍ය විඳිනවා නම් අපි තවම ආවරණය කරලා තියෙන්නේ ඉතාම සුලු කොටසක් විතරයි. මේ රට පොඩි උනාට තව අනන්ත අප්‍රමාන තැන් තවම හැංගිලා ඇති අපි පය නොතබපු..
      ස්තූතියි කොමෙන්ටුව ට.!
      ජය!

      Delete