
මම ගොඩක් වෙලාවට මට හිතෙන දේ කරන්න කැමතියි, ඒත් කරුමෙට වගේ මම ඒ කරන දේවල් වලට මොනවා හරි කියන්න කවුරු හරි මම අඳුනන අය අතර ඉන්නවා, ඒක හැටි, ඒක මාව හදන්න තියෙන උවමනාවට කියනවද එහෙම නැති නම්, මාව නසන්න උවමනාවට කියනා එවාද කියලා මට කුලක ගත කරන්න අමාරුයි.., මොකද මම බොහෝ වෙලාවට දෙයක් කරන්න කලින් හැමෝගේම අදහස් උදහස් ගත්තත් බොහෝවිට මම කරන්නේ මට ඔන දේවල් විතරක් නිසා.
ඒත් ඊට කලින් මට මගේ මිතුරන් කියූ දේවල් මතක නැතිව නොවේ. ඒවා මම පාවිච්චි කරන්නේ මගේ උත්සහයන් පුස්සක් උනෝතින් ඊළඟට කල යුත්තේ කුමක් දැයි තීරණය කිරීම සඳහා.., [backup plan], මම මෙහෙම ලියන්න හිතුවේ කාලේකට කලින් මට ආසාවක් තිබ්බා.., අතේ සීමිත මුදලක් තියාගෙන එළියට බැහැලා, ඒ මුදලට ගැලපෙන ආකාරයේ කොහේ හෝ ඉසව්වක සංචාරයේ යෙදෙන්න. එය ළඟපාත වෙන්න පුලුවන් දුර බැහැරක් වීමටත් බැරි කමක් නෑ.
මීට පෙර මම කීප වතාවක් ම මම එසේ සිතාගෙන එලියට බැස්සත් මම අවිඥ්ඥාණිකව අතිරේක මුදලක් මා සතුව තබාගෙනයි එසේ එළියට බැස ඇත්තේ.., ඉතින් ඒ ඒ ආවස්ථා වලද මම සංචාරය අතින් සාර්ථක උනත් මගේ අත ඇති මුදල මම දන්නා නිසාත් ඒ අවසාන උනොත් මා සතුව අතිරේකව මුදල් ඇති බව දන්නා නිසාත් මම හෘදයාංගමව මම තුටු වූයේ නෑ.
ඒත් මගේ මිතුරෙක් මේකට සාර්ථකව මුහුණ දෙනවා.., ඔහු වෘත්තියෙන් ගුරුවරයෙක් නමුත් ඔහුට අතිරේක ගමන් බිමන් නිමක් නෑ.., ඔහුට යම් හිත් තැවුලක් නො එසේනම් ගැහැටක් වී හිත එකලාසයක් කරගැනීමට ඔහු භාවිතා කරන්නේ මේ ක්‍රමවේදය..., එය ඉතා පහසු මෙන්ම ඉතා ප්‍රථිපල දායක ක්‍රමවේදයක්, ඔහු කියනා හැටියට.,
මා මෙන්ම සේයාරු හසුකරගන්නට කැමැති කෙනෙකු නිසාවෙන් ඔහු කියනා ආකාරයට මේ ක්‍රමවේදය තුලින් ඔහුගේ රූප එකතුවට පෙර නොවූ විරූ රූප ගොන්නක් එකතු වී තිබෙනවා.., නුවර එළිය, නුවර, අනුරාධපුරය, බදුල්ල, හම්බන්තොට මේ ආදී නෙක පලාත්වල සංචාරයේ යෙදෙන්නට ඔහුට වියදම් ලෙස යන්නේ ඉතා අවම පරිමිතියක මුදල් ප්‍රමාණයක්.
ඔව් ඒකෙන් මම හරිම සතුටක් ලබනවා.
සමහරවිට මගේ ගමන තීරණය වන්නේ ගමන් ගන්නා ප්‍රවාහන මාධ්‍යය මතයි, එය බස් එකක්, කෝච්චියක් එහෙමත් නැතිනම් බෝට්ටුවක් පහුරක් වන්නටත් තියෙන ඉඩකඩ වැඩියි..,
ඒත් ඉන් ලබනා ආත්ම තෘප්තිය ඊට වඩා දහස් වරක් ඉහලයි.
මේ වගේ රස්තියාදුකාර ගමන් ගැන ඔහු කියන්නේ අන්න එහෙමයි.
අනික් ප්‍රධානම දේ තමයි ආහාර
ආහාර ගැනීමේදී වැඩිපුරම සැලකිලිමත් වෙන්නට අවශ්‍ය වන්නේ ජලය ගැන පමණයි.., ඒ උදරාබාධ වලට හසුවීමට ඇති ඉඩකඩ වැඩි නිසා. මෙතනදී අපි අවධානයට ගත යුතු දෙයක් තියේ නම් ඒ ප්‍රදේශයෙන් ප්‍රදේශයට ජලයේ ස්වභාවය වෙනස් වෙනවා.., ඉතින් මේ වෙනස අපේ උදරයට බලපාන්නේ කෝමද කියන එක ගැන මා තුල නම් තියෙන්නේ බයක්.. ඉතින් ඔබට කල හැකි සරළම දේ තමයි බෝතල් කල පානීය ජලය භාවිතයට ගැනීම. ඒ වගේම ආහාර ගැනීමේදී හොදි භාවිතාව අඩු කිරීම සහ ජලය පානය ගැන සැලකිලිමත් වීම තුලින් ඊට සහනයක් ලබාගන්නට හැකියි.
පිටින් බලන්නෙකුට මේ ගමන් නිකරුනේ මුදල් වැයවන කිසිම හරයක් නැති ගමන් වගේ පෙනෙන්න තියෙන ඉඩකඩ වැඩි උනාට ඉන් ඒ ගමනේ යෙදෙන්නා ලබන මානසික සුවය මුදලින් මැනිය නොහැකියි.
වෙලාවක එහෙම ගිහින් බලන්නෝන.
12 comments :
Post a Comment