පොත් එක්ක ජීවිතේ හා තවත් කතා

9 comments
සැප්තැම්බර් කියන්නේ පොත් වලට ආදරය කරන අයගේ ස්වර්ණමය මාසය, සවර්ණ පුස්තක සම්මාන අස්සෙන් එළියට එන පොත් ගන්න අපේ කස්ටිය ඉන්නේ සැදී පැහැදිලා.., කොහොමටත් පොත් වලට ආදරය කරන මිනිස්සුන්ට BMICH  එකේ තියෙන මේ පොත් මංගල්‍යය කියන්නේ ලිස්ට් හදාගෙන තමන් උපයන පඩියෙන් සුළු මුදලක් ඒ වෙනුවෙන් මොන අවශ්‍යතා තිබ්බත් වෙන් කරන ජාතියේ උත්සවයක්, පොත් ගන්න අස්සේ වෙනම ස්වීය පුද්ගලික හමුවීම් පවා මේ පොත් සල්පිල අස්සෙන් දාගන්න උත්සහ කරන්නේ මේ සලිපිල කියන්නේ තමන්ගේ හිත හිමි අයට ඒ ගැන කතා කරන්න පොත් හොඳ මාධ්‍යයක් සපයන නිසා.  මෙහෙම කියන මම පොත් කියවන්න පටන් ගත්හ හැටි මගේ අනිත් බ්ලොග් එකේ ලියලා තියෙන නිසා මම ආපහු කියන්න යන්නේ නෑ.., කැමති අයට ඒක මෙතැනින් බලන්නත් පුලුවන්.
කාලය වෙනස් වීමත් එක්ක මිනිස්සුන්ගේ අවැසිතා වෙනස් වීම සාමාන්‍ය දෙයක්, ඒ අස්සේ තමන්ගේ මූලික පරමාර්ත මුදුන්පත් කරගන්නවා වගේම ඊට අවැසි ක්‍රය ශක්තිය උපදවා ගන්නට ඌණ අවැසිතාවලට වෙන් කල මුදල් ඒ ඒ තැන්පතු වලින් ලබාගන්නත් සිදුවෙනවා.., ඉතින් මේ ක්‍රම වේදය තුලදී මා පවා ඉන් ගැලවීගත වූයේ නෑ.., මෙහි ප්‍රතිපලය වන්නේ ජීවිතයේ අර ඉහත කී පරමාර්ත මුදුන්පත් කරවා ගැනීම සඳගා අපි පොත් මිලදී ගැනීමට එකතු කල මුදල වියදම් වීමයි.., මේ අයුතු ක්‍රම වේදය සාධාරණය කරන්නට මගේ මුදල වියදම් කලේ මම ම නිසා, ඒ මතකයත් පෙරදැරි කරගෙන මෙහෙම හිතන්නට වුණා..,
මම ගැටහැත්තේ [රචකයාගේ ගම වන අතර එය කොළඹින් කි.මි. 72 කට පමණ දුරින් පිහිටා ඇත.] සිට කොළඹ දක්වා එන්නට සහ වෙනත් වියදම් වලට දරන්නට වෙන වියදම් එක්කලා බැලුවාම යම් ප්‍රතිශතයක් අඩුවෙන් මිල නියම කර ඇති කොළඹ ජාත්‍යන්තර පොහ් සල්පිලට ඇවිත් පොත් මිලදී ගැනීම මට අනුව පාඩු සහගත ක්‍රියාවක්.
ඔන්න ඔහොම කියලා මම මගේ හිත සනසා ගත්තා..,
ඒත්, ඕනෑම පොතක් එකම තැනකින් මිලදීගන්නට තියෙන හැකියාව නිසා අර මුදලේ ඌණ සංයුතිය ගැන කල්පනා කරලා ගෙදර ඉන්න එකනම් මහ අපරාදයක් කියලා හිතේ අනික් පැත්ත කියන්න ගත්තා..,

සල්පිල වන්දනා කරන්න යන්න බැරි උනොත් අඩුගානේ නුගේගොඩ, විදර්ශන, කියවන නුවණ, මරදාන දයාවංශ ජයකොඩි, විජේසූරිය ග්‍රන්ථ කේන්ද්‍රය, ගොඩගේ වගේම පිටකොටුව ගුණසේන එකටත් ඔලුව දාන්න බලාපොරොත්තුව ඉන්නවා..,

තවදෙයක් කියන්න අමතක උනා.., ගොඩගේ එකට යනවා නම් උඩම තට්ටුවේ දකුණු ශාලාවේ මේස උඩ දාලා තියෙනවා.., පිට කවර නැති අතීතයේ මුද්‍රණද්වාරයෙන් නිකුත් වූ දැනට වෙළඳපොල නැති පොත්.., පොඩ්ඩක් ගිහින් බලන්න..!

මේ තියෙන්නේ මම ගොඩගේ එකෙන් ගත්තු පොත් ටිකක්..,
මේ ටිකට ගියේ රුපියල් 150ක් විතර..!
  • සුළංකුරුල්ලෝ [කවි] - ධර්මසිරි ගමගේ
  • ගොඩෝ උන්නැගේ එනකං - සුගතපාල ද සිල්වා
  • අරමට අඳුර එයි - ලක්ෂ්මී බෝඹුවල
  • දිග ගමනක කෙටි සටහන් - ඇන්. ටී. කරුණාතිලක
  • ප්‍රේම ගීතය - ජී. එස්. බී. සේනානායක
  • අවසාන ජවනිකාව - ප්‍රේමචන්ද්‍ර මාගම්මන
  • නදී පියගැට පෙළ - මාධව වෛද‍්‍යරත්න
  • ග්‍රීෂ්ම පුෂ්පය - ජයසුමන ධර්මබන්ධු
  • කෝපි අන්දරය - රැ. තෙන්නකොන්
  • ප්‍රථිමාව සහ තවත් කථා - බොබී. බී. බොතේජු
  • සිංගප්පූරු දරුවා - සුචරිත ගම්ලත්
  • අප දෙන්නා සහ තවත් කීප දෙන්ක් - මොණිකා රුවන්පතිරණ
  • ඩබ්ලියු. ඒ. සිල්වාගේ අප්‍රකට කෙටි නිර්මාණ සහ සන්නිවේදන සටහන් - මහාචාර්ය සුනන්ද මහේන්ද්‍ර
  • ඒකච්ඡත්‍ර - විමලදාස සමරසිංහ

රුපියල් 150 කට පාඩු නෑ නේද?

9 comments :

  1. මේ පාරත්... නොගියොත් හරි නෑ වගේ... මම අවුරුදු 4කටම අරන් තියෙන්නෙ පොත් 5-6ක් මගෙ හිතේ. දැන් මටත් එක්ක අරුන්දැ ගන්නවනේ... ;-)

    ඔය කොහේ ගියත් ගුණසිරි ජයවර්ධන මහත්තයගෙ 'තුඹස සහ මෙරු' දුටු තැන මටත් සමග පිටපත් 2ක් අරගනු හොඳා... මම කියවල තියෙන සුළු පොත් ප්‍රමාණය අතරෙ හොඳම ඔරිජිනල් සිංහල පොත් කීපය අතරෙ එකක් ඒක.

    ReplyDelete
    Replies
    1. අපරාදේ හරේ මම තුඹස හා මෙරු ගන්න ගිහින් ආපහු තියලා ආවා.., මේ සැරේ යන කෙනෙකුට කියලාවත් ගෙන්න ගන්න ඕනේ..,

      Delete
  2. 150කට මාරම වටිනා පොත් ගොඩක්.එකාතකට දුකයි හරසුන් සරුවපිත්තල දහසින් මිල කරද්දී සාහිත්‍යට මිල නියම වෙන හැටි දැක්කම.

    ReplyDelete
    Replies
    1. කියලා වැඩක් නෑ ඇනෝ.., කොල කහ ගැහිලා පිට කවර නැති උනාට ඒ නිර්මාණකරුවාගේ හැකියාව හා අකුරු වල වටිනාකම අඩුවෙන්නේ නෑනේ..!

      Delete
  3. සැබෑ සාහිත්‍ය රසයක් ඇති වටිනා පොත්වල මිල අඩු කලාම ඒවා මිනිස්සු ගයිද නැද්ද කියලා දන්නේ නෑ.මොකද අද බොහෝ අය කියවන්නේ එලොවටත් නැති මෙලොවටත් නැති මෙලෝරහක් නැති ඒවා.මේ පොත් සාහිත්‍යය රසයෙන් අනූනයි.ඒ වගෙම හරිම ආදර්ශමත්.

    ReplyDelete
    Replies
    1. කොහොමත් එහෙමයි.., ඉස්සර ඉඳන් ම මම හොඳ පොත් එකතුව තබා ගන්නවාය කියන මතයේ තිබුණ නිසා මට මේ ඔත්තුව හම්බුනේ.., තවත් හෙව්වොත් තවත් පොත් අඩුවට ගන්න පුලුවන් ඇති..,
      ගිය සැරේ පොත් ප්‍රදර්ශනයේදී සරසවියෙන් වෙනම බාගේන් පොත් ස්ටෝල් එකක් දාලා තිබුනා.., ඒකේ ඕනෙම පොතක් රුපියල් 50යි.

      Delete
  4. පරණ පොත් ගන්න යන්න පුළුවන් ලේසි තැනක් කිව්වට බොහොම ස්තූතියි!

    ReplyDelete
    Replies
    1. සතුටුයි ප්‍රයෝජනයක් ගන්න හැකියාවක් ලැබුණානම්..! :)

      Delete
  5. ගියපාර බුක් ෆෙයාර් එකේ ගොඩගේ අය වෙනම කොටසක පරණ පොත් වික්කා. මාත් ඉතිහාස පොත් ටිකක් එතනින් ගත්තා ගොඩක් ලාබෙට

    ReplyDelete