සැප්තැම්බර් කියන්නේ පොත් වලට ආදරය කරන අයගේ ස්වර්ණමය මාසය, සවර්ණ පුස්තක සම්මාන අස්සෙන් එළියට එන පොත් ගන්න අපේ කස්ටිය ඉන්නේ සැදී පැහැදිලා.., කොහොමටත් පොත් වලට ආදරය කරන මිනිස්සුන්ට BMICH එකේ තියෙන මේ පොත් මංගල්‍යය කියන්නේ ලිස්ට් හදාගෙන තමන් උපයන පඩියෙන් සුළු මුදලක් ඒ වෙනුවෙන් මොන අවශ්‍යතා තිබ්බත් වෙන් කරන ජාතියේ උත්සවයක්, පොත් ගන්න අස්සේ වෙනම ස්වීය පුද්ගලික හමුවීම් පවා මේ පොත් සල්පිල අස්සෙන් දාගන්න උත්සහ කරන්නේ මේ සලිපිල කියන්නේ තමන්ගේ හිත හිමි අයට ඒ ගැන කතා කරන්න පොත් හොඳ මාධ්‍යයක් සපයන නිසා. මෙහෙම කියන මම පොත් කියවන්න පටන් ගත්හ හැටි මගේ අනිත් බ්ලොග් එකේ ලියලා තියෙන නිසා මම ආපහු කියන්න යන්නේ නෑ.., කැමති අයට ඒක
මෙතැනින් බලන්නත් පුලුවන්.
කාලය වෙනස් වීමත් එක්ක මිනිස්සුන්ගේ අවැසිතා වෙනස් වීම සාමාන්‍ය දෙයක්, ඒ අස්සේ තමන්ගේ මූලික පරමාර්ත මුදුන්පත් කරගන්නවා වගේම ඊට අවැසි ක්‍රය ශක්තිය උපදවා ගන්නට ඌණ අවැසිතාවලට වෙන් කල මුදල් ඒ ඒ තැන්පතු වලින් ලබාගන්නත් සිදුවෙනවා.., ඉතින් මේ ක්‍රම වේදය තුලදී මා පවා ඉන් ගැලවීගත වූයේ නෑ.., මෙහි ප්‍රතිපලය වන්නේ ජීවිතයේ අර ඉහත කී පරමාර්ත මුදුන්පත් කරවා ගැනීම සඳගා අපි පොත් මිලදී ගැනීමට එකතු කල මුදල වියදම් වීමයි.., මේ අයුතු ක්‍රම වේදය සාධාරණය කරන්නට මගේ මුදල වියදම් කලේ මම ම නිසා, ඒ මතකයත් පෙරදැරි කරගෙන මෙහෙම හිතන්නට වුණා..,
මම ගැටහැත්තේ [රචකයාගේ ගම වන අතර එය කොළඹින් කි.මි. 72 කට පමණ දුරින් පිහිටා ඇත.] සිට කොළඹ දක්වා එන්නට සහ වෙනත් වියදම් වලට දරන්නට වෙන වියදම් එක්කලා බැලුවාම යම් ප්‍රතිශතයක් අඩුවෙන් මිල නියම කර ඇති කොළඹ ජාත්‍යන්තර පොහ් සල්පිලට ඇවිත් පොත් මිලදී ගැනීම මට අනුව පාඩු සහගත ක්‍රියාවක්.
ඔන්න ඔහොම කියලා මම මගේ හිත සනසා ගත්තා..,
ඒත්, ඕනෑම පොතක් එකම තැනකින් මිලදීගන්නට තියෙන හැකියාව නිසා අර මුදලේ ඌණ සංයුතිය ගැන කල්පනා කරලා ගෙදර ඉන්න එකනම් මහ අපරාදයක් කියලා හිතේ අනික් පැත්ත කියන්න ගත්තා..,
සල්පිල වන්දනා කරන්න යන්න බැරි උනොත් අඩුගානේ නුගේගොඩ, විදර්ශන, කියවන නුවණ, මරදාන දයාවංශ ජයකොඩි, විජේසූරිය ග්රන්ථ කේන්ද්‍රය, ගොඩගේ වගේම පිටකොටුව ගුණසේන එකටත් ඔලුව දාන්න බලාපොරොත්තුව ඉන්නවා..,
තවදෙයක් කියන්න අමතක උනා.., ගොඩගේ එකට යනවා නම් උඩම තට්ටුවේ දකුණු ශාලාවේ මේස උඩ දාලා තියෙනවා.., පිට කවර නැති අතීතයේ මුද්‍රණද්වාරයෙන් නිකුත් වූ දැනට වෙළඳපොල නැති පොත්.., පොඩ්ඩක් ගිහින් බලන්න..!
 |
මේ තියෙන්නේ මම ගොඩගේ එකෙන් ගත්තු පොත් ටිකක්..,
මේ ටිකට ගියේ රුපියල් 150ක් විතර..! |
- සුළංකුරුල්ලෝ [කවි] - ධර්මසිරි ගමගේ
- ගොඩෝ උන්නැගේ එනකං - සුගතපාල ද සිල්වා
- අරමට අඳුර එයි - ලක්ෂ්මී බෝඹුවල
- දිග ගමනක කෙටි සටහන් - ඇන්. ටී. කරුණාතිලක
- ප්‍රේම ගීතය - ජී. එස්. බී. සේනානායක
- අවසාන ජවනිකාව - ප්‍රේමචන්ද්‍ර මාගම්මන
- නදී පියගැට පෙළ - මාධව වෛද්‍යරත්න
- ග්‍රීෂ්ම පුෂ්පය - ජයසුමන ධර්මබන්ධු
- කෝපි අන්දරය - රැ. තෙන්නකොන්
- ප්‍රථිමාව සහ තවත් කථා - බොබී. බී. බොතේජු
- සිංගප්පූරු දරුවා - සුචරිත ගම්ලත්
- අප දෙන්නා සහ තවත් කීප දෙන්ක් - මොණිකා රුවන්පතිරණ
- ඩබ්ලියු. ඒ. සිල්වාගේ අප්‍රකට කෙටි නිර්මාණ සහ සන්නිවේදන සටහන් - මහාචාර්ය සුනන්ද මහේන්ද්‍ර
- ඒකච්ඡත්ර - විමලදාස සමරසිංහ
රුපියල් 150 කට පාඩු නෑ නේද?
9 comments :
Post a Comment