සිතුවිලි උත්තේජනය හෙවත් ෆොන්සේකාගේ නිදහස

12 comments

 පෙරදා රාත්තිරියේ සිට.., ජෙනරාල් වෙනුවෙන් ජාල සමාජ හරහා කිඹුල් කඳුලු හැලූ අයටත්.., ඓශ්චර්යට යන මාර්ගයේ නිති පතා යන එන ජනපති පාර්ශව හිතෛශීන්ටත් හුස්මක් හෙළා ඉසිඹුවක් ලද හැකි කලක් තව පෑ විසි හතරක් තුල උදාවනු ඇත. ඒ හිටපු හමුදාපති සරත් ෆොන්සේකා මහතා නිදහස් කරන පුවත ගැන ඉව වැටීමෙනි..

මහින්ද රනිල් හා පැවති කෝපි සාදයට පසුව ටිරාන් අලස් ගේ නිවසේ අනෝමා ගේ සහභාගීත්වය ඇතිව පවත්වන්නට යෙදුනු පොකට් මීටිමේ ප්‍රථිපලයක් ලෙස අද ඇපපිට නිදහස ලැබූ ෆොන්සේකා මහතා හෙට වන විට පූර්ණව ජනපති සමාව මැද පූර්ණ නිදහස ලබනවා ඇත. ඒ පිළිබඳ කැබිනට් අනුමැතිය, ජනාධිපති සමාව, සහ මාහාධිකරණයේ තීරණවල එක වරම වූ ලිහිල් බව පුදුමය දනවන සුලුය.

මේ දිහා එකත්පස්ව බලා සිටි මට වූ ගැටලුව නම් කිසිවෙකුගෙන් විමසීමකින් තොරව අභූත චෝදනා සමඟ සිරගතකල ෆොන්සේකාව නිදහස් කරන්නට අවට සිටින සියල්ලගේම අදහස් විමසන්නේ මන්ද යන ගැටලුවයි..,
සෝමවංශලා, කරූලා, ටිල්වින්ලා, සජිත්ලා, රවීලා, කොතරම් කෑ ගැසුවද අවසානයේ මරා සියල්ලන්ටම වඩා දක්ෂ ලෙස සිය ලකුණු මට්ටම සුපුරුදු ලෙස ඉහළ තබා ගත්තේය..,

එම නිසා දැන්,
  • පවතින පාලනයට එරෙහිව කොතරම් ඉස්පිරිතාල අස්සේ, සිරගෙවල් අස්සේ හිඳ කෑ ගැහුවද ෆොන්සේකාට සමාව ලැබීමෙන් පසුව කියන කිසිවක් වලංගු වන්නේ නැත.., ඒ SF ව නිදහස් කරන්නේ ජනපතිඳුගේ පූර්ණ අනුකම්පාව මැද නිසාය..,
  • අනික් අතට.., වටින් පිටින් අනියමින් හෝ නැගී එතැයි හෝ සිතිය හැකි ෆොන්සේකා නිදහස් නොකිරීම නිසාවෙන් පැන ආ කසුකුසු මහින්ද මේ වන විට එක වදනකින් නිශ්ප්‍රභා කරන්නට සියලු කටයුතු යොදා ඇත.., ඒ ෆොන්සේකාට සමාව දීම ලෝකයා [ලෝකයා යනු ලංකාවේ හැටියට ලංකාව තුල ය.] ඉදිරියේ හඬගා කීමෙනි. එවිට වන්නේ නැවතත් ආණ්ඩුවට පක්ෂ ජන සන්නිපාතයේ ප්‍රසාදය මැද මහින්ද නම් රුව දිදුලීම ය.

මේ අතරතුර තවත් කසුකුසුවක් වන ජී ඇල් සහ හිලරිගේ හමුව යථාර්තයක් නම්.., ෆෝන්සේකා නිමිත්ත පාදක කරගෙන වෙනම ලකුණු ප්‍රමාණයක් ජී ඇල් විසින් හිලරි හරහා ලංකාවට බැර කෙරෙනු ඇත.

එයට අමතරව පාලක පක්ෂයට හැරෙන්නට ජනතාව ඉන් වන මෙලෝ සෙතක් නැත.., ජෙනරාල් නිදහස ලැබූ සතුටට එළවලු ලාභ වන්නේවත්, ඉන්ධන මිල අඩු වන්නේවත්, වාහන බදු වල වෙනස් වීමක් වත් නොව.., මහජනයාගේ චින්තන ධාරවන් තාවකාලිකව උත්තේජනයක් වීම පමණි.., වෙනත් කිසිවක් නැත.., පපඩම් කෑවා සේ බඩටවත් කටටවත් නැතිව ස්වකීය චින්තන පරාස අනුභවයට ඉඩක් ලැබීමකි..,

රනිල්ට කරනොගත්තේ ද, මහින්ද කරන්නේද, ෆොන්සේකා මතු කරන්නේද අප කාටවත් නොපෙනෙන සිතුවිලි උත්තේජනය කිරීමේ බලපරාක්‍රමයේ මහා බලමහිමයයි..!

රූපානුග්‍රහය : tiptopsl

12 comments :

  1. ජහමනයා යනු දත නියවන්නන් පමණි. කළ හැකි බම්බුවක් නැත. ඉඳහිට හෝ කරන බම්බුවද ඇසිල්ලෙන් අනෙක් පැත්ත හැරී ජහමනයාගේ පශ්චාත්බාගයට තලයි. ජහමනයා නැවත දත නියවයි.

    "ඕක ලෝක සොබාවෙ වෙන්ටැ!"

    ReplyDelete
    Replies
    1. මේ ජන නායකයින් සියල්ලම ලංකාවේ ඉපදීම වාසනාවකි.., සිදුවීමක උපරිම මතකය දෙසතියකට ලිමිට් කරන අප ජහමනයා වෙත පශ්චාත්භාගයට තැලුවද නොදැනෙන්නේ ඔවුන්ගේ හිස් මෙන්ම අහවල් ඒවාද නිර්වින්දනය වී ඇති බැවිනි..!

      Delete
  2. ඔබගේ අදහසට බොහෝ දුරට එකඟයි . හෙට නිදහස් වෙන ෆොන්සේකා පහුගිය කාලේ තත්පර 8 විපක්ෂය බවට පත්වුනු ප්‍රභල දේශපාලනික චරිතය නෙවෙයි , නමුත් දේශපාලනයේ සමහර දේවල් නොසිතු විදිහට වෙනස් වෙන්න පුලුවන් ! , ඒ නිසා මේ වෙලාවේ මම නම් නීරික්ෂකයෙක් පමණක් වෙන්න කැමතියි !

    ReplyDelete
    Replies
    1. වේලාවේ හැටියට නිරීක්ෂණය වඩා ප්‍රතිඵල දායකයි.., මක් නිසාද යත් පරීක්ෂණ කිරීම සහ නිගමනයන්ට එළඹීම ගැටලු දායක වන්නට ඉඩ ඇති බැවිනි.

      Delete
  3. රනිල්ට කරනොගත්තේ ද, මහින්ද කරන්නේද, ෆොන්සේකා මතු කරන්නේද අප කාටවත් නොපෙනෙන සිතුවිලි උත්තේජනය කිරීමේ බලපරාක්‍රමයේ මහා බලමහිමයයි....

    ඔන්න ඕක තමයි ලිෂා ඇත්ත කතාව....
    ඕනෙම ෆීල්ඩ් එකක එකෙක් ඕක හරියට කරොත්, ඌ ගොඩ...
    ඒ දේ කරන්න ට්‍රයි කරහං....

    ජය වේවා!!!

    ReplyDelete
    Replies
    1. මමත් කැමතියි මැජික් ඉගෙන ගන්න රනා..!

      Delete
  4. ආමි.. කියවීමි.. තේරුම් ගතිමි !

    ReplyDelete
  5. W3lanka කිව්වා වගේ මේක හිරගත කිරීමට වඩා විලි ලැජ්ජ නැති නිදහස් කිරීමක්.... ඒත් ජෙනරල් එලියෙ ඉන්න කාරණයට පමණක් සතුටු විය හැකියි...

    ReplyDelete
    Replies
    1. ජෙනරාල් එළියේ හිටියද, එය ව්‍යංගාකාර හිරවීමක් පමණයි. නිදහස නම් සීතම්බර සලුව ජෙනරාල් වටා දවටා ඔහුව රාමුවකට කොටූ කිරීමක් බවයි මට නම් හැඟෙන්නේ..!

      Delete
  6. මචං උබේ බ්ලොග මට ෆලෝ කරන්නෙ කේමද කියපං !

    ReplyDelete
    Replies
    1. ෆෝලෝ කරන්න බෑ සෑමා.., ඊමේල් වලට සබ්ස්ක්‍රයිබ් වෙයන්..!

      Delete