අවසන අපි වෙසක් එකට බඩු මිල එල්ලා පත්තු කලෙමු..!

5 comments

වෙසක් සඳෙන් සිරිලක නැහැවෙන්න ඔන්න මෙන්න කියා තිබියදී, සත් ගුණවත් සමුපකාර හා අභ්‍යන්තර වෙළඳ අමාත්‍ය ජොනී ඇමැතිතුමා බඩුමිල නම් අසූචි හැලියකින් මුලු සිරිලකම නහවා දමනු ලැබීය.., මේ වේලාව වන විට වැඩිවී ඇති භාණ්ඩ අතර ඇත්තේ කිරිපිටි, සිමෙන්ති සහ ගෑස් යන අත්‍යාවශ්‍ය දේවල් වලින් සෑදුනු එකතුවකි.
ඊයේ ප්‍රවෘත්ති වලින් අසා දැනගන්නට ලැබුණු පරිදි ගෑස් සමාගම් ජොනී ඇමතිතුමාගෙන් ඉල්ලන ලද ගෑස් මිල වැඩි වීම රුපියල් 907 කි. එය අපේ ඇමතිතුමාගේ "අප්පිරිහත" ධෛර්යයෙන් යුතුව හෙළා දැක ඒ වෙනුවට සුට්ටං රුපියල් 350ක මිල වැඩි කිරීමක්, සත්‍ය වශයෙන් ම කර ඇත්තේ මිල වැඩි කිරීමක් නොව මිල සංශෝධනයක් පමණි.
එබෑවින් අපි කවුරුවත් කලබල විය යුතු නැත. අනෙක් අතට එතුමා ඒවෙලාවේම ලෝක වෙළඳ පොලේ ගෑස් මිල හදිසියේවත් පහල ගියෝතින් ඒ මිල සහනය අපිට නොමසුරුව ලබාදෙන බවටද හත්පොලේ අත තබා පොරොන්දු විය. අපිට හෙන සතුටුය. සතුට වාවා ගන්නට නොහැකිව කඳුලු පැන්නේ ඉකියක්ද සමඟීනි.
කිරිපිට මිල "සංශෝධනය" කරන්නට හේතුව අර පසුගියදා හැටන් පාරේ අත්තනෝමතිකව කිරි බවුසර මුදාහැර ලංකාවට කල පාඩුව වසා ගැනීමට විදේශ වලින් කිරිපිටි ගෙන්නා පාර්සල් කර විකුණනවා වෙනුවට සිරිලක කිරිගොවියා නංවා ඔවුන්ගේ දියර කිරි භාවිතයට ගෙන ලංකාවේ කිරිපිටි නිෂ්පාදනයට දිරිදීම කලයුතු නිසා බව අපේ ඇමැතිතුමා නැවත වරක් අවධාරණය කරනු මම ඊයේ රෑ සෙටියට වී බලාගෙනය. 
මෙතෙක් කලක් ඩෙන්මාර්කයේ නවසීලන්තයේ තණ පිට්ටනිවල පිනුම් ගැසූ දෙනුන්ගෙන් දොවාගත් කිරිබී හැදුනු අපේ ජහමනයාට සසිරි පිරි මෙ සිරිලක දේශීය කිරි ගොවියා විසින් දුක් මහන්සියෙන් ගන්නා කිරිදෝතින් වැඩක් වේදැයි කියා මට ඇත්තේ සැකයෙකි.
අවාසනාවකට එය එසේ වෙයි නම්, දුරාතීතයේ සිටම දේශීය කිරිගොවියා නංවනවාට එදිරිව අපි රට කිරි බිව්වා, නම් අපි අමූලික දේශද්‍රෝහියෝ වන්නෙමු..,
විමල්ට අපිව වහ කදුරු මෙන් පෙනෙනු ඇත.

රූපය : ගොසිප් 9 අඩවියෙන් ගත් රූ දෙකක දෙමුහුමකි.

5 comments :

  1. අනේ මන්දා මෙව්වා නන්.... රට පෙරට කිව්වලු.....

    ReplyDelete
  2. ලංකාවෙ හදන දේශීය කිරිපිටි ග්‍රෑම් හාරසියයේ පැකට්ටුවක සහ පිටරටින් ගෙන්වා පැකට් කර විකුණන කිරිපිටි පැකට්ටුවක් අතර මේ ඊයේ වෙනකම් මූල්‍යමය වෙනස රුපියල් දහයක් පමණක් විය. ලංකාවේ නිශ්පාදනය කලා කියා මෙතෙක් කල් සැලකිය යුතු වාසියයක් පාරිභෝගිකයන්ටනම් ලැබී නැත. මොන බයිලා ගැහුවත් ලංකාවේ හදන එකම පිටිකිරි පැකට්ටුවද සමාන හෝ ආසන්න මුදලකින් මාසයක් ඇතුළත වැඩි නොවුණොත් මේකට තව දුරටත් ශ්‍රී ලංකාව කිව නොහැක. ඔන්න ඔහොමයි දේශීය නිශ්පාදනය.

    ReplyDelete
  3. මට හිතා ගන්න බැරි හොඳම කිරි එක කුණු එකට හලන්නත් මල ජරාව ගනන් වැඩි කරන්නත් තරම් භාවිතයක් අපිට ආවේ කොහෙන්ද කියලා. ඩෙන්මාර්කයෙන් ඔස්ට්‍රේලියාවෙන් නෙමෙයි කොහෙන් ආවත් කිරි වල තියෙන බාලම කොටස තමයි කිරි පිටි වලට එන්නේ.
    රටක බුද්ධිමත් මිනිසුන් බිහි කරන්න උදව් වෙන හොඳම කැල්සියම් හා විටමින් ටික තියෙන කිරි බීමට ගන්න ප්‍රමානාත්මක සැලසුමකට ගන්න අපේ රටවලට බැරි හැටි. මේක ලොකු දුකක්.
    මේ අපි ජීවත් වෙන රටවල ෆ්‍රෙශ් කිරි කඩේ තියෙනවා. රස හා ගුණ ගැන අමුතුවෙන් කියන්න ඕනේ නෑ. ඒක හරියට ඩිලිවර් කරගන්න සිස්ටම් එකක් හැදුනා නම් ලංකාව මෙයිට වඩා ඉස්සරහින් ඉඳීවී.

    ReplyDelete
  4. අනේ මන්දා !

    ReplyDelete
  5. 'මම ඊයේ රෑ සෙටියට වී බලාගෙනය'

    සෙටියට වී ටී.වී. බලන්න තාම පුළුවන් නම්, ඔය සුළු මිල වැඩි වීම් දරා ගන්න තාමත් පුළුහන් ඇති :-))

    ReplyDelete