සංක්‍රාන්ති?

26 comments
පහුගිය අඟහරුවාද මම උදේම පිටත් උනේ අපේ සිදත් අයියාගේ ගෙදර යන්න හිතාගෙන..,
උදේ අට නවය වෙනකොට වත්තේගෙදර හන්දියෙන් බැහැලා පයින් යන දුරක තිබුණු හෙදර ඉන්න සිදත් අයියා මට නෑයෙකුට වඩා යාලුවෙක් කියන තනතුරේ තියා ගන්න මම ගොඩක් කැමතියි.., මම ගියේ එයගේ බිස්නස් එකට කරපු හෑන්ඩ් බිල් එකේ කරගන්න තියෙන වෙනස්කම් ටික ගැන මා එක්කලා කතා කරනගන්න ඕනෙයි කිව්ව නිසා..,
සුපුරුදු විදියට එහෙට ගිහිල්ලා.., බීම වීදුරු කීපයක හිස් කිරීමෙන් අනතුරුව අප තර තාවකාලික නිහඬතාවක් ඇති වුනා..,

මල්ලී උඹේ වයස කීයද??

28යිනේ අයියා

බඳින්න අදහසක් නෑ දැම්ම??

නෑ බන්.., පොඩ්ඩක් මෙහෙම ඉන්නවැයි කියලා හිතුවා..,

හ්ම් ඒකත් එහෙමද?

ඇයි එහෙම ඇහුවේ..?

නෑ මේ කාලෙ වෙනකොට කෙල්ලෙක් එහෙම ඉන්න ඕනේනේ.., මට ඒ කාලේ කෙල්ලෝ වැහිවැහැලා :D :D

අනේ නෑ බන්..., මට මේ තියෙන නිදහස දාහෙන් සම්පතයි..,

මම දන්නවා..?

මොකද්ද??

පළවෙනි එක අතෑරුනාම ඊට පස්සේ එකක් කරන්න හිත හදාගන්න ටිකක් අමාරුයි.., ඒ කාලේ මම ගැහුවෙත් ඔය තැටියම තමා.

ඔව් බන් ඒකනම් ඇත්ත.., ඒක අස්පට් ගියාට පස්සේ තමා මේ විදියට ඉන්න හිතෙන්න ඇත්තේ බන්z

මෙහෙම කරපන් මල්ලියා.., 

දැන් බලපන් උඹේ හැටි..? උඹ නිතර එළිපහලියට යන නිසා වතුවලට එහෙම යන නිසා උඹේ හම පිච්චිලා.., අඩුගානේ කෙල්ලෙක් දාගන්න හරි උවමනාවක් තියෙනවා නම් පොඩ්ඩක් අඩුගානේ ෆෙයානස් ක්‍රීම් එකක් පාවිච්චි කරලා. අපේ වයිෆ් මම රට ඉඳන් ආපු ටික කාලෙට මගේ හම පිච්චිනවයි කියලා මට ෆෙයානස් ක්‍රීම් එකක් ගෙනත් දුන්නා.., බොඩි ලෝෂන් එකක්, පොඩි හෙයාර් ජෙල් එකක් පාවිච්චි කරන්න බලපන්!!

ඔව් ඒක නං ඇත්ත අයියේ..,

කොන්ඩේ පිළිවෙළකට හදන්න බලපන්
අඳින ඇඳුම ගැලපෙන්න ඇඳපන්..,

අනික වැදගත්ම දේ??

මොකද්ද??

බඩ ටිකක් අඩු කරගනින්..,

මොකද කෙල්ලෝ ආසයි ෆිට් ඇඟක් තියෙන කොල්ලන්ට.

මම සාමාන්‍‍යයෙන් ඔය උඩ කියපු දේවල් ගැන එතරම් සැලකිල්ල නැහැයි කියලා මටම හිතිලා තිබුණු නිසා මට ඒ ගැන ආපහු හිතන්න හිතුනා..!

පොඩ්ඩක් කල්පනා කරලා බලන්න ඕනේ..,

පොඩ්ඩක් වෙනස් වෙන එකෙත් පොඩි ආතල් එකක් තියෙනවා වගේ..!

26 comments :

  1. ඔය යට කියන එක මෙන්න මෙහෙම වෙනස් වෙන්න ඕන මම හිතන්නේ.. උඹේ යටි හිතේ තියෙනේ මේ විදිහටද බලහන්,,,

    "පොඩ්ඩක් වෙනස් වෙලාවත් කෙල්ලෙක් දාගන්න පුළුවන් වෙයිද බලන්න ඕන..."

    උඹේ බ්ලොග් අටෝරශියෙන් මම කැමතිම මේ බ්ලොග් එක.... සරලයි සුගමයි, අර්තවත්....

    ReplyDelete
    Replies
    1. //--ඔය යට කියන එක මෙන්න මෙහෙම වෙනස් වෙන්න ඕන මම හිතන්නේ.. උඹේ යටි හිතේ තියෙනේ මේ විදිහටද බලහන්,,,
      "පොඩ්ඩක් වෙනස් වෙලාවත් කෙල්ලෙක් දාගන්න පුළුවන් වෙයිද බලන්න ඕන..."--\\

      මට කෙල්ලෙක් දාගන්න එක මහලොකු දෙයක් නොවේ බන් අයියේ.., මට ඒකට හදිස්සියක් නෑ.., ඒත් මම අර ලියලා තියෙන දේ පොඩ්ඩක් ක්‍රියාවට ගන්න ඕනේ කියන මතේ මම ඉන්නවා.., බලමු මොකෝ වෙන්න කියලා :)

      //--උඹේ බ්ලොග් අටෝරශියෙන් මම කැමතිම මේ බ්ලොග් එක.... සරලයි සුගමයි, අර්තවත්....--\\

      ස්තූතියි..!

      Delete
  2. මාර වැඩේ කියන්නෙ මටත් ඔහොමමනේ හිතෙන්නේ. ඒ වුනාට පළවෙනි එක නැති වෙලා දැන් මාස 9ක් විතර. සදහටම ඔහොම හිතෙයිද මන්දා...

    ReplyDelete
    Replies
    1. කාලය හැමදේම වෙනස් කරාවි..,
      ඉවසලා හිටපන්..!
      සතුටින් විඳපන්..!

      Delete
  3. මටනම් කවුරු කොච්චර කිව්වත් තාමත් වැඩි අවධානයක් නැති කරුණු ටික තමයි ඔය. කොඩෙට පනාවක් තියපු කාලයක් මතක නෑ. හෙයාර් ජෙල් නම් ලේසියකට පාච්චි කරන්නේ නෑ. ෆෙයාර්නස් ක්‍රීම්? කිසිම උනන්දුවක් නෑ! එකම ජාතියේ ටී ෂර්ට් ටිකක් එක එක පාටවලින් තියෙනවා. අත්‍යාවශම උනොත් හැරෙන්න මදින්නෙත් නෑ :D

    ඇඟ ගැනනම් තරමක් විතර සැලකිලිමත් වෙනවා සෞඛ්‍යය ගැන හිතලා. ඒත් ව්‍යායාම එහෙම කරන්නේ නෑ. කෑම පොඩ්ඩක් විතර අඩු කළා. (ඒ කිව්වේ මම වැඩිය අකමැති කෑමනම් පොඩ්ඩක් කනවා. කැමති කෑම තිබ්බොත් ඉතිං කෑම අඩු කරන්න බෑනේ! :D)

    ReplyDelete
  4. අර Z අකුර දැක්ක ගමන් මං හිතුවෙ මේක අපේ එකෙක් එක්ක කරපු කතාවක් කියල.මොකද මේ කියන සේරම වැඩ කෑලි වලින් ඌට සමානයි. zzzzzz හික්..

    ReplyDelete
    Replies
    1. නෑ නෑ z එක අයිති එකා නොවේ.., මේ මම. pure මම.

      Delete
  5. ඔය ජල්තර මෝඩ් එකට කෙල්ලො ආස නැද්ද??
    පිස්සු තමයි..ඉස්සරේල කෙල්ලෙක් හොයාගනිං..
    පස්සෙ කෙල්ල කියන විදියට එහා හිතන විදියට පොඩියක් වෙනස් වෙයං...
    නිකම්ම රැවුල කපනවට වඩා කෙල්ලගෙං අහල රැවුල කැපුවම ක්‍රෙඩිට් වැඩියි...

    ReplyDelete
    Replies
    1. //--ඔය ජල්තර මෝඩ් එකට කෙල්ලො ආස නැද්ද??--\\
      ආස කෙනෙක් හිටියා දැන් නෑ..!

      //--පිස්සු තමයි..ඉස්සරේල කෙල්ලෙක් හොයාගනිං..--\\
      හදිස්සියක් නෑ..!

      //--පස්සෙ කෙල්ල කියන විදියට එහා හිතන විදියට පොඩියක් වෙනස් වෙයං.නිකම්ම රැවුල කපනවට වඩා කෙල්ලගෙං අහල රැවුල කැපුවම ක්‍රෙඩිට් වැඩියි.--\\
      මම කවුරුවත් කියන විදියට මේ වෙනකල් මගේ ජීවිතේ ගෙවලා නෑ අමිලයා.., එහෙම කරන්න බලාපොරොත්තුවකුත් නෑ.
      මම ආසයි වෙන කෙනෙකුගේ රික්වායර්මන්ට් එකට මම වෙනවට වඩා.., 100% hardcore මම වෙන්න..!

      Delete
    2. " මම කවුරුවත් කියන විදියට මේ වෙනකල් මගේ ජීවිතේ ගෙවලා නෑ අමිලයා.., එහෙම කරන්න බලාපොරොත්තුවකුත් නෑ.
      මම ආසයි වෙන කෙනෙකුගේ රික්වායර්මන්ට් එකට මම වෙනවට වඩා.., 100% hardcore මම වෙන්න..! "

      පට්ට කියමන මතන් :)

      Delete
    3. //මම කවුරුවත් කියන විදියට මේ වෙනකල් මගේ ජීවිතේ ගෙවලා නෑ අමිලයා.., එහෙම කරන්න බලාපොරොත්තුවකුත් නෑ.// කසාදයක් එහෙම බැඳලා බලපන්කො.....:D

      Delete
  6. උදේ අට නවය වෙනකොට වත්තේගෙදර හන්දියෙන් බැහැලා පයින් යන දුරක තිබුණු හෙදර ඉන්න සිදත් අයියා මට නෑයෙකුට වඩා යාලුවෙක් කියන තනතුරේ තියා ගන්න මම ගොඩක් කැමතියි..,

    මේක ටිකක් අමුතුයි වගේ නැද්ද ලිෂාන්......?

    අමිලගේ කොමෙන්ට් එකත් හොඳයි නේද? :D

    ReplyDelete
    Replies
    1. //--උදේ අට නවය වෙනකොට වත්තේගෙදර හන්දියෙන් බැහැලා පයින් යන දුරක තිබුණු හෙදර ඉන්න සිදත් අයියා මට නෑයෙකුට වඩා යාලුවෙක් කියන තනතුරේ තියා ගන්න මම ගොඩක් කැමතියි..,
      මේක ටිකක් අමුතුයි වගේ නැද්ද ලිෂාන්......?--\\

      මේකට මම ප්‍රබන්ධ ලියන්නේ නෑ අක්කේ මේ මට වුන ඇත්ත එකක්.

      //--අමිලගේ කොමෙන්ට් එකත් හොඳයි නේද? :ඪ්--\\
      ඒක ගැන ආයි කියන්න දෙයක් නෑ නේද?? ;))

      Delete
    2. නැහැමල්ලි ඔයා හදලා කිව්වා කියලා නෙමෙයි මං කිව්වේ.

      -උදේ අට නවය වෙනකොට වත්තේගෙදර හන්දියෙන් බැහැලා පයින් යන දුරක තිබුණු හෙදර ඉන්න සිදත් අයියා මට නෑයෙකුට වඩා යාලුවෙක් කියන තනතුරේ තියා ගන්න මම ගොඩක් කැමතියි..,

      මේ වාක්‍යයේ උදේ අට නවය වෙනකොට වත්තේ ගෙදර හන්දියෙන් බැහැලා පයින් යන දුරක තිබුණු.............. කියන එක ගැලපෙන්නේ නැහැ කියලා හිතුනා. එතකොට මෙහෙම හිතමු, උදේ 10 11 වෙද්දි බැහැලා ගියොත් මේ ගේ තියෙන්නේ පයින් යන දුරක නෙමෙයිද? අනේ මන්දා මං ගත්ත විදිහ වැරදිද මන්දා

      Delete
    3. නෑ එතනදී රන්දිකා අක්කේ මට කියන්න උවමනා වෙලා තිබුණේ පුද්ගලයා ස්ථානය හා මා ඔහු දකින විදිය එක වැකියකින් කියන්නයි.., මම බ්ලොග් ලියන්න කම්මැලී නිසා..! :))

      Delete
    4. :) කම්මැලියා......

      ඒ වුනාට මං ඒ කාලේ ඉඳන් දැක්ක, ලස්සන ම කථා ලිව්ව කෙනෙක් ඔයා. ඔයා කවුද කියලා දන්නේ නැති කාලේ, මගේ කෙටි කථාවකට කොමෙන්ට් එකක් දාලා තිබිලා මට ලොකු සතුටක් දැනුනා. කම්මැලි වුනාට කමක් නැහැ ඉස්සර වගේම අකුරු අමුණ අමුණ, වචන අමුණ අමුණ ලියනවා නං හොඳයි..... නේද මල්ලි?

      Delete
  7. හෆ්ෆේ......... එළ එළ අහන්නත් සන්තෝෂයි මේබ්ලොග් එකේ ලුක් එක දවසින් දවස වෙනස්වෙනෝ වගේම් උඹත් සුට්ටක් වෙනස් වෙන්න හිතපු එකනම්. ඒකේ පොඩි ආතල් එකක් නෙමේබංz ලොකු ආතල් එකක් තියේවි. උඹ කියනවා වගේම කාලේ හැමදේම විසඳාවි :) මාත් ඒහෙමම තමා හිතන්නෙ. ජයවේවzzzzz.
    ( හම්මේ z අකුරුරක් දකිනකොටතීන තන්තොතේ....... ;)

    ReplyDelete
    Replies
    1. ජේඩියා උඹදැක්කද සිහිනයා z අකුරක් නිසා උඹ පැටලිලා ඉන්නවා..!! ;))
      අනිවා කාලය හැමදේම විසඳනවා, හොඳින් හරි නරකින් හරි..! :))

      Delete
  8. බාහිර පෙනුමේ හරයක් නෑ තමයි... ඒවුනාට සෙට්වෙන කෙල්ලට උඹව පාරේ ගෙනියන්න පුළුවන් තත්වෙන් මේන්ටේන් වෙන එක උබේ යුතුකම :D

    අනිත් එක අපි කොච්චර අකමැති වුණත් අද සමාජේ සලකන්නේ පිට ඔපේට... ඒක සම්පූර්ණයෙන්ම නොසළකා හැරලා ජීවත් වෙන්න ගියොත් නැති ප්‍රශ්ණ ඇතිවෙන්න පුළුවන්...

    අලුත් වෙනසට සුභපතනවා...

    ReplyDelete
    Replies
    1. //--බාහිර පෙනුමේ හරයක් නෑ තමයි... ඒවුනාට සෙට්වෙන කෙල්ලට උඹව පාරේ ගෙනියන්න පුළුවන් තත්වෙන් මේන්ටේන් වෙන එක උබේ යුතුකම. අනිත් එක අපි කොච්චර අකමැති වුණත් අද සමාජේ සලකන්නේ පිට ඔපේට... ඒක සම්පූර්ණයෙන්ම නොසළකා හැරලා ජීවත් වෙන්න ගියොත් නැති ප්‍රශ්ණ ඇතිවෙන්න පුළුවන්. --\\

      පැහැදිලිවම.

      //--අලුත් වෙනසට සුභපතනවා.--\\

      ස්තූතියි.., පරණ රේඩියේටර් වලට කූලන්ට් දැමීමෙන් රේඩියේටරය වෙනස් වෙන්නේ නැත.., වන්නේ මළ නොබඳීම පමණි..! :D :D
      මම දන්නවා මේ කියපු දේ උඹට තේරුණා කියලා බීටා..!

      Delete
  9. සුදු නැති තළෙලු මුහුණට,
    ජෙල් අතුල්ලා අපුල නොකල හිසකෙසට,
    බඩත් සමඟින් ඔබව කඩවසම්ව දකින,

    කෙනෙකු හමුවී නැතිද?

    ඔය නොවුනු ඔබට පෙම්කරන්නියකට වඩා ඔබගේ ජීවිතය ගැඹුරින් තේරුම් ගත්තියකට පෙම් කිරීමෙන් ඔබට සැපවත් ජීවිතයක් උරුම වනු ඇත.

    පෙම්වතියක් සොයා ගැනීප අපහසු නොවන්නක් ඔය කීයුදේ සැබෑය නමුත්, ප්‍රේමය පවත්වාගෑනිම දෙනොම එක්ව කල යුත්තකි.

    කෙසේ වුවත්

    ස්වරූප විපරියාසයෙන් පසු ඔබ පටන් ගන්නා නව දිවියට

    මම යැකි කීමට අකමැති මගෙන් සුබ පැතුම්!

    ReplyDelete
    Replies
    1. //--සුදු නැති තළෙලු මුහුණට,ජෙල් අතුල්ලා අපුල නොකල හිසකෙසට,බඩත් සමඟින් ඔබව කඩවසම්ව දකින,කෙනෙකු හමුවී නැතිද?--\\

      මගේ හිටපු පෙම්වතිය? අවාසනාවකට ඈ මා ළඟ මේ වන විට නෑ

      //--ඔය නොවුනු ඔබට පෙම්කරන්නියකට වඩා ඔබගේ ජීවිතය ගැඹුරින් තේරුම් ගත්තියකට පෙම් කිරීමෙන් ඔබට සැපවත් ජීවිතයක් උරුම වනු ඇත. පෙම්වතියක් සොයා ගැනීප අපහසු නොවන්නක් ඔය කීයුදේ සැබෑය නමුත්, ප්‍රේමය පවත්වාගෑනිම දෙනොම එක්ව කල යුත්තකි.--\\

      එකඟයි

      //--කෙසේ වුවත්.,ස්වරූප විපරියාසයෙන් පසු ඔබ පටන් ගන්නා නව දිවියට..,මම යැකි කීමට අකමැති මගෙන් සුබ පැතුම්!--\\

      මේ මගේ ජීවිතය 100% කණපිට හරවන විශේෂ සිද්ධිවාචකයක් නොවේ මේ.., මේ මගේ සහෝදරයෙකු මා හා කරන්නට වූ විනාඩි දෙක තුනක කතාවක් ලියන්නටයි මම උත්සහ ගත්තේ.., අනික මම පවතින අවස්තාව සංතෝසයෙන් ඉන්න බලන කෙනෙක්.., ඉතින් මට විශේෂයෙන් විපර්යාසයකට[ඔබ එය විපර්‍ය‍යාසයක් ලෙස හඳුන්වනවා නම් පමණක්] යන්නට අවශ්ය වෙන්නේ නෑ.

      පලි : සුභ පැතුමට ස්තූතියි!

      Delete
  10. කියන්න දෙයක් නැහැ මචං සිරා !

    ReplyDelete
  11. එකට ටිකක්වත් නෑවා නම් මදිද? :P

    ReplyDelete
  12. දැන් මාස දෙකක් ගතවෙලා... වෙනසක් වෙලාද දන්නෙ නැ නේද? එක්කො වෙනස්කම් දෙකක්ම වෙලාදත් මන්දා? :)

    ReplyDelete