ලෝබ අකුරු

8 comments
කවි ලියද්දී
හරි ලෝබයි
විසිකරන්න වචන
මම

" ඇයි සල්ලි යනවද? "
යාලුවෝ
අහන්නේ එහෙම

නෑ...

මම
ලියපු කවියකට
මෙලෝ රහක් නැති
කොමෙන්ට් එකක්
දැම්මොත්
උඹ
කවිය ලියන්න
ඇඟිලි වෙහෙසලා
කොටපු යුනිකෝඩ් ත්
අපරාදේ
මම

8 comments :

  1. මේ මෙලෝ රහක් නැකි කොමෙන්ටුවට
    කොටපු අකුරු ටිකත් අපරාදෙ
    මම..

    ReplyDelete
  2. මෙලෝ රහක් නැති පට්ට අදහසක්... මේ කමෙන්ට් එක දාන්නත් බයයි..:D

    ReplyDelete
  3. කවියෝ කවි ලියන එක නවත්තලා
    උන් ලියාපු පොත්වලම පිටු ඉරලා
    ලේඛකයෝ පාර අයිනේ කඩල විකුණනවා
    සේරම උන් ලියන එක නවත්තලා
    බත් ඔතන්න පත්තර පිටු නැතිවෙලා
    කවුරුවත්ම ආයේ ලියන්නේ නෑලු
    උන් ලියන ඒවා විවේචනය කරයි කියලා බයයිලු
    වැඩකට නැති අදහස් දායි කියලා හිතෙනවලු
    ආයේ කවුරුවත්ම ලියන්නේ නෑලු! :D

    ReplyDelete
  4. විවේචනය වැදගත්ය
    පෙන්වයි අපේ අඩු ලුහුඩු
    දිරිමත් කරයි තවෙකෙක්
    සමහරක් ලියයි
    මෙලෝ රහක් නැති දේ
    ඒත්
    විවේචනය සුන්දරයි....!

    ReplyDelete
  5. මෙලෝ රහක් නැති කමෙන්ට් කරුවනි එන්න මාවෙත
    මා නුඹලාට රහක් ලබාදෙමි....

    ReplyDelete
  6. සිහින : ඇත්ත තිත්තයි සහෝදරයා

    SeeJay : පරිස්සමට ;)

    පූසා : යක්කුන්ට බයනම් සොහොනේ ගෙවල් හදන්නේ නෑනේ මචන් :)

    Pradeep Gunarathna : ඔව්. තනි වචනයකින් එහා යන ඕනෑම අදහසක්..!

    අමිලයා : රස සක්විති..! :))

    ReplyDelete
  7. සමහරු බ්ලොග් ගනන් ලියන කවිකතා කොයි තරම් අපරාදෙද !

    ReplyDelete