Liam Neeson ගේ නළුකමේ මළගමට පාර කැපූ Taken 3.

2 comments

ලියම් නීසන් කියන්නේ මම කැමතිම නළුවෙක්. එකේ විවාදයක් නැහැ. මොකද ඔහුට ඉතාම සුන්දර චිත්‍රපට අතීතයක් තිබුන නිසා.මතක් කරන්නට පවා සුන්දරයි. එහෙම මතක් කරනකොට එනවා "Schindler's List", කොහොම චිත්‍රපටයක් ද? කොහොම උනත් මම කැමතියි නීසන්ගේ පශ්චාත් Taken යුගයට, Non-Stop, A Million Ways to Die in the West වගේ චිත්‍රපට අපි කාගේත් හිතේ රැඳුනා. තව ඉස්සරහට මාර්ටින් ස්කොර්සිස් ගේ Silence චිත්‍රපටය එනවා. නීසන් තමන්ගේ දස්කම් නියමිත ආකාරයට පෙන්නුවොත් එය ඔහුගේ වෘත්තීය ඉහලට ඔසවා තබන වැදගත් පොයවරක් වෙවී. අවන්කවම කියනවා නම් ඔහුට ඒ සිය වෘත්තීය යාවත්කාලින කරවන පියවර අවශ්‍යමයි. විශේෂයෙන්ම taken3 වගේ චිත්‍රපටයකට පස්සේ. taken3 කියන්නේ මෑතකදී බලපු චිත්‍රාගාර ක්‍රියාකාරකම් සහිත චිත්‍රපට වලින් දුර්වලතා වැඩියෙන්ම තිබුණු චිත්‍රපටය කියලා කිව්වොත් මම හිතන්නේ මම නිවරදීයි. හම්බුනේ ටොරන්ට් වලින් BR කොපියක් උනත් බෑවේ අපරාදේ කියලා හිතුන මගක් බලනකොට. ඒ තරමට අප්පිරියයි.
Taken 3 හි කතාව සරලව කියනවා නම්.., බ්‍රයන් මිල්ස් [නීසන්] වීර වික්‍රම සහිත චිත්‍රපට පෙළක තෙවැන්න. විශ්‍රාමික සෙබලෙකු සහ රජයේ රහස් පරීක්ෂක වරයෙක් වෙන මිල්ස් හට ඇතිවන ගැහැට අනන්තයි. ඔහු නිස්කලංකව තමන්ගේ ජීවිතේ ගෙවාගෙන යනවිට ඔහුගේ දික්කසාද බිරිඳගේ [ෆෙම්ක් ජෙන්සන්] අභිරහස් මරණයේ චෝදනාව වැටෙන්නේද මීල්ස් ගේ කරමතයි.මේ නිසාම ඔහු පිටුපසින් පොලිස් රහස් පරීක්ෂක වරයෙකුත් [ෆොරස්ට් විටකර්] ලුහුබඳින්නට ගන්නවා. මීල්ස් තමන්ගේ "විශේෂිත හැකියාවන්" [මේ හැකියාවන් මොනවාද කියලා Taken චිත්‍රපට පෙලේ රසිකයෙක් නම් හොඳින්ම දන්නවා. :)] උපයෝගී කරගෙන මෙම ක්‍රියාවේ යෙදුන අයව ලුහුබැඳ උන්ගේ පළිගන්නට තනන්නේ තවමත් ජීවතුන් අතර සිටින සිය දියණියව ආරක්ෂා කරන්නට සහ තමන්ගේ නම ඉදිරියෙන් වැටී ඇති චෝදනාවෙන් නිදහස් වන්නටයි. මේ පලිගැනීම සටන මීල්ස්ව රුසියානු පාතාල නායකයින් වෙතට රැගෙන යන්නට පවා සමත් වෙනවා.

Taken 1 සහ 2 ඉතා මනාපයෙන් නැරඹුවත් මේ චිත්‍රපටය ඉතාම වෙහෙස දනවන තරම් නීරස චිත්‍රපටයක් බව නොකියාම බැහැ. චිත්‍රපටය අවසානය දක්වා බලන්නට හේතු උන එකම සාධකය ලියම් නීසන් "පමනක්මයි". එහෙත් ඔහුගේ "පෙනීසිටීම" චිත්‍රපටය ප්‍රීතියෙන් නරඹන්නට හේතුවක් වුයේ නැහැ. සමහර විට ඔබ සිතාවි, Neeson, Forest Whitaker, Famke Janssen සහ Dougray Scott සිටිනා චිත්‍රපටයක් ඔබට අනෙක් චිත්‍රපට අතර වෙනසක් දැනෙන එකක් වෙවී කියා. එහෙත් ඒ මතය Taken 3 සම්බන්ධයෙන් තවදුරටත් නිවැරදි නොවේවි.

චිත්‍රපටයට බලෙන් ඔබ්බවන ලද චරිත අතර වන ගැහැට අවංකවම මාහට මුවඟට ගෙන ආවේ සිනහවක්. ඒ සිනහව අපරාධ ක්‍රියාදාම චිත්‍රපටයකට තරම් නොවෙන්නක්. විටෙක මට සැකයක් ඇති වුවා ජනප්‍රසාදයට පත් වූ නළු නිලියන් චිත්‍රපටයකට එකතු කරගත් පමණින් එහි වටපිටාවේ ඇති අනෙකුත් අඩු ලුහුඬු කම් සැනින් නොපෙනී යනවා කියා. මෙහෙම කියන්නට හේතු උනේ මොකද එය ඒ තරමටම අදියුරුව පවා ඉතාම දුර්වල තත්ත්වයේ පැවතීම නිසාවෙන්. අනෙක් අතට චිත්‍රපටය බාහිරව ගලා යන කතාන්දරවල පවතින උපාහාස නංවන ගතිය නිසා මම ඉහත කියූ මුවඟට සිනහවක් නංවන ගතිය තවත් ඉහල යනවා. එය අවාසනාවක්. ඔබ චිත්‍රපටය බැලුවානම් මතක ඇති මීල්ස් ගේ දියණිය වන කිම්හට ඇති ගැටලුව වන්නේ ඇය ගැබිණියක් බව සිය පියාට කියාගන්නට ඇති නොහැකියාවයි. මෙවැනි කොටස් තිබිය යුත්තේ ක්‍රියාදාම චිත්‍රපටයකට වඩා සොප් ඔපෙරාවක බව මට බලන විට හිතට ආවා. :) තවත් අවස්ථාවක විටෙකර් විසින් මිලර් අපරාධයක යෙදුනේ නැති බව කියන්නේ ඒ අවස්ථාවේදී ඔහු බැගෙල් [මුදු හැඩති පාන් වර්ගයක්] ආහාරයට ගනිමින් සිටි බව සඳහන් කරමින්. විටෙකර් කියන්නේ ඇකඩමි සම්මාන වලින් පිදුම් ලබූ රංගන ශිල්පියෙක් බව අපි ඔබ කවුරුත් දන්නා කාරණාවක්, එත් එවැනි නළුවෙක් පවා මෙවැනි චරිත වල දෙනකොට ඒවා නරඹන අපි අන්දන්නද හිනාවෙන්නද කියලා අමතක වන බව අහන්නටත් දෙයක් ද?

Add caption
Taken 3 ගැන මේ කතාව මෙතනින් එහාට ලියන එකේ තේරුමක් නැහැ. මොකද, මීට වඩා කිව්වත් ඒ කියන්නට වෙන්නෙත් මේවාම තමයි. මම ලියම් නීසන්ගේ උග්‍ර රසිකයෙක්, එහෙත් Taken3 චිත්‍රපටයේ ඔහු සිටින එක තත්පරයකටවත් මගේ කැමැත්තක් නැහැ. අඩුම ගානේ අදියුරුවන් හට මේ අපුරු නළුවා යොදාගෙන චිත්‍රපටයේ අවසානයටවත් සාධාරණයක් කරන්නට තිබුනා. එත් මෙහි අවසාන ජවනිකාවෙදී මිල්ස් හා සටන් වදින රුසියානු පාතාල නායකයා සැරසී සිටින්නේ කුඩා යට කලිසමකින් පමණයි. එහෙම උනාම චිත්‍රපටයේ අවසානය ගෙන එන්නේ ත්‍රාසය භීතිය කුතුහලයට වඩා විකට චිත්‍රපටයකට ඔබින සිනහවක් බව අහන්නටත් දෙයක් ද? නීසන් බ්‍රයන් මීල්ස් ගේ චරිතයට තව දුරටත් ආරූඪ වීම අවසන් කල යුතුයි. ඒ මක්නිසාද යත් මෙවැනි තවත් එකදු චිත්‍රපටයක් හෝ රඟපෑමෙන් වන්නේ නීසන්ගේ නළුකමේ මළගමට පාර කපා ගැනීමක් වන නිසා.


[ HD Rip එකක් උනාට බලන්න කිසිම අපහසුවක් නැහැ. ]

2 comments :

Post a Comment