නාට්ටි දෙකක් ගැන කලා ඔත්තුවක්

No comments
වේදිකා නාට්‍ය කියන්නේ රංගනවේදීන්ගේ තිඹීරිගෙය ලෙස සැලකුම් ලන්නේ මොකද කියන ගැටලුවට මට මුලින්ම උත්තර ලැබුණේ මම මුලින්ම මනෝරත්න මහත්තයාගේ ගුරුතරුව නාට්ටිය බලන්න ගිය දවසේ. සහ ඔදානිස් රබන් ගුරාගේ වැලිතලප කවිපෙළ මුලින්ම අහන්නට ලැබීම යන නිමිති දෙකම එක දවසේ වීම මට විශේෂයක්. තැනින් තැනින් ටික ටික තවමත් මතක ඒ වචන ටික සම්පුර්ණ කරගන්න උදව්ව අන්තර්ජාලෙන්, නාට්ටියකට එතරම්ම ආදරය කරත් ඉගෙනීම රස්සාව සහ ව්‍යාපාර කියන ත්‍රිකොනේ ඇතුලේ කරක් ගහන නිසාවෙන් මගේ සිතුවිලි වලට පියාඹන්න ඉඩදෙන්න මට කාලෙක ඉඳන් අමතක වෙලා.
එත් මේ කියන්න යන්නේ ගුරුතරුව නාට්ටිය ගැන නොවුනත් නාට්ටි දෙකක් ගැනම තමා, එක්තරා ආකාරයකට ගුරුතරුවකට හරසර දක්වන්නට පේරාදෙණිය විශ්වවිද්‍යාලයෙන් සංවිධානය කරන නාට්‍ය ඉසව් දෙකක්.

කතාව සාරාංශ ගත කරලා කියනවා නම් මහාචාර්ය එදිරිවීර සරච්චන්ද්‍රයන්ගේ ජන්ම ශත සංවත්සරය නිමිත්තෙන් විශේෂ නාට්‍ය දර්ශන දෙකක් පැවැත්වීමට පේරාදෙණිය විශ්ව විද්‍යාලයීය ලලිත කලා අධ්‍යයන අංශය සහ සම්භාව්‍ය භාෂා අධ්‍යයන අංශය කටයුතු කරලා තියෙනවා. මේ අනුව සැප්තැම්බර් මාසේ 17 වැනි දා හාවස 7ට කංචුකා ධර්මසිරි අධ්‍යක්ෂණය කළ සුභා නාට්‍යයත්,  සැප්තැම්බර් 18 වෙනිදා හවස 7ට මුදිතා ධර්මසිරි අධ්‍යක්ෂණය කළ ලෝකාන්තර නාට්‍යයත් පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ ඊ.  ඕ. ඊ. පෙරෙයිරා රඟහලේ දී වේදිකාගත වෙනවා.

නුවර විතරක් නෙවෙයි කොළඹ නාට්‍යප්‍රේමීන් වෙනුවෙන් සැප්තැම්බරයේ 20දා ලෝකාන්තර නාට්ටියත්, 21දා සුභා නාට්ටියත් හවස 3.30ට හා 6.30ට බොරැල්ල නාමෙල්-මාලිනී පුංචි තියටරේ වේදිකාගත කරන්න කටයුතු යොදලා තියෙනවාලු.

නෝබල් සම්මාන ලාභී රබීන්ද්‍රනාත් තාගෝර්ගේ සුභා කෙටිකතාවයි ගීතාංජලී කාව්‍යයයි පාදක කරගත් සුභා රඟනළුව ලලිත කලා අධ්‍යයන අංශයේ නිෂ්පාදනයක්. සම්භාව්‍ය ග‍්‍රීක රංග කලා සම්ප‍්‍රදායත් පුරාණෝක්තිත් ඇසුරු කරගෙන නිර්මිත ලෝකාන්තර නාටකය සම්භාව්‍ය භාෂා අධ්‍යයන අංශයේ නිෂ්පාදනයෙන් කල එලි දකින්නක්.

සුභා

අධ්‍යක්ෂණය - කංචුකා ධර්මසිරි
සංගීත අධ්‍යක්ෂණය - මනොජ් අලවතුකොටුව සහ විනූෂා විජේවික‍්‍රම
නිෂ්පාදනය - ලලිත කලා අධ්‍යයන අංශය, පේරාදෙණිය විශ්වවිද්‍යාලය.

ලෝකාන්තර

අධ්‍යක්ෂණය - මුදිතා ධර්මසිරි
සංගීත අධ්‍යක්ෂණය - පමුදිත මානෙල්අංග
පිටපත - Renascor රංග කලා සාමුහිකය
නිෂ්පාදනය - සම්භාව්‍ය භාෂා අධ්‍යයන අංශය, පේරාදෙණිය විශ්වවිද්‍යාලය

No comments :

Post a Comment