හේඅලියාගේ කොටහළුව

9 comments
මීට ටික කාලෙකට කලින් අපේ ගෙදර හදිසියේ ආපු ගුණපාල අපේ තාත්තා ඉන්නවද කියලා මගෙන් ඇහුවා.., ගුණපාල කියන්නේ මම මගේ shimmering thoughts බ්ලොග් එකේ ලියලා තියෙන හේඅලියා කියලා ලියලා තියෙන කතාවට පාදක වෙච්චි චරිතය..,

තාත්තා ඉන්නවද චූටි මහත්තයා..?
ඔව් ඇයි ගුණපාල..?
නෑ මේ මේ..,

මූ තටමනවා විතරයි මට කියන්නෑ මොකෝ කියලා..,

මොකෝ ගුණපාල??

අපේ තාත්තා ළඟදී කුළියට දෙන්න ඉන්න අපේ ගෙදරට ටිකක් එහායින් තියෙන ගෙදරට යන්න ලෑස්ති වෙලා කමිසයක් ඇඟට දාගන්න ගමන් ඇහුවා.

ලොකු මහත්තයා..,
ඔව්?
අපේ පොඩි දුව ලොකු ළමයෙක් වෙලා..,
අහ් ඉතින්?
මම මේ අවේ පොඩි අතමාරුවක් ඉල්ල ගන්න..,
කීයක් විතරද?
රුපියල් හාරදාහක් විතර..,
අපේ ලොකු කෙල්ල ගාව සල්ලි තියෙනවා ඒකි බඳින්න ඉන්නේ මහත්තයා මට පුලුවනෑ වියදම් කරන ගානේ ඒකිගෙන් ඉල්ලන්න.?
ඔව් ඉතින් හම්බු කල කියලා ඉතුරු කරලත් නෑනේ තමුසේ.,
ඒකනං එහෙමතමා මහත්තයා, මම හිතාන ඉන්නේ පොඩි මහත්තයාටයි ලොකු මහත්තයාටයිත් උත්සවේට ආරාධනා කරන්න..,
අපිට කිව්වේ නැතත් කමක් නෑ තමුසේ හවසට එනවකොට මම ගෙදරින් තියල තියන්නම් සල්ලි,

කොහොමින් කොහොම හරි මිනිහා හවස ඇවිල්ලා සල්ලී අරන් ගිහින් තිබ්බා..,ඔහොම සති දෙක තුනක් විතර ගතවෙද්දී මිනිහා ගැන හාංකවිසියක් නෑ.., කොහොමත් අර කිව්වයි වගේ උත්සවයක් ගත්තේත් නෑ කියලා තමා අපිට එහෙං මෙහෙං ආරංචි වෙලා තිබුණේ.., අර වැඩිවියට පත්වෙච්චි කතාව එහෙම්මම යටපත් වෙමින් උන්නේ, දවසක් අයියා එක්කලා ටවුමට ගිය තාත්තා අපේ ගෙදර ආවේ හොඳටම තරහින්.., කොහොමත් ඒ තරහට හේතු වෙලා තියෙන්නේ ගෙදර කවුරුවත් නොවන බව දැනගත්තු නිසා මම ඇයි කියලවත් අහන්න ගියේ නෑ.., මම කාමරෙන් එළියට යනකොට අම්මා තනියම හිනා වෙවී පත්තරේ බලනවා..,
මම ඇහුවා මොකෝ කියලා..,  

ගිහිල්ලා අහගන්නකෝ තාත්තාගෙන්ම..,

මම යනකොට අපේ තාත්තා යකා මූණ දාගෙන ඉන්නවා සයිඩ් ගහලා,
මම ඇහුවා මොකෝ කියලා..,

මට අද අර හේඅලියව හම්බුනා.
ඉතින්..,
මම ආගිය තොරතුරු එහෙම කතාකරලා ඇහුවා අර මිනිහගේ කෙල්ල වැඩිවියට පත්වෙලා කියල කිව්ව එකේ උත්සවේ ගත්තද කියලා..,
මේ යකා දුන්න උත්තරේ මට වෙන එකෙක් එහෙම දුන්න නං මම දනී කරනදේ..,

ඉතින් මොකෝ මිනිහා කිව්වේ..,

ආ ඒක එහෙම එකක් නෙවේ මහත්තයා
කෙල්ලව කූඩැල්ලෙක් කාලැයි කියන්නේ..

9 comments :

  1. හික් හික් !!

    ReplyDelete
  2. හි හි... හාරදාහට මොකෙයි උනේ...

    ReplyDelete
  3. සල්ලි වගේද බං මිනිස්සු... අපරාදේ තව සල්ලි ටිකක් දෙන්න තිබ්බෙ... කූඩැල්ලො නන් මොනවා කරන්න බැරිද බං.. :-D

    ReplyDelete
  4. වල් කූඩැල්ලා!

    ReplyDelete
  5. හිකිස්... යකෝ ඒ කියන්නේ කූඩැල්ලොත් දැන් අපේ කෙල්ලන්ව ලොකු කරනවද?

    ReplyDelete
  6. //තාත්තා ඉන්නවද චූටි මහත්තයා..?//

    කවුද බන් චූටි? කතාවේ හිත ගියෙම මෙතෙන්ට....

    ReplyDelete
  7. තොත්ත බබා ගුණපාලයා!

    ReplyDelete
  8. KOODELLA KALA THIYENNE KOHEDA?

    ReplyDelete
  9. එහෙනම් තව පාරක් ගානක් කඩා ගන්නයි පොරගේ ප්ලෑන් එක

    ReplyDelete