හර්ෂදේවගේ "සන්තාපය"

2 comments

  හර්ශදේව මගේ මූණුපොත් ප්‍රෝෆයිලයේ සිටියාට මා හා වැඩි ඇඟෑලුම් කමක් නැති චරිතයකි, වරකදී දෙවරකදී පමණ සිංහල බ්ලොග් කරුවන්ගේ සංසදයේ හමුවීම් වලදී හමුවී ඇතත් ඔහු හා කතා කලාදැයි මට මතකයක් නැත.., මෑතකදී දේශීය යූටියුබ් වීඩියෝ අතර යොවුන් ජනප්‍රසාදයක් දිනාගත් රාවනා සහෝදරයන්ගේ මහසෙන් දැහැනේ එන ගැටවර බජව්වට ද ඔහු සම්බන්ධව සිටි බව දැනගත්තේ එහි වූ අවසානයේ වැටි ක්‍රෙඩිට්ස් කියවීම හේතුවෙනි. මේ කියන්නට යන්නේ හර්ෂදේව පිළිබඳ බටර් වත්, පිට කැසීමක් නොව.., ඔහුගේ සංගීත දිවිය පිළිබන්ද වූ වින්දනාත්මක පුවතකි..,ඒ ඔහු විසින් ගයන්නට යෙදුනාවූ සන්තාපයෙන් නම් ගීතය පිළිබඳවය.

රාජ් තිල්ලයාම්පලම් [වැඩි දෙනා දන්නා ආකාරයට රාජ්] යනු දේශීය සංගීත මෙන්ම භාරත සත්සර ද හැඩ කල චරිතයකි. කොටින්ම අපේ භාශාවෙන් කිවහොත් පොරකි. මගේ මතකය නිවැරදිනම් ඔහු දේශීයසංගීතය තුල සිය ආරම්භය සලකුණු කරන්නේ සංගීත් විජේසූරිය ගයන්නට යෙදුනු සියලුම ගීත රාජ් විසින් සංගීතවත් කල සැවැන්දරී ඇල්බමයත් ඉන්පසුව කසුන් කල්හාර ජයවර්ධන ගයන රාජ් සංගීතවත් කල සඳ මිතුරී ගීතය යන අවස්ථාවන් හරහා ය..,

රාජ් සහ හර්ෂදේව එකව ඉදිරිපත් කල සන්තාපයෙන් නම් ගීතය පිළිබඳ මේ සටහන ලියන්නට හේතුවූවේ එම ගීතයේ පවතින ලයාන්විත ගලායෑමට මා සිත බැඳීම බව කිවයුතුය.., කාසිම්ගේ ගීත පදරචනය සහ හර්ෂදේවගේ හඬමුසුව ට රාජ් කල සාධාරණය කුමන මට්ටමට අයිතිදැයි තීරණය කරන්නට තරම් මා තුල පවතින සංගීතය පිළිබඳ දැනුම ප්‍රමාණවත් නැතත්.., සාමාන්‍ය ජනයා නියෝජනය කරන අප වැනි අයගේ රසවින්දනය සපුරන්නට තරම් හර්ෂදේවගේ සන්තාපයෙන් පොහොසත්ය..!

ගීතයක් පිළිබඳ වූ මේ සටහන තුල හර්ශදේව ආරියසිංහ ගායකයෙකු ලෙස අනාගතයේදී දිග්විජය කරාවි යන බලාපොරොත්තුව මුසුව ලියැවුනු බව සැලකුව මනාය..



2 comments :

  1. හර්ශගේ හැකියාවන් ගැන දැනගෙන හිටියාට වීඩියෝ එක දැක්කේ අදමයි. හරිම සතුටුයි.
    දැනුවත් කලාට බොහොම ස්තුතියි ලිශාන්.

    ReplyDelete
  2. අඩේ මාරයි ඈ... ඇත්තටම සුපිරි. මං දැනං හිටියේ හර්ෂදේව ගේ එහෙම හැකියාවක්. හරිම අමුතු, හිට් වෙන කට හඩක් තියෙන්නේ. උඹ කිව්වත් වගේ මමත් වැඩිය ආශ්‍රය කරලා නෑ. අප නොදැන හිටපු දෙයක් දැනුවත් කරාට ස්තූතියි ලිෂාන්.

    ReplyDelete