ලොකු මහත්තයාගේ මාරඹ කුඹුර සහ නරි විජේ

7 comments
විජේ ගේ ලොකුම තරහ කාරයා ලොකු මහත්තයා ය. ලොකු මහත්තයා යනු තැපැල් මහත්තයාගේ ලොකු පුතා වන අතර තැපැල් මහත්තයා මේ වන විට ජීවතුන් අතර නැත. ගංගොඩේ පිහිටි ලියැදි පනහේ මාරඹේ කුඹුරු යාය පිළිබඳව පැන නැඟුණු ගැටලුවකට එහි හිමි කාරත්වය පිළිබඳ විමසා සිටි අවස්‍ථාවේ විජේ කියා සිටියේ ඒ කුඹුරු යායෙන් හරි අඩකට වඩා අයිතිය දනවන පිඹුරුපත් සහ ඔප්පු තමා සතුව ඇති බවත් උක්ත බිම්කඩෙහි අයිතියේ සම හවුල් කරුවන් ලෙස ගල්වත්තේ රාළහාමි සහ ජයකොඩි සර් යන අය පෙනීසිටිනු ඇති බවයි.., මේ පිළිබඳව කල් තියා දැනගත් ලොකු මහත්තයා මේ තුන් පොල සිය නිවසට ගෙන්වා සංග්‍රහ සත්කාර කර මාරඹ කුඹුරේ අයිතියෙන් තුනෙන් දෙකකටත් වඩා වැඩි ප්‍රමාණයක් තමා සතු බවටත් විජේ, ගල්වත්ත රාළහාමි සහ ජයකොඩි සර්ට ඉන් හරි අයිතිය ඇති තුනෙන් එකකට වඩා අඩු බිම් ප්‍රමාණය සමසේ බෙදී යායුතු බව කාරණා කාරණා සහිතව පෙන්වා දීමෙන් පසුව සිවු පස ම මේ ගැටලුව ඉඩම් නඩුවකින් සමතයකට පත් කරගත යුතු ය යන තීරණයට පැමිණ ඒ සඳහා දින නියම කරගත්තෝ ය.
අදාල දිනය උදාවිණි.
ලොකු මහත්තයා අවැසි ලිපි ලේඛන ද සපයාගෙන ඉතීරි තුන් පසට එදිරිව අදාල නඩුවට ඉදිරිපත් විය. වසර 5කටත් වඩා ඇදුනු මේ නඩුවේ තීරණය ලෙස ලොකු මහත්තයා කියූ පරිදිම තුනෙන් දෙකකටත් වඩා වැඩි අයිතියක් සමඟ ඉතිරි කොටස් කරුවන්ගේ ද කොටස් වල බහුතරය ලොකු මහත්තයාට අයිතිවන ලෙස කරුණු කාරණා සිද්ධ විණි.
තමාට වූ විසාල පාඩුවට හේතුව විජේ ගේ නොකලමණා ක්‍රියාකලාපය බවත් මේ නිසා එහි අලාභය ඉල්ලා තමා නඩු යන බවත් මීට වසර 40 කට පමණ පෙර ගංගොඩේ මහ විද්‍යාලයට ඉංග්‍රීසි පත්වීමක් සඳහා පැමිණ විශ්‍රාම යනතුරුම පාසලේ P.T සර් ලෙස සේවය කල ජයකොඩි සර් දෙකක් ඇනගෙන මාරඹ ටවුමේදී " නිකං නරි වැඩ කරන්න එපා ඕයි" යනුවෙන් විජේට බැන වැදීම නිසා 
විජේ + නරි වැඩ = නරි විජේ  ලෙස නාමකරණය විය.
නරි විජේ එතැන් පටන් ලොකු මහත්තයා සමඟ ජන්මාන්තර වෛරයෙන් පසුවන්නට විය. මුලදී විජේගේ පැත්ත ගෙන වැඩකල රාළහාමි සහ ජයකොඩි සර් ලොකු මහත්ත්යාගේ පැත්තට එක්කාසු වීම නරිවිජේ හට දරන්නට හැකියාවක් නොමැති වීම මේ කෝපයට හේතුව විය.
ලොකු මහත්තයා ගේ වත්තේ ලොකු අඹ ගහක් ඇත. මේ අවුරුදු කාලය නිසා කර්තකොළම්බන් ගහේ ගෙඩි සහ ගැට වලින් පිරී පවතී.., දිනක් ලොකු මහත්තයාගේ නිවෙස අසලින් ටවුමට යාම සඳහා ගිය නරි විජේගේ හිසට අඹ ගැටයක් වැටිණි., ගෙඩි ගැසුණු තට්ට හිසත් සමඟ උඩ බලමින් ලොකු මහත්තයාගේ මවු පාර්ශවයට පින් දෙමින් උඩ බලමින් ගිය නිසා වූයේ තවත් නොසිතූ දෙයකි. ඒ පාරේ ගැට්ටෙන් පය ලිස්සා අසල වූ ඇනිකට්ටුවෙන් පහලට ලිස්සා වැටීමයි.
ඇනිකට්ටුවෙන් පහල වූ මඩ ගොහොරුවෙන් ගොඩ ඒමට නොහැකිව මහ හඬින් ලොකු මහත්තයාට බණිමින් සිටි විජේව ගොඩට ගෙන නහවා බෙහෙත් දාගන්නට රුපියල් 500කිත් අතට දී පිටත් කලද ගේට්ටුවෙන් එළියට ගිය සැනින් නැවතත් ලොකු මහත්තයාට බණිමින් ම ටවුම දෙසට කොර ගසමින් යන්නට විය.

උක්ත සටහනට "බීට්ල් විරිත" ඇප්ලයි කලහොත් ►

01. ලොකු මහත්තයා ඇමෙරිකාව ගැන අසා ඇත්තේ උන්නැහේ රට රටවල් වල ච්ත්‍රපටි බලා ඇති නිසා වීමට හැකිය.

02. ජීවිත කාලයෙන් වැඩ හරියක් මහජන පක්ෂයට කඩේගිය නරි විජේ ජාතික පෙරමුනේ නියමු විමල් වීරවංස ගැන අසා නැතිවෙන්නට කොහොමත්ම ඉඩක් නැත.

03.
ගල්වත්ත රාළහාමි සහ ජයකොඩි සර් යන දෙපළද ජිනීවා ගැටලුවට පෙර ලංකාව සමඟ සිට පසුව ඇමෙරිකාව වෙත හැරවුණු රටවල් පිළිබඳ අවබෝදය ලබන්නේ හැමදා සවස 7ට බලන ස්වාදීනේ ප්‍රවෘත්ති නිසා වෙන්නට බෝ දුරට ඉඩකඩ ඇත.

04.
එහෙත් ගංගොඩේ පිහිටි ලියැදි පනහේ මාරඹේ කුඹුරු යාය යනු අප ජීවත් වන ශ්‍රී ලංකාවට සමපාත කරන්නට සිතුවහොත් ඒ ඔබ කරගත් විශාල වැරදීමකි.;)

7 comments :

  1. දේශපාලන මෙව්වා මොකුත් නෑනේ නේද..? :)

    ReplyDelete
  2. චානුක වත්තේගම කියන සීතල කපටියා එහෙමත් නැත්තං අවස්ථාවාදී නරියා නන්නත්තාර වෙලා රස්සාවට කෙලවිලා ඉද්දි බ්ලොග් එකක් පටන් අරං එකෙන් ආණ්ඩුවට කඩේ ගිහින් කොහොම හරි ආයෙමත් රස්සාව හදා ගත්තා. දැන් උපතින්ම යූඇන්පී කාරයෝ වෙච්ච සඳරු කොල්ලව ආණ්ඩුවේ පිළිකන්නට එක්ක ගිහින් කුනු කව්වන්න.

    මිනිහෙක් එක්ක හිනා වෙලා වචන දහයක් කතා කරගන්න බැරි, රස්සාව කරන තැන අනිත් උන්ට හීන් නූලෙන් කපන්න ගිහින් චා වෙන කාලකණ්ණි චානුකයා බුධා කොල්ලවත් ඉඳුල් කන තැනට පත් කරන එක කරනවාමයි. පරිස්සං වෙලා හිටහල්ලා ඕකා සර්පයෙක්

    ReplyDelete
    Replies
    1. ඒක හරි! බ්ලොග් ලියන අයට හුරේ දාන්න නෙවෙයි ටික දවසකින් අඬන්න වෙයිද දන්නෙ නෑ.

      Delete
  3. හා මං කරල දෙඤ්ඤං කියල සමහර එව්ව පැනල බාරගන්න සමහර උදවිය හරි භයානකයි ;-)

    ReplyDelete
  4. අසාර්තක උත්සහයක්.තව පාරක් ට්‍රයි කරපං.

    ReplyDelete