දුකා යනු පොරකි.

10 comments
ඊයේ හවස ගෙදරට බඩු වගයක් ගන්න ටවුමට යන්න පාරට ගියහම මගේ හිත නැවතුනේ පාර අයිනේ දකුණු පැත්තේ සුදාගේ සිල්ලර කඩේ ටීවී එකෙන් ඇහිච්චි සද්දයක් ගාව..,

ආයුබෝවේවා.., ආවඩා ආයු බෝවේවා..!

හඬ නම් හොඳට අහලා පුරුදුයි. බක් මහට හොඳට මතකෙට එනවා.., බැද්දගේලා බන්දුලලා තරම්ම නොවුනත් මෑත කාලේ අපේ කම මාකට් කල පොරක් තමා එයා..,
නමින් දුක්ගන්නාරාළ.., වසන්ත දුක්ගන්නාරාළ
සන්ෆ්ලවර්ලාට සින්දු ටික විකුණලා මාමයි බෑණයි චාටර් උනාට පස්සේ අපේකම, සිංහල කම මාකට් කල, දේශීයත්වය නැමති භාණ්ඩයේ විකුණුම් මිල උපරිම කල කෙනෙක් තමා මේ දුකා.., මට මතක හැටියට මුලින් ම මම දුකාව දැක්කේ රූපවාහිණියේ බ්‍රහස්පතින්දා 10.00ට ගිය ඉන්ගම්මාරුවේ උප ප්‍රධාන චරිතයක් රඟාගෙන. සිරස ස්වර්ණවාහිණිය දෙරණ රූපවාහිණිය ස්වාධීන මේ ආදී චැනල් අස්සෙත්, ඉරාජ්ට සින්දු ලියලා [B&S ට නිලාර් වගේ] වී එෆ් එම්, නෙත් වලට සෙට් වෙලා ප්‍රධාන භූමිකා රඟලා දැන් නිදහස් මාධ්‍ය වේදියෙක් විදියට එයාගේ රාළ ක්‍රියේශන්ස් එක්ක හැප්පෙන මේ මනුස්සයා, කොතරම් වෙනස් කම් වලට භාජනය උනත් අර උඩ කියාපු ගැමිකම අඩුකලේ නෑ..,
අපේ හරයන් සිරිත් විරිත් පුද සීරිත් ගැන හේනේ පැලක ඉඳන් කියවලා, විටක් හපන ගමන් අතේ තියෙන ස්මාර්ට් ෆොර්න් එකෙන් කෝල් අරන් ලැපෙන් මේල් චෙක් කරන මොඩ් ගොවියෙක් වෙච්චි දුකා අර අපි කලකට ඉස්සර "හරිම ගොඩේ, චා" කියලා අහක දාපු අපේකම මඩ හෝදාල අරන් නියර උඩින් තියලා ලස්සනට ලංකාවේ මීඩියා වලට විකුණනවා.

අපේකම සංස්කෘතිය විකුණන එක වැරැද්දක් නොවෙයි.., ඊටත් වඩා මේ වගේ අවුරුද්දට විතරක් කල එළි බහින මේ චුල්ල ටොපික් වලට අවුරුද්ද පුරාවට ම එකෝ ෆ්‍රෙන්ඩ්ලි කොන්සෙප්ට් අස්සේ නොනැසී පවතින මාකට් එකක් හදපු එක ගොඩක් වටිනවා..,
අනුරාධපුරේ ඉඳන් කොළඹට ඇවිල්ලා ගම අස්සෙන් අතදාලා නගරෙම අල්ලපු දුකා මට පොරක් කියන්න හේතු උනේ අන්න ඒකයි.., අනික ස්වර්ණවාහිණියෙන්  මේ යෝධයාව ඕසෙට විකුණන්නට ගත්තම මේ කෙටි සටහන මට ලියන්නමයි හිතුනේ..!
මනුදම් පෙරටු සුභ නව වසරක් වේවා..!

10 comments :

  1. දුකා, යන එන ගමන් TV එකේ කතා කරනව දැක්කොත් මොහොතක් නැවතිලා බලන් ඉන්න පුලුවන් චරිතයක්. මට අනුව දුකා පොරක්. මම දන්න දුකාල දෙන්නම මට පොරවල්..

    ReplyDelete
  2. කාට දුන්නත් මං නම් දුකාගෙ සිංදු වලට කැමති.. ඒකෙ අමුතු ගතියක් අමුතු විලාසයක් තියෙනවා අහන් ඉන්න පුලුවන් මට්ටමේ..
    ඇත්තටම දුකා පොරක්..

    ReplyDelete
  3. මටත් දුකා යනු පෙරකි.......

    ReplyDelete
  4. මට දුකා පොරක් වුණේ එයාගෙ "ආලවක නරක නෑ" කියෙව්වට පස්සෙ. මතක විධියට ඒ ගැන වෙනම සටහනකුත් ලිව්වා. නමුත් ගැමිකම දුකා අතින් මාකට් වෙන්න පටන්ගනිද්දි පොඩි අවුලක් ඇති වුණා පොර ගැන. ඒ වුණාට මම දන්නවා ඕනම දේකට පවතින්න ඕන නම් ඒ ධනවාදයේ ප්‍රවාහ වලට එකතු වෙන්න අවශ්‍ය බව. ඒ අතින් දුකා හොඳ මාකට් ඇනලිසිස් එකක් කරල තියෙනවා. මොනව වුණත් දුකා මීඩියා සිස්ටම් එකේ එයාට විතරක් වෙන් වුණ තැනක් හදාගෙනයි ඉන්නේ. මිනිහ හොඳ නිර්මාණකාරය නිසා වයසට යනකල්ම එතන ඉන්න හොඳටම පුළුවන් :-)

    ReplyDelete
  5. දුකා යනු හැම අතින්ම ටැලන්ටඩ් පොරකි...

    ReplyDelete
  6. සුන්දර මනුස්සයෙක් වන දුකාව මම අඳුනගන්නේ මට මතක හැටියට 94 හරි 95 හරි දිහාවෙ. ඒ වෙනකොට දුකා ජපුරේ ඩිග්‍රිය ඉවර කරලා හරි අන්තිම වසරේ හරි. අපි මුනගැහුනේ ප්‍රසන්නජිත් අබේසූරිය නිශ්පාදනය කරපු හරිම අපූරු වේදිකා නාට්ටිය "දොර්දණ්ඩා" තුලින්. ඒකේ සත්තු වත්තේ මුර කාරයා හැටියට දක්ශ චරිත රංගනයක දුකා යෙදෙනකොට මම නාට්ටියට සංගීතයෙන් සම්භන්ධ වෙලා හිටියා. දර්ශන වාර 100කටත් වඩා රට පුරා පෙන්නපු මේ නාට්ටියේ කිසිම දවසක මුර කාරයාගේ චරිතය වෙනින් නළුවෙක් රඟ පානවා මම දැක්කෙ නෑ දුකා ඇරෙන්න. ගාල්ලේ පුර හලේ පවත්ත්වපු එක දර්ශන වාරයකට දුකා ආවෙ හදීසීයේ වියෝ වූ තමන්ගේ ආදරණීය මෑණියන් ආදාහනය කරලා හත්දවසේ දානයවත් ඉවර වෙන්න ඉස්සෙල්ලයි. වෙනදාට දර්ශන වාරයකට පස්සෙ විහිළු තහළු සහ සංගීතයෙන් පිරී ඉතිරෙන නාට්ටි බස් රථය එදා නිහඬවම කොළඹ බලා එනකොට දුකා මට කතා කරලා කිව්වෙ, "මචං, දවසක් පැල නැති හේනේ ගහපන්" කියලා. ගිටාරය තුලින් හෙමිහිට හීතය පණ නැංවෙන විට නාට්ටි සහෘදයන් එක්ව ගීතය ගායනා කලා. පොඩි එකෙක් වගේ පිටිපස්සෙම සීට් එකට වෙලා ඉකි ගගහා දුකා අඬපු හැටි මට තාමත් මතක් වෙනවා....

    ReplyDelete
  7. දෙයක් පවතින්න ඕන නම් කාලානුරූපීව වෙනස් වෙන්න ඕන! දුකාත් අන්න ඒ ජාතියේ කෙනෙක්!

    ReplyDelete
  8. ඔව්.. ආලවක නරක නෑ, එක්ක දුකා මටත් පොරක්! මම කෙටිම කාලයකින් කියවපු කෙටි කතා පොතේ කතෘ විදියට මම මනුස්සයා රඟන චරිත ගැන සතුටු වෙනවා.

    ReplyDelete
  9. අමුතු ඩයල් එකක් තමයි....හොද මාකටිං අයිඩියා එකක්...

    ReplyDelete
  10. මම වැඩ කල තැනක කාටවත් දුකාගෙන් කරගන්ට බැරිවුන වැඩක් මම කරගන්ට පුළුවන් උනා. එදත් අදත් පොරක් උන දුකා නිසා මමත් පොරක් උනා. සන්තෝසේ බැ බන්..

    ReplyDelete