වලියක්

9 comments
මමත් ඇද්දා වලියක්
නිකං ඉන්න බැරුවට මට
රට ජාතිය බේර ගන්න
මාත් ඇද්දා වලියක්
පේස් බුකියේ වලියක්

දාපු ගමන් කොම්පීතරේ
ඕං බුකියේ වලියක්
ඇදලා කස්ටිය වලියක්
රට ජාතිය බේර ගන්න
පට්ට සිරා වලියක්

එකෙක් ගේ ඉස්ටේටසේට
හැටක් දාලා "Like"
රට ජාතිය බේර ගන්න
හැටක් ඔබලා "Like"
මමත් එබුවා"Like"
මම ඒකට "Like"

හෙණ ගහපිය හෙණ ගහපිය
විනකටිනා එවුන්ට තව
මම ලිව්වා comment එකට
ඔන්න වැටේ Like
මෙන්න එවලා request මට
ලිව්වා කියලා ගහපිය හෙණ

:D

මමත් ඇද්දා වලියක්
නිකං ඉන්න බැරුවට මට
රට ජාතිය බේර ගන්න
මාත් ඇද්දා වලියක්
පේස් බුකියේ වලියක්

9 comments :

  1. උඩ සිට පහලට කියවූ පසු මට කියන්නට වදන් නැත. එළේ එළය...

    ReplyDelete
  2. මටත් උඩ එකමය . . .

    ReplyDelete
  3. හරේ කිව්ව එකම තමා..

    ReplyDelete
  4. යතුරු පුවරු වීරවරු !!

    ReplyDelete
  5. ඇත්තටම වැදගත් වැඩක්..වැඩිම පෝස්ට් ගානක් ලයික් කරපු අයට සම්මාන දෙයිදත් මන්ද...

    ReplyDelete
  6. ගේම නම් ගේම හරිය... අපේ එවුන්ට මොකුත් කියලා අහුවෙන්න එපා!!! දානවා ලයික්!!!

    ReplyDelete
  7. මචන් මේක දාන්නද බුකියේ "ජාතිකත්වය" ගෘප් එකේ ? සිරා වලියක් ඇදගන්න පුළුවන්...:D

    ReplyDelete
  8. හරේ, සහෝධරයා, සාතන්, සිහින ► එල ස්තූති වේවා..
    අමිල ► ඔන්න කරනවා නම් වැඩේ..!
    සෝඩේ ► අනේ අවුලක් නෑ.., දාපන් මචන්..! :D

    ReplyDelete
  9. සිරාම කතාවකි. දැන් විප්ලව කරන්නේත්, ආදරය කරන්නේත්, වෛර කරන්නේත් ෆේස්බුකියේය. එය දැන් වීඩියෝ ගේම් එකක් වී හමාරය.

    ReplyDelete