ලොකු මහත්තයාගේ මාරඹ කුඹුර සහ නරි විජේ

විජේ ගේ ලොකුම තරහ කාරයා ලොකු මහත්තයා ය. ලොකු මහත්තයා යනු තැපැල් මහත්තයාගේ ලොකු පුතා වන අතර තැපැල් මහත්තයා මේ වන විට ජීවතුන් අතර නැත. ගංගොඩේ පිහිටි ලියැදි පනහේ මාරඹේ කුඹුරු යාය පිළිබඳව පැන නැඟුණු ගැටලුවකට එහි හිමි කාරත්වය පිළිබඳ විමසා සිටි අවස්‍ථාවේ විජේ කියා සිටියේ ඒ කුඹුරු යායෙන් හරි අඩකට වඩා අයිතිය දනවන පිඹුරුපත් සහ ඔප්පු තමා සතුව ඇති බවත් උක්ත බිම්කඩෙහි අයිතියේ සම හවුල් කරුවන් ලෙස ගල්වත්තේ රාළහාමි සහ ජයකොඩි සර් යන අය පෙනීසිටිනු ඇති බවයි.., මේ පිළිබඳව කල් තියා දැනගත් ලොකු මහත්තයා මේ තුන් පොල සිය නිවසට ගෙන්වා සංග්‍රහ සත්කාර කර මාරඹ කුඹුරේ අයිතියෙන් තුනෙන් දෙකකටත් වඩා වැඩි ප්‍රමාණයක් තමා සතු බවටත් විජේ, ගල්වත්ත රාළහාමි සහ ජයකොඩි සර්ට ඉන් හරි අයිතිය ඇති තුනෙන් එකකට වඩා අඩු බිම් ප්‍රමාණය සමසේ බෙදී යායුතු බව කාරණා කාරණා සහිතව පෙන්වා දීමෙන් පසුව සිවු පස ම මේ ගැටලුව ඉඩම් නඩුවකින් සමතයකට පත් කරගත යුතු ය යන තීරණයට පැමිණ ඒ සඳහා දින නියම කරගත්තෝ ය.
අදාල දිනය උදාවිණි.
ලොකු මහත්තයා අවැසි ලිපි ලේඛන ද සපයාගෙන ඉතීරි තුන් පසට එදිරිව අදාල නඩුවට ඉදිරිපත් විය. වසර 5කටත් වඩා ඇදුනු මේ නඩුවේ තීරණය ලෙස ලොකු මහත්තයා කියූ පරිදිම තුනෙන් දෙකකටත් වඩා වැඩි අයිතියක් සමඟ ඉතිරි කොටස් කරුවන්ගේ ද කොටස් වල බහුතරය ලොකු මහත්තයාට අයිතිවන ලෙස කරුණු කාරණා සිද්ධ විණි.
තමාට වූ විසාල පාඩුවට හේතුව විජේ ගේ නොකලමණා ක්‍රියාකලාපය බවත් මේ නිසා එහි අලාභය ඉල්ලා තමා නඩු යන බවත් මීට වසර 40 කට පමණ පෙර ගංගොඩේ මහ විද්‍යාලයට ඉංග්‍රීසි පත්වීමක් සඳහා පැමිණ විශ්‍රාම යනතුරුම පාසලේ P.T සර් ලෙස සේවය කල ජයකොඩි සර් දෙකක් ඇනගෙන මාරඹ ටවුමේදී " නිකං නරි වැඩ කරන්න එපා ඕයි" යනුවෙන් විජේට බැන වැදීම නිසා 
විජේ + නරි වැඩ = නරි විජේ  ලෙස නාමකරණය විය.
නරි විජේ එතැන් පටන් ලොකු මහත්තයා සමඟ ජන්මාන්තර වෛරයෙන් පසුවන්නට විය. මුලදී විජේගේ පැත්ත ගෙන වැඩකල රාළහාමි සහ ජයකොඩි සර් ලොකු මහත්ත්යාගේ පැත්තට එක්කාසු වීම නරිවිජේ හට දරන්නට හැකියාවක් නොමැති වීම මේ කෝපයට හේතුව විය.
ලොකු මහත්තයා ගේ වත්තේ ලොකු අඹ ගහක් ඇත. මේ අවුරුදු කාලය නිසා කර්තකොළම්බන් ගහේ ගෙඩි සහ ගැට වලින් පිරී පවතී.., දිනක් ලොකු මහත්තයාගේ නිවෙස අසලින් ටවුමට යාම සඳහා ගිය නරි විජේගේ හිසට අඹ ගැටයක් වැටිණි., ගෙඩි ගැසුණු තට්ට හිසත් සමඟ උඩ බලමින් ලොකු මහත්තයාගේ මවු පාර්ශවයට පින් දෙමින් උඩ බලමින් ගිය නිසා වූයේ තවත් නොසිතූ දෙයකි. ඒ පාරේ ගැට්ටෙන් පය ලිස්සා අසල වූ ඇනිකට්ටුවෙන් පහලට ලිස්සා වැටීමයි.
ඇනිකට්ටුවෙන් පහල වූ මඩ ගොහොරුවෙන් ගොඩ ඒමට නොහැකිව මහ හඬින් ලොකු මහත්තයාට බණිමින් සිටි විජේව ගොඩට ගෙන නහවා බෙහෙත් දාගන්නට රුපියල් 500කිත් අතට දී පිටත් කලද ගේට්ටුවෙන් එළියට ගිය සැනින් නැවතත් ලොකු මහත්තයාට බණිමින් ම ටවුම දෙසට කොර ගසමින් යන්නට විය.

උක්ත සටහනට "බීට්ල් විරිත" ඇප්ලයි කලහොත් ►

01. ලොකු මහත්තයා ඇමෙරිකාව ගැන අසා ඇත්තේ උන්නැහේ රට රටවල් වල ච්ත්‍රපටි බලා ඇති නිසා වීමට හැකිය.

02. ජීවිත කාලයෙන් වැඩ හරියක් මහජන පක්ෂයට කඩේගිය නරි විජේ ජාතික පෙරමුනේ නියමු විමල් වීරවංස ගැන අසා නැතිවෙන්නට කොහොමත්ම ඉඩක් නැත.

03.
ගල්වත්ත රාළහාමි සහ ජයකොඩි සර් යන දෙපළද ජිනීවා ගැටලුවට පෙර ලංකාව සමඟ සිට පසුව ඇමෙරිකාව වෙත හැරවුණු රටවල් පිළිබඳ අවබෝදය ලබන්නේ හැමදා සවස 7ට බලන ස්වාදීනේ ප්‍රවෘත්ති නිසා වෙන්නට බෝ දුරට ඉඩකඩ ඇත.

04.
එහෙත් ගංගොඩේ පිහිටි ලියැදි පනහේ මාරඹේ කුඹුරු යාය යනු අප ජීවත් වන ශ්‍රී ලංකාවට සමපාත කරන්නට සිතුවහොත් ඒ ඔබ කරගත් විශාල වැරදීමකි.;)

දුකා යනු පොරකි.

ඊයේ හවස ගෙදරට බඩු වගයක් ගන්න ටවුමට යන්න පාරට ගියහම මගේ හිත නැවතුනේ පාර අයිනේ දකුණු පැත්තේ සුදාගේ සිල්ලර කඩේ ටීවී එකෙන් ඇහිච්චි සද්දයක් ගාව..,

ආයුබෝවේවා.., ආවඩා ආයු බෝවේවා..!

හඬ නම් හොඳට අහලා පුරුදුයි. බක් මහට හොඳට මතකෙට එනවා.., බැද්දගේලා බන්දුලලා තරම්ම නොවුනත් මෑත කාලේ අපේ කම මාකට් කල පොරක් තමා එයා..,
නමින් දුක්ගන්නාරාළ.., වසන්ත දුක්ගන්නාරාළ
සන්ෆ්ලවර්ලාට සින්දු ටික විකුණලා මාමයි බෑණයි චාටර් උනාට පස්සේ අපේකම, සිංහල කම මාකට් කල, දේශීයත්වය නැමති භාණ්ඩයේ විකුණුම් මිල උපරිම කල කෙනෙක් තමා මේ දුකා.., මට මතක හැටියට මුලින් ම මම දුකාව දැක්කේ රූපවාහිණියේ බ්‍රහස්පතින්දා 10.00ට ගිය ඉන්ගම්මාරුවේ උප ප්‍රධාන චරිතයක් රඟාගෙන. සිරස ස්වර්ණවාහිණිය දෙරණ රූපවාහිණිය ස්වාධීන මේ ආදී චැනල් අස්සෙත්, ඉරාජ්ට සින්දු ලියලා [B&S ට නිලාර් වගේ] වී එෆ් එම්, නෙත් වලට සෙට් වෙලා ප්‍රධාන භූමිකා රඟලා දැන් නිදහස් මාධ්‍ය වේදියෙක් විදියට එයාගේ රාළ ක්‍රියේශන්ස් එක්ක හැප්පෙන මේ මනුස්සයා, කොතරම් වෙනස් කම් වලට භාජනය උනත් අර උඩ කියාපු ගැමිකම අඩුකලේ නෑ..,
අපේ හරයන් සිරිත් විරිත් පුද සීරිත් ගැන හේනේ පැලක ඉඳන් කියවලා, විටක් හපන ගමන් අතේ තියෙන ස්මාර්ට් ෆොර්න් එකෙන් කෝල් අරන් ලැපෙන් මේල් චෙක් කරන මොඩ් ගොවියෙක් වෙච්චි දුකා අර අපි කලකට ඉස්සර "හරිම ගොඩේ, චා" කියලා අහක දාපු අපේකම මඩ හෝදාල අරන් නියර උඩින් තියලා ලස්සනට ලංකාවේ මීඩියා වලට විකුණනවා.

අපේකම සංස්කෘතිය විකුණන එක වැරැද්දක් නොවෙයි.., ඊටත් වඩා මේ වගේ අවුරුද්දට විතරක් කල එළි බහින මේ චුල්ල ටොපික් වලට අවුරුද්ද පුරාවට ම එකෝ ෆ්‍රෙන්ඩ්ලි කොන්සෙප්ට් අස්සේ නොනැසී පවතින මාකට් එකක් හදපු එක ගොඩක් වටිනවා..,
අනුරාධපුරේ ඉඳන් කොළඹට ඇවිල්ලා ගම අස්සෙන් අතදාලා නගරෙම අල්ලපු දුකා මට පොරක් කියන්න හේතු උනේ අන්න ඒකයි.., අනික ස්වර්ණවාහිණියෙන්  මේ යෝධයාව ඕසෙට විකුණන්නට ගත්තම මේ කෙටි සටහන මට ලියන්නමයි හිතුනේ..!
මනුදම් පෙරටු සුභ නව වසරක් වේවා..!

වලියක්

මමත් ඇද්දා වලියක්
නිකං ඉන්න බැරුවට මට
රට ජාතිය බේර ගන්න
මාත් ඇද්දා වලියක්
පේස් බුකියේ වලියක්

දාපු ගමන් කොම්පීතරේ
ඕං බුකියේ වලියක්
ඇදලා කස්ටිය වලියක්
රට ජාතිය බේර ගන්න
පට්ට සිරා වලියක්

එකෙක් ගේ ඉස්ටේටසේට
හැටක් දාලා "Like"
රට ජාතිය බේර ගන්න
හැටක් ඔබලා "Like"
මමත් එබුවා"Like"
මම ඒකට "Like"

හෙණ ගහපිය හෙණ ගහපිය
විනකටිනා එවුන්ට තව
මම ලිව්වා comment එකට
ඔන්න වැටේ Like
මෙන්න එවලා request මට
ලිව්වා කියලා ගහපිය හෙණ

:D

මමත් ඇද්දා වලියක්
නිකං ඉන්න බැරුවට මට
රට ජාතිය බේර ගන්න
මාත් ඇද්දා වලියක්
පේස් බුකියේ වලියක්

ආණ්ඩුවේ හිල් වහන බන්ධුලගේ [ගොං] ජෝක්ස්

සමහර වෙලාවට අපිට ඕන දේවල් අපි කොහොම හරි ගන්න උත්සහ කරනවා. ඒත් බාහිරින් මොකක් හරි ගැහැටක් ආවොත් ඒ ප්‍රාර්තනා සුම්මා තමයි. මගෙත් තිබ්බා කාර් හීනයක්, මේ අවුරුද්දේ කොහොම හරි ඒක හැබෑ කරගන්න හදනකොට ම, මෙන්න මරා ආපහු ජනතා පරමාදිපත්‍යයේ ප්‍රයෝජනය උපරිමයට ම ගනිමින් වැඩිකරලා ආපහු බදු.

යුද්ධේ ඉවර කරපු දවස් වල කිව්වේ දැන් යුද්ධේට වියදම් වෙච්චි සියලුම වියදම් අහවරයි., ඒ මිල දැන් වියදම් කරන්න තියෙන්නේ රටේ දියුණුවට කියලයි.., ඒ දවස් වල මොන තරම් හැමදේකම මිල අඩුද?
බදු වැඩිකලෑයින් පස්සේ අපේ ගෙවල් පැත්තේ ආණ්ඩුවට ඡන්දේ දාපු එකෙක් හොයාගන්න නෑ..! 

හැමදේකම මිල වැඩිවෙන්න යන්නේ.., ඊයේ පෙරේදා කොහේදෝ කියලා තිබුණා ඉන්ධනත් තව රුපියල් 15කින් වැඩි වෙන්න යනවා කියලා.., ඒ අස්සේ මේ ඔක්කෝම යට කරගෙන බන්දුල එක මිනිහෙකුට නොමැරී ඉන්න පුලුවන් කියලා මාසයක් රුපියල් 2500කින්. මට හිතෙන්නේම ඒක ඇත්ත කියලා එක සතපහක් වත් වියදම් වෙන්නේ නැතුව ජීවත් වෙන කෙනෙකුට අපේ ඇමතිතුමාව ම ගන්න පුලුවන්.., ඒ [හු]උත්තමයට සත පහක් වත් වියදම් වෙන්නේ නෑ.., ඇයි ඔක්කොම ආණ්ඩුවෙන් ලැබෙන්නේ නිකම්නේ..

ඊයේ දෙරණ වාදපිටියට බන්ධුලයි, UNPයේ රවීයි ආවා.., අර යකා තප්පුලනකං මේ විපස්සේ හොයියා කෑ නුගහ හිටියා.., ගෙන හැර දක්වන්න මේ තරම් උදාහරණ යසට අපිට පෙනෙත්දී මේ ගෝතයා එහෙම හිටිය එක වස වැරැද්දයි.., UNP එකට කෙල වෙලා තියෙන්නේ ඕන්න ඕක නිසා තමා.., ඕනේ තැනට සද්දේ නෑ.., අනවශ්ය තැන් වලට.., හප්පා ඒ තරං සද්ද දාන එකෙක් ලොවෙත් නැතුව නෑ..

මේ හායනයේ අවසානයක් දැකිය යුතුයි.., 
නැතිනම් අපිට ඉස්සරහට දකින්න වෙන්නේ ලංකාව හැඩේට තියෙන ලොකු හිලක් විතරයි.

දිට්ඨදම්මවේදනීය කර්ම සහ ජිනීවා

   කිසිවෙක් යමෙකුට හිංසාවක් අගතියක කිරීම උදෙසා යම ක්‍රියාවක නිරත වේ නම් , ඒ ක්‍රියාව උදෙසා යම් ප්‍රතික්‍රියාවක් එකල්හි ම ඒ අදාල අයට ලැබෙයි නම් ඒ සිද්ධිවාචකය උක්ත මාතෘකාවට දමා ඇති වදනෙහි තේරුමෙන් හැඳින්වෙනු ඇත. සමහර කර්ම ආත්ම භවයන් ගෙන් ආත්මභවයට ඒ පලදීම් විකාශනය වුවත් වර්ථමානය වන විට මිනිසුන් මේ "අබුද්ධස්ස කාලය" නිසා පව් පටිසන් දීම ඉක්මන් වී මේ ආත්ම භවයේම ඒ දේ පටිසන් දීම වන බවට කතා වනවා මා හට ඇසී ඇත.

[කර්මයක නාමයක් පෝස්ටුවේ මාතෘකාවට දැමීම තුලින් මම ධර්මය ගැන දැනුමක් ඇති යෙකු ලෙස නොසලකන්න. කල පව් මේ අත්භවයේම පටිසන් දීමට තනිවචනයක ලෙස මේ වදන ද මා අසා ගත්තේ අම්මා ගෙනි]

වර්ථමානයේ ශ්‍රී ලංකා ආණ්ඩුවටද වී ඇත්තේ මේ දේ ම යැයි මගේ හිත කියයි. එකල අසූව දශකය අග හා අනූව දශකය මුල අතර එජාප පාලන කාලයේ ප්‍රේමදාස පාලනය විවේචනය කරමින් එවකට පාර්ලිමේන්තු මන්ත්‍රී වරයෙකුව සිටි වත්මන් ජනපතිතුමා වාසුදේව නානායක්කාර සමඟ අදාල ලියවිලි හා සාක්ෂි එක් රැස් කරගෙන ජිනීවා ගොසින් එවක පාලනයට විරුද්ධව ක්‍රියාකල ආකාරය අපේ දෙමාපියන් කියනු එකල කුඩාවුන් ලෙස අපේ මතකයේ රැඳී ඇත.

ජේ. ආර්. විපක්ෂ නායකව සිටිත්දී  ආණ්ඩු පක්ෂයේ පසුපෙළ මංත්‍රී වරයෙකු ලෙස පර්සි මහේන්ද්‍ර රාජපක්ෂ අරගල කරත්දී,

"ඔබතුමාට දේශපාලනයේ හොඳ අනාගතයක් තියෙනවා..,
ඉවසීමෙන් සිටියහොත් දේශපාලකයෙකුට ලැබිය හැකි උපරිම නිලය පිළිබඳව අනාගත බලාපොරොත්තු තබාගන්නට හැකිවනු ඇති..!"
කියා ජේ. ආර්. එදා පැවසුවේ ද උක්ත කර්මය පටිසන් දීමෙන් අද ගැහැට විඳින මේ රටේ ත්‍රස්ථවාදය දුරුකල ජනපතිට ම ය.

දිට්ඨදම්මවේදනීය කර්ම සාපේක්ෂය..,
එදා කී ජේ. ආර්. ගේ අනාවැකිය හරි ගියේද, එදා ප්‍රේමදාසට ඇඹරූ ජිනීවා තොන්ඩුව අද මහේන්ද්‍ර රාජපක්ෂ ගේ ගෙලට තදවුනේද ඒ එදා කල ක්‍රියාවන් හී ප්‍රතික්‍රියාවන් වර්ථමානයට කාන්දු වීම නිසා නොවේ යැයි කිව හැක්කේ කාටද..?

#AwkwardMoment

හලෝ මම මොහාන්..!
මට පුලුවනි ඔබට සහය වන්න..,

මගේ අලුත් ෆෝන් එකට ඉන්ටර්නෙට් සෙටින්ග්ස් එවන්න පුලුවනි ද?

මොකක්ද සර් ෆොන් මොඩ්ල් එක..?

HTC..!

සොරි සර්..!
අපි චයිනීස් ෆොන් වලට සෙටින්ග්ස් එවන්නේ නෑ.

ප්‍රේමගුණ වාර්ථාව

නිහඬතාවයෙන්
පෙනී යන්නේ
අකුණු සහිත වැස්සක
පෙරනිමිත්තක වුව
ඒ නිහඬකම මැදිවූ
"නිසි" විවේකයට
මම පෙම් බඳිමි

ඒ...

සැන්දෑ භාගයේ හෝ රාත්‍රී කාලයේ
සයනය මත ඇතිවන
ගිගුරුම් සහිත වැසි මැද
මර හඬ තලන
ප්‍රේමෝස්මූර්තියෙන් පසුව ඇතිවන
සුපුරුදු නිහඬ බව
මට නිවනක් වන හෙයිනි
...!

පොත් දෙකක් උඩ තවත් පොතක්

සැලකිය යුතුයි► පොතක් උඩ පොතක් ලිපිය මා ලීවේ සත්‍ය කාරණා පදනම් කරගෙනයි. සත්‍ය තොරතුරු එළිවීම නිසා ඒ දුගී ජීවිත වලට තව තවත් ගැහැට වීම වලකනු වස් අනන්‍යතාව සඟවා ලිවූ මේ පෝස්ටුව පිළිබඳව යම් කිසි කෙනෙකුට ක්‍රියාමාර්ගයක් ගැනීමට හැකියාවක් පවතීනම් ඒ පිළිබඳ සියලු තොරතුරු ලබාදීමට හැකියාව පවතින බව මෙහිලා පවසනු කැමැත්තෙමි.

 ---------------------------------------------------------------------------------------------------

විපුල සුමනසේකර මහතා මා වෙත මගේ  බ්ලොගයට පොතක් උඩ පොතක් යන මැයින් පලකල ලිපියට කොමෙන්ටුවක් ලෙස පහත අදහස ලියාදක්වා ඇත. උක්ත කොමෙටුවට මගේ පිළිතුර මේ ආකාරයෙන් පොස්ට් එකක ලෙස පල කිරීම උචත යැයි සිතුන නිසාත් මේ පිළිබඳව මා කාගෙන්වත් විමසීම අවැසි නැති යැයි සිතුන නිසාම මේ ආකාරයෙන් ලියා දක්වන්නට තීරණය කලෙමි. මෙහි රතු පැහැයෙන් දක්වා ඇත්තේ සුමන සේකර මහතාගේ කොමෙන්ටුවයි.

ලිෂ්විෂ් මල්ලිගේ වියමණක් කියෙව්වාමයි.

සමාවන්න. මම වසර හතරක සිට බ්ලොග් ලියමි.., මා මෙතෙක් ලියා ඇති දේ කියවා නැති නම් කරුණාකර පහත සබැඳියට ගොස් විමසන්න.

මේ සංසිද්ධිය පොදු ස්වාභාවික තත්වයක් සියලුම සත්වයින්ට. ඒ කියන්නේ මනුෂ්‍යයා තිරිසනා මේ සැමටම. කිසිම වර්ගවාදයක්, ආගම්වාදයක්, කුලවාදයක්, වයස් හෝ අවම තරමින් ලිංග භේදයක්වත් නෑ. හැමෝටම පොදුයි.
ඕනෑම ආගමක සිවුරට හෝ සාටක වලට යටින් ඉන්නේ අපි වගේම සාමාන්‍ය මිනිස්සු. මිනිසුන් තුළ තිබෙන හැඟීම් දැනීම් අතරින් ප්‍රධානයි බඩගින්න හා මෛතූනයය. බුදුන් පවා රහත් වී බුදුවෙන වෙලාවේ තමයි මේ හැඟීම් නැති කලේ. ඒ කියන්නේ කොතරම් හිත දියුණු කරගෙන සෝවාන් සකුරුදාගාමී අනාගාමී වෙලා හිටියත් මේ ලිංගික හැඟීම් තියෙනවා.

යමෙකු ශාසනයට ඇතුලත් වන්නේ කෙලෙසුන් නසා සිය ජීවිතය නිවනින් කෙළවර කර ගැනීමට සහ අන් අයටත් නිවන අවබෝධකර දීමටයි. එහෙව් තත්ත්වයක් තිබියදී නායක ශ්‍රමණයෙකු හෙවත් වැඩිහිටියෙකු ඔහු යටතේ සිටිනා තවත් කණිටු ශ්‍රමණයෙකු ලිංගිකව අපහරණයට පත් කිරීම ඔබගේ දැනුමට අනුව සාමාන්‍ය කටයුත්තක් ලෙස දකින්නට ඔබේ මනස හැඩ ගැසුනු පිලිබඳ කීමට හැකියාවක් ඇතිනම් මැනැවි. මිනිසුන්ට ලෞකිකාශාවන් ඇතිවීම සාමාන්‍යය. එහෙත් ඔබ කියනා ආකාරයට ඒවා ශාසනයේදීම සංතර්පනය කරගන්නට මාන බැලීම අනුමත කරන්නට වන්නේ නම් එතැන ඇත්තේ සුපහන් ධර්මයද කියා ඔබේ මොළයට තට්ටුකර ඇසීමට හැකිනම් මැනැවි.

ඔබ හා අපි මෙවැනි සංසිද්ධීන් ස්පර්ශ කළ යුතු වන්නේ එය පොදු අත්දැකීමක් බවට පත්කොට මානව දහම පිළිබඳ කිසියම් ආනන්දයක් හා එතුළින් ප්‍රඥාවක් කරා කියවන්නා යොමු කිරීමයි. ඊට අතරමැදි තැනක, අසම්පූර්ණ තැනෙක, කොටින්ම වැටක් උඩක සිටීම සුදුසු නොවෙයි. එසේ කරන්නට යාම එතරම් යෝග්‍ය නොවන බවයි මගේ හැඟීම.

මගේ උක්ත ලියමනෙන් ගම්‍ය වන්නේ ආනන්දයක් හෝ ප්‍රඥාවක් නොවේ.., මේ වැනි අපුල අත්දැකීම් උදෘත ලෙස ගෙන ආනන්දය සහ ප්‍රඥාව වඩවන්නට මගේ කිසිදු බලා පොරොත්තුවක් නැත. මන්දයත් මා එහිදී කියා ඇත්තේ මා ඇසූ දුටූ දේ අසංෂිප්තව පැවසීමක් පමණක් බැවිණි. ඇරත් මගේ දැනීමේ හැටියට ආනන්දය සහ ප්‍රඥාව වඩවන්නට මීට වඩා ගරු කටයුතු දේ ලියන්නට මා හට හැකියාව පවතින නිසාත් ඒ සඳහා මම මාගේ අනිත් බ්ලොග් භාවිතා කරන නිසාත් මේ බ්ලොගය මගේ අමු අදහස් පැවසීමට යොදාගැනීම වරදක් ලෙස ඔබ දකී නම් කරුණාකර මේ බ්ලොග් පිටුවෙන් ඉවත් වන්න.

පළමුව තීරණය කරන්න ඔබ කවුද කියන එක.
ඔබ මේ සිදුවීම ඉදිරිපත් කරන්නේ පුවත්පත් කලාවේදියෙක් ලෙසද ? කවියෙක් ලෙසද ? කෙටිකතා හා නවකතාකරවෙක් ලෙසද ? ඕපා දූපයක් ලියන බ්ලොග් කරුවෙක් ලෙසද ? සමාජ ශෝධකයෙක් ලෙසද ? ආදී වශයෙන්.

සමාවන්න මම ඔබ ඉහත කියා ඇති කිසිවෙකු නොවේ. මම මේ රටේ මේ සමාජය තුල ජීවත් වන හරි දේ හරියටත් වැරදි දේ වැරදියටත් දකින ඒ වෙනුවෙන් නැඟී සිටීම මගේ අයිතිවාසි කමක් ලෙස සලකන අතිශය සාමාන්‍ය පුද්ගලයෙකු පමණයි. අනෙක් අතට මම ඉතාමත් සරළව මේ බ්ලොගය මේ ආකාරයෙන් ලියන්නට හේතුව පැති තීරුවේ පහත ආකාරයෙන් දක්වා ඇත.

කියවීම ට පෙර►
මෙහි ඇති දේ කියවීම හෝ නොකියවීම ඔබ සතුය.., මේ මගේ නිදහස් වදන් ඇල්ලයි.., ඒ මම ඉඩහැර ඇත්තේ නිදහසේ ගලන්නටයි....

දැන් මෙහිදී සිදුව ඇත්තේ කුමක්ද? මට පේන්නේ ඔබ මේ කිසිම ස්ථානයක් මැනවින් නියෝජනය කරන් නැතිව ලියූ දෙයක්. මෙය කවියක් නොවේ. කෙටිකතාවක් නවකතාවක් නොවේ. ඒ නිර්මාණාත්මක මිණුම් දඬු ඔස්සේ මේ කතාව අගය කළ නොහැකියි. මෙය පුවත්පත් කලාවේදියෙක් ලියන අංග සම්පූර්ණ සත්‍ය ප්‍රවෘත්තී වාර්තාවක් ද නොවේ. අංග සම්පූර්ණ ඕපාදූප බ්ලොග් වාර්ථාවක්ද නොවේ. පූර්ණ සමාජ ශෝධනයක් අපේක්ෂාවෙන් ලියූ එකක්ද නොවේ. ඒ නිසා සංසිද්ධියට අදාළ පාර්ශ්වයන්ට සේම කියවන අප සැමටත් සිදුවන්නේ අසාධාරනයක්. මේ නිසා ඔබ මේ පෑන මෙහෙයවන කුමන හෝ කුලකයක්, පාර්ශ්වයක් පැහැදිලිවම නියෝජනය කළ යුතුයි. එය නිර්මාණය, සැබෑ නිර්මාණයක් බවට පත් කළ යුතුයි. නැත්නම් එතරම් පලක් සිදුනොවෙයි.

ඔබ බොහෝම නිවැරදියි.  ඒ ලියමන ඔබ කියනා ආකාරයේ කිසිවක් නොවේ. ඒ පමණක් නොව එවැනි වර්ගී කරණයකට ලක්කරන්නට මගේ කිසිදු කැමැත්තක් නැති. මේ නිසා සංසිද්ධියට අදාළ පාර්ශ්වයන්ට සේම කියවන ඔබට සිදුවන්නේ අසාධාරනයක් නම් එය සාධාරණයක් බවට පත් කිරීමට ජන මූල මාධ්‍යකරුවෙකු ලෙස ඔබ පියවර ගන්නේ නම් ඒ සඳහා මා සතුව පවතින සාක්ෂි ඔබට ලබාදීමට මම සූදානම්..,
කිසිමාකාරයක කුලකයක් නියෝජනය නොකර මධ්‍යස්ථව ලිවීම ප්‍රතිවිපාකය මේ ආකාරයෙන් පටිසන් දීම පිළිබඳ මා තුල ඇත්තේ පට්ට සතුටකි.

මෙවැනිදෑ ලියන්නට එපා කියනවා නොව විධිමත් ලෙසින් පරිපූර්ණව ලියන්න කියන එකයි මම කියන්නේ. ඔබට ජය !

පරිපූර්ණව ලිවීමේදී එහි රාමු සහ මායිම් පිළිබඳ මා තුල ඇති අවබෝධය සහ මගේ (ඌණ වෙමින් පවතින) උනන්දුව පිළිබඳ ඔබේ සැලකිල්ල පිළිබඳව මගේ සාතිශය ප්‍රණාමය.., නැවතත් මේ වැනි කොමෙන්ටුවකින් ම හමුවෙමු.
ඔබටත් ජය !!