Showing posts with label #Gossip. Show all posts
Showing posts with label #Gossip. Show all posts

The Conjuring 2 ??

2013 දී බඩබොකු රත් කරගෙන බලපු හෝල්මන් ෆිල්ම් සෙට් එකක නම් කිව්වොත් පලවෙනි 5 අතරට එන ෆිල්ම් එකක් තමා The Conjuring කියන්නේ. ඔන්න එකේ දෙවැන්නක් එනවලු, 2016 දී. චිත්‍රපටයේ නිෂ්පාදකයින් වුන වෝනර් බ්‍රදර්ස් සමාගම 2015 දී කල එලි බස්සන්න කටයුතු සැලසුම් කරලා තිබ්බත් නිවු ලයින් සිනමා සහ වෝනර් සමාගම තව අවුරුදු දෙකකින් චිත්‍රපටිය එලියට දාන්න හේතුව පස්සේ තියෙන්නේ මොකද්ද කියලා නම් තවමත් වාර්තා වෙන්නේ නෑ, 
සැලසුම් කටයුතු සහ අදාළ විධායක ක්‍රමවේදයන් හරියට කළා නම් The Conjuring2 එලියට එන්න තිබුනේ 2015 ඔක්තෝම්බර් මාසේ 23 වෙනිදායි. ඩොලර් මිලියන 6.5 වියදම් කරලා නිෂ්පාදනය කරලා, ලොව වටා තිරගතවීම සහ වෙළඳාම් වලින් ඩොලර් මිලියන 166ක් හොයාපු මේ චිත්‍රපටය, මෙහෙම අවුරුදු දෙකකින් කල් ගියාට පස්සේ ඉහත කියපු දවසට වෙනත් හොල්මන් චිත්‍රපටියක් ප්‍රදර්ශනයට එකතු කරන්න මේ වෙනකොට වෝනර් සමාගම කටයුතු කරමින් ඉන්නවා කියලයි අන්තර්ජාල සිනමා සඟරා වල සඳහන් වෙන්නේ.
බොහෝවිට මෙදිනට ප්‍රදර්ශනයට එන්නට හැකි චිත්‍රපට අතර Crawlspace හෝ Superstition කියන චිත්‍රපටි ඉදිරියෙන් ම තියෙනවා. Crawlspace පාදක වෙන්නේ බිරිඳ මියගිය සැමියෙක් තමන් හා අලුත විවාහ වූ බිරිඳත් එක්ක නව නිවසකට පදිංචියට යාම පාදක කරගනිමින්, ඒ වගේම Superstition පාදක වෙන්නේ එක්තරා පවුලක් මෙයට සියවස් ගණනකට පෙර මායාකාරිය මරාදැමූ ඉපැරණි නිවසකට පදිංචියට යාමක් වටා බව මේ චිත්‍රපට වල නම් වලින් කුඩා හෝ ගුගල් සෙවුමක් දැම්මොත් සොයාගන්නට අමාරු නෑ. 

නාට්ටි දෙකක් ගැන කලා ඔත්තුවක්

වේදිකා නාට්‍ය කියන්නේ රංගනවේදීන්ගේ තිඹීරිගෙය ලෙස සැලකුම් ලන්නේ මොකද කියන ගැටලුවට මට මුලින්ම උත්තර ලැබුණේ මම මුලින්ම මනෝරත්න මහත්තයාගේ ගුරුතරුව නාට්ටිය බලන්න ගිය දවසේ. සහ ඔදානිස් රබන් ගුරාගේ වැලිතලප කවිපෙළ මුලින්ම අහන්නට ලැබීම යන නිමිති දෙකම එක දවසේ වීම මට විශේෂයක්. තැනින් තැනින් ටික ටික තවමත් මතක ඒ වචන ටික සම්පුර්ණ කරගන්න උදව්ව අන්තර්ජාලෙන්, නාට්ටියකට එතරම්ම ආදරය කරත් ඉගෙනීම රස්සාව සහ ව්‍යාපාර කියන ත්‍රිකොනේ ඇතුලේ කරක් ගහන නිසාවෙන් මගේ සිතුවිලි වලට පියාඹන්න ඉඩදෙන්න මට කාලෙක ඉඳන් අමතක වෙලා.
එත් මේ කියන්න යන්නේ ගුරුතරුව නාට්ටිය ගැන නොවුනත් නාට්ටි දෙකක් ගැනම තමා, එක්තරා ආකාරයකට ගුරුතරුවකට හරසර දක්වන්නට පේරාදෙණිය විශ්වවිද්‍යාලයෙන් සංවිධානය කරන නාට්‍ය ඉසව් දෙකක්.

කතාව සාරාංශ ගත කරලා කියනවා නම් මහාචාර්ය එදිරිවීර සරච්චන්ද්‍රයන්ගේ ජන්ම ශත සංවත්සරය නිමිත්තෙන් විශේෂ නාට්‍ය දර්ශන දෙකක් පැවැත්වීමට පේරාදෙණිය විශ්ව විද්‍යාලයීය ලලිත කලා අධ්‍යයන අංශය සහ සම්භාව්‍ය භාෂා අධ්‍යයන අංශය කටයුතු කරලා තියෙනවා. මේ අනුව සැප්තැම්බර් මාසේ 17 වැනි දා හාවස 7ට කංචුකා ධර්මසිරි අධ්‍යක්ෂණය කළ සුභා නාට්‍යයත්,  සැප්තැම්බර් 18 වෙනිදා හවස 7ට මුදිතා ධර්මසිරි අධ්‍යක්ෂණය කළ ලෝකාන්තර නාට්‍යයත් පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ ඊ.  ඕ. ඊ. පෙරෙයිරා රඟහලේ දී වේදිකාගත වෙනවා.

නුවර විතරක් නෙවෙයි කොළඹ නාට්‍යප්‍රේමීන් වෙනුවෙන් සැප්තැම්බරයේ 20දා ලෝකාන්තර නාට්ටියත්, 21දා සුභා නාට්ටියත් හවස 3.30ට හා 6.30ට බොරැල්ල නාමෙල්-මාලිනී පුංචි තියටරේ වේදිකාගත කරන්න කටයුතු යොදලා තියෙනවාලු.

නෝබල් සම්මාන ලාභී රබීන්ද්‍රනාත් තාගෝර්ගේ සුභා කෙටිකතාවයි ගීතාංජලී කාව්‍යයයි පාදක කරගත් සුභා රඟනළුව ලලිත කලා අධ්‍යයන අංශයේ නිෂ්පාදනයක්. සම්භාව්‍ය ග‍්‍රීක රංග කලා සම්ප‍්‍රදායත් පුරාණෝක්තිත් ඇසුරු කරගෙන නිර්මිත ලෝකාන්තර නාටකය සම්භාව්‍ය භාෂා අධ්‍යයන අංශයේ නිෂ්පාදනයෙන් කල එලි දකින්නක්.

සුභා

අධ්‍යක්ෂණය - කංචුකා ධර්මසිරි
සංගීත අධ්‍යක්ෂණය - මනොජ් අලවතුකොටුව සහ විනූෂා විජේවික‍්‍රම
නිෂ්පාදනය - ලලිත කලා අධ්‍යයන අංශය, පේරාදෙණිය විශ්වවිද්‍යාලය.

ලෝකාන්තර

අධ්‍යක්ෂණය - මුදිතා ධර්මසිරි
සංගීත අධ්‍යක්ෂණය - පමුදිත මානෙල්අංග
පිටපත - Renascor රංග කලා සාමුහිකය
නිෂ්පාදනය - සම්භාව්‍ය භාෂා අධ්‍යයන අංශය, පේරාදෙණිය විශ්වවිද්‍යාලය