දිට්ඨදම්මවේදනීය කර්ම සහ ජිනීවා

9 comments
   කිසිවෙක් යමෙකුට හිංසාවක් අගතියක කිරීම උදෙසා යම ක්‍රියාවක නිරත වේ නම් , ඒ ක්‍රියාව උදෙසා යම් ප්‍රතික්‍රියාවක් එකල්හි ම ඒ අදාල අයට ලැබෙයි නම් ඒ සිද්ධිවාචකය උක්ත මාතෘකාවට දමා ඇති වදනෙහි තේරුමෙන් හැඳින්වෙනු ඇත. සමහර කර්ම ආත්ම භවයන් ගෙන් ආත්මභවයට ඒ පලදීම් විකාශනය වුවත් වර්ථමානය වන විට මිනිසුන් මේ "අබුද්ධස්ස කාලය" නිසා පව් පටිසන් දීම ඉක්මන් වී මේ ආත්ම භවයේම ඒ දේ පටිසන් දීම වන බවට කතා වනවා මා හට ඇසී ඇත.

[කර්මයක නාමයක් පෝස්ටුවේ මාතෘකාවට දැමීම තුලින් මම ධර්මය ගැන දැනුමක් ඇති යෙකු ලෙස නොසලකන්න. කල පව් මේ අත්භවයේම පටිසන් දීමට තනිවචනයක ලෙස මේ වදන ද මා අසා ගත්තේ අම්මා ගෙනි]

වර්ථමානයේ ශ්‍රී ලංකා ආණ්ඩුවටද වී ඇත්තේ මේ දේ ම යැයි මගේ හිත කියයි. එකල අසූව දශකය අග හා අනූව දශකය මුල අතර එජාප පාලන කාලයේ ප්‍රේමදාස පාලනය විවේචනය කරමින් එවකට පාර්ලිමේන්තු මන්ත්‍රී වරයෙකුව සිටි වත්මන් ජනපතිතුමා වාසුදේව නානායක්කාර සමඟ අදාල ලියවිලි හා සාක්ෂි එක් රැස් කරගෙන ජිනීවා ගොසින් එවක පාලනයට විරුද්ධව ක්‍රියාකල ආකාරය අපේ දෙමාපියන් කියනු එකල කුඩාවුන් ලෙස අපේ මතකයේ රැඳී ඇත.

ජේ. ආර්. විපක්ෂ නායකව සිටිත්දී  ආණ්ඩු පක්ෂයේ පසුපෙළ මංත්‍රී වරයෙකු ලෙස පර්සි මහේන්ද්‍ර රාජපක්ෂ අරගල කරත්දී,

"ඔබතුමාට දේශපාලනයේ හොඳ අනාගතයක් තියෙනවා..,
ඉවසීමෙන් සිටියහොත් දේශපාලකයෙකුට ලැබිය හැකි උපරිම නිලය පිළිබඳව අනාගත බලාපොරොත්තු තබාගන්නට හැකිවනු ඇති..!"
කියා ජේ. ආර්. එදා පැවසුවේ ද උක්ත කර්මය පටිසන් දීමෙන් අද ගැහැට විඳින මේ රටේ ත්‍රස්ථවාදය දුරුකල ජනපතිට ම ය.

දිට්ඨදම්මවේදනීය කර්ම සාපේක්ෂය..,
එදා කී ජේ. ආර්. ගේ අනාවැකිය හරි ගියේද, එදා ප්‍රේමදාසට ඇඹරූ ජිනීවා තොන්ඩුව අද මහේන්ද්‍ර රාජපක්ෂ ගේ ගෙලට තදවුනේද ඒ එදා කල ක්‍රියාවන් හී ප්‍රතික්‍රියාවන් වර්ථමානයට කාන්දු වීම නිසා නොවේ යැයි කිව හැක්කේ කාටද..?

9 comments :

Post a Comment

#AwkwardMoment

21 comments
හලෝ මම මොහාන්..!
මට පුලුවනි ඔබට සහය වන්න..,

මගේ අලුත් ෆෝන් එකට ඉන්ටර්නෙට් සෙටින්ග්ස් එවන්න පුලුවනි ද?

මොකක්ද සර් ෆොන් මොඩ්ල් එක..?

HTC..!

සොරි සර්..!
අපි චයිනීස් ෆොන් වලට සෙටින්ග්ස් එවන්නේ නෑ.

21 comments :

Post a Comment

ප්‍රේමගුණ වාර්ථාව

12 comments
නිහඬතාවයෙන්
පෙනී යන්නේ
අකුණු සහිත වැස්සක
පෙරනිමිත්තක වුව
ඒ නිහඬකම මැදිවූ
"නිසි" විවේකයට
මම පෙම් බඳිමි

ඒ...

සැන්දෑ භාගයේ හෝ රාත්‍රී කාලයේ
සයනය මත ඇතිවන
ගිගුරුම් සහිත වැසි මැද
මර හඬ තලන
ප්‍රේමෝස්මූර්තියෙන් පසුව ඇතිවන
සුපුරුදු නිහඬ බව
මට නිවනක් වන හෙයිනි
...!

12 comments :

Post a Comment

පොත් දෙකක් උඩ තවත් පොතක්

7 comments
සැලකිය යුතුයි► පොතක් උඩ පොතක් ලිපිය මා ලීවේ සත්‍ය කාරණා පදනම් කරගෙනයි. සත්‍ය තොරතුරු එළිවීම නිසා ඒ දුගී ජීවිත වලට තව තවත් ගැහැට වීම වලකනු වස් අනන්‍යතාව සඟවා ලිවූ මේ පෝස්ටුව පිළිබඳව යම් කිසි කෙනෙකුට ක්‍රියාමාර්ගයක් ගැනීමට හැකියාවක් පවතීනම් ඒ පිළිබඳ සියලු තොරතුරු ලබාදීමට හැකියාව පවතින බව මෙහිලා පවසනු කැමැත්තෙමි.

 ---------------------------------------------------------------------------------------------------

විපුල සුමනසේකර මහතා මා වෙත මගේ  බ්ලොගයට පොතක් උඩ පොතක් යන මැයින් පලකල ලිපියට කොමෙන්ටුවක් ලෙස පහත අදහස ලියාදක්වා ඇත. උක්ත කොමෙටුවට මගේ පිළිතුර මේ ආකාරයෙන් පොස්ට් එකක ලෙස පල කිරීම උචත යැයි සිතුන නිසාත් මේ පිළිබඳව මා කාගෙන්වත් විමසීම අවැසි නැති යැයි සිතුන නිසාම මේ ආකාරයෙන් ලියා දක්වන්නට තීරණය කලෙමි. මෙහි රතු පැහැයෙන් දක්වා ඇත්තේ සුමන සේකර මහතාගේ කොමෙන්ටුවයි.

ලිෂ්විෂ් මල්ලිගේ වියමණක් කියෙව්වාමයි.

සමාවන්න. මම වසර හතරක සිට බ්ලොග් ලියමි.., මා මෙතෙක් ලියා ඇති දේ කියවා නැති නම් කරුණාකර පහත සබැඳියට ගොස් විමසන්න.

මේ සංසිද්ධිය පොදු ස්වාභාවික තත්වයක් සියලුම සත්වයින්ට. ඒ කියන්නේ මනුෂ්‍යයා තිරිසනා මේ සැමටම. කිසිම වර්ගවාදයක්, ආගම්වාදයක්, කුලවාදයක්, වයස් හෝ අවම තරමින් ලිංග භේදයක්වත් නෑ. හැමෝටම පොදුයි.
ඕනෑම ආගමක සිවුරට හෝ සාටක වලට යටින් ඉන්නේ අපි වගේම සාමාන්‍ය මිනිස්සු. මිනිසුන් තුළ තිබෙන හැඟීම් දැනීම් අතරින් ප්‍රධානයි බඩගින්න හා මෛතූනයය. බුදුන් පවා රහත් වී බුදුවෙන වෙලාවේ තමයි මේ හැඟීම් නැති කලේ. ඒ කියන්නේ කොතරම් හිත දියුණු කරගෙන සෝවාන් සකුරුදාගාමී අනාගාමී වෙලා හිටියත් මේ ලිංගික හැඟීම් තියෙනවා.

යමෙකු ශාසනයට ඇතුලත් වන්නේ කෙලෙසුන් නසා සිය ජීවිතය නිවනින් කෙළවර කර ගැනීමට සහ අන් අයටත් නිවන අවබෝධකර දීමටයි. එහෙව් තත්ත්වයක් තිබියදී නායක ශ්‍රමණයෙකු හෙවත් වැඩිහිටියෙකු ඔහු යටතේ සිටිනා තවත් කණිටු ශ්‍රමණයෙකු ලිංගිකව අපහරණයට පත් කිරීම ඔබගේ දැනුමට අනුව සාමාන්‍ය කටයුත්තක් ලෙස දකින්නට ඔබේ මනස හැඩ ගැසුනු පිලිබඳ කීමට හැකියාවක් ඇතිනම් මැනැවි. මිනිසුන්ට ලෞකිකාශාවන් ඇතිවීම සාමාන්‍යය. එහෙත් ඔබ කියනා ආකාරයට ඒවා ශාසනයේදීම සංතර්පනය කරගන්නට මාන බැලීම අනුමත කරන්නට වන්නේ නම් එතැන ඇත්තේ සුපහන් ධර්මයද කියා ඔබේ මොළයට තට්ටුකර ඇසීමට හැකිනම් මැනැවි.

ඔබ හා අපි මෙවැනි සංසිද්ධීන් ස්පර්ශ කළ යුතු වන්නේ එය පොදු අත්දැකීමක් බවට පත්කොට මානව දහම පිළිබඳ කිසියම් ආනන්දයක් හා එතුළින් ප්‍රඥාවක් කරා කියවන්නා යොමු කිරීමයි. ඊට අතරමැදි තැනක, අසම්පූර්ණ තැනෙක, කොටින්ම වැටක් උඩක සිටීම සුදුසු නොවෙයි. එසේ කරන්නට යාම එතරම් යෝග්‍ය නොවන බවයි මගේ හැඟීම.

මගේ උක්ත ලියමනෙන් ගම්‍ය වන්නේ ආනන්දයක් හෝ ප්‍රඥාවක් නොවේ.., මේ වැනි අපුල අත්දැකීම් උදෘත ලෙස ගෙන ආනන්දය සහ ප්‍රඥාව වඩවන්නට මගේ කිසිදු බලා පොරොත්තුවක් නැත. මන්දයත් මා එහිදී කියා ඇත්තේ මා ඇසූ දුටූ දේ අසංෂිප්තව පැවසීමක් පමණක් බැවිණි. ඇරත් මගේ දැනීමේ හැටියට ආනන්දය සහ ප්‍රඥාව වඩවන්නට මීට වඩා ගරු කටයුතු දේ ලියන්නට මා හට හැකියාව පවතින නිසාත් ඒ සඳහා මම මාගේ අනිත් බ්ලොග් භාවිතා කරන නිසාත් මේ බ්ලොගය මගේ අමු අදහස් පැවසීමට යොදාගැනීම වරදක් ලෙස ඔබ දකී නම් කරුණාකර මේ බ්ලොග් පිටුවෙන් ඉවත් වන්න.

පළමුව තීරණය කරන්න ඔබ කවුද කියන එක.
ඔබ මේ සිදුවීම ඉදිරිපත් කරන්නේ පුවත්පත් කලාවේදියෙක් ලෙසද ? කවියෙක් ලෙසද ? කෙටිකතා හා නවකතාකරවෙක් ලෙසද ? ඕපා දූපයක් ලියන බ්ලොග් කරුවෙක් ලෙසද ? සමාජ ශෝධකයෙක් ලෙසද ? ආදී වශයෙන්.

සමාවන්න මම ඔබ ඉහත කියා ඇති කිසිවෙකු නොවේ. මම මේ රටේ මේ සමාජය තුල ජීවත් වන හරි දේ හරියටත් වැරදි දේ වැරදියටත් දකින ඒ වෙනුවෙන් නැඟී සිටීම මගේ අයිතිවාසි කමක් ලෙස සලකන අතිශය සාමාන්‍ය පුද්ගලයෙකු පමණයි. අනෙක් අතට මම ඉතාමත් සරළව මේ බ්ලොගය මේ ආකාරයෙන් ලියන්නට හේතුව පැති තීරුවේ පහත ආකාරයෙන් දක්වා ඇත.

කියවීම ට පෙර►
මෙහි ඇති දේ කියවීම හෝ නොකියවීම ඔබ සතුය.., මේ මගේ නිදහස් වදන් ඇල්ලයි.., ඒ මම ඉඩහැර ඇත්තේ නිදහසේ ගලන්නටයි....

දැන් මෙහිදී සිදුව ඇත්තේ කුමක්ද? මට පේන්නේ ඔබ මේ කිසිම ස්ථානයක් මැනවින් නියෝජනය කරන් නැතිව ලියූ දෙයක්. මෙය කවියක් නොවේ. කෙටිකතාවක් නවකතාවක් නොවේ. ඒ නිර්මාණාත්මක මිණුම් දඬු ඔස්සේ මේ කතාව අගය කළ නොහැකියි. මෙය පුවත්පත් කලාවේදියෙක් ලියන අංග සම්පූර්ණ සත්‍ය ප්‍රවෘත්තී වාර්තාවක් ද නොවේ. අංග සම්පූර්ණ ඕපාදූප බ්ලොග් වාර්ථාවක්ද නොවේ. පූර්ණ සමාජ ශෝධනයක් අපේක්ෂාවෙන් ලියූ එකක්ද නොවේ. ඒ නිසා සංසිද්ධියට අදාළ පාර්ශ්වයන්ට සේම කියවන අප සැමටත් සිදුවන්නේ අසාධාරනයක්. මේ නිසා ඔබ මේ පෑන මෙහෙයවන කුමන හෝ කුලකයක්, පාර්ශ්වයක් පැහැදිලිවම නියෝජනය කළ යුතුයි. එය නිර්මාණය, සැබෑ නිර්මාණයක් බවට පත් කළ යුතුයි. නැත්නම් එතරම් පලක් සිදුනොවෙයි.

ඔබ බොහෝම නිවැරදියි.  ඒ ලියමන ඔබ කියනා ආකාරයේ කිසිවක් නොවේ. ඒ පමණක් නොව එවැනි වර්ගී කරණයකට ලක්කරන්නට මගේ කිසිදු කැමැත්තක් නැති. මේ නිසා සංසිද්ධියට අදාළ පාර්ශ්වයන්ට සේම කියවන ඔබට සිදුවන්නේ අසාධාරනයක් නම් එය සාධාරණයක් බවට පත් කිරීමට ජන මූල මාධ්‍යකරුවෙකු ලෙස ඔබ පියවර ගන්නේ නම් ඒ සඳහා මා සතුව පවතින සාක්ෂි ඔබට ලබාදීමට මම සූදානම්..,
කිසිමාකාරයක කුලකයක් නියෝජනය නොකර මධ්‍යස්ථව ලිවීම ප්‍රතිවිපාකය මේ ආකාරයෙන් පටිසන් දීම පිළිබඳ මා තුල ඇත්තේ පට්ට සතුටකි.

මෙවැනිදෑ ලියන්නට එපා කියනවා නොව විධිමත් ලෙසින් පරිපූර්ණව ලියන්න කියන එකයි මම කියන්නේ. ඔබට ජය !

පරිපූර්ණව ලිවීමේදී එහි රාමු සහ මායිම් පිළිබඳ මා තුල ඇති අවබෝධය සහ මගේ (ඌණ වෙමින් පවතින) උනන්දුව පිළිබඳ ඔබේ සැලකිල්ල පිළිබඳව මගේ සාතිශය ප්‍රණාමය.., නැවතත් මේ වැනි කොමෙන්ටුවකින් ම හමුවෙමු.
ඔබටත් ජය !!

7 comments :

Post a Comment

හදවත දුම් දමන වඩයක් වූ කල

10 comments
කොලේක කියලා
හදවත දුන්නම
පොඩි කරලා
වීසික්කා කොලා

ආඩම්බරකම
කොලේ පාගාගෙන
ගියාට පස්සේ
බිම වැටිච්චි
කොලේ අතට ගත්තේ
ලියල දුන්නු
හදවත
ආපහු ගන්න

ඒත්

එහි තිබුනේ මගේ
හදවත නෙවී
දුම් දමන
කබලකින් දැං බාපු
උලුඳු වඩයක්..!
:(

10 comments :

Post a Comment

අම්පාර

22 comments
මේ දවස් වල ලොකු අම්මාගේ මල ගෙදර නිද මරන්න සෙට් උන නිසා කාලෙකට පස්සේ අපේ අනුරාධපුරේ නෑයෝ සෙට් එක එක්ක කාලයක් ගත කරන්න ලැබුණා.., ඒ අස්සේ මල ගෙදර නයිට් ගහන්න සෙට් වෙන්න ආපු අය අතර මම, අපේ අයියා, නිහාල් මාමා සහ අපේ නවෝ ගේ හස්බා දමිත් අයියාත් සෙට් උනා..,
ඔය අතරේ රෑ වෙන්න වෙන්න නෙස් කැෆේ කප් ගොඩ ගැහෙන අස්සේ එක එක කතන්දර එහෙ මෙහෙ යන නිසා නිදිමතක් ආවේම නැති තරම් හදිසියේ නිදිමතක් ආවොත් අඹ සෙවනට ගිහින් ගෝල් ලිෆ් එකයි ප්ලේන්ටියයි ගහන එක දමිත් අයියා නැවැත්තුවේම නෑ..,
ඔය අස්සේ එක එක යාං හෑලි දිග අරින අතරේ..,
සිරාම සිරා කතන්දරත් එහෙ මෙහෙ නොගියාම නොවේ..,


කැබිතිගොල්ලෑව පැත්තේ ඉස්කෝලෙකට හිටපු පරණ ගුරුවරයා වෙනුවට ජීවන නිපුණතා කරන්න අලුත් ගුරුවරියක් ආවලු.
හරිම හැඩ ලස්සන මේ ගුරුවරිය කියන දේවල් පවා ළමයි වෙන ගුරුවරු කියාදෙන පාඩම්වලට වඩා ළමයි මතක තියා ගත්තේ ඇයගේ ලස්සන සහ යමක කියා දීමේදී දක්වන බුහුටි බව නිසාමයි..,

සිරී.., ඉස්කෝලේ ළඟ අහක ඉඳන් ඉගෙන ගන්න එන ළමයෙක්..,
කොච්චර ඉගැන්නුවත් මේ ළමයට කිසිවක් මතක තියා ගන්න එක අමාරු නිසාම ගුරුවරුත් මේ ළමයා ගැන දැක්වූවේ ඌණ සැලකිල්ලක්.
දවසක් ජීවන නිපුණතා කරන කාල පරිච්චේදේ දී පන්තියට ආ මේ ගුරුතුමිය..,
ළමයින්ගේ දැනුම බලන්න එක එක සරළ ප්‍රෂ්ණ ඇසුවා.

මේ අතර එක වරම ගුරුතුමිය..,
ආ ළමයි කියන්න බලන්න අම්පාර තියෙන්නේ කොහෙද කියලා..?

ළමයි එකිනෙකා මූණට මූණ බලාගන්නා අතරේ ගුරුතුමියගේ අවධානය යොමු වුනේ.., ඩෙස්කුවට බරවෙලා නිදි කිරන සිරී වෙත..,

හා.., එහෙනම් මේ පාර සිරී උත්තර දෙන්න බලන්න..,

එහා පැත්තේ දරුවා වැලමිටෙන් ඇනීමෙන් ඇහැරුණ සිරී..,

මොකද්ද බං ටීචර් ඇහුවේ..?

අංපාර කොහෙද තියෙන්නේ කියලා අහනවා..?
ප්‍රෂ්ණය දැන ගැනීමත් එක්කලා පුටුවෙන් නැගිට්ට සිරී..,

ඔව් ටීචර්..?

ඔව් සීරී.., කොහෙද තියෙන්නේ කියලා පන්තියටම ඇහෙන්න කියමු බලන්න..,


වට පිටාව ආඩම්බරෙන් බලපු සිරී මහ සද්දෙන්...,

අපේ අප්පච්චිගේ පුකේ

22 comments :

Post a Comment

කෙටි කාලීන මහා ඉතිහාසය

3 comments
අපේ ආදරයට තිබ්බේ ලොකු ඉතිහාසයක් උනාට, ඉතාමත් කෙටි කාල පරාසයක්.., තත්ත්පරයක් පැයකට ගණන් බලලා මූණ දිහා කල්ප කාලාන්තයක් බලාන ඉන්න එකත් එහෙම ඉතිහාසයක් තනන්න උදව්වෙන බව මට මතක් කලේ.., විවාහයෙන් අවුරුද්දකට පස්සේ ඊයේ ඇය මා එක්කලා කතා කල වෙලාවේ..,
පැයකටත් වැඩි කාලයක් මා එක්කලා කතා කල ඈ තුල තවමත් ආදරය මා කෙරෙහි තියෙන බව මට දැනුනත් මම ඒ දැනුනු බවක් නොපෙන්වා ඈ හා කතා කලා..,

ඉස්සර මා එක්කලා ඔයා කතා කරනකොට මගේ හිතේ තිබ්බ දේවල් මම දෙපාරක් හිතන්නේ නැතුව එළියට දානවා.., ඒත් මම දැන් එහෙම කරන්න බයයි..,

ඇයි ඒ???

ඔයා බැඳලා.., මම කියන දේවල් අහලා ඔයාට ඔයාගේ ජීවිතේ පිළිවෙළකට අරගෙන යන්න බැරුව ගියොත් මම නේ ඒකටත් පවු කාරයා වෙන්නේ..,

කාරණා කාරණා වෙනස් උනාට මට තවමත් කිසිදෙයක් අමතක නෑ ලිශ්..,

නෑ අමතක නෑ නොවේ අමතක කරන්න බෑ..ඒකයි වෙනස,

සමහර විට අපි මේ ඉන්න දුර අපි දෙන්නටම හොඳ ඇති..,

ඔව් වෙන්න ඇති..,

ගින්දරයි පුළුනුයි ළං උනාම විනාසයක් වෙන්න තියන ඉඩ වැඩී නේ.

හ්ම්..!

ඈ සුසුමක් පිට කලා...!

මම සුපුරුදු විදියට නිහඬ වුණා..

3 comments :

Post a Comment

පොතක් උඩ පොතක්

13 comments
ගෙවල් ලඟ ඉන්නවා ගුණසේකර කියලා කෙනෙක්.., මෑන් ගේ අයියා තිඹිරිගස්යායේ තියෙන ලොකු පන්සලක ලොකු හාමුදුරුවෝ.., මීට අවුරුදු එකහමාරකට විතර කලින් ගුණසේකරගේ පුතාව මහණ කරගන්න ඉල්ලුවා ලොකු හාමුදුරුවෝ..,
ගෙදර පුරාම අඩුපාඩු නිසාත් දරුවන් 6 බාල අන්තිම එකා බඩේ නිසාත් එකෙකුගෙන් හරි නිදහස් වෙන්න කියලා හිතාලා.., අනේ මම කොල්ලෙක්ව සාසනේට දූන්නොත් හතරවරිගේම ගොඩ නේද කියලා හිතාගෙන අනේ කොල්ලව සාසනේට පූජ කොලා..,

ධර්ම කාරණ ඉගෙන ගන්නවා කෙසේ වෙතත් පොඩි හාමුදුරුවෝ දවසින් දවස පන්සල් බත් කාලා එහෙම ඇඟ පාට වැටිලා හොඳට ආරලා ආවේ උපාසකම්මලාගේ සාධුකාර මැද්දේ මයි..,

අනේ සිරියාවන්ත හාමුදුරුවෝ.., එහෙම තමා හැමෝම කිව්වේ..,

එක පාරටම මීට අවුරුද්දකට විතර පස්සේ ආරංචියක් ගියා පොඩි හාමුදුරුවෝ සිවුර ඇරලා ගෙදර ඇවිල්ලා කියලා.., අපි ගුණසේකර ලගේ ගෙදර යන කොටත්.., "හිටපු" පොඩි හාමුදුරුවෝ තණකොල ගලවනවා ගෙදර මිදුලේ..,

විස්තර අහනකොට තමා වැඩේ තේරුනේ.., ලොකු හාමුදුරුවනේ ගෙන් පොඩි හාමුදුරුවන්ට ගොඩක් කරදරලු.., බැරිම තැන හාමුදුරුවන්ගේ පරණ ගන්ඨාරේ මකුළුදැල් කඩන්නත් උනාට පස්සේලු පොඩිනම හදිසියේ සිවුරු ඇරලා ගෙදර වැඩලා තියෙන්නේ..,

හොඳම ටික උනේ අපි එන මඟ, අපේ පතලේ වැඩකරන චන්දරේ කිව්ව කතාවකින්..,
අපේ බාප්පයි තාත්තයි විස්සෝප වෙනවා අර පොඩි හාමුදුරුවන්ට උන සංගදිය ගැන..,
ඒ අස්සේ චන්දරේ..,

අනේ ඔව්වා ඔහොම තමා මහත්තයා..,
ඇරත්..,
බණ පොතක් උඩින් බණ පොතක් තිබ්බට මක්වෙනව ද?

13 comments :

Post a Comment

ප්‍රෂ්ණත් එක්ක බෑ

No comments
උදේ පාන්දරම පරණ ණයක් ගෙවන්නට වත්තේ ගෙදර හන්දියෙන් බැස ජයපාරට ගොස් අදාල දේ ලබාදී ඊට වටනා දෙයක් රැගෙන ආවෙමි. ඒ එන අතර තුර බෑගය කැඩීම නිසා අයා කට්ටකින් සැනහෙන්නට වීම ඊට වඩා හදට ශෝක ගෙනදෙන කාර්යයකි.
උත්තර නොමැති ගැටලුත්, කස්ටන්ගේ කරදරත් මධ්‍යයේ නිවසට එන විට කෑම වේලාවය.

හිත කීරී ගැහෙන මානසික තල වල නැඟෙන ගැටලු වලට උත්තර හෙවීම.., ඊට වඩා හිස රදය දනවන වැඩකි.

කරන්න දෙයක් නැත. අපේ දරුවන් ලෙස ඉපදියයුතු වේසිගේ පුතාලා කරන ගොන්වැඩ නිසා දුක් විඳින්න්ට වී ඇත්තේ අපටය.., අනාගතය කඩා වැටෙන්නට යද්දී ඊට මුක්කු ගසන්නට වන්නේ අප දෙදෙනාටය..,
ඒ නිසා දැන් දැන් ම ලැහැත්ති වෙය යුතු..!

සෙස්ස පස්සට..,

No comments :

Post a Comment

ටිංකිරි

No comments
මහින්ද අයියා කලකට පෙර අපිට ඔයාමඩුවේ දැයට කිරුළට පසුව අපට අපූරු තෑග්ගක් දුන්නේය. ඒ සියල් සිරින් පිරි ඉන්ධන මිල ඉහළ දැමීමකි.., පොඩි එකාට රෙන්න පුකේ ගූ නැතිව තටමන්නට වූවාට, ඇත්තාට ඒ එසේ නොවේ.

අපරාදේ මේ ගාණ තියෙන්නේ UK වලත් මීට වඩා Fuel ගාණ වැඩි නිසා තියෙන්නේ තව ටිකක් වැඩි කරන්න.

ඒ අපේ එංගලන්ත මානසිකත්වය කරපින්නාගෙන සිටින මාමාණ්ඩියාගේ හඬයි.

මෙහෙම උන් ඉන්න රටක සංවර්ධනය මුවාවෙන් ඕන මළ හත්තිලව්වක් කරගන්න ඉඩදෙන ජනතාව ලැබීම තරම් ජනතා සේවයට බර රට කරවන්නෙකුට වෙනත් සතුටක් කොයින්ද..?

මම කලකිරී සිටිමි,
ඒ, ඉල්ලං පුකේ ටිංකිරි ගාගෙන, බෙලෙක්කෙන් පුක කපාගන්නට වීම නිසාය.

No comments :

Post a Comment