-
The Conjuring 2 ??
2013 දී බඩබොකු රත් කරගෙන බලපු හෝල්මන් ෆිල්ම් සෙට් එකක නම් කිව්වොත් පලවෙනි 5 අතරට එන ෆිල්ම් එකක් තමා The Conjuring කියන්නේ. ඔන්න එකේ දෙවැන්නක් එනවලු, 2016 දී. චිත්‍රපටයේ නිෂ්පාදකයින් වුන වෝනර් බ්‍රදර්ස් සමාගම 2015 දී කල එලි බස්සන්න කටයුතු සැලසුම් කරලා තිබ්බත් නිවු ලයින් සිනමා සහ වෝනර් සමාගම තව අවුරුදු දෙකකින් චිත්‍රපටිය එලියට දාන්න හේතුව පස්සේ තියෙන්නේ මොකද්ද කියලා නම් තවමත් වාර්තා වෙන්නේ නෑ,
සැලසුම් කටයුතු සහ අදාළ විධායක ක්‍රමවේදයන් හරියට කළා නම් The Conjuring2 එලියට එන්න තිබුනේ 2015 ඔක්තෝම්බර් මාසේ 23 වෙනිදායි. ඩොලර් මිලියන 6.5 වියදම් කරලා නිෂ්පාදනය කරලා, ලොව වටා තිරගතවීම සහ වෙළඳාම් වලින් ඩොලර් මිලියන 166ක් හොයාපු මේ චිත්‍රපටය, මෙහෙම අවුරුදු දෙකකින් කල් ගියාට පස්සේ ඉහත කියපු දවසට වෙනත් හොල්මන් චිත්‍රපටියක් ප්‍රදර්ශනයට එකතු කරන්න මේ වෙනකොට වෝනර් සමාගම කටයුතු කරමින් ඉන්නවා කියලයි අන්තර්ජාල සිනමා සඟරා වල සඳහන් වෙන්නේ.
බොහෝවිට මෙදිනට ප්‍රදර්ශනයට එන්නට හැකි චිත්‍රපට අතර Crawlspace හෝ Superstition කියන චිත්‍රපටි ඉදිරියෙන් ම තියෙනවා. Crawlspace පාදක වෙන්නේ බිරිඳ මියගිය සැමියෙක් තමන් හා අලුත විවාහ වූ බිරිඳත් එක්ක නව නිවසකට පදිංචියට යාම පාදක කරගනිමින්, ඒ වගේම Superstition පාදක වෙන්නේ එක්තරා පවුලක් මෙයට සියවස් ගණනකට පෙර මායාකාරිය මරාදැමූ ඉපැරණි නිවසකට පදිංචියට යාමක් වටා බව මේ චිත්‍රපට වල නම් වලින් කුඩා හෝ ගුගල් සෙවුමක් දැම්මොත් සොයාගන්නට අමාරු නෑ.
බොහෝවිට මෙදිනට ප්‍රදර්ශනයට එන්නට හැකි චිත්‍රපට අතර Crawlspace හෝ Superstition කියන චිත්‍රපටි ඉදිරියෙන් ම තියෙනවා. Crawlspace පාදක වෙන්නේ බිරිඳ මියගිය සැමියෙක් තමන් හා අලුත විවාහ වූ බිරිඳත් එක්ක නව නිවසකට පදිංචියට යාම පාදක කරගනිමින්, ඒ වගේම Superstition පාදක වෙන්නේ එක්තරා පවුලක් මෙයට සියවස් ගණනකට පෙර මායාකාරිය මරාදැමූ ඉපැරණි නිවසකට පදිංචියට යාමක් වටා බව මේ චිත්‍රපට වල නම් වලින් කුඩා හෝ ගුගල් සෙවුමක් දැම්මොත් සොයාගන්නට අමාරු නෑ.
Paperman හෙවත් දුටු තැන පෙමින් බැඳීම.
මුහුනුපොත් මිත්‍රයෙක් තමන්ගේ බිත්තියේ මීට ටික දවසකට කලින් පොස්ට් කරලා තිබුනා අපුරු සබැඳියක්. තමන්ගේ පාඩුවේ සිටිනා ජෝඩුවක් රූප ගන්වන මේ කලුසුදු රුපය යටින් ඇති සබැඳිය ඔබා බලන්නට මට හිතුනේ නිකමට. ප්‍රතිපලය ඇති විශිෂ්ටයි. "මාරයි" මට එහෙම කියවුනේ නොදැනුවත්වම. මේ කියන්න යන්නේ කෙටිචිත්‍රපටයක් ගැන. නම තමා "Paperman". මම හිතන්නේ ඩිස්නි ආයතනය අවුරුදු ගානකට පස්සේ කරපු හොඳම සජීවිකරණ කෙටි චිත්‍රපට වලින් එකක් කියලා හිතන්න පුළුවන්. එකවරක් බැලුවාම තවත් කිහිප පාරක් ම බලන්නට හිතෙන මේ විනාඩි හතකට ආසන්න කාලයක් දිවෙන Paperman නිර්මාණයට 2012 වසරේ හොඳම කෙටි චිත්‍රපටය සඳහා වූ ඇකඩමි සම්මානය ඇතුළුව තවත් සම්මාන කීපයකටම නිර්දේශ වෙලා තියෙනවා කියලා, නම සඳහන් කර කුඩා ගුගල් සෙවුමක් දැමුවොත් අන්තර්ජාලය ඔබට පවසාවි. ඒ වසරේම සජීවිකරණ චිත්‍රපට කැටගරිය සඳහා තරංග වැදුණු Wrack-It-Ralph, ටීම් බර්ටන්ගේ Frankenweenie සහ Pixar Studio හි Brave තරඟ වැදුනත්, විනාඩි හතක ඇතුලත් Paperman කරලා තියෙන දස්කම ඒ කිසිවක කරලා නැති බව කියන්නට උවමනායි.
පනහ දශකයේ නිවු යෝර්ක් නගරයේ එකිනෙකාට සම්පුර්ණනම ආගන්තුක දේපලක් අතර ඇතිවන පළමු දැකුමෙන් ම පෙම් බැඳීම එහෙමත් නැතිනම් "Love at First Sight" චින්තාවට පනදෙන මේ කතාන්දරය. ද්විමාන වටපිටාවක් තුල ත්‍රිමාන චරිතයන් මුසුකරමින් ගොඩනගා ඇති බව බොන්දින් බැලුවොත් ඔබට සොයාගන්නට අපහසු වෙන එකක් නැහැ. කලුසුදු පැතලි ජීවිත අතරේ පණ ගැහෙන එකම දේ රතු පැහැති හාදුවක් පමණක් බවත් රතු පැහැති හාදුව කොතරම් දුරකට ජීවිත වෙනස් කරනවාද යන්නත් හිත තබාගෙන මේ කෙටි සජීවිකරණ නිපැයුම නරබන්නට පුලුවන්නම් ඔබේ හිතට සුන්දර චින්තාවන් රැගෙන එන එක නවත්වන්නට කිසිවෙකුට හැකි වෙන එකක් නැති වේවි. :)
ජෝන් කා(හ්)ර් ගේ මේ චිත්‍රපටිය අප සැලකිල්ලෙන් නරඹනවා නම් අපට සුපුරුදු ඩිස්නි මුහුණු කිහිපයක් මතකයට නගා ගන්නට අපහසු වෙන එකක් නැහැ. ඉහත මම කියූ ද්විමාන පැතලි ජීවිත අතර එකම ත්‍රිමාන චරිත දෙක වන "මෙග් සහ ජෝර්ජ්" අප පෙර බලපු 101 Dalmations, 2010දෙඑ තිරගත වුනු Tangled වගේ චිත්‍රපට වල චරිත වල රූ ලක්ෂණ සොයාගන්නට අපහසු වන්නේ නැහැ. මෙයට හේතුව වන්නේ ඉහත මා නම් සඳහන් කල චිත්‍රපට දෙකෙහිම ප්‍රධාන සජීවිකරණ ශිල්පියා ලෙස කටයුතු කර තිබෙන්නේ ජෝන් කා(හ්)ර් ම වීමයි.

කෙටි සටහන:
අනික මේ කෙටි සජීවී නිර්මාණය ගැන තොරතුරු හොයනකොට මට අපුරු දේවල් දෙකක් හමු වුනා.
01. Signs - Short Film
සයින්ස් කියන නිර්මාණයෙත් තියෙන්නේ මේ හා සමානම කතාන්දරය උනත් ඒ කතාන්දරය සත්‍ය චරිත රඟන නළු නිලියන් විසින් කරන නිසා මට එම නිර්මාණය එතරම් දැනුනේ නැහැ. එහෙත් ඔබට එය ඊට වඩා වෙනස් ආකාරයෙන් දැනෙන්නට ඉඩ තියෙනා නිසා අමතක නොකර පහතින් ඇති එයත් නරඹන්න.
02. Meg and George- Paperman by Miss.Wendybird.
මේක ගැන වැඩි විස්තර කියන්න යන එක තේරුමක් නැහැ. සබැඳිය ක්ලික් කරලාම බලන්න.
බෙදාගන්න, ලියාදෙන්න, දිනාගන්න.
නාට්ටි දෙකක් ගැන කලා ඔත්තුවක්
වේදිකා නාට්‍ය කියන්නේ රංගනවේදීන්ගේ තිඹීරිගෙය ලෙස සැලකුම් ලන්නේ මොකද කියන ගැටලුවට මට මුලින්ම උත්තර ලැබුණේ මම මුලින්ම මනෝරත්න මහත්තයාගේ ගුරුතරුව නාට්ටිය බලන්න ගිය දවසේ. සහ ඔදානිස් රබන් ගුරාගේ වැලිතලප කවිපෙළ මුලින්ම අහන්නට ලැබීම යන නිමිති දෙකම එක දවසේ වීම මට විශේෂයක්. තැනින් තැනින් ටික ටික තවමත් මතක ඒ වචන ටික සම්පුර්ණ කරගන්න උදව්ව අන්තර්ජාලෙන්, නාට්ටියකට එතරම්ම ආදරය කරත් ඉගෙනීම රස්සාව සහ ව්‍යාපාර කියන ත්‍රිකොනේ ඇතුලේ කරක් ගහන නිසාවෙන් මගේ සිතුවිලි වලට පියාඹන්න ඉඩදෙන්න මට කාලෙක ඉඳන් අමතක වෙලා.
එත් මේ කියන්න යන්නේ ගුරුතරුව නාට්ටිය ගැන නොවුනත් නාට්ටි දෙකක් ගැනම තමා, එක්තරා ආකාරයකට ගුරුතරුවකට හරසර දක්වන්නට පේරාදෙණිය විශ්වවිද්‍යාලයෙන් සංවිධානය කරන නාට්‍ය ඉසව් දෙකක්.
කතාව සාරාංශ ගත කරලා කියනවා නම් මහාචාර්ය එදිරිවීර සරච්චන්ද්‍රයන්ගේ ජන්ම ශත සංවත්සරය නිමිත්තෙන් විශේෂ නාට්‍ය දර්ශන දෙකක් පැවැත්වීමට පේරාදෙණිය විශ්ව විද්‍යාලයීය ලලිත කලා අධ්‍යයන අංශය සහ සම්භාව්‍ය භාෂා අධ්‍යයන අංශය කටයුතු කරලා තියෙනවා. මේ අනුව සැප්තැම්බර් මාසේ 17 වැනි දා හාවස 7ට කංචුකා ධර්මසිරි අධ්‍යක්ෂණය කළ සුභා නාට්‍යයත්, සැප්තැම්බර් 18 වෙනිදා හවස 7ට මුදිතා ධර්මසිරි අධ්‍යක්ෂණය කළ ලෝකාන්තර නාට්‍යයත් පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ ඊ. ඕ. ඊ. පෙරෙයිරා රඟහලේ දී වේදිකාගත වෙනවා.
නුවර විතරක් නෙවෙයි කොළඹ නාට්‍යප්‍රේමීන් වෙනුවෙන් සැප්තැම්බරයේ 20දා ලෝකාන්තර නාට්ටියත්, 21දා සුභා නාට්ටියත් හවස 3.30ට හා 6.30ට බොරැල්ල නාමෙල්-මාලිනී පුංචි තියටරේ වේදිකාගත කරන්න කටයුතු යොදලා තියෙනවාලු.
නෝබල් සම්මාන ලාභී රබීන්ද්‍රනාත් තාගෝර්ගේ සුභා කෙටිකතාවයි ගීතාංජලී කාව්‍යයයි පාදක කරගත් සුභා රඟනළුව ලලිත කලා අධ්‍යයන අංශයේ නිෂ්පාදනයක්. සම්භාව්‍ය ග‍්‍රීක රංග කලා සම්ප‍්‍රදායත් පුරාණෝක්තිත් ඇසුරු කරගෙන නිර්මිත ලෝකාන්තර නාටකය සම්භාව්‍ය භාෂා අධ්‍යයන අංශයේ නිෂ්පාදනයෙන් කල එලි දකින්නක්.
එත් මේ කියන්න යන්නේ ගුරුතරුව නාට්ටිය ගැන නොවුනත් නාට්ටි දෙකක් ගැනම තමා, එක්තරා ආකාරයකට ගුරුතරුවකට හරසර දක්වන්නට පේරාදෙණිය විශ්වවිද්‍යාලයෙන් සංවිධානය කරන නාට්‍ය ඉසව් දෙකක්.
කතාව සාරාංශ ගත කරලා කියනවා නම් මහාචාර්ය එදිරිවීර සරච්චන්ද්‍රයන්ගේ ජන්ම ශත සංවත්සරය නිමිත්තෙන් විශේෂ නාට්‍ය දර්ශන දෙකක් පැවැත්වීමට පේරාදෙණිය විශ්ව විද්‍යාලයීය ලලිත කලා අධ්‍යයන අංශය සහ සම්භාව්‍ය භාෂා අධ්‍යයන අංශය කටයුතු කරලා තියෙනවා. මේ අනුව සැප්තැම්බර් මාසේ 17 වැනි දා හාවස 7ට කංචුකා ධර්මසිරි අධ්‍යක්ෂණය කළ සුභා නාට්‍යයත්, සැප්තැම්බර් 18 වෙනිදා හවස 7ට මුදිතා ධර්මසිරි අධ්‍යක්ෂණය කළ ලෝකාන්තර නාට්‍යයත් පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ ඊ. ඕ. ඊ. පෙරෙයිරා රඟහලේ දී වේදිකාගත වෙනවා.
නුවර විතරක් නෙවෙයි කොළඹ නාට්‍යප්‍රේමීන් වෙනුවෙන් සැප්තැම්බරයේ 20දා ලෝකාන්තර නාට්ටියත්, 21දා සුභා නාට්ටියත් හවස 3.30ට හා 6.30ට බොරැල්ල නාමෙල්-මාලිනී පුංචි තියටරේ වේදිකාගත කරන්න කටයුතු යොදලා තියෙනවාලු.
නෝබල් සම්මාන ලාභී රබීන්ද්‍රනාත් තාගෝර්ගේ සුභා කෙටිකතාවයි ගීතාංජලී කාව්‍යයයි පාදක කරගත් සුභා රඟනළුව ලලිත කලා අධ්‍යයන අංශයේ නිෂ්පාදනයක්. සම්භාව්‍ය ග‍්‍රීක රංග කලා සම්ප‍්‍රදායත් පුරාණෝක්තිත් ඇසුරු කරගෙන නිර්මිත ලෝකාන්තර නාටකය සම්භාව්‍ය භාෂා අධ්‍යයන අංශයේ නිෂ්පාදනයෙන් කල එලි දකින්නක්.
සුභා
අධ්‍යක්ෂණය - කංචුකා ධර්මසිරි
සංගීත අධ්‍යක්ෂණය - මනොජ් අලවතුකොටුව සහ විනූෂා විජේවික‍්‍රම
නිෂ්පාදනය - ලලිත කලා අධ්‍යයන අංශය, පේරාදෙණිය විශ්වවිද්‍යාලය.
ලෝකාන්තර
අධ්‍යක්ෂණය - මුදිතා ධර්මසිරි
සංගීත අධ්‍යක්ෂණය - පමුදිත මානෙල්අංග
පිටපත - Renascor රංග කලා සාමුහිකය
නිෂ්පාදනය - සම්භාව්‍ය භාෂා අධ්‍යයන අංශය, පේරාදෙණිය විශ්වවිද්‍යාලය
Nebraska
ඇලෙක්සැන්‍ඩර් පේන් කියන්නේ මේ වෙනකොට මගේ හිතේ ඉන්න හොඳම අදියුරුවා කිව්වොත් වැරදි නෑ.[මේ තත්ත්වය විටෙන් විට වෙනස් වෙන නිසා, හෙට අලුත් ෆිල්ම් එකක් බැලුවොත් ඒ අදහසට මොනා වෙයිද කියලා දන්නේ නම් නෑ. ] ඊට හේතුව වෙන්නේ පේන් හදන චිත්‍රපටි කුඩා පවුල සහ ඒ වටා සිටින චරිත පාදක කරගෙන හැදෙන නිසා, ඒවා අපේ ජීවිතේ අස්සේ අපි සම්බන්ධතා පවත්වන අය ගැනද මේ චිත්‍රපටය හදලා තියෙන්නේ කියලා අපිට හිතෙන්න ගන්න නිසා කියලයි මට හිතෙන්නේ. චිත්‍රපටිකලාවේ දිගු ඉතිහාසයක් තියෙන පේන් මේ වතාවේ එන්නේ අපි ඉදිරියට වෙනස් ආකාරේ චිත්‍රපටයක් අරගෙන. ඒ චිත්‍රපටය නැබ්‍රෙස්කා. ඇමෙරිකානු සිහිනය තුල ජීවත්වන අපට සත්‍ය ඇමෙරිකාවේ රළු, වියළුණු හරස්කඩක් පෙන්වන චිත්‍රපටයක්. චිත්‍රපටය විශේෂ එකක් වන්නේ ප්‍රධාන චරිතය වන බෲස් ඩර්න් සහ සහය රඟපෑම් කරන විල් ෆෝර්ටේ සහ ජූන් ස්ක්විඩ් නිසාවෙන්. ඔබට ඇලෙක්සැන්ඩර් පේන් ගේ නිර්මාණ ශක්‍යතාව ගැන කුකුසක් ඇත්නම් මම සිතන්නේ ඔබට කල හැකි පහසුම දෙය තමයි නැබ්‍රෙස්කා බලන එක. 1985 කාර්මන් චිත්‍රපටයෙන් ඇරඹි සිය නිර්මාණ චාරිකාව 2013 වසරේ ඔහු කල නැබ්‍රෙස්කා දක්වාම සිය රිද්මය එක ආකාරයකින් පවත්වාගෙන එන ආකාර අවබෝධ කරගැනීම තුලින් නිර්මාණ ගැන ඔබ තුල වන දැනුම පෘථුල කරවීමට ඉඩප්‍රස්ථා ඇති කරවන බව නම් කිව යුත්තක්.
![]() |
| Woody Grant [Bruce Dern ] with Director Alexander Payne |
නැබ්‍රෙස්කා චිත්‍රපටය ගෙතී ඇත්තේ වියපත් මොන්ටානා හි ජීවත් වන බේබදු පියෙකු වන වුඩී ග්‍රාන්ට් [බෲස් ඩර්න්] වටායි. එක් දිනෙක ඔහු අත වන ලොතරැයියකට ඩොලර් මිලියනයක ලොතරැයි දිනුමක් ඇදී ඇති බව ඔහු සිතනවා. එහෙත් වූඩී ගේ බිරිඳ වන කේට් [ජූන් ස්ක්විබ්] වෙත වූඩි කෙතරම් ඇවටිලි කලත් ඈ සිතන්නේ එය මුසාවක් බවයි. සිය බිරිඳට කණපින්දම් කියා පලක් නැති බව සිතන වූඩි ඊළඟට කරන්නේ ත්‍යාගය ගැනීම සඳහා නැබ්‍රෙස්කා හි ලින්කන් නගරය වෙත පයින්ම ගමන් ඇරඹීමයි. වුඩිගේ පුතා වන ඩේවිඩ් [විල් ෆෝර්ටේ] විසින් පාරේ තනිවම ගමන් කරනා සිය පියා සොයාගෙන ඔහුව ලින්කන් නගරය වෙත රැගෙන ගොස් ත්‍යාගය ලබාදීමට කැමති කරවාගනී. කෙසේ හෝ ඩේවිඩ් විසින් ගමන් වෙන අතකට හරවා ලින්කන් වෙත යන ගමන අතර මැද හෝත්‍රෝන් වෙත යයි. හෝත්‍රෝන් යනු වූඩිගේ උපන් ගමයි. එහෙත් අවසන වන්නේ ත්‍යාගය ගන්නට ලින්කන් වෙත යන අතර සිය නෑසියන් මුණ ගසෙන්නට හෝත්‍රෝන් වෙත යෑම ත්‍යාගය ගැන වන වූඩිගේ අදිටන සිහිනයක් වීමයි.
වෙනත් ආකාරයකින් කියනවා නම් නැබ්‍රෙස්කා යනු මඳවේගික චිත්‍රපටයක්, ඔබ චිත්‍රපටයකින් බලාපොරොත්තු වන්නේ ඇදිවේගී, වෙඩි තබාගැනීමේ දර්ශන සහිත, ලේ විසිරෙන සුළු, ටරන්ටිනෝ ආකෘතියේ චිත්‍රපටයක් නම් කරුණාකර මේ චිත්‍රපටය බැලීමෙන් වලකින්න, ඔබේ ඩේටා ටික අයියෝ ඩේටා කියා සිතේවී. මෙහි කතාව ඉතා දැඩි හෝ සංකීර්ණ නොවුනත් කතාවේ ගලායෑම මන්දගාමී වීම හරහා කතාව විකාශනය වීමට වැඩි වේලාවක් ගන්නවා, එසේ වීමට හේතුව ලෙස පුද්ගලිකව මට සිතෙන්නේ පේයින් විසින් වූඩීගේ දුර්වල බිඳවැටෙන සුලු මහලු අධ්‍යාත්මය නරඹන්නා වෙතට දැනෙන්නට ඉඩ හැරීමට විය හැකි බවයි. මෙතෙක් චිත්‍රපටය නැරඹූ අය අතර මේ ඉහත කී සංවේදනා වල බිඳුවකින් හෝ සමපාතවන අත්දැකීම් සහිත වන වුන් නැතැයි අප කියන්නේ කොහොමද? නිදසුනක් ලෙස මට පුද්ගලිකව මේ අත්දැකීම මගේ නෑසියන් ඇසුරෙන් විටින් විට අත්දකින්නට ලැබී තිබෙනවා, ඉතින් එවැනි සමාන අත්දැකීම් ඇත්තන් අතර ජනප්‍රිය වීම නිසාවෙන් තමයි ඇලෙක්සැන්ඩර් පේයින් ගේ සහ තිර රචක බොබ් නෙල්සන් විසින් කියනා මේ කතාවට මේ තරම් ජනප්‍රසාදයක් ලැබෙන්නට ඇත්තේ.
![]() |
| Woody Grant [Bruce] with his son David [Will Forte] |
නැබ්‍රෙස්කා මට සුවිශේෂ වන තවත් එක හේතුවක් වන්නේ එහි ඇති කලුසුදු වර්ණිත සිනමාකරණය. සමාජය තුල විවිධාකාරයේ වර්ණ [ගතිගුණ?] වලින් යුතු මිනිසුන් සිටියත්, අප කොතෙක් උන් හා ගැටුනත් අවසානයේ මිනිසුන් වූ අපට මිනිසා ගැන තියෙන පොදු සාධකය එක්කෝ ඔහු හොඳ හෝ නරක මිනිසෙකු බවයි. පේයින් විසින් සිය නිර්මාණය තුල පැතලි වර්ණ භාවිතයක් කර ඇත්තේ මේ පොදු කාරණය උලුප්පන්නදැයි මට විටෙක සිතෙනවා. එය චිත්‍රපටය නරඹත්දී මට නිතර නිතර සිතට දැනුන කරුණක්. අනෙක් අතට වර්ණ භාවිත කිරීමේදී සිනමා කරුවාගේ අදියුරුවේ සහ නළු නිළියන්ගේ අඩුපාඩු වසා ගැනීමට හැකි වුවත් මෙහිදී පේයින් විසින් කලුසුදු භාවිතය නිසාවෙන් රංගන ශිල්පීන් වෙත වැඩි බරක් තබා ඔවුන්ගෙන් සිය උපරිම හැකියාව උකහා ගන්නට දැරූ තැතක් දෝහෝයි සිතෙන්නේ ශිල්පීන් සිය චරිත වලට සිය සාධාරණය උපරිමයෙන් ඉඩු කරනා බව මට සිතෙනා නිසාවෙනුයි. කෙසේ නමුත් කළුසුදු වර්ණ වලින් වන්නේ කතාවේ ගලා යාම සහ එහි චරිත ඔබ වෙත කරන්නාවූ ආමන්ත්‍රණය තවත් ශක්තිමත් වීම බව මට සිතෙනා බව නොකියා ම බැහැ.
නැබ්‍රෙස්කා යනු ඉතා ශක්තිමත් තිරනාටකයකින් සජ්ජිත චිත්‍රපටයක් බව නොකීවොත් එය මා කරන ලොකු අඩුවක්, බොබ් නෙල්සන් විසින් චරිත වලට ඉතා සුන්දර ආකාරයෙන් අහම්බ එක්කාසු කර ඇති ආකාරය ඉතා සුවිශේෂයි. ඒවා කුඩා වුවත් ඉන් ඒ චරිත බොහොම අලංකාරව ආලෝකමත් කරනවා. මේ අහම්බ එබ්බවීමෙන් ඔබව මම සහ නරාන අපව අපටත් නොදැනෙන ආකාරයෙන් කතාවට ඇද බැඳ තබා ගැනීම නෙල්සන් විසින් කරනවා, ඔහුත් සමඟව එකතුව තිරරචනයෙන් මේ චිත්‍රපටයට ආලෝකයක් ගෙනා පේයින් වත් මතක් කල යුතුමයි, ඔබට අලංකාරිත අදියුරුවක් සහිත චිත්‍රපටයකට උදාහරණයක් කාට හෝ පෙන්වන්න්ට අවැසි නම්, ඔබට බිය නැතිව නැබ්‍රෙස්කා නම් කල හැකියි.
සියලුම සිත්ගන්නා සුලු ආකාරයේ සාධක පසෙකින් තැබුවත් නැබ්‍රෙස්කා යනු බොහොම කම්මැලි චිත්‍රපටයක් ලෙස දැනෙන්නට තියෙන ඉඩකට වැඩියි [හරියට මේ ලිපිය වාගේ ;)]. අපි මුලින්ම නරක ගැන කතා කරමු, කතාව ගලා යන්නේ පැයයි මිනිත්තු 55 වැනි කාලයක් තුල, සාමාන්‍යෙන් මේ කාලයක් තුල දිවෙන චිත්‍රපටයක් අප සංගත ධාවනකාලයක් සහිත චිත්‍රපටයකැයි හඳුනාගත්තත්. චිත්‍රපටය තුල චරිත ගලා යෑම ඉහත කීවාක් මෙන් බොහෝම ඔතෑනි සහ මන්දගාමී ලෙස ගලා යන්නේ, අනෙක් අතට කතාව හෝත්‍රෝන් වල ගත කරන දර්ශන ගණන ඉතා වැඩි යැයි සිතෙනවා, එක අවස්ථාව දර්ශන කිහිපයක් සංස්කරණ ශිල්පියාට කපා දැමිය හැකියි නේදැයි අවස්ථා කීපයකම මා හට සිතුනා. එහෙත් එහි අවසානය පරම අලංකාරයි, ඒත් එහෙම උනත් මට සිතෙන්නේ අඩුම තරමින් තවත් පැය කාලක්වත් කතාව අඩු වූවානම් පාඩුවක් නොවේයි කියලයි.
නැබ්‍රෙස්කා යනු ඔබතුල චිත්‍රපටයක් ගැන තිබෙන වෙනස් ආකාරයේ මතය වෙනස් කරන ආකාරයේ කතාවක් බව මට සිතෙනවා. කලුසුදු සිනමාකරණ කතාව නරඹත්දී නොදැනීම ආශක්තවූ පසුව ඉතාම පහසු ආකාරයෙන් කතාවට සමවැදිය හැකි ආකාරයට කතාව ගලා යන බව කිවයුතුමයි. කතාව මැදදී සහ ඉන්පසුව මඳක් මන්දගාමී වුවත් කතාව අවසානයේදී කියන්නට ඇත්තේ මට නම් නැබ්‍රෙස්කා යනු බැලිය යුතු වර්ගයේ චිත්‍රපටයකට හොඳ උදාහරණයක් ලෙස නම් කල හැකි චිත්‍රපටයකුයි. වෙනස් ආකාරයක චිත්‍රපටයක් බලන්නට උවමනාව ඇතිනම් නැබ්‍රෙස්කා බලන්න්ට පොඩි උත්සහයක් දුන්නාට පාඩුවක් නැති වෙයි මගෙහිතේ..!
මොකද්ද මේ A.C.E?? | What A.C.E Stand For??
![]() |
| Official Logo of ACE |
අපි චිත්‍රපටයක් බලනකොට බොහෝ වෙලාවට විදේශීය, එයිනුත් හොලිවුඩ් චිත්‍රපට වල නාමාවලින් හෝ ආරම්භය සනිටුහන් වන අවස්ථාවල ඒ චිත්‍රපටය සඳහා සිය ශ්‍රමදායකත්වය දුන් අයගේ නම් වැටෙන වෙලාවල, ඒ සමහර නම් අගට A.C.E කියන අකුරු තුන තිබෙනවා, මේක මම කොතෙකුත් චිත්‍රපට වල දැක ඇතත්, සොයන්නට ඇති කම්මැලි කම ඉස්සර වීමේ කරුමය නිසා මේක මට මඟ හැරුනා ඒ හැම වෙලාවේ ම. ඒත් අද මම 47Ronin බලා එහි නාමාවලිය යන විට එහි සමහර නම් අගට අර අකුරු තුන තිබීම නිසාවෙන් මගේ පරණ උනන්දුව වැඩි වුනා. පස්සේ ගූගලයාගේ සරණ පතන විට මට ලැබුණ පිළිතුර මම පහතින් මේ අයුරින් සටහන් කරන්නම්..
ACE යන අකුරු තුනෙන් සංක්ෂිප්ත කර ඇත්තේ "American Cinema Editors association" වදනයි, සිංහලෙන් කියනවා නම් ඇමෙරිකානු සිනමා සංස්කාරකවරුන්ගේ සංගමය යන්නයි.
මේ වැනි එකමුතුවක් ගැන මුලින්ම අදහස් ඇතිවී තිබෙන්නේ, වොරන් ලෝව් සහ ජැක් ඔගිව්ලී විසිනුයි, ඔවුන් දෙදෙනා වෘත්තීයෙන් පැරමවුන්ට් චිත්‍රාගාරයේ චිත්‍රපට සංස්කාරකවරුන් දෙදෙනෙක්. දෙදෙනෙකු තුල ඇති වූ මේ අදහස පසුව හොලිවුඩ් හී මස්කේස් සමාජශාලාවේදී ඔගිව්ලි සහ ලොවී දෙදෙනාගේ ප්‍රධානත්වයෙන් තවත් සංස්කාරකවරු 11 දෙනෙකුගේ එකමුතුවෙන් පැවැත්වුනා. ඒ 1950 වූ ඔක්තෝම්බර් මස 26 වෙනි දිනයි. කතිකාවට සහභාගි වූ සංස්කාරකවරු වන්නේ ජෝර්ජ් ඒමී, ෆොල්ම බ්ලැංස්ටඩ්, ජේම්ස් ක්ලාර්ක්, ෆ්‍රෑන්ක් ග්‍රෝස්, රිචර්ඩ් හීයර්මන්ස්, විලියම් හෝන්බෙක්, ෆ්‍රෙඩ් නුඩ්ස්ටන්, විලියම් ලියෝන්, ෆ්‍රෙඩ්‍රික් ස්මිත්, රිචර්ඩ් වෑන් එඩ්ගාර් සහ හියු වීන් යන අයයි.
එසේ හමුවූ මේ අපූරු සංස්කාරක වරුන් එකතුව සිය ප්‍රථම ආරම්භක සාමාජික සැසිය 1950 නොවැම්බර් මස 28 වන දින පැවැත්වුවා, ඉන් පසුව නැවත නව සාමාජිකයින් බඳවා ගැනීමේ සැසියක් 1951 ජනවාරි මස 09 වෙනිදා පැවතුනු අතර එහිදී ඇමෙරිකානු සිනමා ක්ෂේත්‍රයේ ප්‍රධානතම සිනමා සංස්කාරක වරුන් 108ක් එහි සාමාජිකත්වය ලැබූ බව සඳහන්. එතෙක් හරි ආකාරයේ නමක් නොතිබූ මේ එකමුතුවට "American Cinema Editors" යන නම පටබැඳ එය "ACE" සංක්ෂිප්ත කරන්නේ සිනමා සංස්කාරක ඩෝන් හේස් ගේ යෝජනාවකට අනුවයි. [චිත්‍රපටවල සිය නම් දැමීමේදී සිය නමට අගින් උක්ත අක්ෂර ත්‍රිත්වය දැමීමෙන් තමා පිළිගත් සංස්කාරකවරයෙකු බවත් සිනමාව පිළිබඳ පෘථුල අත්දැකීම් වලින් පිරිපුන් චරිතයක් බවත් නොකියා පවසන්නට හැකි බවට ඔවුන් අතර මතයක් ගොඩ නැඟුනා.] එම වසරේම [1951දී] මැයි 29වන දින, අමෙරිකානු සිනමා සංස්කාරකවරුන්ගේ සංගමය ලාභ නොලබන ආයතනයක් බවට ඇමෙරිකාවේ කැලිෆෝර්නියානු ජනපද නීතිය විසින් පිළිගත්තා.
එකමුතුව පිහිටු වීමෙන් පසුව ඒසීඊ සාමාජිකයින් අනෙකුත් සිනමා ක්ෂේත්‍රයේ ප්‍රතිලාභිත පාර්ශව සමඟ සබඳතා ගොඩනඟාගෙන ඒ හරහා සිනමාවටත් මහජන ප්‍රජාව සිනමාව පිළිබඳව දැනුමින් සන්නද්ධ කරවීම ඇරඹුවා, එහි ප්‍රථිඵලයක් ලෙස ඒසීඊ වටමේසය "ACE Roundtable" ලෙස හඳුන්වන එම කතිකාවත තුලින් සිනමාවේ තුල පවතින ගැටළු සහ ඒවාට විසඳු සෙවීමේ කාර්යයට ප්‍රථම වරට මේ එකමුතුවේ අනුග්‍රහයෙන් පැවැත්වුනා. නිර්මාණශීලී එක්කාසුවක් තුලින් හොඳ චිත්‍රපටයක් යන මැයෙන් 1951 ජූනි 05 වැනි දින මැස්කර්ස් සමාජශාලාවේ දී ෆ්‍රෙඩ්‍රික් ස්මිත් ගේ ප්‍රධානත්වයෙන් පැවත්වූවා, මෙහි ගරු කථිකයින් ලෙස කටයුතු කලේ ඩෙල්මර් ඩේවිස්, සභාපති, ස්ක්‍රීන් අදියුරුවන්ගේ සංගමය; පෝල් ග්‍රෝසේ, සභාපති, කලා අදියුරුවන්ගේ සංගමය; විලියම් පේල්බර්ග්, සභාපති, ස්ක්‍රීන් නිෂ්පාදකයින්ගේ සංගමය; රොනල්ඩ් රේගන්, සභාපති, ස්ක්‍රීන් කලාකරුවන්ගේ සංගමය; රේ රෙනාහැන්, සභාපති, සිනමා යාන්ත්‍රිකයින්ගේ සංගමය සහ කාල් ටන්බර්ග්, සභාපති, සිනමා තිර රචකයින්ගේ සංගමය.
ඉන් පසුව එම වසරේදීම ජේම්ස් ඊ නිව්මන් විසින් ACE සංගමයේ අනුග්‍රහයෙන් විශ්වවිද්‍යාල වල සිනමා උපාධි දේශන සඳහා ACE සාමාජිකයින් ලබාදීමේ ක්‍රමවේදයක් ආරම්භ කලා. මේවන විට එම වැඩ සටහන හඳුන්වන්නේ ACE බාහිර සංස්කාරකයින්ගේ වැඩසටහන යන නමින්. මෙසේ ඉගැන්වීමට අමතරව ACE සාමාජිකයින් විසින් සංස්කරණය සම්බන්ධව චිත්‍රපට දෙකක් නිපදවූවා, "Basic Principle of filmEditing" සහ "Interpretations and Values of Film Editing" යන නම් වලින් හඳුන්වන මේ චිත්‍රපට මේ වන විටත් අධ්‍යාපන උපකාරක ලෙස සිනමා සිසුන් භාවිතා කරන බව සඳහන්.
ACE සංගමයේ නිල සඟරාව ලෙස සිනමා එඩිටර් "Cinemaeditor" යන නමින් යුතුව පිටු 4 සිට 8 අතර ඇති සීමිත සංස්කරණයක් ලෙසින් 1951 මැයි මස,එලි දැක්වූවා. පසුව කල දියුණු කිරීම් වලදී එය පිටු 40ක වර්ණිත සඟරාවක් ලෙසත් සීමිත සංස්කරණයක් ලෙස නොව සාමාජික මණ්ඩලයේ ලියාපදිංචි වූවන් හට සහ සිනමා වෘත්තිකයින්ට මේවන විටත් බෙදා හරිනවා.
![]() |
| Cinemaeditor Magazine |
ක්ෂේත්‍රයේ දස්කම් දක්වන සංස්කාරකවරුන්ට ගෞරව දක්වනු වස් ACE සම්මාන රාත්‍රිය ප්‍රථම වරට 1951 මාර්තු 14 වන, බෙවර්ලි හිල්ස් හෝටලයේදී පවත්වන ලදී. ජෝර්ජ් මර්ෆිගේ ප්‍රධානත්වයෙන් පවත්වන ලද මේ සම්මාන රාත්‍රියේ ප්‍රථම කතිකයා වූයේ ඩෝර් ශේරී නම් සංස්කාරකවරයායි. ෆ්‍රෑන්ක් කැප්‍රා ප්‍රදානය කල ඒ සම්මාන උළෙලේදී පැමිණි සිටියවුන්ව රසවත් කරන ලද්දීඅ ජෙරී ලෙවිස් සහ ඩීන් මාර්ටින් විසිනුයි. වර්තමානය වන විට හොඳම සංස්කරණයක උදේසා ඇකඩෙමි සම්මාන සඳහා වාර්ෂිකව තෝරගන්නා වූ නාමයෝජනා ලෙස ඉදිරිපත් කරන්නේ උක්ත ACE සම්මාන සඳහා ඉදිරිපත් වූ නාම යෝජනා බව ACE වෙබ් අඩෙවියේ සඳහන්, එලෙස සම්මාන ප්‍රදානය කිරීම ආරම්භ කලේ 1961 වසරේ සිටයි.
1962 දී ACE සමාජයේ තීරණයක් පරිදි එහි සම්මාන උළෙලේදී සම්මාන සඳහා නාමයෝජනා සඳහා තෝරාගන්නා නම් ලබාදෙනු ලබන්නේ ACE සාමාජිකයින්ගේ ඡන්දයෙන් තෙරුණු නාමයන් පමණයි. රූපවාහිනී සහ චිත්‍රපට ක්ෂේත්‍රයේ සංස්කරණයෙන් දස්කම් දක්වන ශිල්පීන් වෙත සම්මාන පලිහක් 1965 වසරේ සිට ප්‍රදානයක් අරන අතර එය හඳුන්වන්නේ එඩී ["Eddie"] අනුනාමයෙනුයි. ,ඒ පලිහ ප්‍රදානය කිරීම මේ වන විට ඇකඩමි සම්මාන ප්‍රදානයට , ඔස්කාර් සම්මාන උළෙල යැයි කියනා ලෙසින් ම ACE සම්මාන රාත්‍රිය හඳුන්වන්නේ එඩී සම්මාන රාත්‍රිය යන නමිනුයි. 1973 දී ප්‍රථම වරට ඇමෙරිකාව තුල සිනමා සංස්කරණය විශයයක් ලෙසින් හදාරන සිසුන් වෙනුවෙන් හොඳම සංස්කරණ සිසුවා වෙතට සම්මානයක් ප්‍රදානය කිරීම ආරම්භ කලා.
තොරතුරු මූලයන් : ACE website | Wikipedia
12 years a slave
![]() |
| Movie Release Date : 18th October 2013 |
![]() |
| Director Steeve McQueen with Michael Fassbbender [Master Epps] |
12 Years A Slave හී සාකච්ඡාවට බඳුන්වන්නේ සෝලමන් නෝතප් (Chiwetel Ejiofor) ගේ කතාන්තරයයි. නෝතප් කියන්නේ නිවු යෝර්ක් නුවර සරටෝගා හී ජීවත් වන නිදහස් මිනිසෙක්, ඔහු වීනා වාදනයට සහජ දස්කම් දැක්වූවෙක්. සුදු මිනිසුන්ගේ නිවාස සහ ප්‍රියෂම්භාශනයන්හී නෝතප් නොවරදින සාමාජිකයෙකු වන්නේ ඒ නිසයි. කෙසේ හෝ එක දිනෙක සොලමන් වෙත රැකියා යෝජනාවක් ලැබෙනවා, ඒ නම්, නගරයෙන් නගරයට ගමන් ගන්නා සර්කස් කණ්ඩායමක නිත්‍ය වීනා වාදකයා ලෙස සේවය කරන්නට, මෙසේ නෝතප් වෙත මේ යෝජනාව කරන්නේ සුදු මිනිසුන් දෙදෙනෙකු වන බ්‍රවුන් (Taran Killam) සහ හැමිල්ටන් (Scoot McNairy) විසින්. සුදු මිනිසුන් දෙදෙනාව විශ්වාස කරන නෝතප් විසින් ඔවුන් හා එක්වූවත් සුදු මිනිසුන් දෙදෙනා විසින් කරන්නේ නෝතප් ව කලු වහලෙකු ලෙස විකුණාදැමීමයි. එතැන් සිට දිග හැරෙන්නේ 12 වසක් පුරාවට දිවෙන නෝතප්ගේ වහල් සේවය තුල කරුණාවත් ස්වාමියෙකු වූ ෆෝර්ඩ් (Benedict Cumberbatch) ගේ සිට යක්ෂ වතු හිමිකරුවෙකු වන එප්ස් (Michael Fassbender) දක්වා දිවෙන නිදහසේ මිහිර සොයන ගමනයි.
12 Years A Slave යනු රසවත් ම චිත්‍රපටයක් නොවේ. ඒත් එය සුවබර කතාන්තරයක් ලෙස ප්‍රස්ථාර ගතවනු වලකන්නට බෑ. චිත්‍රපටය තුලදී ඔබට ඉතා දුක්බර දර්ශන නරඹන්නට වෙනවා පමණක් නොව, ඒවා බලන්නට පවා අසීරු වෙහෙසකර ඒවා ද වෙනවා. විටෙක ඔබව සමහර දර්ශන නිසා බියෙන් හැකිලෙනු නොඅනුමානයි. චිත්‍රපටයක් තුල රංගනයේ යෙදී සිටින්නන්ට බිය නැතිව අහංකාරව තමා මේ චරිතයට සාධාරණයක් ඉටු කල බව පෙන්වා දෙන්නට හැකි චිත්‍රපටයක් බව ගැටලුවකින් තොරව කියන්නට පුලුවන්, චිත්‍රපටයේ අදියුරු ස්ටීව් මැක්වීන් වෙත චිත්‍රපටය තුලින් තමා කියන්නටයන කතාවට නියම වටිනාකම ලැබී ඇති බව පෙන්වා දෙන්නට හැකියි. අග්‍රගන්‍ය වූ සුපිරිම දර්ශන වලින් යුක්ත මේ චිත්‍රපට වසරේ හොඳම චිත්‍රපටවලින් එකක් යැයි කියනු විනා වෙන කියන්නේ කුමක්ද?
![]() |
| Chiwetel Ejiofor starring as a Solomon Northup AKA Platt. |
![]() |
| Lupita Nyong'o with her Oscar for Best Supporting Actress |
![]() |
| Bass, Patsy, Solomon and Epps with Director Steeve McQueen |
![]() |
| Movie Inspired by The Book "12 Years a Slave" by Solomon Northu |
හැඟුම් බර චිත්‍රපටයක, සෑම චරිතයක්ම, සෑම දර්ශනයක් ම, සෑම අදියුරු පෙළහරක්ම පවසන්නේ එහි ඇති සංවේදී තාවයයි. එජයිඕෆෝ පමණක් නොව ෆස්බෙන්ඩර්, න්‍යොංගෝ මේ සියල්ලන් ම චිත්‍රපටයේ අද්විතීය බවේ කොටස් කරුවන්. හොඳම සහය නිළිය ලෙසත්, හොඳම චිත්‍රපටය ලෙසත් ඔස්කාර් සම්මාන ලබන්නත්, හොඳම නලුවාට නාමයෝජනා වන්නටත් සැලසීම තුලින් චිත්‍රපටය පිළිබඳව සෑහෙන අදහසක් ගන්නට අපහසු නැති බව මගේ අදහසයි.

හිතූ තරම් නොදැනුන Eat Pray Love
මම කියන චරිතය පදනම් වෙන්නේ කාරණා තුනක් මතයි.., රස කෑම, පොත්, සංචාර මේ තුන ගැන හිතේ මොන තරම් ආසාවක් තිබුනත් රසකෑම, පොත් සඳහා කාල වේලාව වෙන් කරන්නට ඉඩ තිවුනත්, සංචාර සඳහා නම් වෙන් කරන්නට කාලයක නොතිබුන තරම්. අත්හදාබැලීම්, සංකල්ප, ඒ මතින් වන ජීවිත හැඩ ගැස්වීම් වගේ දේවල් මගේ මනසට එකතු කරන්නේ හරිම පූර්වයක්. මගේ හොඳ හිත මිතුරන් දෙදෙනෙකු වන පැතුම් සහ බෝමන් එක්ක එකකට එකක් වෙනස් අවස්ථා දෙකකදී කතා කරමින් ඉඳීද්දී කියාපු දෙයක් තමා කෑම ගැන තියෙන ෆිල්ම්ස් බලනවා නම් උඹ අනිවාර්යයෙන් ම julie & julia සහ eat pray love කියන චිත්‍රපටි දෙක බලපන් කියන එක. මම julie & julia බැලුවා. මේ ලඟදී ආපහු පරන ෆිල්ම් ටික බලනකොට ආපහු මතක් උනා මම eat pray love බලලා නෑ නේද කියලා.., මේ කෙටි සටහන වෙන් වන්නේ ඒ මතක් වීම ආපහු අමතක නොවන්නට බ්ලොග් ගතවීම වෙනුවෙන්. :)
එලිසබෙත් ගිල්බර්ට් ගේ අලෙවි වාර්ථා තැබු මේ නිබන්දනය චිත්‍රපටයට නැගුණු විට එහි රඟපාන්නට යෙදුනේ ජුලීයා රොබර්ට්ස් [එලිසබෙත් ගිල්බර්ට්ගේ චරිතය "ලිස්"] ප්‍රධාන චරිතය ලෙසත්, ජේම්ස් ෆ්‍රැන්කෝ, වයෝලා ඩේවිස්, හ්වියෙර් බර්ඩෙම් සහ අති දක්ෂ අතිරේක රංග ශිල්පීන් කැලක් විසින්. චිත්‍රපටිය අධ්‍යක්ෂණය කලේ, සම තිර රචනය කලේ රයන් මර්ෆි විසිනුයි.
[ඔහු හා ජෙනිෆර් සෝල්ට් සමඟින් එක්ව ඇමෙරිකන් හොරර් ස්ටෝරි ටෙලි කතාවේ කථාංග ගණනාවක් රචනා කර ඇති බව එහි නම් පෙළ සැලකිල්ලෙන් බලා ඇතිනම් ඔබට වැටහේවි.]
සිය විවාහය තුල තමන් සිටින්නේ අසතුටින් බව පසක් කරගන්නා එලිසබෙත්, සිය වේදනා කාරී වූ දික්කසාදය සහ නැවත ඇති වන අස්ථීර සබඳතා පිළිබඳව වන කලකිරීම විසින් ඇයව සිය සිත සමනය කරගැනීම සඳහා සංචාරයේ යෙදීම කල යුතු බව කල්පනා කරනවා. වසරක කාලයක් ඇතුලත රෝමය, ඉන්දියාව සහ අවසානයේ බාලි දූපත් තුල ඈ විසින් අතීත දශක කිහිපය තුල තමන් හට අහිමි වූ තමන්ව සොයා ගන්නට දරන උත්සහය අප ඉදිරියේ තබන්නේ අති සුන්දර මතකයක්. එහෙත් චිත්‍රපටයක් ලෙස අපට අදියුරුවේ සහ අනෙකුත් අංශ වල පෙනෙන්නට ඇති වෙනස්කම් [අඩුපාඩු?] මේ සටහන තුල ලියා තබා හිත සමනය කරගන්නට මට අවැසියි.
එලිසබෙත් ගිල්බර්ට් ගේ අලෙවි වාර්ථා තැබු මේ නිබන්දනය චිත්‍රපටයට නැගුණු විට එහි රඟපාන්නට යෙදුනේ ජුලීයා රොබර්ට්ස් [එලිසබෙත් ගිල්බර්ට්ගේ චරිතය "ලිස්"] ප්‍රධාන චරිතය ලෙසත්, ජේම්ස් ෆ්‍රැන්කෝ, වයෝලා ඩේවිස්, හ්වියෙර් බර්ඩෙම් සහ අති දක්ෂ අතිරේක රංග ශිල්පීන් කැලක් විසින්. චිත්‍රපටිය අධ්‍යක්ෂණය කලේ, සම තිර රචනය කලේ රයන් මර්ෆි විසිනුයි.
[ඔහු හා ජෙනිෆර් සෝල්ට් සමඟින් එක්ව ඇමෙරිකන් හොරර් ස්ටෝරි ටෙලි කතාවේ කථාංග ගණනාවක් රචනා කර ඇති බව එහි නම් පෙළ සැලකිල්ලෙන් බලා ඇතිනම් ඔබට වැටහේවි.]
සිය විවාහය තුල තමන් සිටින්නේ අසතුටින් බව පසක් කරගන්නා එලිසබෙත්, සිය වේදනා කාරී වූ දික්කසාදය සහ නැවත ඇති වන අස්ථීර සබඳතා පිළිබඳව වන කලකිරීම විසින් ඇයව සිය සිත සමනය කරගැනීම සඳහා සංචාරයේ යෙදීම කල යුතු බව කල්පනා කරනවා. වසරක කාලයක් ඇතුලත රෝමය, ඉන්දියාව සහ අවසානයේ බාලි දූපත් තුල ඈ විසින් අතීත දශක කිහිපය තුල තමන් හට අහිමි වූ තමන්ව සොයා ගන්නට දරන උත්සහය අප ඉදිරියේ තබන්නේ අති සුන්දර මතකයක්. එහෙත් චිත්‍රපටයක් ලෙස අපට අදියුරුවේ සහ අනෙකුත් අංශ වල පෙනෙන්නට ඇති වෙනස්කම් [අඩුපාඩු?] මේ සටහන තුල ලියා තබා හිත සමනය කරගන්නට මට අවැසියි.
![]() |
| Liz in India |
නම සහ ප්‍රචාරණය තරමටම සහ පොතෙන් ලැබූ ජනතා ප්‍රසාදය චිත්‍රපටයට ලැබී නැති බවයි මගේ නම් අදහස. වෙනත් විදියකින් කියනවා නම් චිත්‍රපටය බලන්නට ගෙන ටික වෙලාවක් යනවිට මට සිතෙන්නට ගත්තේ මේක මම හිතුව තරමට ම නෑ නෙව කියලයි. ආදර්ශමත් සහ ජීවිතය ආලෝකමත් කරන තාලයේ චිත්‍රපටයක් කියා සිතුවත් සරළ විනෝදයක් සමඟ තුටු අවසානයකින් යුතු සාමාන්‍ය කතාන්තරයක් බවයි මගේ හැඟීම. කෙටියෙන් කියනවා නම් බලාපොරොත්තුවේ තරමට චිත්‍රපටය උස නෑ කියලයි මට හිතෙන්නේ.
නාට්‍යමය ස්වාභාවයක් සහිතව එළි දකින් මේ කතාව තුල කාලය කියන සාධකය අප වෙත උලුප්පා දක්වන්නට බල කරන්නේ නෑ.., එහෙම කියන්නට හේතුව වුනේ මම මේක බලනකෝ මට මේක 1990 දශකයටත් ඒ වාගේම වර්තමානයටත් ආදේශ කරන්න පුලුවන්. ඊට අමතරව අතීත මතකයන් නිසා පීඩාවට පත්ව හිඳින කාන්තාවක තමන් ලද අවස්ථාවලින් සතුට නම් සංකල්පය ආහාර, අධ්‍යාත්මික කැප කිරීම් සහ ආදරය තුලින් දිනා ගන්නට උත්සහ කිරීම් වගේ දේවල්, අපට දකින්නට වර්තමාන අප[මම] ජීවත්වන සමාජය [සාමාන්‍ය ලාංකික සමාජය] තුල සුලභ නැති වුවත් මේ චිත්‍රපටය බලත්දී මෙහෙම දේවලුත් වෙනවා ඇති තමා කියලා හිත සනසා ගන්න වෙනවා.
මේ චිත්‍රපටය තැනීමේදී සත්‍ය ජීවමාන චරිතයක ආදර්ශ තුලින් පබැඳුනු කතාවක නිසා එහි හැඟීම් දැනවීම් සහ ප්‍රධාන චරිතයේ හැසිරීම් වලදී සත්‍ය චරිතයේ තොරතුරු පාදක කරගන්නට උත්සහ දැරීම පිළිබඳව එකඟයි එහෙත් වෙනත් චිත්‍රපට වලදී අපි ජුලීයා රොබර්ට්ස් තුලින් දුටු රඟපෑම් නොවේ මෙහි ඇත්තේ. උණුසුම් තුටුපහටු හැඟීම් දැනවිය යුතු අවස්ථාවල රොබර්ට්ස් සිටින නිහඬ ආකාරය සහ විවාහය අත හැරෙමේ අවපීඩිතය ඕනෑවට වඩා පෙන්නුම් කිරීම තුලින් චිත්‍රපටයට හානියක් වූ බව මට හිතෙනවා. විශේෂයෙන් ම ප්‍රධාන චරිතය එසේ හැසිරෙන අවස්ථාවකදී.
නිදසුනක් ලෙස චිත්‍රපටයේ එක දර්ශනයක් තීබෙනවා ප්‍රශංසා කිරීමේ දිනයේ සංවිධානය කල දිවා අහාරයක දී එලිසබෙත් සියලු දෙනාට මේ සුන්දර අවස්ථාවේදී පැමීණ ඔවුන් හා එකතු වීම පිළිබඳව ප්‍රශංසා කරනවා, එනමුත් ඇය ඒ ප්‍රශංසාව කරන්නේ අවට සිටින සංවාදයේ යෙදී සිටින පෙම්වතුන් දෙස බලා චින්තාපරවයි.
සිනමාකරණය තුලද නේපල්ස්, ඉන්දියා තුල රූ ගත කරන ලද දර්ශන ඉතා සුන්දරව තිබුනත් ඒ සුන්දර බව බාලි වල කොටස් වලදීත් පෙන්නුම් කලා නම් අගේය කියන හැඟීම මට දැනුනා. ඒ කියන්නේ අර නේපල්ස් සහ ඉන්දියාවේ ඇති වර්ණවත් උණුසුම් බව බාලිවලදී නොමැති වීම තදින් දැනුනා. සමහර විට ලිස් ගේ ආදරය ශිශිරතාරක නින්දේ ඇති බව පෙන්වන්නට උවමනා වූවාද දන්නෑනේව. ඒත් ඒක එක එක්කෙනාට වෙනස් ඇති. අපි වගේ දුහුණන්ට එහෙම දැනුනට. හැබැයි එකක් ඒවා වූඩීගේ to rome with love චිත්‍රපටයට වඩා නම් අනර්ඝයි. ;)
අවංකවම එක දෙයක් කිවිය යුතු වෙනවා, ඔබ චිත්‍රපටයේ අතිරේක පෙදෙස් ගැන වද වෙන්නේ නැති නම් eat prey love යනු ඔබට හොඳින්ම රස විඳින්නට හැකි චිත්‍රපටයක්, ඒකේ දෙකක් නෑ. ප්‍රධාන චරිත අර විදියට හැසිරුනාට ඔබට හොඳ සුන්දර සහ අපූරු චරිත කිහිපයක් ම මෙහි දැකගන්නට පුලුවන්.., ෆෙලිපේ [හ්වියෙර් බෝර්ඩෙම්] රිචර්ඩ්[රිචර්ඩ් ජෙන්කින්ස්] සහ කෙටුට් ලියාර් [හදී සුබියන්තෝ]ඒ අතරින් මගේ වඩාත්ම සිත්ගත් චරිතයි.
Dolce Far Niente - කිසිවක නොයෙදීමේ මිහිරියාව

![]() |
| Help : Google |
ඌණ සාධකව සිනමා කරණයේ ගැටලු තිබ්බත් සංස්කෘතීන් වල වෙනස පෙන්වාදෙන ආකාරය අති ආකාර්ශනීය බව කිව යුතුමයි. නිදසුනක් ලෙස රෝමය හා බාලි අතර සංස්කෘතිකමය වෙනස, ඊට අමතරව ඉතාලියානුවන් අතර පවතින දොල්චෙ ෆර් නියන්තේ නැතිනම් කිසිත් නොකිරීමේ මිහිරියාව නැතිනම් අලසසුවය පිළිබඳව පවසන අවස්ථාවන් කතාවට නව අරුතක් ගෙන දෙන බව මට සිතෙනවා. සිතූ තරමට ප්‍රබෝධමත් නොවූවත්, විටෙක ඔබට එය ප්‍රීතිය දනවන්නක් විය හැකියි. ඒ සංවේදනාව දැනෙන්නට ඉඩ ඉතුරු වී ඇත්තේ තවමත් මා නොකියවූ ඒ එලිසබෙත්ගේ පොත තුලින් පමණයි., ඒ නිසා චිත්‍රපටය බලන්න..! හැකිනම් ඊට කලින් පොත කියවන්න..

සියලු රහස් හෙළි වූ කල සළුවෙන් පල කිම..?
යම් රටක රජය විසින් ජනතාව විසින් ලබාදුන් බලය ජනතාවට ම එරෙහිව අයුතු ලෙස භාවිතා කරන කල එය ඊට සම්බන්ධව සිටින්නන්ගේ පුද්ගලිකත්වයේ පාදමේ ලෙස ක්‍රියාත්මක වන්නට පටන් ගනී. ඇලෙක්ස් ගිබ්නේ ගේ නිර්මාණයක් වන "We Steal Secrets: The Story of WikiLeaks" අප වෙතට ඉදිරිපත් කරන්නේ ඒ අනිසි බල භාවිතයට තුඩු දෙන මහ මොළකරුවාගේ බල තන්හාවේ පරිමිතියයි. එහෙත් මේ චිත්‍රපටය ජූලියන් ඇසෑන්ජ් වෙත පක්ෂග්‍රාගී වී නොමැති තරමටම ඇසෑන්ජ් ව සමාන කර ඇත්තේ අදිසි දුෂ්ඨයෙකුගේ මානයටයි. එහෙත් වීරයෙකු නැති චිත්‍රපටයක් තුල වීරයෙකු විය යුත්තේ කවුරුන්දැයි අපට කල්පනා කරන්නට ඇලෙක්ස් ගේ මේ ආන්දෝලනයට තුඩු දෙන නිර්මාණය අප වෙතට බලකර සිටිනවා.
We Steal Secrets ආරම්භයට ප්‍රවේශය ගන්නේ නාසා ආයතනය වෙතට ගැලීලීයෝ යානාව අභ්‍යාවකාශගත කිරීම අතරතුර දී වූ හැකර් ප්‍රහාරයක් පිළිබඳව කියමිනුයි. උක්ත සිදුවීම සමහර විටෙක තරුණ ඇසේන්ජ්ගේ සම්බන්ධයක් ඇති/නොමැති වන්නට ඉඩ ඇතත්, එය උලුප්පා දක්වන්නේ හැකර් කණ්ඩායම, පෙනී සිටින්නේ ඕස්ට්‍රේලියානු රොක් ගායක කණ්ඩායමක ගීතයක් වන "You talk of times of peace for all, and then prepare for war." යන පාඨය සිය උදෘතය කරගනිමිනුයි. ඉන්පසුව මේ වේගී ප්‍රස්ථාවනාවට පසුව චිත්‍රපටය තුල සිය ප්‍රධාන සැලකිල්ල දක්වන්නේ විකීලීක්ස් හී ආරම්භය සහ අවසානය මෙන්ම ඇසෑන්ජ් ගේ ආරම්භය සහ අවසානය නිරූපනය කරමිනුයි.
"We Steal Secrets" තුල ඇසෑන්ජ් ගේ (මාධ්‍ය තුලින් අප දැක නොසිටි ආකාරයේ) අදහසක් නරඹන්නා වෙතට ලබා දෙන්නට උත්සහ කරනවා කීවොත් වැරදි නැහැ. එහිදී ඇසෑන්ජ් විසින් අඳුරේ දිදුලන සත්‍යයට ආලෝක කදම්බ ජනිත කරවන උත්තරීතර මානව ප්‍රේමීයාගේ රූපය නිරූපණය කරන බවක් පෙන්වා දුන්නත්, එහිදී සත්‍ය වශයෙන් ම සිදුවී ඇත්තේ අවට සැඟවී ඇති අදහස් සහ කාරණා සිය වාසියට හරවාගෙන එයට මනුෂ්‍යයාගේ තොරතුරු දැනගැනීමේ අයිතිය ලෙස නිර්වචන ගත කෙරීම මඟින් අවට අවධානය සහ සිය ක්‍රියාවන් වලින් කෝප ගැන්වෙන පාර්ශව විසින් ක්‍රියාවට නංවන කවරාකාරයේ ක්‍රියාවකින් වුව සිය ආරක්ෂාවට අගතියක් වන්නේයැයි කීමයි. උක්ත හේතුව නිසාම ඇසෑන්ජ් විසින් මේ චිත්‍රපටය සිය නාම සහ විකීලීක්ස් පිළිබඳව ලොව පුරා ඇති චිත්‍රය විනාශ කරන්නක් බවට චෝදනා කරන්නට පවා ක්‍රියා කලා.
මෙයට අමතර චිත්‍රපටය තුල ඇති ඇසෑන්ජ් වෙත ඇති ලිංගික අඩන්තේට්ටම් චෝදනාවන් පවා අධිකරණය තුල කතා බහට ලක්වෙන අවස්ථාවකදී මේ චිත්‍රපටය එළි දැකීම තවත් ආකාරයක් ආන්දෝලනය දේශපාලන ලෝකය තුල ඇති කලා.., ඇසෑන්ජ්ගේ පාර්ශවයේ නීතීඥයින් පෙන්වා දෙන්නේ සිය සේවාදායකයාට ඒ මඟින් අසාධාරණයක් සිදු කර ඇති බවයි.., නමුත් මේ වනවිට චිත්‍රපටය නිකුත්වී අවසානයි.
"We Steal Secrets" තුල ඇසෑන්ජ් ගේ (මාධ්‍ය තුලින් අප දැක නොසිටි ආකාරයේ) අදහසක් නරඹන්නා වෙතට ලබා දෙන්නට උත්සහ කරනවා කීවොත් වැරදි නැහැ. එහිදී ඇසෑන්ජ් විසින් අඳුරේ දිදුලන සත්‍යයට ආලෝක කදම්බ ජනිත කරවන උත්තරීතර මානව ප්‍රේමීයාගේ රූපය නිරූපණය කරන බවක් පෙන්වා දුන්නත්, එහිදී සත්‍ය වශයෙන් ම සිදුවී ඇත්තේ අවට සැඟවී ඇති අදහස් සහ කාරණා සිය වාසියට හරවාගෙන එයට මනුෂ්‍යයාගේ තොරතුරු දැනගැනීමේ අයිතිය ලෙස නිර්වචන ගත කෙරීම මඟින් අවට අවධානය සහ සිය ක්‍රියාවන් වලින් කෝප ගැන්වෙන පාර්ශව විසින් ක්‍රියාවට නංවන කවරාකාරයේ ක්‍රියාවකින් වුව සිය ආරක්ෂාවට අගතියක් වන්නේයැයි කීමයි. උක්ත හේතුව නිසාම ඇසෑන්ජ් විසින් මේ චිත්‍රපටය සිය නාම සහ විකීලීක්ස් පිළිබඳව ලොව පුරා ඇති චිත්‍රය විනාශ කරන්නක් බවට චෝදනා කරන්නට පවා ක්‍රියා කලා.
මෙයට අමතර චිත්‍රපටය තුල ඇති ඇසෑන්ජ් වෙත ඇති ලිංගික අඩන්තේට්ටම් චෝදනාවන් පවා අධිකරණය තුල කතා බහට ලක්වෙන අවස්ථාවකදී මේ චිත්‍රපටය එළි දැකීම තවත් ආකාරයක් ආන්දෝලනය දේශපාලන ලෝකය තුල ඇති කලා.., ඇසෑන්ජ්ගේ පාර්ශවයේ නීතීඥයින් පෙන්වා දෙන්නේ සිය සේවාදායකයාට ඒ මඟින් අසාධාරණයක් සිදු කර ඇති බවයි.., නමුත් මේ වනවිට චිත්‍රපටය නිකුත්වී අවසානයි.
| රූපයේ බොඳ කර ඇත්තේ ඇසෑන්ජ් අතින් අතවරයට ලක්වූ කාන්තාවන් දෙදෙනායි |
කෙසේ වුවත් මේ චිත්‍රපටය තුල නම්කිරීම තුල වන අසාර්ථක වීම් කිහිපයක් අපට හඳුනා ගන්නට පුලුවන් ඉන් එකක් තමයි, "we steal secrets" නමින් වූ නාමකරණ පිරියම මගින් චිත්‍රපටයේ ඇතුලාන්තය පිළිබඳව නිශ්චිත අදහස ගන්නට ප්‍රේක්ෂකයාට නුපුලුවන් වීම. ඒ වාගේම ඒ මඟින් කතාව සාධක මත පදනම් නොවී සමාජයේ පවතින කතාන්දර මතින් ගලායන්නක් බව පෙනීම ඒ අතරින් විශේෂ වනවා. කෙතරම් හොඳ චිත්‍රපටයක් වුවත් එහි නමින් ප්‍රේක්ෂකයා තුල සාධනීය චිත්‍රයක් මැවෙන්නේ නැතිනම් එහි ජනයාගේ ප්‍රියතාවය ලැබීම බිඳුවකින් හෝ ඌන වන බව නියතයක්.
චිත්‍රපටය තුලින් දායානුකම්පිතව බලනා එකම එක චරිතය ඔබ චිත්‍රපටය නරඹත්දී හඳුනා ගන්නට ලැබේවි. ඒ ඇසෑන්ජ් ගේ චරිතය හා සාමාන්තරව ම වාගේ දිවෙන චෙල්සියා එලිසබෙත් මෑනිං [පෙර බ්‍රැඩ්ලි එඩ්වර්ඩ් මෑනිං] නමැත්තියගේ [නැමැත්තිය ලෙස හඳුන්වන්නට හේතුව මේ සබැඳියෙන් දැනගත හැකිවේ] චරිතය. චිත්‍රපටය තුල චෙල්සියාව මවන්නේ රජයේ නීති පද්ධතිය සහ සිය හෘදය සාක්ෂිය තුල වූ නීති පද්ධතිය අතරට වී මානසිකව පීඩාවට පත්වන, සහ නිරතුරුවම තමා අයිති වන්නේ කුමන කුලකයකටදැයි නිරන්තරයෙන් කල්පනාවට භාජනය කල කෙනෙකු ලෙසට බවයි මගේ අදහස. නමුත් ඇත්ත වශයෙන්ම
තමා හමුදාවේ සිටිත්දී ඒ අතරම විකීලීක්ස් වෙත රහසිගත තොරතුරු නිකුත් කිරීම වැනි කාරනා උලුප්පා පෙන්වූවත් ඔහු රහස් හෙළිකරන්නෙකු සහ ද්‍රෝහියෙකු යන කැටගරි දෙක අතරම දෝලනය කර නරඹන්නාට ඒ පිළිබඳව තීරණය කරන්න ඉඩදීම චිත්‍රපටයේ විශේෂත්වයක්. නමුත් ඒ සමඟම අප දෙපාමුලට ඉදිරිපත් කරන ආණ්ඩුවක විනිවිද භාවය පිළිබඳව නැවත වරක් බලකරන්නේ තොරතුරු දැනගැනීමේ අයිතිය සහ සාපේක්ෂ සාධාරණය පිළිබඳ ඔබ සතුව ඇති නිගමනය පිළිබඳව නිදහසේ සිතන්නට ඉඩ ප්‍රස්ථා ඇතිකරමිනුයි.
| බ්‍රැඩ්ලි/චෙල්සියා මෑනිං ලිංග විපර්යාසයට බඳුන් වීමට පෙර හා පසු |
ඇලෙක්ස් ගිබ්නේ යනු ප්‍රතිභා පූර්ණ සිනමාකරුවෙක්, ඔහු සිය නිර්මාණය තුලදී වෙනත් වාර්ථාචිත්‍රපට වල පවතින වියලි ස්වභාවයට වඩා හෘදයාංගම බව වඩවන ආකාරයෙන් සිය පාදක චරිත හඳුන්වාදීම ඉතාම ප්‍රගතිශීලී ආකාරයෙන් පෙන්වාදෙන්නට පුලුවන්.., තොරතුරු වල සත්‍යභාවය පෙන්වන චිත්‍රපටයක් වුවත් එකම එකම කාරණා වටා බොහෝ වාරයක් කැරකීම නිසාවෙන් ඔහුට පෙන්වාදෙන්නට තිබූ කරුණු කාරණා බොහොමය අතහැරී ගිය වගයි මගේ අදහස. සියලු පාදක කාරණා වලට එකම බර නොතබා. වෙන වෙනම හඳුන්වාදීම් කර චිත්‍රපටය ගලන්නට ඉඩ දුන්නේ නම් එය සිනමාත්මක අතින් සාර්ථකවනවාට කිසිඳු සැකයක් නැති බවට මෙන්න කැට.

Blue Jasmine හෙවත් ඇලන් නිසා පලුදු වූ හිත සුවපත් කර ගැනීම.
![]() |
| Poster |
වූඩී ඇලන් නව චිත්‍රපටයක් සමඟින් නැවතත් අප අතරට පැමිණිලා.., වසර ගණනාවක යුරෝප නිවාඩුව නිමාකර නැවතත් එක්සත් ජනපදයේ සැන් ෆ්‍රැසිස්කෝවට ආවයි කියලා කියන්නට හේතුවුනේ නම් ඇලන් මෙයට පෙර අවස්ථාවල අධ්‍යක්ෂණය කල To Rome with Love, Midnight in Paris, You Will Meet a Tall Dark Stranger, සහ Vicky Cristina Barcelona යන සියලුම චිත්‍රපට සියල්ලටම පාහේ පාදකවී ඇත්තේ යුරෝපය වීම. ඊටත් අමතරව ඇලන්ගේ ප්‍රියතම රූගත කිරීමේ නගරය වූ නිව්යෝර්ක් නගරය සහ පෙර කියූ ආකාරයට සැන්ෆ්‍රැන්සිස්කෝව ද පාදක කරගෙන නිමැවී ඇති මේ චිත්‍රපටය නමින් Blue Jesmine.
හෂිත අයියා හදිසියේ දුන් යොමුවකින් බලන්නට සිත් වූ To Rome with Love නිසා ඇලන් පිළිබඳව වූ පලුදු වූ සිත, Blue Jesmine තුලින් සෑහෙන දුරකට සුවපත් කරගන්නට පුලුවන් කම ලැබෙනවා. මෙහෙම හේතු වන එක කාරණාවක් තමා ඇලන්ගේ චිත්‍රපට සැලකිල්ලෙන් බලනා කෙනෙකුට [මෙහෙම කිව්වට මමත් බලලා තියෙන්නේ චිත්‍රපටි කීපයයි ;)]ඔහු භාවිතා කරන සිනමා රීතින් සහ ඒවායේ කාලීනව වන දියුණුව කියන කාරණාව සහ චිත්‍රපටයේ ප්‍රධාන නිළි කේට් බ්ලැන්චෙට්ව හැසිරවීමෙන් ඇලන් ප්‍රකට කරන ප්‍රවීණත්වය කියන කාරණාවන්.
අවුරුදු ගණනාවකින් පසු[මටනම් LOTR වලින් පසු] කේට් දැනෙන්න රඟපෑව කියලා කියන්න පුලුවන් උනේ මේ Blue Jesmine චිත්‍රපටයේ තමා. මේකට හේතු වෙන්නේ ඇත්තේ ඇලන්ගේ තිරරචනා කිරීමේ සහ අධ්‍යක්ෂණය කිරීමේ හැකියාව වෙන්න ඇති කියලයි මට නම් හිතෙන්නේ. මොකද ඔහු සාමාන්‍යයෙන් වසරකට එක චිත්‍රපටය ගානේ පසුගිය දශක කිහිපයේම කල් ගෙව්වා කියන කාරණාව නිසා යම් නලුවෙකු හෝ නිළියකගෙන් සිය නිර්මාණයට අවශ්‍ය කුමනාකාරයක සවියක්ද කියන කාරණාව සොයාගනීම සඳහා වූ හැකියාව ඇලන් තුල නිසඟයෙන්ම පිහිටා ඇතැයි කියලා මම කල්පනා කරනවා. නිදසුනක් විදියට Blue Jesmine චිත්‍රපටයේ උනත් බ්ලැන්චෙට් රඟන චරිතයට ආවේනික වූ හඬක් අප නොදැනිම අපේ හිත් වලට දැනෙන්න ඉදීරිපත් කරන්න ඇලන් මේ චිත්‍රපටයෙන් දක්ෂ උනා කියලයි මට හිතෙන්නේ.
![]() |
| Ginger & Husband with Jasmine & Hal |
![]() |
| Jasmin [Cate Blanchett] |
කතාව වර්ථමානයෙන් ආරම්භ වුවත් වරින් වර කතාව අතීතය සිදුවීම හා සම්බන්ධ වන ආකාරය හරිම ඉතා සිත්ගන්නා සුලුයි. සිය සැමියාගේ වංචාසහගත සහ කාන්තාලොලී ක්‍රියාකලාපය නිසා මානසික බිඳවැටීමකට ලක්වන ජැස්මින් ගේ තත්ත්වය ඛේදනීය ආකාරයෙන් ඇලන් නරඹන්නා ඉදිරියේ තබනවා, ග්‍රොසරියක රැකියාව කරනා ජින්ජර් එනම් ජැස්මින්ගේ සොයුරිය හාද වී සිටින්නේ චිලී [බොබී කැනවේල්]නමැති කාර්මිකයෙකු සමඟිනුයි. ජැස්මින් විසින් ජින්ජර්ගේ නිවසට පැමිණීමත් සමඟම ජැස්මින්ගේ කුවේර අතීතය සහ වර්ථමාන දුඛාන්තය අතර නිරන්තරයෙන් නරඹන්නා දෝලනය කරන ආකාරය ඉතා විශිෂ්ඨ බව නම් කිවයුතුමයි. උසස් සමාජයේ කෙනෙකු තුලින් වසර කිහිපයකට කලින් තමා වින්දනය කල කුවේර ජීවිතය නැවතත් ලබාගන්නට ජැස්ම්න් දරණා වැරය පිටතින් බලනා විට විටෙක සිනහා උපදවන සුලු වුවත් කාන්තාවක් එවන් අවස්ථාවකදී කොතරම් අසරණ වනවාද, දෙවිය කෙනෙකුගේ ජීවිතය හා මොනතරම් දරුණු ආකාරයට කෙළිලනවාද කියන කාරණාව චිත්‍රපටය බලන කාලාන්තරය පුරාම මගේ හිතට වද දෙන්නට වූ සිතුවිල්ලක්.
එක් අයෙකු වටා ගොඩ නැගුණත්, විවිධ ධාරා අතර දෝලනය වන ගතිගුණ සංයුතියකින් යුතු වන ජැස්මින්ගේ චරිතය, තමා වටා ගැවසෙන චරිතවලට හඬක් දෙන්නට තරම් බලවත්ව ගොඩ නැගෙනා තරම්. අනෙක් අතට මම මෙතෙක් නරඹා තිබෙන ඇලන්ගේ චිත්‍රපටි කිහිපය තුලදී අපට බඩ අල්ලගෙන පුටුවලින් වැටී සිනාසෙන්නට හේතු ඇති නොකරන නමුත් පසෙකට වී නිස්කාංසුවේ සිනහා වන්නටත් එහෙමත් නැතිනම් අනුකම්පාව උපදවාගන්නටත් ඕනෑ තරම් හේතු උත්පාදනය කරනා බව කිව යුතුම දෙයක්. බ්ලැන්චෙට් විසින් රඟපාන ජැස්මින්ගේ චරිතය තුලත් මම ඉහත කියූ සංවේදනා ඔබ්බවා තීබෙන බව ඔබ Blue Jesmine නැරඹුවා නම් ඔබට දැනෙන බව මා එක හෙළාම කියනවා. මෙන්න මේ හේතුවම මා සිතනා ආකාරයට චිත්‍රපටයේ සාර්ථකත්වට සහ චිත්‍රපටයේ සරළවත් ඇතුලාන්තය බලන්නාට ගැඹුරිනුත් වින්දන කරවීමට මහඟු හේතුවක් ලෙස පෙන්වා දෙන්නට පුලුවන්.
![]() |
| Director Woody Allen with Alec Baldwin [Hal] |
ඇලන්ගේ විශේෂත්වය එයයි. අප ඇලන්ගේ සිනමා නිර්මාණ බලා සිනහාසෙන්නේ ඔහු ජීවිතය දෙස හෙළනා උපහාස සිනහාවක් ඇතුලින් බව අපට දැනෙන්න ගන්නකොට අප ඇලන්ගේ රසිකයින් වී අවසන්.
වුඩී ඇලන් යනු ලෝක සිනමාවේ ශානරයක් [genre] ලෙසින් සිනමා විචාරකයින් සහ රසිකයින් හඳුන්වන්නේ අන්න ඒ නිසයි.

රෝමය වෙත ආදරයෙන් වැරදි සෙවීම
![]() |
| Woody Allen - Director |
තිර රචකයා සහ අදියුරු විසින් කතන්දර කීමේ කිසිඳු ආකාරයක නීතියක් අනුගමනය නොකර සෑදූ [තැනූ] චිත්‍රපට කොතරම් ප්‍රමාණයක් ඔබ නරඹා ඇතිද? එසේත් නැතිනම් වෙනත් චිත්‍රපට වලින් නිරායාසයෙන් උකහා ගත් නමුදු කිසිවෙක් අවධානයක් යොමු නොකල කොටස් සහිත වූ චිත්‍රපටයක් නරඹා ඇතිද? ඔබේ පිළිතුර කුමක් වුවත් එහි අංකය වූඩි ඇලන් විසින් පසු කර ඇති බවට සැකයක් නැහැ. එහෙත් ලංකාවේ දකිනා ආකාරයට අමු අමුවේ කොපි කිරීමක් නොව ඉතා සෞම්‍ය ආකාරයෙන් එහි අදහස ගෙන සිය නිර්මාණයක එකතු කර ගන්නා ආකාරයක් නිසා නිතරම කාබන් කොපි නරඹන අපට එතරම් වෙනසක් දැනෙන්නේ ම නැති තරම්..,[කාබන් කොපි කතාව පිළිබඳව මම පසු පෝස්ටුවකින් පවසන්නම් :)] එහෙත් අප ඔබ වැනි චිත්‍රපටයක් නරඹා පසුව ඒ පිළිබඳ අන්තර්ජාලයේ පසු සෙවුමක් දමනා අයට නම් මේ වැනි වෙනසක් සඟවන්නට අපහසු වන අවස්ථා බොහොමයි. අදියුරුගේ නම ඇසූ පමණින් අපට මැවෙන්නේ විකට නළුවෙකු ප්‍රතිරූවක් වුවත් ඔහු ප්‍රවීණ චිත්‍රපට අදියුරුවෙකු ද වනවා. මා මේ කියන්නට යන චිත්‍රපටයේ නම "To Rome With Love". සමහර විට ඔබ මේ චිත්‍රපටය නරඹා ඇති, එය තිරගත වූයේ 2012 වසරේ නිසාවෙන්.
![]() |
| Movie poster |
ඉතාම සරළ ආකාරයෙන් කල්පනා කරන විට අපට ඉතා පහසුවෙන් මේ චිත්‍රපට්යේ හොඳ සහ නරක ගැන අවබෝධයක් ලබාගන්නට පුලුවන් වෙනවා.., ඒ පිළිබඳම මා කියන්නට සතුටු මෙන්න මේ ආකාරයටයි.
හොඳ : හාස්‍යජනක ජවනිකා වලින් පිරී තිබීම, අති සුන්දර ලෙස ප්‍රහසනය ඉදිරිපත් කිරීම, ජූඩි ඩේවිස් සහ ඇලෙක් බෝල්ඩ්වින් ගේ රඟපෑම්, වූඩි ඇලන් විසින් ඇලිසන් පිල්ගේ[හේලි,සංචාරක යුවතිය] පියා ලෙස රඟපෑම, වූඩි ඇලන් විසින් ඇලිසන්ගේ පියා ලෙස රඟපෑම මට දැනෙන්නේ සිය චිත්‍රපටය තුල තමන්ගේ සලකුණ තැබීමක් ලෙසයි, එහෙත් එය චිත්‍රපටය තුලදී අපට නොදැනෙන තරම්.
අහ් අමතක නොකල යුතුම දේ පෙනිලෝප් කෲස්ගේ ගවුම :P.
නරක : ඉතාම අසංවිධානාත්මක ලෙස ජවණිකා පෙලගැස්වීම, එකම විහිළුව කිහිප වාරයක් පෙන්වීම යනාදියයි.
චරිත සහ සිදුවීම් තුල පෙරළි [Twist] කිරීම සහ ඒවා විසඳෙන ආකාරය පිළිබඳව වෙනසක් දැනෙන අයුරින් අවසානයක් උදාකිරීමට ඇලන් මහතා කොතෙක් උත්සහ කලත් මට දැනෙන්නේ එය ඔහු හිතනා තරම් සඵල වූයේ නැති බවයි. එහෙත් එය චිත්‍රපටයේ ගලායාමට බාධාවක් කර නොගන්නට තරම් ඔහු සැලකිළිමත් වී තිබීම සැලකිල්ලට ගත යුත්තක්.
සමහර විටෙක අප මනස චරිත සමඟ පොරබදත්දී ඒ චරිත හරහා කාලය ගෙවී යාම සිදුවන්නේ කෙලෙසකදැයි විටෙක අපතුල පැනයක් නැගෙනවා, චිත්‍රපටය ආරම්භයේදීම සියලු කතන්දර වල ආරම්භය සිදු වුවත් ඒ ඒ කතන්දර හරහා කාලය ගෙවී යාම ගැන කල්පනා කරන විට අප මනස උභතෝකොටිකයකින් පෙලන්නට ගන්නේ අපත් නොදැනීමයි. උදාහරණයක් ලෙස අන්තෝනියෝ සහ මිලීගේ කතාව දිනයක් තුල විකාශනය වන ආකාරයක් දැනුවත් ජෝන් ෆෝයේ ගේ කතාව තුල ඒ විකාශනය දින ගණනාවක් තුල වනවා. සිනමාකරුවෙකු සිය නිර්මාණයේ විකාශය පිළිබඳ අවධානයක් යොමුකය යුතු වුවත් අවාසනාවට වූඩි ඒ ගැන සැලකිල්ලක් දක්වා නැති තරම්, සමහර වීට දශක 6ක් තිස්සේ චිත්‍රපට නිපදවූවෙකුගේ [1965-2014] මානසිකත්වය කෙසේදැයි අප දන්නේ කොහොමද නේද?
ශාන්ත(?) ජෝන්
ඇලෙක් බෝල්ඩ්වින් පෙනී හිඳින්නේ ජෝන් ෆෝයි නමැති අමෙරිකාවේ ජීවත්වන රෝමයට නිවාඩුවක් සඳහා පැමිණි ගෘහනිර්මාණ ශිල්පියෙකුගේ චරිතයක් සඳහායි.., එහෙත් මට සිතෙනා ආකාරයට නම් ජෝන් පෙනී හිඳින්නේ ජෝන් ළමාකල රෝමයේ ජීවත් වූ ගොඩ නැගිල්ලේම වෙසෙන වාස්තු විද්‍යා සිසුවෙකු වන ජැක් ගේ සාධු පස පෙන්වා දීම සඳහාම කියලයි. ජැක් ජීවත් වන්නේ ඔහුගේ පෙම්වතිය සැලී සමඟින්, කලකදී සැලීගේ හොඳම මිතුරියක් වන මොනිකා සිය ප්‍රේමයට තිත තබා රෝමයට එන්නේ සැලී හා ටික කලක් ජීවත් වීමටයි.., මෙතැනදී මොනිකා ගැන එතරම් තැකීමක් නොකල ජැක් පසුවදී මොනිකා හා ප්‍රේමයෙන්(?) වෙලෙනවා.., එහිදී ජැක් විසින් තබන්නට යන ඊළඟ පියවරේ ගුණ දොස් විචාරන්නා වන්නේ ජෝන්. සෑම පියවරක් අවසානයේදීම මොනිකා, සැලී සහ ජැක් ගේ සිත්හී යටිපෙළ සහ එහි ප්‍රතිවිපාක පෙන්වා දෙන්නේ ජැක්ගේ උරහිසේ නිතර වැඩ හිඳිනා අදිසි සුර දූතයා ජෝන් ලෙස දැනෙනා ආකාරයෙන්.
අහේතුක ප්‍රසිද්ධිය
රොබර්ටෝ බෙල්ජිනී රඟන්නේ ලියෝපොල්දෝ පැසනෙල්ලෝ නමැති මධ්‍යම පාංතික පුද්ගලයාගේ චරිතයයි.., එහෙත් එක් අවස්ථාවකදී ඔහුව කිසිමාකාරයක හේතුවක් නොදක්වා ජනප්‍රිය සංස්කෘතිය විසින් ඔසවාගෙන යන ආකාරයක් පෙන්වනවා, පැපරාසි උසිගැන්වීම්, චිත්‍රපටි මුහුරත් වලට සහභාගී වීම්, එහෙත් අවාසනාවකට මේ කිසිවක් නරඹන්නාට තෙරුම් ගන්නට වූඩී ඉඩහසර ලබාදෙන්නේ නැති තරම්. එකවරම මාධ්‍යවේදීන් විසින් වටකරගන්නා පැසොනෙල්ලෝ මහතා ඉන් ගැලවී පලායන අවස්ථා හත අටක් ම මේ චිත්‍රපටය තුල අන්තර්ගතයි, බලන්නා මුවගට සිනහවක් නැංවුවත් කල්පනා කර බලන විට මෙවැනි සිද්ධියක් වරකට වඩා ඔබ්බන්නේ ඇයි කියා ලැබෙන උත්තරය රික්තකයක් වන්නේ නිතැතින්.
ඇලෙක් බෝල්ඩ්වින් පෙනී හිඳින්නේ ජෝන් ෆෝයි නමැති අමෙරිකාවේ ජීවත්වන රෝමයට නිවාඩුවක් සඳහා පැමිණි ගෘහනිර්මාණ ශිල්පියෙකුගේ චරිතයක් සඳහායි.., එහෙත් මට සිතෙනා ආකාරයට නම් ජෝන් පෙනී හිඳින්නේ ජෝන් ළමාකල රෝමයේ ජීවත් වූ ගොඩ නැගිල්ලේම වෙසෙන වාස්තු විද්‍යා සිසුවෙකු වන ජැක් ගේ සාධු පස පෙන්වා දීම සඳහාම කියලයි. ජැක් ජීවත් වන්නේ ඔහුගේ පෙම්වතිය සැලී සමඟින්, කලකදී සැලීගේ හොඳම මිතුරියක් වන මොනිකා සිය ප්‍රේමයට තිත තබා රෝමයට එන්නේ සැලී හා ටික කලක් ජීවත් වීමටයි.., මෙතැනදී මොනිකා ගැන එතරම් තැකීමක් නොකල ජැක් පසුවදී මොනිකා හා ප්‍රේමයෙන්(?) වෙලෙනවා.., එහිදී ජැක් විසින් තබන්නට යන ඊළඟ පියවරේ ගුණ දොස් විචාරන්නා වන්නේ ජෝන්. සෑම පියවරක් අවසානයේදීම මොනිකා, සැලී සහ ජැක් ගේ සිත්හී යටිපෙළ සහ එහි ප්‍රතිවිපාක පෙන්වා දෙන්නේ ජැක්ගේ උරහිසේ නිතර වැඩ හිඳිනා අදිසි සුර දූතයා ජෝන් ලෙස දැනෙනා ආකාරයෙන්.
අහේතුක ප්‍රසිද්ධිය
රොබර්ටෝ බෙල්ජිනී රඟන්නේ ලියෝපොල්දෝ පැසනෙල්ලෝ නමැති මධ්‍යම පාංතික පුද්ගලයාගේ චරිතයයි.., එහෙත් එක් අවස්ථාවකදී ඔහුව කිසිමාකාරයක හේතුවක් නොදක්වා ජනප්‍රිය සංස්කෘතිය විසින් ඔසවාගෙන යන ආකාරයක් පෙන්වනවා, පැපරාසි උසිගැන්වීම්, චිත්‍රපටි මුහුරත් වලට සහභාගී වීම්, එහෙත් අවාසනාවකට මේ කිසිවක් නරඹන්නාට තෙරුම් ගන්නට වූඩී ඉඩහසර ලබාදෙන්නේ නැති තරම්. එකවරම මාධ්‍යවේදීන් විසින් වටකරගන්නා පැසොනෙල්ලෝ මහතා ඉන් ගැලවී පලායන අවස්ථා හත අටක් ම මේ චිත්‍රපටය තුල අන්තර්ගතයි, බලන්නා මුවගට සිනහවක් නැංවුවත් කල්පනා කර බලන විට මෙවැනි සිද්ධියක් වරකට වඩා ඔබ්බන්නේ ඇයි කියා ලැබෙන උත්තරය රික්තකයක් වන්නේ නිතැතින්.
චිත්‍රපටය බලා අවසාන වූ පසුව මට හිතුනේ අපි දෙස වූඩි ඇලන් බලා සිනහා වූවාට වඩා අප දෙස බලා වූඩි ඇලන් සිනාසුනා ද කියලයි :D :D
[ චිත්‍රපටය නරඹන්නේ නැතිව මේ සටහන කියෙව්වට මෙලෝ අල බෝලයක් තේරෙන්නේ නෑ, ඒ නිසා චිත්‍රපටය හැකිනම් බලන්න :) ]
උණුසුම් ආදරය නිල් පැහැති ද?
ධාවන කාලය පුරාවට ම ආදරය තැවරූ චිත්‍රපටයක් තුල ප්‍රේමාතුර වූවන් හට ඇස ගැටෙන සියල්ලම, ආදරයෙන් මත්ව ඇති ආකාරය ගැන කියන විට ආදරයට මුහුණු රැසක් ඇති බව අප ඇතුළු හදට රහසේ දැනෙන චිත්‍රපටයක්.. චිත්‍රපටයේ නම "Blue is the Warmest Color".
කතාව කෙටියෙන් කියන්නේ නම් මේ ආකාරයෙන්..
කතාව කෙටියෙන් කියන්නේ නම් මේ ආකාරයෙන්..
ඇඩෙල් යනු උසස් අධ්‍යාපනය ලබනා පාසලේ මිතුරියන් සිය පෙම්වතුන් පිළිබඳ ඕපාදූප කියනා ඒවා අසාසිටින ඒ වාගේම මිතුරියන් විසින් ඈ මනාප වූ පිරිමි මිතුරෙකු නුදුරේදීම හමුවන්න්ට බලාපොරොත්තුවන යුවතියකි. එක් දිනයක එක් වීථියක ගමන් කරනා අතරතුරදී ඈ පසුකර ගමන් කරනා නිල් හිසකේ වර්ණ ගැන්වූ තවත් යුවතියක ඇස ගැටෙනවා, ඇඩෙල් ඈ වෙත ආශක්ත වන්නේ නිරායාසයෙන්මයි. එහෙත් ඈ මනාප වූ තරුණයා අත හැරීම අඩෙල් හට දුශ්කර ක්‍රියාවක්, ප්‍රේමය සහ මෛථූන කටයුතු දක්වා ඔබ්බට ගිය සම්බන්ධයක් සිය පෙම්වතා හා තිබුණත් ඇඩෙල්ගේ සිත තුලින් හිසකේ නිල් පැහැති තරුණියගේ මතකය පහව යන්නේ නෑ. දිනක් සිය මිතුරෙකු හා ඇඩෙල් පුරුෂ සමරිසි සමාජ ශාලාවකට යනවා, ඉන්පසුව දෙදෙනා යන්නේ කාන්තා සමරිසි සමාජශාලාවක් වෙතටයි. පළමු වරට කාන්තාවකගේ බලපෑමකට ලක්වන ඈ මේ සමාජ ශාලාව තුල පෙර දිනකදී දුටු නිල් හිසකේ ඇති තරුණියද සිටිනවා දකිනවා. ඇඩෙල් වෙත කාන්තාවක කරන බලපෑම් දුටු ඇය ඊට මැදිහත්වී ඇඩෙල් ව බේරාගන්නේ ඇඩෙල් යනු සිය ඥාති සොයුරියක බව පවසමින්. ඉන් පසුව ඇඩෙල් මේ අපූරු නික් හිසකේ ඇති තරුණියගේ නම එමා බවත් ඈ උසස් අධ්‍යාපනය සඳහා චිත්‍රකලාව හදාරන්නියක බවත් දැනගන්නවා. දෙදෙනා එසැනින් මිතුරන් වීමත්, එකිනෙකා හා ගත කරන කාලය තුලිනුත් ඇඩෙල් විසින් සිය හදවත තුල එමා වෙත පවතින කැමැත්ත සැබෑ ලෙසම ප්‍රේමයක් ලෙස හඳුණා ගැනීමත් සමඟ ඇඩෙල් ගේ සමකාලීන මිතුරියන් විසින් ඈව කොන්කර මිතුරු සමාගමයෙන් ඉවත් කරන්නේ ඈ සමරිසි චරිතයක් ලෙසට හංවඩු ගසමිනු යි. මේ හේතුව නිසාත් එමා සමඟ යළි යළිත් බද්ධවන ඇඩෙල්, එක් දිනයක් සිය හදතුල එමා පිළිබඳ ව පවතින ප්‍රේමය ගැන පාපෝච්චාරණය කරනවා. මේ සිදුවීම ප්‍රේමයක සිට මෛථූන සබඳතාවක් තරමට ම දුර යනවා. නව පෙම්වතුන් දෙදෙනාව එමාගේ පවුලින් උණුසුම් ලෙස පිළිගත්තත්, ඇඩෙල් විසින් එමාව හඳුනවා දෙන්නේ තවත් එක මිතුරියක හැටියට පමණයි.
වසර කිහිපයක් ගත වුවත් මේ අපූරු යුවතියන් දෙපල සතුටින් ජීවිතය ගෙවනවා. ඇඩෙල් සිය උසස් අධ්‍යාපනය අවසාන කර මූලික පාසලක ගුරුවරියක ලෙස සේවය කරනවා. එහි දී තමා සමඟ සේවය කරන එක් තරුණ ගුරුවරයෙකු ඈ පිළිබඳව විශේෂ තාවක් දක්වන බව දැනගන්නවා. දිනෙක මේ ගුරුවරයා සමඟ එක්ව ආහාර ගැනීමකට ගිය බව දැන ගන්නා එමා විසින් ඇඩෙල්ව ඔවුන් දෙදෙනා ජීවත්වන නිවස්නයෙන් එළවන්න්ට තරම් දරුණුවනවා. කාලයකට පසුව ඇඩෙල්ට එමාව හමුවන්නේ අවන්හලකදියි, ඇඩෙල් තවමත් එමා සමඟ ආදරයෙන් බැඳී සිටියත්, එමා මේ වන විටත් තවත් සම්බන්ධයක් ගොඩ නඟාගෙන අවසානයි. එමා විසින් ඇඩෙල් වෙත තමා තවදුරටත් ඈ හට ආලය නොකරන බව කියා සිටියත් ඇඩෙල් ට ලෙහෙසියෙන් එමාව අමතක කරන්නට හැකියාවක් නෑ, එහෙත් තවත් දුරටත් එමාව තමන්ට අයිති නැති බව තේරුම් ගන්නා ඇඩෙල් ඈ පිළිබඳ මතකයත් සමඟ සිය ජීවිතය වෙතට ගමන් ගන්නේ එමා නැති හුදෙකලාව සමඟයි.
![]() |
| නිකුත් වූ දිනය : 2013 ඔක්තෝම්බර් 19 |
ආදරය විවිධ ස්වරූප ගැන කියැවෙන මේ සිනමා සිත්තම, ඉහත කියූ සියල්ලෙන්ම සජ්ජිත වන අතර, වරින් වර අප හදවත තුල අප විසින් තනා ගන්නා විවිධාකාරයේ මානයන්, අප විසින් ම බිඳවට්ටවා ගන්නට සලසමින් අප දෑස් අසල රඟ දෙන චිත්‍රපටයක්; එම නිසාවෙන් මේ චිත්‍රපටය බලන්නට ප්‍රථම ඔබ සිහියට නගා ගතයුතු එක් ප්‍රධානතම කාරණාවක් නම්, මෙය ප්‍රංශ චිත්‍රපටයක් බවයි. කිසිවක් සිදු නොවන, ඔහේ ගලායන, වාහන අනතුරු නැති, මහා පිපිරීම් නැති, නින්ජා සටන් නැති සුන්දර ලියන් හා බැඳි නොසිතන බලාපොරොත්තු නොවන ආකාරයේ අවසානයන් වලින් තොර චිත්‍රපට බවයි. එහෙත් ඒ කිසිවක් නැතත් මෙය ආදරයෙන් නෙක ආකාර කාමරාගයන් ගෙන් පූර්ව ලෙස සජ්ජිතයි.
දෙවනුව ඔබ සිහි දරාගතයුත්ත නම් නොසලකා හැරිය නොහැකි තරම් බහුලව ගලා යන එක සමාන දර්ශන වලින් යුතු මසැසට හිරිහැරයක් සහිත වූ ප්‍රධාන නිළියන් දෙදෙනා, අධ්‍යක්ෂක සහ ග්‍රාෆික නවකතා රචකයා අතර ඇති අපූර්ව ඝට්ටනයයි. එහෙත් චිත්‍රපටයේ පැවැත්ම සහ ඒ තුල ඇති සිදුවීම වල පවතින නැසීම් සහ පිබිදීම් වල පවතින අනන්‍යතාවන් දකින්නට අපව බලහත්කාර කරවන සාධකයත් උක්ත සිදුවීම ම තමයි. ස්පර්ශිත ප්‍රේමයන්, හමුවීම්, එක්ව ආහාර ගැනීම් සහ යහන්ගතවීම් වලින් පිරුණු මේ සිත්තමේ ඒ හැර අපට වෙන බලාපොරොත්තු විය හැක්කේ කුමක් ද?
මේ සටහන කියවාගෙන යත්දී ඔබට "මේ ෆිල්ම් එක හොඳද ඕයි" කියා සිතෙන්නට පුලුවන්.., එහෙත් එය නෙවෙයි ඔබ සත්‍ය වශයෙන් ම ඇසිය යුත්තේ.., ඔබ විමසිය යුත්තේ "සත්‍යවශයෙන් ම ඔබව මේ චිත්‍රපටය විසින් පිනවන ලද්දේද?" යන ප්‍රශ්නයයි. අවාසනාවට මේ චිත්‍රපටය සම්බන්ධයෙන් උක්ත ප්‍රශ්නයට පිළිතුරක් තවමත් මා සතුව නැහැ.
අප අවට ලෝකය තුල මේ ආකාරයේ අයාලේ ලියැවි ප්‍රේම රචනා කොතෙක් තිබුණත් සාම්ප්‍රදායික වික්ටෝරියානු මානසිකත්වයෙන් හෙබි සමාජයක ජීවත් වීම පාපය වින්දනය කරනා නිසාවෙන්, කාන්තාවන් දෙදෙනෙකු අතර ඇතිවන "සුන්දර" ප්‍රේම කාව්‍යයක සුව දැනෙන්නේ නැතිවීමත් එහෙම වෙන්නට එක හේතුවක් වන්නට ඇති බව මට විටෙක සිතෙන්නට ගන්නවා. එනමුත් මෙහි ඇති අපූර්ව ගුණය නම්, චිත්‍රපටයේ කථානායිකාවන් දෙදෙනා වන ඇඩෙල් සහ නිල් හිසක සහිත වූ එමා අතර ඇතිවන සබඳතාව තුල "සමහර" පෙම්කතාවල ඇති නොගැලපෙන පෙම්වතා සහ පෙම්වතියගේ ආල කතා වලට වඩා සහස් ගුණයක් ජීවයෙන් පිරුණු, නරඹන්නාගේ සියලු සංවේදනා විසින් කතාව තුලටම කාවද්දාගන්නට තරම් සමත් වන අදියුරුව සහ කැමරාකරණය තුලින් අපව ඒ තුල [කතාව මත] රඳවාගන්නා ආකාරයයි.
චිත්‍රපටය තුල බහුල වන සංඛේතයක් වන ආහාර ගැනීම් වලින් පෙන්වන්නට උත්සාහ කරන්නේ ඇඩෙල් තුල වල ලිංගික හාමත්භාවය, එසේත් නොමැති නම් කාමයේ ගින්න දැයි විටෙක සිතෙනවා; එමෙන්ම ඈ[ඇඩෙල්] විසින් තරුණයින්ගේ සිට තරුණ කතුන් දක්වා ආශක්තවීම තුල ඈ විසින් ඈ හට අහිමි වූ; එහෙත් නෙක ආකාරයෙන් සොයමින් යන ඒ අදිසි තෘප්ත භාවය පුරවා ගන්නට ඇඩෙල් තුල පවතින ගින්න දැයි අප තුල ගැහැටක් රහසින් මතුකරවයි.
ඊට අමතර ව චිත්‍රපටය තුල බහුල වූ කාමුක දර්ශන වෙත නරඹන්නා තුල ඇතිවන අභිරුචිය ගැන සඳහන් කරනවා නම්, එය සාමාන්‍ය ඇමෙරිකානු කාමුක දර්ශනයකින් ක්‍රියාවලියකින් දුරස්ථයි. මෛථූන ක්‍රියාවලියක අපුල පෙන්වනවාට වඩා ආදරය පිළිබඳ තියුණු මතකයන් අප හද සම්මුඛ කරවන්නට අදියුරු චිත්‍රපටය මෙහෙයවන ආකාරය ඉතා ඉහළයි. රේඛීය ආකාරයකට දැනෙන දර්ශනයකට [සාම්ප්‍රදායක කාමදර්ශනයකට] වඩා ඒ තුල මැවී ඇත්තා වූ මෘදු ජෑස් සංගීතාවක මත ඇඳී ආල රැඟුමක් ලෙසින් අර්ථ ගන්වන්නට හැකිනම් එය මා මේ කෙටි සටහන ලියත්දී උක්ත චිත්‍රපටයට කල සාධාරණයක් ලෙස ගිණිය හැකියි.
චිත්‍රපටය තුල ගලායන කාමරසය හැරුණු විට, චිත්‍රපටයේ ජීවත් වීම සඳහා කාලය යන නිමිත්ත ඉතා වැදගත් තැනක් උසුලනවා. ආරම්භයේ සිට දර්ශන මාරුවිම තුල පවතින ප්‍රධාන සම්බන්ධය වූ ඇඩෙල් සහ එමාගේ ප්‍රේමය(?) තුල පවා කාලය ඉතා මූලික නිමිත්තක්.., එය අපට වදනකින් වත් නොහඟුනත් බාහිර සාධක වල වෙනස්වීම ඒ පිළිබඳව අපට නිහඬව කියනවා. ඇඩෙල් විසින් සිය යොවුන් කාලයේ සිට ගෙවීයන කාලය දක්වාම කාලය නම් සාධක භාවිතා වන බව පෙන්වන්නේ කොණ්ඩාමෝස්තර වල වෙනස් වීම තුලින් පමණයි. එහෙත් එමා චිත්‍රපටය මුලදී නීලවර්ණිත කේශකලාපික අකීකරුවෙකු ආකාරයෙන් සිටියත් චිත්‍රපටය අවසානයේදී ඈ පෙනී සිටින්නේ තරුණ ජොන් බොන් ජෝවිගේ කෙශකලාපයේ අනුරුවක ලෙසටයි.
කිසිවක් නොවන තැන කිසිවක් ම, වන ආකාරයේ ප්‍රේමණීය ගමනක් මවනා අපූර්ව චිත්‍රපටියක් බලා අවසාන කලා යැයි සිතා සිත සැහැල්ලු කරගන්නට හැකි චිත්‍රපටයකි “Blue Is the Warmest Color” බහුල වූ ලිංගික එක්වීමේ දර්ශන වලින් පමණන් නොසෑහී එමා සහ ඇඩෙල් ගේ ප්‍රේමයේ ඇතුල් වත කියවන්නට අපට හැකි නම්, චිත්‍රපටයේ අදියුරුගේ කාරණාව බුදුවන බව නොකියාම බැරි කාරණාවක්.

Blue Is the Warmest Colour චිත්‍රපටය පිළිබඳව එහි නිමැවුම්කරු Abdellatif Kechiche සමග කළ කතාබහ.
Blue Is the Warmest Colour චිත්‍රපටය පිළිබඳව එහි නිමැවුම්කරු Abdellatif Kechiche සමග කළ කතාබහ.
The Stoning of Soraya M.
| චිත්‍රපටයේ පෝස්ටරය |
ද ස්ටෝනින් ඔෆ් සොරායා එම්. යනු ප්‍රංශ-ඉරානියානු මාධ්‍යවේදියෙක් වූ ෆ්‍රේඩෝනි සෙහෙබ්ම් විසින් 1990දී සත්‍ය සිදුවීමක් පාදක කරගෙන ලියන්නට යෙදුනු "La Femme Lapidée" නම් පොත අනුසාරයෙන් තැනුනු චිත්‍රපටයක්. චිත්‍රපටය ආරම්භ වන්නේ තරුණ මාධ්‍යවේදියෙකු වන ෆ්‍රේඩෝනි සෙහෙබ්ම් සතු මෝටර් රථය ක්‍රියාවිරහිත වී, එය නැවත පණ ගන්වා ගන්නට හෂීම් නැමැති ග්‍රාමීය කාර්මිකයාගෙන් උදවු ලබාගන්නා දර්ශනයකින්, මෝටර් රථයේ දෝශය නිරාකරණය කරනා තුරු අසල සිටින ෆ්‍රෙඩෝනි හට සොරායාගේ නැන්දනිය වන සහ්‍රා ව හමුවනවා. කථාව අප ඉදිරියේ දිග හැරෙන්නට පටන් ගන්නේ සහ්‍රාගේ මුවින් සොරායාගේ දීර්ඝ කාලීන දුක්බර අතීතය නැවත මතක් කිරීමක ආකාරයටයි.
"අලී" [සොරායාගේ සැමියා] සොරායා හට ද්‍රෝහෝයි කම් කරනා බව දැනගත්දා සිට සහ්‍රා විසින් සිය ලේළිය ව රකින්නට සහ මානසිකව ශක්තිමත් වන්නට පිහිට වනවා, එසේ අලී විසින් සෝරායා හට ද්‍රෝහෝයි කම් කරන්නේ දාහතර හැවිරිදි බාලවයස්කාර දැරියක සරණපාවා ගැනීමට ඇති උවමනාව පුරවා ගන්නට ඇති අවැසි බව නිසා යි. අලී හට සොරායාව දික්කසාද කරන්නට උවමනා වුවත් එසේ කරන්නට දුශ්කර වන්නේ, සොරායා විසින් සිය දරුවන්ගේ සුභසාධනය අලීගේ මේ අත්තනෝමතික ක්‍රියාකලාපය හේතුවෙන් ඊට හානි පැමිණෙන නිසා මේ දික්කසාදය දීමට අකමැති වීම නිසායි. ඒ අතර දී සොරායාගේ මිතුරියක වන මෙහ්‍රිගේ මියයාම නිසා ඇයගේ සැමියා හෂීම් සහ එකම පුතු මොෂේන් අසරණ වනවා.
සොරායාගේ ගමේ පුරුෂාධිකරණය සහ සොරායාගේ සැමියා වන අලී විසින් හශීම් වෙත උදවු පදවු කිරීමට අවසරය දෙනවා, අදාල ගිවිසුමේ ආකාරයට හෂීම් විසින් සොරායාගේ සේවාව සඳහා කුලියක් සොරායාගේ නැන්දනිය වන සහ්‍රා හට ගෙවිය යුතු බවට දෙන පොරොන්තුවක් මතක්. එසේ සොරායාගේ සේවය හෂීම් වෙත දුන්නත් අලී විසින් ඒ අවසරය දෙන්නේ තවත් රහස් අරමුණක් ඉටුකරගන්නට බව අසරණ සොරායා දන්නේ නෑ, ඒ හෂීම් සහ සොරායා අතර අනිසි සබඳතාවක් ඇති බවට චෝදනාවක් කිරීමේ අරමුණයි. උක්ත චෝදනාවට සාක්ෂිවන කිසිදු ආකාරයක මූලයක් අලී අත නැති වුව, සොරායාගේ ග්‍රාමයේ අධ්‍යාත්මික නායකයා වන මුල්ලා හසන් විසින් අලී හට සොරායාගෙන් නිදහස් වී දික්කසාදය ගන්නට අලී හට උදවු කරනවා.
මූලිකවම චිත්‍රපටය පාදක වන්නේ කුමන්ත්‍රණ සහ අපරාධ නිසා නිර්දෝශී සොරායා සහ ඇගේ නැන්දනිය සහ්‍රා විසින් ශාරියා නෛතික පරිසරයකදී [පිරිමියාගේ නිර්දෝශීබව ඔප්පු කරන්නට ඔහුගේ පාර්ශවයට නිදහසට කාරණා හෝ සාක්ෂි අවැසි නැත, ඔහු පිරිමියෙකු වීම ම ප්‍රමාණවත් ය. එහෙත් කාන්තාවක සම්බන්ධයෙන් වන්නේ එහි විලෝමයයි] ඇගේ නිර්දෝශීභාවය ඔප්පු කරන්නට දරණ නෙක තැත් ගැන විස්තර කෙරුමටයි. අලී සහ ගමේ මුල්ලා වරයා වන හසන් විසින් හෂීම් වෙත තර්ජන සහ බලහත්කාරකම් කරන්නේ අධිකරණය ඉදිරියේ සොරායාගේ වරද ඔප්පු කර ඈ හට ගල්ගසා මැරීමේ දඬුවම ක්‍රියාත්මක කරවීමටයි.
"අලී" [සොරායාගේ සැමියා] සොරායා හට ද්‍රෝහෝයි කම් කරනා බව දැනගත්දා සිට සහ්‍රා විසින් සිය ලේළිය ව රකින්නට සහ මානසිකව ශක්තිමත් වන්නට පිහිට වනවා, එසේ අලී විසින් සෝරායා හට ද්‍රෝහෝයි කම් කරන්නේ දාහතර හැවිරිදි බාලවයස්කාර දැරියක සරණපාවා ගැනීමට ඇති උවමනාව පුරවා ගන්නට ඇති අවැසි බව නිසා යි. අලී හට සොරායාව දික්කසාද කරන්නට උවමනා වුවත් එසේ කරන්නට දුශ්කර වන්නේ, සොරායා විසින් සිය දරුවන්ගේ සුභසාධනය අලීගේ මේ අත්තනෝමතික ක්‍රියාකලාපය හේතුවෙන් ඊට හානි පැමිණෙන නිසා මේ දික්කසාදය දීමට අකමැති වීම නිසායි. ඒ අතර දී සොරායාගේ මිතුරියක වන මෙහ්‍රිගේ මියයාම නිසා ඇයගේ සැමියා හෂීම් සහ එකම පුතු මොෂේන් අසරණ වනවා.
| එකම පිළිසරණ [සොරායා සිය නැන්දනිය සහ්‍රා සමඟ] |
මූලිකවම චිත්‍රපටය පාදක වන්නේ කුමන්ත්‍රණ සහ අපරාධ නිසා නිර්දෝශී සොරායා සහ ඇගේ නැන්දනිය සහ්‍රා විසින් ශාරියා නෛතික පරිසරයකදී [පිරිමියාගේ නිර්දෝශීබව ඔප්පු කරන්නට ඔහුගේ පාර්ශවයට නිදහසට කාරණා හෝ සාක්ෂි අවැසි නැත, ඔහු පිරිමියෙකු වීම ම ප්‍රමාණවත් ය. එහෙත් කාන්තාවක සම්බන්ධයෙන් වන්නේ එහි විලෝමයයි] ඇගේ නිර්දෝශීභාවය ඔප්පු කරන්නට දරණ නෙක තැත් ගැන විස්තර කෙරුමටයි. අලී සහ ගමේ මුල්ලා වරයා වන හසන් විසින් හෂීම් වෙත තර්ජන සහ බලහත්කාරකම් කරන්නේ අධිකරණය ඉදිරියේ සොරායාගේ වරද ඔප්පු කර ඈ හට ගල්ගසා මැරීමේ දඬුවම ක්‍රියාත්මක කරවීමටයි.
| පවුකාරයින් විසින් ගල් ගැසීම |
සාමාන්‍ය චිත්‍රපටයක දැකිය නොහැකි තරම් තාත්ත්වික රඟපෑම් විලාසය ඉස්මතුවන ස්ටෝනින් සොරායා චිත්‍රපටයේ තුල, වෙන චිත්‍රපට වල මෙන් අපට චරිතය අභිහවා නළුවා හෝ නිළිය අභිහවා යන අවස්ථා දැකිය නොහැකි තරම්. මෙයට වසර කිහිපයකට පෙර ඔස්කාර් සම්මානය සඳහා නිර්දේශිත නිළියක වන ශෝරේ අෂ්ලෝ විසින් සොරායාගේ නැන්දනිය සහ්‍රාගේ චරිතයට පණ පොවනාතර අමෙරිකානු ජාතික යුවතියක වන මොෂාන් මානෝ විසින් සොරායා ලෙසත් අලී ලෙස නවීඩ් නඝාබන් විසිනුත් චරිත නිරූපණය කරනවා.
Closed Circuit
නීතිය යනු රටක ස්වෛරීභාවය, සාමය රකින හර පද්ධතියට කියන තවත් නමක් නම්, නීතියේ හිඩැස් අතරින් රිංගන්නට හදන අය ගැන කියන්නේ මොනවාද? තවත් ආකාරයකින් කියනවා නම් ඔබගේ වටාපිටාවේ සිටින කිසිවෙකු ඔබට හිතෛශී නොවන නමුත් ඔබ කරන කියනාදේ ඔවුන් එසැනින් දැනුවත් වේනම්, ඔබගේ අනුදැනුමින් තොරව ඔබ ගන්නා සියලු ක්‍රියාකාරකම් වල දිශානිතිය වෙනස් කරන අදිසි බලවේග ක්‍රියාත්මක වේනම්, එවැනි බලවේග ඔබ හිතෛශීන් හා රහසේ සබඳතා පවත්වාගෙන ඔබේ සියලු ක්‍රියාකාරකම් ඔබේ දැනුමින් තොරව පරික්ෂාවේ නම්, ඔබ ජීවිතය කුමනාකාරයක පරිවර්ථනයකට පත් වේද?
වසර කීපයකට පෙර ලන්ඩනයේ බොරෝ වෙළඳපොල [Borough Market] තුල පුපුරාගිය බෝම්බයක පිළිබඳ සිදුවීමක් කේන්ද්‍ර කරගෙන නිපදවෙන සිනමා නිර්මාණයක් වූ the closed circuit චිත්‍රපටය නැරඹුවෝතින් ඉහත කියන්නට යෙදුනු ආකාරයේ නොසන්සුන් භාවයක් ඔබ තුලත් ඇතිවනවා නිසැකයි. තෙවන පාර්ෂවයකට චෝදනා කිරීම සඳහා ප්‍රධාන පාර්ෂවය විසින් කරන්නට යෙදෙන ක්‍රියාකාර කමක් නිසා, අවශේෂ ජීවිත ගණනක් විනාශ වන ආකාරය, නීතියට අභියෝගයක් වන සියලුම සාධක නීතිය මඟින් ම විනාශ කරන ආකාරය තුල අප සමාජය තුල හුදෙකලා වී ඇති බව අපට ඒත්තු ගන්වන ආකාරයේ චිත්‍රපටයක්. බැරිස්ටර් වරයෙකු ලෙස මාර්ටින් රෝස් නමැති චරිතය විකාශය කරන එරික් බානා ගේ රඟපෑම් වල පවතින [මට අනුව] සුපුරුදු නිහඬ සහ හැඟීම් වල පවතින [ඇල්මැරුණු?] සංවාදාත්මක ස්වරූපය මේ චිත්‍රපටයේදී අපට දැකගන්නට පුලුවන්. ඊට අමතරව මාර්ටින්ගේ අතීත පෙම්වතිය සහ වර්ථමානයේ මාර්ටින්ට එදිරි පාර්ෂවයේ නීතීඥවරිය වැඩ භාරගන්නා ක්ලෝඩියා සිමොන්ස්-හොවී ලෙස රෙබෙකා හෝල් ද සිය චරිතයට දායකත්වය සහ සාධාරණත්වය සපයන්නේ 100% ප්‍රතිශතයකින් බව කිවයුතුම කාරණාවක්..,
ප්‍රේම සබඳතාවක් දෙදෙරාගිය පසු ආදාල චරිත දෙක නෛතික ව එකට කටයුතු කරන්නට සැරසෙන විට නීතිය තුලින් ඊට එන අදිසි විරෝධතා සහ විශ්වාසය කඩවීම් පිළිබඳව දෙදෙනෙකු තුල එවැනි පරිසරයකදී නිරුත්සාහකව නැගෙන බිය සාංකාව ඔබට මේ චිත්‍රපටය තුලින් අපූරුවට අත් විඳින්නට පුලුවන්..
වසර කීපයකට පෙර ලන්ඩනයේ බොරෝ වෙළඳපොල [Borough Market] තුල පුපුරාගිය බෝම්බයක පිළිබඳ සිදුවීමක් කේන්ද්‍ර කරගෙන නිපදවෙන සිනමා නිර්මාණයක් වූ the closed circuit චිත්‍රපටය නැරඹුවෝතින් ඉහත කියන්නට යෙදුනු ආකාරයේ නොසන්සුන් භාවයක් ඔබ තුලත් ඇතිවනවා නිසැකයි. තෙවන පාර්ෂවයකට චෝදනා කිරීම සඳහා ප්‍රධාන පාර්ෂවය විසින් කරන්නට යෙදෙන ක්‍රියාකාර කමක් නිසා, අවශේෂ ජීවිත ගණනක් විනාශ වන ආකාරය, නීතියට අභියෝගයක් වන සියලුම සාධක නීතිය මඟින් ම විනාශ කරන ආකාරය තුල අප සමාජය තුල හුදෙකලා වී ඇති බව අපට ඒත්තු ගන්වන ආකාරයේ චිත්‍රපටයක්. බැරිස්ටර් වරයෙකු ලෙස මාර්ටින් රෝස් නමැති චරිතය විකාශය කරන එරික් බානා ගේ රඟපෑම් වල පවතින [මට අනුව] සුපුරුදු නිහඬ සහ හැඟීම් වල පවතින [ඇල්මැරුණු?] සංවාදාත්මක ස්වරූපය මේ චිත්‍රපටයේදී අපට දැකගන්නට පුලුවන්. ඊට අමතරව මාර්ටින්ගේ අතීත පෙම්වතිය සහ වර්ථමානයේ මාර්ටින්ට එදිරි පාර්ෂවයේ නීතීඥවරිය වැඩ භාරගන්නා ක්ලෝඩියා සිමොන්ස්-හොවී ලෙස රෙබෙකා හෝල් ද සිය චරිතයට දායකත්වය සහ සාධාරණත්වය සපයන්නේ 100% ප්‍රතිශතයකින් බව කිවයුතුම කාරණාවක්..,
ප්‍රේම සබඳතාවක් දෙදෙරාගිය පසු ආදාල චරිත දෙක නෛතික ව එකට කටයුතු කරන්නට සැරසෙන විට නීතිය තුලින් ඊට එන අදිසි විරෝධතා සහ විශ්වාසය කඩවීම් පිළිබඳව දෙදෙනෙකු තුල එවැනි පරිසරයකදී නිරුත්සාහකව නැගෙන බිය සාංකාව ඔබට මේ චිත්‍රපටය තුලින් අපූරුවට අත් විඳින්නට පුලුවන්..
Subscribe to:
Posts
(
Atom
)


























.jpg)






No comments :
Post a Comment