ආදරය විවිධ ස්වරූප ගැන කියැවෙන මේ සිනමා සිත්තම, ඉහත කියූ සියල්ලෙන්ම සජ්ජිත වන අතර, වරින් වර අප හදවත තුල අප විසින් තනා ගන්නා විවිධාකාරයේ මානයන්, අප විසින් ම බිඳවට්ටවා ගන්නට සලසමින් අප දෑස් අසල රඟ දෙන චිත්‍රපටයක්; එම නිසාවෙන් මේ චිත්‍රපටය බලන්නට ප්‍රථම ඔබ සිහියට නගා ගතයුතු එක් ප්‍රධානතම කාරණාවක් නම්, මෙය ප්‍රංශ චිත්‍රපටයක් බවයි. කිසිවක් සිදු නොවන, ඔහේ ගලායන, වාහන අනතුරු නැති, මහා පිපිරීම් නැති, නින්ජා සටන් නැති සුන්දර ලියන් හා බැඳි නොසිතන බලාපොරොත්තු නොවන ආකාරයේ අවසානයන් වලින් තොර චිත්‍රපට බවයි. එහෙත් ඒ කිසිවක් නැතත් මෙය ආදරයෙන් නෙක ආකාර කාමරාගයන් ගෙන් පූර්ව ලෙස සජ්ජිතයි.
දෙවනුව ඔබ සිහි දරාගතයුත්ත නම් නොසලකා හැරිය නොහැකි තරම් බහුලව ගලා යන එක සමාන දර්ශන වලින් යුතු මසැසට හිරිහැරයක් සහිත වූ ප්‍රධාන නිළියන් දෙදෙනා, අධ්‍යක්ෂක සහ ග්‍රාෆික නවකතා රචකයා අතර ඇති අපූර්ව ඝට්ටනයයි. එහෙත් චිත්‍රපටයේ පැවැත්ම සහ ඒ තුල ඇති සිදුවීම වල පවතින නැසීම් සහ පිබිදීම් වල පවතින අනන්‍යතාවන් දකින්නට අපව බලහත්කාර කරවන සාධකයත් උක්ත සිදුවීම ම තමයි. ස්පර්ශිත ප්‍රේමයන්, හමුවීම්, එක්ව ආහාර ගැනීම් සහ යහන්ගතවීම් වලින් පිරුණු මේ සිත්තමේ ඒ හැර අපට වෙන බලාපොරොත්තු විය හැක්කේ කුමක් ද?
මේ සටහන කියවාගෙන යත්දී ඔබට
"මේ ෆිල්ම් එක හොඳද ඕයි" කියා සිතෙන්නට පුලුවන්.., එහෙත් එය නෙවෙයි ඔබ සත්‍ය වශයෙන් ම ඇසිය යුත්තේ.., ඔබ විමසිය යුත්තේ
"සත්‍යවශයෙන් ම ඔබව මේ චිත්‍රපටය විසින් පිනවන ලද්දේද?" යන ප්රශ්නයයි. අවාසනාවට මේ චිත්‍රපටය සම්බන්ධයෙන් උක්ත ප්‍රශ්නයට පිළිතුරක් තවමත් මා සතුව නැහැ.

සත්‍ය වශයෙන් ම මේ චිත්‍රපටය මා ප්‍රමුදිත කල බව සත්‍යක්, නමුත් සිත තුල පවතින චිත්ත පරිකල්පනයන් පුපුරා යන්නට තරම් බලවන්ත වූ, වෙනත් චිත්‍රපට අවසන
"අර පට්ටම මෙව්වා සහිත අතිවිශේෂ ෆීල් එකක්" සහිතවු හැඟීමක් මා තුල මේ චිත්‍රපටය අවසන දැනෙන්නට තරම් ප්‍රබල වූයේ නැහැ. සමහර විට මා සමරිසි අධ්‍යාත්මය, සහ ඔවුන්ගේ අති විවෘතභාවය පිළිබඳ වන බියකින් හෙබි ඇතුලු හදටම හැරුණු චරිතයක් වීම දැයි විටෙක සිතෙනා තරම්.
අප අවට ලෝකය තුල මේ ආකාරයේ අයාලේ ලියැවි ප්‍රේම රචනා කොතෙක් තිබුණත් සාම්ප්‍රදායික වික්ටෝරියානු මානසිකත්වයෙන් හෙබි සමාජයක ජීවත් වීම පාපය වින්දනය කරනා නිසාවෙන්, කාන්තාවන් දෙදෙනෙකු අතර ඇතිවන "සුන්දර" ප්‍රේම කාව්‍යයක සුව දැනෙන්නේ නැතිවීමත් එහෙම වෙන්නට එක හේතුවක් වන්නට ඇති බව මට විටෙක සිතෙන්නට ගන්නවා. එනමුත් මෙහි ඇති අපූර්ව ගුණය නම්, චිත්‍රපටයේ කථානායිකාවන් දෙදෙනා වන ඇඩෙල් සහ නිල් හිසක සහිත වූ එමා අතර ඇතිවන සබඳතාව තුල "සමහර" පෙම්කතාවල ඇති නොගැලපෙන පෙම්වතා සහ පෙම්වතියගේ ආල කතා වලට වඩා සහස් ගුණයක් ජීවයෙන් පිරුණු, නරඹන්නාගේ සියලු සංවේදනා විසින් කතාව තුලටම කාවද්දාගන්නට තරම් සමත් වන අදියුරුව සහ කැමරාකරණය තුලින් අපව ඒ තුල
[කතාව මත] රඳවාගන්නා ආකාරයයි.
චිත්‍රපටය තුල බහුල වන සංඛේතයක් වන ආහාර ගැනීම් වලින් පෙන්වන්නට උත්සාහ කරන්නේ ඇඩෙල් තුල වල ලිංගික හාමත්භාවය, එසේත් නොමැති නම් කාමයේ ගින්න දැයි විටෙක සිතෙනවා; එමෙන්ම ඈ
[ඇඩෙල්] විසින් තරුණයින්ගේ සිට තරුණ කතුන් දක්වා ආශක්තවීම තුල ඈ විසින් ඈ හට අහිමි වූ; එහෙත් නෙක ආකාරයෙන් සොයමින් යන ඒ අදිසි තෘප්ත භාවය පුරවා ගන්නට ඇඩෙල් තුල පවතින ගින්න දැයි අප තුල ගැහැටක් රහසින් මතුකරවයි.
ඊට අමතර ව චිත්‍රපටය තුල බහුල වූ කාමුක දර්ශන වෙත නරඹන්නා තුල ඇතිවන අභිරුචිය ගැන සඳහන් කරනවා නම්, එය සාමාන්‍ය ඇමෙරිකානු කාමුක දර්ශනයකින් ක්‍රියාවලියකින් දුරස්ථයි. මෛථූන ක්‍රියාවලියක අපුල පෙන්වනවාට වඩා ආදරය පිළිබඳ තියුණු මතකයන් අප හද සම්මුඛ කරවන්නට අදියුරු චිත්‍රපටය මෙහෙයවන ආකාරය ඉතා ඉහළයි. රේඛීය ආකාරයකට දැනෙන දර්ශනයකට
[සාම්ප්‍රදායක කාමදර්ශනයකට] වඩා ඒ තුල මැවී ඇත්තා වූ මෘදු ජෑස් සංගීතාවක මත ඇඳී ආල රැඟුමක් ලෙසින් අර්ථ ගන්වන්නට හැකිනම් එය මා මේ කෙටි සටහන ලියත්දී උක්ත චිත්‍රපටයට කල සාධාරණයක් ලෙස ගිණිය හැකියි.
චිත්‍රපටය තුල ගලායන කාමරසය හැරුණු විට, චිත්‍රපටයේ ජීවත් වීම සඳහා කාලය යන නිමිත්ත ඉතා වැදගත් තැනක් උසුලනවා. ආරම්භයේ සිට දර්ශන මාරුවිම තුල පවතින ප්‍රධාන සම්බන්ධය වූ ඇඩෙල් සහ එමාගේ ප්‍රේමය(?) තුල පවා කාලය ඉතා මූලික නිමිත්තක්.., එය අපට වදනකින් වත් නොහඟුනත් බාහිර සාධක වල වෙනස්වීම ඒ පිළිබඳව අපට නිහඬව කියනවා. ඇඩෙල් විසින් සිය යොවුන් කාලයේ සිට ගෙවීයන කාලය දක්වාම කාලය නම් සාධක භාවිතා වන බව පෙන්වන්නේ කොණ්ඩාමෝස්තර වල වෙනස් වීම තුලින් පමණයි. එහෙත් එමා චිත්‍රපටය මුලදී නීලවර්ණිත කේශකලාපික අකීකරුවෙකු ආකාරයෙන් සිටියත් චිත්‍රපටය අවසානයේදී ඈ පෙනී සිටින්නේ තරුණ ජොන් බොන් ජෝවිගේ කෙශකලාපයේ අනුරුවක ලෙසටයි.
ස්තූතියි ඔත්තුවට... ඩවුන්ලෝඩිං :D
ReplyDeleteබලන එක හොඳයි, ඒත් පරිස්සමින්, මොකද මේක [R] රේටඩ් මූවී එකක්..
Deleteලිශ් ලංකාවේ මේ ෆිල්ම් හෝල්ස් වල පෙන්වන්නේ නැද්ද?
ReplyDeleteඑහෙම අහන්නේ ඔක්කොම ඩවුන්ලෝඩින් කියන හින්දා. මම නම් කැමති ෆිල්ම් එකක් ෆිල්ම් හෝල් එකට ගිහින් බලන්න. එහෙම නැත්නම් හෝම් තියටර් උනත් කමක් නෑ. අපිට නම් දැන් ප්ලේ ස්ටෝර් වල ගොඩාක් ෆිල්ම් බලන්න පුළුවන්.
Deleteනෑ මම හිතන්නේ නෑ අක්කේ, මේ වගේ මූවී එකක් ලංකාවේ සිනමා වලට එන්න සෑහෙන්න කාලයක් යාවී, ඒ ආවත් පෙන්වන්නේ වැඩිහිටියන්ට පමණයි ලේබලය යටතේ..,
Deleteමිනිස්සු සිනමා තියටර් වලට ඇදෙන්නේ හුදෙක් මෙහෙම චිත්‍රපටි බලලා ලිංගික ආස්වාදයක් ගන්නට මිසක්, චිත්‍රපටයේ යටිපෙල තේරුම් අරන් සංවාදයක් යෙදෙන්න බලා ගෙන නෙවෙයි.., මම කියන්නේ හැමෝම නෙවෙයි බහුතරය..
ඩවුන්ලෝඩ් කරන එකෙත් වරදක් නෑ අක්කේ,
අපි සිනමා වලට අපි කැමති මූවීස් රිලීස් වෙනකම් හිටියොත් කවදාවත් බලන්න වෙන්නේ නෑ.., ඒ ඇරත් ඔයා මෙහෙ බහුතර තියටර්ස්වල තත්ත්වේ දන්නා නිසා මම හිතන්නේ ගෙදර ඉඳන් බලන එක ප්‍රයෝජනයි කියලා..! ඒත් හරි රසය තියෙන්නේ සිනමා එකක ඉඳලා බලනකොට තමා..!
play store ඒ සීන් එක මම දන්නේ නෑ අක්කේ
The Palme d'Or, the highest prize awarded at the Cannes Film Festival දිනාගත්තෙ මේ චිත්‍රපටිය. ඒ වුණත්, මම මේ චිත්‍රපටියට අකැමතියි. යටිපෙළ සම්බන්ධ කිසිදු විරෝධතාවක් නැතත්.. ඇතැම් දීර්ඝ දර්ශන නිසා, වළක්වා ගත නොහැකි ජුගුප්සාසහගත බවක් ම දැනෙනවා..
ReplyDeleteඑය ඇතැම් විට, මගේ දෝෂයක් විය හැකියි.
Brokeback Mountain මට මීට වඩා අගෙයි.. එතැන දී දැනුණු ගැඹුරු බව මට මෙතැනදි දැනුණෙ නැහැ..
||මම මේ චිත්‍රපටියට අකැමතියි. යටිපෙළ සම්බන්ධ කිසිදු විරෝධතාවක් නැතත්.. ඇතැම් දීර්ඝ දර්ශන නිසා, වළක්වා ගත නොහැකි ජුගුප්සාසහගත බවක් ම දැනෙනවා..||
Deleteඇත්ත ඔබ කියනා දේට මමත් එකඟයි., චිත්‍රපටය තුල භාවිතා කරන දීර්ඝ දර්ශන විටෙක ඒවා බලෙන් එබ්බූ ඒවා දැයි හිතෙන තරමට වැඩියි. සමහර වෙලාවර ඒ දර්ශන මීට වඩා ඌණිත දැම්මා නම් කතාව මීට වඩා දැනෙන්නට තිබුනා යැයි හිතුනා.
||එය ඇතැම් විට, මගේ දෝෂයක් විය හැකියි.||
නෑ ඔඅ හරි. ඒක තමා ඇත්ත..!
:)
Delete