
පොත් වලට අපි කොයි තරම් ඇබ්බැහි වෙලා ඉන්නවද කියනවා නම්, කලුවර වැටුනට පස්සේ ඉඳගෙන පොත කියවන තැනින් නැගිටලා ලයිට් එකක් දාගන්නවා වෙනුවට අඳුරට සාපේක්ෂව ඇස් දෙක පොතට ළං කරගෙන කියවන්න උත්‍සහ කරපු අවස්ථා මම හිතන්නේ අතීතය අමතක නැති පොත් ලෝලී කියවන්නෙක් නම් අනිවාර්යයෙන් ඔබටත් උරුම ඇති.
එහෙමත් නැති නම් බෝඩිමක පදිංචි වෙලා වැඩට යන එන කෙනෙක් නම් මැරිලා මැරිලා කාමරේ වැටිලා නිදියන්න එන ඔබේ මිතුරාට දෙගොඩ හරි ජාමයක් වෙනකම් ගලන ඔබේ පොත් කියවිල්ල මල කරදරයක් වෙලා ඔබේ කිසිත් නොදන්න අම්මා අප්පා මතක් කල අවස්ථා ඇති.
තමන් කැමතිම පොතේ හොඳම කොටස කියවගෙන යනකොට එක පාරටම විදුලිය විසන්ධි වී දැහැන බිඳී පොත් කියවීම උගහට වූ කෙනෙක් වෙන්නට ඇති..,
එහෙව් ආලෝකය නැතිවීම යන සාධකය කාරණා කරගෙන ඔබේ කියැවීම නවත්වා දමා ඉන්නට දැන් අවැසි වෙන්නේ නෑ.., මේ උපකරණය ඔබ ළඟ තියෙනවා නම්..,
book light! නිවසට සුපුරුදු විදියට අඩුවැඩිය ගේන්නට ෆුඩ්සිටියට ගොඩ වැදුනු වෙලාවේ තමා මට මේ අපූරු උපකරණය හමු වුනේ.., රුපියල් 690 මිලක් සහිතව වෙළඳ පොලට මෙය නිකුත් කරන්නේ එනජයිසර් ලංකා ආයතනයි.., එල් ඊ ඩී බල්බයකින් සහ එක දිගට භාවිතා කරන්නේ නම් පැය 30ක ආයු කාලයක් පවතින CR2032 ලිතියම් වියලිකෝෂ දෙකකින් සමන්විත මේ උපකරණය පොතේ ප්‍රමාණයට අනුව නම්‍යශීලීව සකසා ගත හැකි බඳකින් යුක්තයි..,
කොටුව දෙවැනි හරස් වීදියේ නිතර සැරිසරන්නෙක් හෝ අන්තර්ජාල වෙළඳ අඩවි භාවිතා නම් මීට වටා ඉතා අඩුමිලට මේ උපකරණයම මිලදීගත හැකිවේවි.