#RanaViruMeetUp | මේ වෙනුවෙන් ඔබට කල හැකි දෑ බොහෝය.


මෙයට වසර කිහිපයකට පෙර අපේ රට තුල වූ කුරිරු යුද්ධය පරදවා. ඔවුන් අපට සාමය ලබාදුන්නෝ ය. අපට නිදහස ලබාදුන්නෝය. ඔවුන්ගෙන් අපට විය යුතු යුතුකම් නොපිරිහෙලා ඉටු වුවත් අපෙන් ඔවුන්ට වන්නට ඇති යුතුකම ඉටු වුවාද යන්න ගැටලුවට පිළිතුරු මේ වන විටත් අප සමාජය තුල වෙසෙන බොහෝදෙනා තමන්ගේ හෘද සාක්ෂියෙන් අසා නැතිවා වන්නට පුළුවන, මවක් තමන්ගේ දරුවන්ගෙන් කිසිවක් බලාපොරොත්තු නොවනවා මෙන් ඔවුන්ද අපේ කිසිවක් බලාපොරොත්තු නොවන බව අප දනිතත්, ගමනක වෙහෙස නිවනා මිනිසෙකුට දිය පොදක් දෙන්නට මැලි නොවූ මිත්‍ර සංග්‍රහයේ බුහුටි වූ ජාතියක වර්තමාන පුතුන් වන අප අපෙන් වන්නට ඇති යුතුකම් ඔවුන් අපගෙන් බලාපොරොත්තු නොවුනත් අපගේ යුතුකම එය නොපිරිහෙලා ඉටු කිරීම නොවේද? මේ වන විට දානයට හිත ඇති අයට එවැනි දෙයකට සම්මාදම් වීමේ අවස්ථාවක් හිමිව තිබේ.

ඔබ හැමදෙනාම මේ වන විටත් දන්නා පරිදි රාගම පිහිටා ඇති “රණවිරු සෙවන” ආබාධිත රණවිරුවන්ට රැකවරණය සලසන ආයතනය තුල මේ වන විට සියයකට අධික ආබාදිත රණවිරුවන් ප්‍රමාණයක් නිතිපතා ප්‍රතිකාර සහ සැලකුම් ගනු ලබයි. මේ වන විටත් ලතෙත් හිතැති සොඳුරු මිනිසුන් ඒ රණවිරුවන් හමුවී ඔවුන්ගේ සුවදුක් විමසා ඔවුන් සමගින් හිතේ ඇති දුක්වේදනා සංකා බිඳුවකින් හෝ දුරුකරන්න උත්සහ කරන බව අප දනිමු. මේ අපුරු රණවිරු සෙවනේ විශේෂත්වය වන්නේ ඔවුන් කිසිදු ආකාරයක මුල්‍යමය ආධාර බලාපොරොත්තු නොවන බවයි. ඒ වෙනුවට ඔවුන් වෙනුවෙන් අපට ද්‍රව්‍යමය ආධාර ලබාදෙන්නට හැකිනම් ඔවුන් මහත් සේ අගය කරනු ඇත.
මේ වෙනුවෙන් වර්තමාන සමාජ ජාල අතර මුල් තැනක් හොබවන twitter සමාජ ජාලය තුල එක් සුන්දර මිනිසුන් රැසකගේ සංවිධානයෙන් #RanaviruMeetUp [මිතුරුහමුවක්] සංවිධානය කර ඇත. දිනය ජුලි මස 25වනදා උදෑසන 9.30 සිට සවස 5 වන තුරු ඔවුන් හා එක්වී ඔවුන්ගේ අත්දැකීම් බෙදාහදාගෙන සුන්දර කාලයක් ගත කරන්න සියලු කටයුතු සුදානම් කර හමාරයි.
ඉතින් මේ සුන්දර හමුවට ඔබේ අනුග්‍රහය ලබාදෙන්නට කැමති නම් ඒ සඳහා පහත සඳහන් භාණ්ඩ හෝ ඒවා මිලදී ගන්නට මුදලින් සහය වන්නට ඔබට පුළුවන්.
රෝද පුටු
වැලමිටි අත්වාරු
සිවිලිම් විදුලි පංකා
ලිපිද්‍රව්‍ය
මුද්‍රණ යන්ත්‍ර සඳහා
LQ2090 රිබන්
ඔබේ කැමැත්ත එයට මුල්‍යමය දායකත්වයක් සපයන්නට නම් මෙන්න ඒ සඳහා තොරතුරු:
සම්පත් බැංකුව, කොලම සුපිරි ශාඛාව
නම: එම්. ඩී. සෙනරත් යාපා / ඩබ්ලිව්. ජී. ටී. ප්‍රනාන්දු
ගිණුම් අංකය: 1175-5482-2773
මේ හමුව පිලිබඳ ව වැඩි විස්තර සඳහා :
වෙබ්     : http://ranavirumeetup.org/
ට්විටර්   :
@RanaViruMeetup
ඊමේල් : muditha7@gmail.com | gihangamos@gmail.com.
ආධාර ලබාදීමට ලියාපදිංචි වීම සඳහා මේ යොමුව පාවිච්චි කරන්න : http://goo.gl/2CHrsS 

මේ ඉසව්ව සංවිධානය කරන්නේ : 

රඟාබති | Rangabati


අවිවාදයෙන්ම කිවහැකි දෙයක් නම් රඟාබති යනු ඔරිස්සා ප්‍රාන්තය තුල වැඩිම වාර ගණනක් පටිගත කල ගීතය බවයි. ගීතය මුලින්ම පටිගත කර ඇත්තේ 1970 දී ඕල් ඉන්දියා රේඩියෝ හිදී ය. ජනප්‍රිය වීමෙන් පසුව, කල්කටා [වර්තමානයේ කොල්කථා] හී ඉන්රෙකෝ සමාගම විසින් නැවතත් 1976 දී පටිගත කරන ලද්දේ නව සංගීතය මුසුවයි. එහෙත් මෙහි තැටිය නිකුත් වීම යම් හේතුන් නිසා කල්ගියද 1978-79 අතර දී එය ජනතාව අතට පත්විය. මෙම සම්භාල්පුරි ගීතය රචනා කර ඇත්තේ මිත්‍රභානු ගෞන්තියා විසින් වන අතර මුල් තනුව ප්‍රභූදත්තා ප්‍රධාන් විසින් නිම කර ඇත. ගායකයන් බොහෝ පිරිසක් විසින් ගායනා කලද මුල් ගායනයේ අයිතිය හිමිව ඇත්තේ ජිතේන්ද්‍ර හරිපාල් සහ ක්‍රිෂ්ණා පටේල් වෙතටය.
70,80 දශක වල ඔරිස්සා ප්‍රාන්තය තුල සෑම මගුල් තුලාවකම ප්‍රධාන ගීය ලෙස භාවිතා කර ඇති රඟාබති ගීතය වෙතට වැඩිම අවධානයක් යොමු වුයේ වර්ෂ 2007 ඉන්දියානු ජනරජ දිනයේදී ඔරිස්සා ප්‍රාන්තය නියෝජනය කරමින් කල විශේෂාංගයේ ප්‍රධාන ගීතය ලෙස ගායනා කිරීම නිසා ය. එම වසරේම ගීතය මුලින් ගායනා කල ජිතේන්ද්‍ර හරිපාල් වෙත ඔරිස්සා ප්‍රාන්තයේ ප්‍රධාන මන්ත්‍රී නවීන් පත්නායික් සිය ප්‍රසාදය යොමු කලේ මේ ගීතයේ ඇති නිම නොවන ජනප්‍රිය බව නිසාම ය. ඔරිස්සා ප්‍රාන්තයේ කටක් නගරයේ බරබතී ක්‍රීඩාංගනයේ පැවති ක්‍රිකට් තරඟ බොහොමයක දිරිගැන්වීමේ ගීතයක් ලෙස මෙම ගීතය ගයා ඇත. මෙයට අමතරව රඟාබති ඉන්දියාව තුල විවිධ භාෂා වලට හැරෙමින් විවිධ චිත්‍රපට වල ගායනා වී ඇත.

එහි ආසන්නම නැවත නිර්මාණය කිරීම මෙයට දෙසතියකට පෙර ඉන්දියානු සංගීත ශිල්පී රාම් සම්පත් විසින් සංගීතය නිර්මාණය කරනු ලදුව සොනා මෝහාපාත්‍රා සහ රිතුරාජ් මොහාන්ති විසින් MTV India's Coke Studio Season 4 වෙතට ගායනා කළේ ය.

Liam Neeson ගේ නළුකමේ මළගමට පාර කැපූ Taken 3.


ලියම් නීසන් කියන්නේ මම කැමතිම නළුවෙක්. එකේ විවාදයක් නැහැ. මොකද ඔහුට ඉතාම සුන්දර චිත්‍රපට අතීතයක් තිබුන නිසා.මතක් කරන්නට පවා සුන්දරයි. එහෙම මතක් කරනකොට එනවා "Schindler's List", කොහොම චිත්‍රපටයක් ද? කොහොම උනත් මම කැමතියි නීසන්ගේ පශ්චාත් Taken යුගයට, Non-Stop, A Million Ways to Die in the West වගේ චිත්‍රපට අපි කාගේත් හිතේ රැඳුනා. තව ඉස්සරහට මාර්ටින් ස්කොර්සිස් ගේ Silence චිත්‍රපටය එනවා. නීසන් තමන්ගේ දස්කම් නියමිත ආකාරයට පෙන්නුවොත් එය ඔහුගේ වෘත්තීය ඉහලට ඔසවා තබන වැදගත් පොයවරක් වෙවී. අවන්කවම කියනවා නම් ඔහුට ඒ සිය වෘත්තීය යාවත්කාලින කරවන පියවර අවශ්‍යමයි. විශේෂයෙන්ම taken3 වගේ චිත්‍රපටයකට පස්සේ. taken3 කියන්නේ මෑතකදී බලපු චිත්‍රාගාර ක්‍රියාකාරකම් සහිත චිත්‍රපට වලින් දුර්වලතා වැඩියෙන්ම තිබුණු චිත්‍රපටය කියලා කිව්වොත් මම හිතන්නේ මම නිවරදීයි. හම්බුනේ ටොරන්ට් වලින් BR කොපියක් උනත් බෑවේ අපරාදේ කියලා හිතුන මගක් බලනකොට. ඒ තරමට අප්පිරියයි.
Taken 3 හි කතාව සරලව කියනවා නම්.., බ්‍රයන් මිල්ස් [නීසන්] වීර වික්‍රම සහිත චිත්‍රපට පෙළක තෙවැන්න. විශ්‍රාමික සෙබලෙකු සහ රජයේ රහස් පරීක්ෂක වරයෙක් වෙන මිල්ස් හට ඇතිවන ගැහැට අනන්තයි. ඔහු නිස්කලංකව තමන්ගේ ජීවිතේ ගෙවාගෙන යනවිට ඔහුගේ දික්කසාද බිරිඳගේ [ෆෙම්ක් ජෙන්සන්] අභිරහස් මරණයේ චෝදනාව වැටෙන්නේද මීල්ස් ගේ කරමතයි.මේ නිසාම ඔහු පිටුපසින් පොලිස් රහස් පරීක්ෂක වරයෙකුත් [ෆොරස්ට් විටකර්] ලුහුබඳින්නට ගන්නවා. මීල්ස් තමන්ගේ "විශේෂිත හැකියාවන්" [මේ හැකියාවන් මොනවාද කියලා Taken චිත්‍රපට පෙලේ රසිකයෙක් නම් හොඳින්ම දන්නවා. :)] උපයෝගී කරගෙන මෙම ක්‍රියාවේ යෙදුන අයව ලුහුබැඳ උන්ගේ පළිගන්නට තනන්නේ තවමත් ජීවතුන් අතර සිටින සිය දියණියව ආරක්ෂා කරන්නට සහ තමන්ගේ නම ඉදිරියෙන් වැටී ඇති චෝදනාවෙන් නිදහස් වන්නටයි. මේ පලිගැනීම සටන මීල්ස්ව රුසියානු පාතාල නායකයින් වෙතට රැගෙන යන්නට පවා සමත් වෙනවා.

Taken 1 සහ 2 ඉතා මනාපයෙන් නැරඹුවත් මේ චිත්‍රපටය ඉතාම වෙහෙස දනවන තරම් නීරස චිත්‍රපටයක් බව නොකියාම බැහැ. චිත්‍රපටය අවසානය දක්වා බලන්නට හේතු උන එකම සාධකය ලියම් නීසන් "පමනක්මයි". එහෙත් ඔහුගේ "පෙනීසිටීම" චිත්‍රපටය ප්‍රීතියෙන් නරඹන්නට හේතුවක් වුයේ නැහැ. සමහර විට ඔබ සිතාවි, Neeson, Forest Whitaker, Famke Janssen සහ Dougray Scott සිටිනා චිත්‍රපටයක් ඔබට අනෙක් චිත්‍රපට අතර වෙනසක් දැනෙන එකක් වෙවී කියා. එහෙත් ඒ මතය Taken 3 සම්බන්ධයෙන් තවදුරටත් නිවැරදි නොවේවි.

චිත්‍රපටයට බලෙන් ඔබ්බවන ලද චරිත අතර වන ගැහැට අවංකවම මාහට මුවඟට ගෙන ආවේ සිනහවක්. ඒ සිනහව අපරාධ ක්‍රියාදාම චිත්‍රපටයකට තරම් නොවෙන්නක්. විටෙක මට සැකයක් ඇති වුවා ජනප්‍රසාදයට පත් වූ නළු නිලියන් චිත්‍රපටයකට එකතු කරගත් පමණින් එහි වටපිටාවේ ඇති අනෙකුත් අඩු ලුහුඬු කම් සැනින් නොපෙනී යනවා කියා. මෙහෙම කියන්නට හේතු උනේ මොකද එය ඒ තරමටම අදියුරුව පවා ඉතාම දුර්වල තත්ත්වයේ පැවතීම නිසාවෙන්. අනෙක් අතට චිත්‍රපටය බාහිරව ගලා යන කතාන්දරවල පවතින උපාහාස නංවන ගතිය නිසා මම ඉහත කියූ මුවඟට සිනහවක් නංවන ගතිය තවත් ඉහල යනවා. එය අවාසනාවක්. ඔබ චිත්‍රපටය බැලුවානම් මතක ඇති මීල්ස් ගේ දියණිය වන කිම්හට ඇති ගැටලුව වන්නේ ඇය ගැබිණියක් බව සිය පියාට කියාගන්නට ඇති නොහැකියාවයි. මෙවැනි කොටස් තිබිය යුත්තේ ක්‍රියාදාම චිත්‍රපටයකට වඩා සොප් ඔපෙරාවක බව මට බලන විට හිතට ආවා. :) තවත් අවස්ථාවක විටෙකර් විසින් මිලර් අපරාධයක යෙදුනේ නැති බව කියන්නේ ඒ අවස්ථාවේදී ඔහු බැගෙල් [මුදු හැඩති පාන් වර්ගයක්] ආහාරයට ගනිමින් සිටි බව සඳහන් කරමින්. විටෙකර් කියන්නේ ඇකඩමි සම්මාන වලින් පිදුම් ලබූ රංගන ශිල්පියෙක් බව අපි ඔබ කවුරුත් දන්නා කාරණාවක්, එත් එවැනි නළුවෙක් පවා මෙවැනි චරිත වල දෙනකොට ඒවා නරඹන අපි අන්දන්නද හිනාවෙන්නද කියලා අමතක වන බව අහන්නටත් දෙයක් ද?

Add caption
Taken 3 ගැන මේ කතාව මෙතනින් එහාට ලියන එකේ තේරුමක් නැහැ. මොකද, මීට වඩා කිව්වත් ඒ කියන්නට වෙන්නෙත් මේවාම තමයි. මම ලියම් නීසන්ගේ උග්‍ර රසිකයෙක්, එහෙත් Taken3 චිත්‍රපටයේ ඔහු සිටින එක තත්පරයකටවත් මගේ කැමැත්තක් නැහැ. අඩුම ගානේ අදියුරුවන් හට මේ අපුරු නළුවා යොදාගෙන චිත්‍රපටයේ අවසානයටවත් සාධාරණයක් කරන්නට තිබුනා. එත් මෙහි අවසාන ජවනිකාවෙදී මිල්ස් හා සටන් වදින රුසියානු පාතාල නායකයා සැරසී සිටින්නේ කුඩා යට කලිසමකින් පමණයි. එහෙම උනාම චිත්‍රපටයේ අවසානය ගෙන එන්නේ ත්‍රාසය භීතිය කුතුහලයට වඩා විකට චිත්‍රපටයකට ඔබින සිනහවක් බව අහන්නටත් දෙයක් ද? නීසන් බ්‍රයන් මීල්ස් ගේ චරිතයට තව දුරටත් ආරූඪ වීම අවසන් කල යුතුයි. ඒ මක්නිසාද යත් මෙවැනි තවත් එකදු චිත්‍රපටයක් හෝ රඟපෑමෙන් වන්නේ නීසන්ගේ නළුකමේ මළගමට පාර කපා ගැනීමක් වන නිසා.


[ HD Rip එකක් උනාට බලන්න කිසිම අපහසුවක් නැහැ. ]

The Conjuring 2 ??

2013 දී බඩබොකු රත් කරගෙන බලපු හෝල්මන් ෆිල්ම් සෙට් එකක නම් කිව්වොත් පලවෙනි 5 අතරට එන ෆිල්ම් එකක් තමා The Conjuring කියන්නේ. ඔන්න එකේ දෙවැන්නක් එනවලු, 2016 දී. චිත්‍රපටයේ නිෂ්පාදකයින් වුන වෝනර් බ්‍රදර්ස් සමාගම 2015 දී කල එලි බස්සන්න කටයුතු සැලසුම් කරලා තිබ්බත් නිවු ලයින් සිනමා සහ වෝනර් සමාගම තව අවුරුදු දෙකකින් චිත්‍රපටිය එලියට දාන්න හේතුව පස්සේ තියෙන්නේ මොකද්ද කියලා නම් තවමත් වාර්තා වෙන්නේ නෑ, 
සැලසුම් කටයුතු සහ අදාළ විධායක ක්‍රමවේදයන් හරියට කළා නම් The Conjuring2 එලියට එන්න තිබුනේ 2015 ඔක්තෝම්බර් මාසේ 23 වෙනිදායි. ඩොලර් මිලියන 6.5 වියදම් කරලා නිෂ්පාදනය කරලා, ලොව වටා තිරගතවීම සහ වෙළඳාම් වලින් ඩොලර් මිලියන 166ක් හොයාපු මේ චිත්‍රපටය, මෙහෙම අවුරුදු දෙකකින් කල් ගියාට පස්සේ ඉහත කියපු දවසට වෙනත් හොල්මන් චිත්‍රපටියක් ප්‍රදර්ශනයට එකතු කරන්න මේ වෙනකොට වෝනර් සමාගම කටයුතු කරමින් ඉන්නවා කියලයි අන්තර්ජාල සිනමා සඟරා වල සඳහන් වෙන්නේ.
බොහෝවිට මෙදිනට ප්‍රදර්ශනයට එන්නට හැකි චිත්‍රපට අතර Crawlspace හෝ Superstition කියන චිත්‍රපටි ඉදිරියෙන් ම තියෙනවා. Crawlspace පාදක වෙන්නේ බිරිඳ මියගිය සැමියෙක් තමන් හා අලුත විවාහ වූ බිරිඳත් එක්ක නව නිවසකට පදිංචියට යාම පාදක කරගනිමින්, ඒ වගේම Superstition පාදක වෙන්නේ එක්තරා පවුලක් මෙයට සියවස් ගණනකට පෙර මායාකාරිය මරාදැමූ ඉපැරණි නිවසකට පදිංචියට යාමක් වටා බව මේ චිත්‍රපට වල නම් වලින් කුඩා හෝ ගුගල් සෙවුමක් දැම්මොත් සොයාගන්නට අමාරු නෑ. 

Paperman හෙවත් දුටු තැන පෙමින් බැඳීම.


මුහුනුපොත් මිත්‍රයෙක් තමන්ගේ බිත්තියේ මීට ටික දවසකට කලින් පොස්ට් කරලා තිබුනා අපුරු සබැඳියක්. තමන්ගේ පාඩුවේ සිටිනා ජෝඩුවක් රූප ගන්වන මේ කලුසුදු රුපය යටින් ඇති සබැඳිය ඔබා බලන්නට මට හිතුනේ නිකමට. ප්‍රතිපලය ඇති විශිෂ්ටයි. "මාරයි" මට එහෙම කියවුනේ නොදැනුවත්වම. මේ කියන්න යන්නේ කෙටිචිත්‍රපටයක් ගැන. නම තමා "Paperman". මම හිතන්නේ ඩිස්නි ආයතනය අවුරුදු ගානකට පස්සේ කරපු හොඳම සජීවිකරණ කෙටි චිත්‍රපට වලින් එකක් කියලා හිතන්න පුළුවන්. එකවරක් බැලුවාම තවත් කිහිප පාරක් ම බලන්නට හිතෙන මේ විනාඩි හතකට ආසන්න කාලයක් දිවෙන Paperman නිර්මාණයට 2012 වසරේ හොඳම කෙටි චිත්‍රපටය සඳහා වූ ඇකඩමි සම්මානය ඇතුළුව තවත් සම්මාන කීපයකටම නිර්දේශ වෙලා තියෙනවා කියලා, නම සඳහන් කර කුඩා ගුගල් සෙවුමක් දැමුවොත් අන්තර්ජාලය ඔබට පවසාවි. ඒ වසරේම සජීවිකරණ චිත්‍රපට කැටගරිය සඳහා තරංග වැදුණු Wrack-It-Ralph, ටීම් බර්ටන්ගේ Frankenweenie සහ Pixar Studio හි Brave තරඟ වැදුනත්, විනාඩි හතක ඇතුලත් Paperman කරලා තියෙන දස්කම ඒ කිසිවක කරලා නැති බව කියන්නට උවමනායි.


පනහ දශකයේ නිවු යෝර්ක් නගරයේ එකිනෙකාට සම්පුර්ණනම ආගන්තුක දේපලක් අතර ඇතිවන පළමු දැකුමෙන් ම පෙම් බැඳීම එහෙමත් නැතිනම් "Love at First Sight" චින්තාවට පනදෙන මේ කතාන්දරය. ද්විමාන වටපිටාවක් තුල ත්‍රිමාන චරිතයන් මුසුකරමින් ගොඩනගා ඇති බව බොන්දින් බැලුවොත් ඔබට සොයාගන්නට අපහසු වෙන එකක් නැහැ. කලුසුදු පැතලි ජීවිත අතරේ පණ ගැහෙන එකම දේ රතු පැහැති හාදුවක් පමණක් බවත් රතු පැහැති හාදුව කොතරම් දුරකට ජීවිත වෙනස් කරනවාද යන්නත් හිත තබාගෙන මේ කෙටි සජීවිකරණ නිපැයුම නරබන්නට පුලුවන්නම් ඔබේ හිතට සුන්දර චින්තාවන් රැගෙන එන එක නවත්වන්නට කිසිවෙකුට හැකි වෙන එකක් නැති වේවි. :)


ජෝන් කා(හ්)ර් ගේ මේ චිත්‍රපටිය අප සැලකිල්ලෙන් නරඹනවා නම් අපට සුපුරුදු ඩිස්නි මුහුණු කිහිපයක් මතකයට නගා ගන්නට අපහසු වෙන එකක් නැහැ. ඉහත මම කියූ ද්විමාන පැතලි ජීවිත අතර එකම ත්‍රිමාන චරිත දෙක වන "මෙග් සහ ජෝර්ජ්" අප පෙර බලපු 101 Dalmations, 2010දෙඑ තිරගත වුනු Tangled වගේ චිත්‍රපට වල චරිත වල රූ ලක්ෂණ සොයාගන්නට අපහසු වන්නේ නැහැ. මෙයට හේතුව වන්නේ ඉහත මා නම් සඳහන් කල චිත්‍රපට දෙකෙහිම ප්‍රධාන සජීවිකරණ ශිල්පියා ලෙස කටයුතු කර තිබෙන්නේ ජෝන් කා(හ්)ර් ම වීමයි.



කෙටි සටහන:
අනික මේ කෙටි සජීවී නිර්මාණය ගැන තොරතුරු හොයනකොට මට අපුරු දේවල් දෙකක් හමු වුනා.

01. Signs - Short Film
සයින්ස් කියන නිර්මාණයෙත් තියෙන්නේ මේ හා සමානම කතාන්දරය උනත් ඒ කතාන්දරය සත්‍ය චරිත රඟන නළු නිලියන් විසින් කරන නිසා මට එම නිර්මාණය එතරම් දැනුනේ නැහැ. එහෙත් ඔබට එය ඊට වඩා වෙනස් ආකාරයෙන් දැනෙන්නට ඉඩ තියෙනා නිසා අමතක නොකර පහතින් ඇති එයත් නරඹන්න.


02. Meg and George- Paperman by Miss.Wendybird.
මේක ගැන වැඩි විස්තර කියන්න යන එක තේරුමක් නැහැ. සබැඳිය ක්ලික් කරලාම බලන්න.


බෙදාගන්න, ලියාදෙන්න, දිනාගන්න.

වැඩිදුර තොරතුරු සඳහා https://www.facebook.com/groups/hakavati/ වෙත එකතු වන්න.

නාට්ටි දෙකක් ගැන කලා ඔත්තුවක්

වේදිකා නාට්‍ය කියන්නේ රංගනවේදීන්ගේ තිඹීරිගෙය ලෙස සැලකුම් ලන්නේ මොකද කියන ගැටලුවට මට මුලින්ම උත්තර ලැබුණේ මම මුලින්ම මනෝරත්න මහත්තයාගේ ගුරුතරුව නාට්ටිය බලන්න ගිය දවසේ. සහ ඔදානිස් රබන් ගුරාගේ වැලිතලප කවිපෙළ මුලින්ම අහන්නට ලැබීම යන නිමිති දෙකම එක දවසේ වීම මට විශේෂයක්. තැනින් තැනින් ටික ටික තවමත් මතක ඒ වචන ටික සම්පුර්ණ කරගන්න උදව්ව අන්තර්ජාලෙන්, නාට්ටියකට එතරම්ම ආදරය කරත් ඉගෙනීම රස්සාව සහ ව්‍යාපාර කියන ත්‍රිකොනේ ඇතුලේ කරක් ගහන නිසාවෙන් මගේ සිතුවිලි වලට පියාඹන්න ඉඩදෙන්න මට කාලෙක ඉඳන් අමතක වෙලා.
එත් මේ කියන්න යන්නේ ගුරුතරුව නාට්ටිය ගැන නොවුනත් නාට්ටි දෙකක් ගැනම තමා, එක්තරා ආකාරයකට ගුරුතරුවකට හරසර දක්වන්නට පේරාදෙණිය විශ්වවිද්‍යාලයෙන් සංවිධානය කරන නාට්‍ය ඉසව් දෙකක්.

කතාව සාරාංශ ගත කරලා කියනවා නම් මහාචාර්ය එදිරිවීර සරච්චන්ද්‍රයන්ගේ ජන්ම ශත සංවත්සරය නිමිත්තෙන් විශේෂ නාට්‍ය දර්ශන දෙකක් පැවැත්වීමට පේරාදෙණිය විශ්ව විද්‍යාලයීය ලලිත කලා අධ්‍යයන අංශය සහ සම්භාව්‍ය භාෂා අධ්‍යයන අංශය කටයුතු කරලා තියෙනවා. මේ අනුව සැප්තැම්බර් මාසේ 17 වැනි දා හාවස 7ට කංචුකා ධර්මසිරි අධ්‍යක්ෂණය කළ සුභා නාට්‍යයත්,  සැප්තැම්බර් 18 වෙනිදා හවස 7ට මුදිතා ධර්මසිරි අධ්‍යක්ෂණය කළ ලෝකාන්තර නාට්‍යයත් පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ ඊ.  ඕ. ඊ. පෙරෙයිරා රඟහලේ දී වේදිකාගත වෙනවා.

නුවර විතරක් නෙවෙයි කොළඹ නාට්‍යප්‍රේමීන් වෙනුවෙන් සැප්තැම්බරයේ 20දා ලෝකාන්තර නාට්ටියත්, 21දා සුභා නාට්ටියත් හවස 3.30ට හා 6.30ට බොරැල්ල නාමෙල්-මාලිනී පුංචි තියටරේ වේදිකාගත කරන්න කටයුතු යොදලා තියෙනවාලු.

නෝබල් සම්මාන ලාභී රබීන්ද්‍රනාත් තාගෝර්ගේ සුභා කෙටිකතාවයි ගීතාංජලී කාව්‍යයයි පාදක කරගත් සුභා රඟනළුව ලලිත කලා අධ්‍යයන අංශයේ නිෂ්පාදනයක්. සම්භාව්‍ය ග‍්‍රීක රංග කලා සම්ප‍්‍රදායත් පුරාණෝක්තිත් ඇසුරු කරගෙන නිර්මිත ලෝකාන්තර නාටකය සම්භාව්‍ය භාෂා අධ්‍යයන අංශයේ නිෂ්පාදනයෙන් කල එලි දකින්නක්.

සුභා

අධ්‍යක්ෂණය - කංචුකා ධර්මසිරි
සංගීත අධ්‍යක්ෂණය - මනොජ් අලවතුකොටුව සහ විනූෂා විජේවික‍්‍රම
නිෂ්පාදනය - ලලිත කලා අධ්‍යයන අංශය, පේරාදෙණිය විශ්වවිද්‍යාලය.

ලෝකාන්තර

අධ්‍යක්ෂණය - මුදිතා ධර්මසිරි
සංගීත අධ්‍යක්ෂණය - පමුදිත මානෙල්අංග
පිටපත - Renascor රංග කලා සාමුහිකය
නිෂ්පාදනය - සම්භාව්‍ය භාෂා අධ්‍යයන අංශය, පේරාදෙණිය විශ්වවිද්‍යාලය

Nebraska


ඇලෙක්සැන්‍ඩර් පේන් කියන්නේ මේ වෙනකොට මගේ හිතේ ඉන්න හොඳම අදියුරුවා කිව්වොත් වැරදි නෑ.[මේ තත්ත්වය විටෙන් විට වෙනස් වෙන නිසා, හෙට අලුත් ෆිල්ම් එකක් බැලුවොත් ඒ අදහසට මොනා වෙයිද කියලා දන්නේ නම් නෑ. ] ඊට හේතුව වෙන්නේ පේන් හදන චිත්‍රපටි කුඩා පවුල සහ ඒ වටා සිටින චරිත පාදක කරගෙන හැදෙන නිසා, ඒවා අපේ ජීවිතේ අස්සේ අපි සම්බන්ධතා පවත්වන අය ගැනද මේ චිත්‍රපටය හදලා තියෙන්නේ කියලා අපිට හිතෙන්න ගන්න නිසා කියලයි මට හිතෙන්නේ. චිත්‍රපටිකලාවේ  දිගු ඉතිහාසයක් තියෙන පේන් මේ වතාවේ එන්නේ අපි ඉදිරියට වෙනස් ආකාරේ චිත්‍රපටයක් අරගෙන. ඒ චිත්‍රපටය නැබ්‍රෙස්කා. ඇමෙරිකානු සිහිනය තුල ජීවත්වන අපට සත්‍ය ඇමෙරිකාවේ රළු, වියළුණු හරස්කඩක් පෙන්වන චිත්‍රපටයක්. චිත්‍රපටය විශේෂ එකක් වන්නේ ප්‍රධාන චරිතය වන බෲස් ඩර්න් සහ සහය රඟපෑම් කරන විල් ෆෝර්ටේ සහ ජූන් ස්ක්විඩ් නිසාවෙන්. ඔබට ඇලෙක්සැන්ඩර් පේන් ගේ නිර්මාණ ශක්‍යතාව ගැන කුකුසක් ඇත්නම් මම සිතන්නේ ඔබට කල හැකි පහසුම දෙය තමයි නැබ්‍රෙස්කා බලන එක. 1985 කාර්මන් චිත්‍රපටයෙන් ඇරඹි සිය නිර්මාණ චාරිකාව 2013 වසරේ ඔහු කල නැබ්‍රෙස්කා දක්වාම සිය රිද්මය එක ආකාරයකින් පවත්වාගෙන එන ආකාර අවබෝධ කරගැනීම තුලින් නිර්මාණ ගැන ඔබ තුල වන දැනුම පෘථුල කරවීමට ඉඩප්‍රස්ථා ඇති කරවන බව නම් කිව යුත්තක්.
Woody Grant [Bruce Dern ] with Director Alexander Payne
නැබ්‍රෙස්කා චිත්‍රපටය ගෙතී ඇත්තේ වියපත් මොන්ටානා හි ජීවත් වන බේබදු පියෙකු වන වුඩී ග්‍රාන්ට් [බෲස් ඩර්න්] වටායි. එක් දිනෙක ඔහු අත වන ලොතරැයියකට ඩොලර් මිලියනයක ලොතරැයි  දිනුමක් ඇදී ඇති බව ඔහු සිතනවා. එහෙත් වූඩී ගේ බිරිඳ වන කේට් [ජූන් ස්ක්විබ්] වෙත වූඩි කෙතරම් ඇවටිලි කලත් ඈ සිතන්නේ එය මුසාවක් බවයි. සිය බිරිඳට කණපින්දම් කියා පලක් නැති බව සිතන වූඩි ඊළඟට කරන්නේ ත්‍යාගය ගැනීම සඳහා නැබ්‍රෙස්කා හි ලින්කන් නගරය වෙත පයින්ම ගමන් ඇරඹීමයි. වුඩිගේ පුතා වන ඩේවිඩ් [විල් ෆෝර්ටේ] විසින් පාරේ තනිවම ගමන් කරනා සිය පියා සොයාගෙන ඔහුව ලින්කන් නගරය වෙත රැගෙන ගොස් ත්‍යාගය ලබාදීමට කැමති කරවාගනී.  කෙසේ හෝ ඩේවිඩ් විසින් ගමන් වෙන අතකට හරවා ලින්කන් වෙත යන ගමන අතර මැද හෝත්‍රෝන් වෙත යයි. හෝත්‍රෝන් යනු වූඩිගේ උපන් ගමයි. එහෙත් අවසන වන්නේ ත්‍යාගය ගන්නට ලින්කන් වෙත යන අතර සිය නෑසියන් මුණ ගසෙන්නට හෝත්‍රෝන් වෙත යෑම ත්‍යාගය ගැන වන වූඩිගේ අදිටන සිහිනයක් වීමයි.

වෙනත් ආකාරයකින් කියනවා නම් නැබ්‍රෙස්කා යනු මඳවේගික චිත්‍රපටයක්, ඔබ චිත්‍රපටයකින් බලාපොරොත්තු වන්නේ ඇදිවේගී, වෙඩි තබාගැනීමේ දර්ශන සහිත, ලේ විසිරෙන සුළු, ටරන්ටිනෝ ආකෘතියේ චිත්‍රපටයක් නම් කරුණාකර මේ චිත්‍රපටය බැලීමෙන් වලකින්න, ඔබේ ඩේටා ටික අයියෝ ඩේටා කියා සිතේවී. මෙහි කතාව ඉතා දැඩි හෝ සංකීර්ණ නොවුනත් කතාවේ ගලායෑම මන්දගාමී වීම හරහා කතාව විකාශනය වීමට වැඩි වේලාවක් ගන්නවා, එසේ වීමට හේතුව ලෙස පුද්ගලිකව මට සිතෙන්නේ පේයින් විසින් වූඩීගේ දුර්වල බිඳවැටෙන සුලු මහලු අධ්‍යාත්මය නරඹන්නා වෙතට දැනෙන්නට ඉඩ හැරීමට විය හැකි බවයි. මෙතෙක් චිත්‍රපටය නැරඹූ අය අතර මේ ඉහත කී සංවේදනා වල බිඳුවකින් හෝ සමපාතවන අත්දැකීම් සහිත වන වුන් නැතැයි අප කියන්නේ කොහොමද? නිදසුනක් ලෙස මට පුද්ගලිකව මේ අත්දැකීම මගේ නෑසියන් ඇසුරෙන් විටින් විට අත්දකින්නට ලැබී තිබෙනවා, ඉතින් එවැනි සමාන අත්දැකීම් ඇත්තන් අතර ජනප්‍රිය වීම නිසාවෙන් තමයි ඇලෙක්සැන්ඩර් පේයින් ගේ සහ තිර රචක බොබ් නෙල්සන් විසින් කියනා මේ කතාවට මේ තරම් ජනප්‍රසාදයක් ලැබෙන්නට ඇත්තේ.
Woody Grant [Bruce] with his son David [Will Forte]


නැබ්‍රෙස්කා මට සුවිශේෂ වන තවත් එක හේතුවක් වන්නේ එහි ඇති කලුසුදු වර්ණිත සිනමාකරණය. සමාජය තුල විවිධාකාරයේ වර්ණ [ගතිගුණ?] වලින් යුතු මිනිසුන් සිටියත්, අප කොතෙක් උන් හා ගැටුනත් අවසානයේ මිනිසුන් වූ අපට මිනිසා ගැන තියෙන පොදු සාධකය එක්කෝ ඔහු හොඳ හෝ නරක මිනිසෙකු බවයි. පේයින් විසින් සිය නිර්මාණය තුල පැතලි වර්ණ භාවිතයක් කර ඇත්තේ මේ පොදු කාරණය උලුප්පන්නදැයි මට විටෙක සිතෙනවා. එය චිත්‍රපටය නරඹත්දී මට නිතර නිතර සිතට දැනුන කරුණක්. අනෙක් අතට වර්ණ භාවිත කිරීමේදී සිනමා කරුවාගේ අදියුරුවේ සහ නළු නිළියන්ගේ අඩුපාඩු වසා ගැනීමට හැකි වුවත් මෙහිදී පේයින් විසින් කලුසුදු භාවිතය නිසාවෙන් රංගන ශිල්පීන් වෙත වැඩි බරක් තබා ඔවුන්ගෙන් සිය උපරිම හැකියාව උකහා ගන්නට දැරූ තැතක් දෝහෝයි සිතෙන්නේ  ශිල්පීන් සිය චරිත වලට සිය සාධාරණය උපරිමයෙන් ඉඩු කරනා බව මට සිතෙනා නිසාවෙනුයි. කෙසේ නමුත් කළුසුදු වර්ණ වලින් වන්නේ කතාවේ ගලා යාම සහ එහි චරිත ඔබ වෙත කරන්නාවූ ආමන්ත්‍රණය තවත් ශක්තිමත් වීම බව මට සිතෙනා බව නොකියා ම බැහැ.

නැබ්‍රෙස්කා යනු ඉතා ශක්තිමත් තිරනාටකයකින් සජ්ජිත චිත්‍රපටයක් බව නොකීවොත් එය මා කරන ලොකු අඩුවක්, බොබ් නෙල්සන් විසින් චරිත වලට ඉතා සුන්දර ආකාරයෙන් අහම්බ එක්කාසු කර ඇති ආකාරය ඉතා සුවිශේෂයි. ඒවා කුඩා වුවත් ඉන් ඒ චරිත බොහොම අලංකාරව ආලෝකමත් කරනවා. මේ අහම්බ එබ්බවීමෙන් ඔබව මම සහ නරාන අපව අපටත් නොදැනෙන ආකාරයෙන් කතාවට ඇද බැඳ තබා ගැනීම නෙල්සන් විසින් කරනවා, ඔහුත් සමඟව එකතුව තිරරචනයෙන් මේ චිත්‍රපටයට ආලෝකයක් ගෙනා පේයින් වත් මතක් කල යුතුමයි, ඔබට අලංකාරිත අදියුරුවක් සහිත චිත්‍රපටයකට උදාහරණයක් කාට හෝ පෙන්වන්න්ට අවැසි නම්, ඔබට බිය නැතිව නැබ්‍රෙස්කා නම් කල හැකියි.

සියලුම සිත්ගන්නා සුලු ආකාරයේ සාධක පසෙකින් තැබුවත් නැබ්‍රෙස්කා යනු බොහොම කම්මැලි චිත්‍රපටයක් ලෙස දැනෙන්නට තියෙන ඉඩකට වැඩියි [හරියට මේ ලිපිය වාගේ ;)]. අපි මුලින්ම නරක ගැන කතා කරමු, කතාව ගලා යන්නේ පැයයි මිනිත්තු 55 වැනි කාලයක් තුල, සාමාන්‍යෙන් මේ කාලයක් තුල දිවෙන චිත්‍රපටයක් අප සංගත ධාවනකාලයක් සහිත චිත්‍රපටයකැයි හඳුනාගත්තත්. චිත්‍රපටය තුල චරිත ගලා යෑම ඉහත කීවාක් මෙන් බොහෝම ඔතෑනි සහ මන්දගාමී ලෙස ගලා යන්නේ, අනෙක් අතට කතාව හෝත්‍රෝන් වල ගත කරන දර්ශන ගණන ඉතා වැඩි යැයි සිතෙනවා, එක අවස්ථාව දර්ශන කිහිපයක් සංස්කරණ ශිල්පියාට කපා දැමිය හැකියි නේදැයි අවස්ථා කීපයකම මා හට සිතුනා. එහෙත් එහි අවසානය පරම අලංකාරයි, ඒත් එහෙම උනත් මට සිතෙන්නේ අඩුම තරමින් තවත් පැය කාලක්වත් කතාව අඩු වූවානම් පාඩුවක් නොවේයි කියලයි.

නැබ්‍රෙස්කා යනු ඔබතුල චිත්‍රපටයක් ගැන තිබෙන වෙනස් ආකාරයේ මතය වෙනස් කරන ආකාරයේ කතාවක් බව මට සිතෙනවා. කලුසුදු සිනමාකරණ කතාව නරඹත්දී නොදැනීම ආශක්තවූ පසුව ඉතාම පහසු ආකාරයෙන් කතාවට සමවැදිය හැකි ආකාරයට කතාව ගලා යන බව කිවයුතුමයි. කතාව මැදදී සහ ඉන්පසුව මඳක් මන්දගාමී වුවත් කතාව අවසානයේදී කියන්නට ඇත්තේ මට නම් නැබ්‍රෙස්කා යනු බැලිය යුතු වර්ගයේ චිත්‍රපටයකට හොඳ උදාහරණයක් ලෙස නම් කල හැකි චිත්‍රපටයකුයි. වෙනස් ආකාරයක චිත්‍රපටයක් බලන්නට උවමනාව ඇතිනම් නැබ්‍රෙස්කා බලන්න්ට පොඩි උත්සහයක් දුන්නාට පාඩුවක් නැති වෙයි මගෙහිතේ..!